..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, September 17, 2014

“ රා බොමු “

“ රා බොමු “






පැසවා ලබා ගන්නේ කරිඤ්ඤං වන අතර හුමාල ආසවනයෙන් හැලි අරක්කු නිපදවයි. දෙවියන්ට ගහන වර්ගය “ පොල් “ වන අතර බල්ලන්ට ගහන්නේ “ගල්“ය. “මෙන්ඩිස්“ යනු මධ්‍යම ප්‍රාන්තිකයන් අතර ඉමහත් ජනාදරයට පත් වූ අයෙකි. 

මල් තලා ගන්නා තෙලිජ්ජ පැණි රසින් වැඩි ඉමිහිරි පානයකි. තෙලිජ්ජ මුට්ටි කිහිපයක් වැඩි වේලාවක් ඝන වන තෙක් ලිපේ හැඳිගාමින් පැණි සාදා ගත හැකි සේම , තෙලිජ්ජ මුට්ටිය හොඳින් පැසුණු පසුව “ රා“ නිපදවා ගනී. රා බීමෙන් බඩ වැඩෙන අතර රා ගුඩ්ඩෙකු වූ මාගේ මිතුරෙකුට වෙච්චි ඇබැද්දියක් ද මතකයට නැගේ....


එදින පොහොය දිනයකි. මාගේ මිතුරාත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුත් එක්ව කතිකා කර ගත් පරිදි වාද්දුව ප්‍ර දේශයේ රා ඉසව්වකට ඉව අල්ලන්නට විය. ගහෙන් බාපු ගමන් බඩු වලින් හොඳ පදම් සප්පායම් වූ මිතුරන් රෑන හවස් වද්දී වැනි වැනි ම නැවත නිවෙස් බලා ඒමට බස් රථයකට නැග්ගේ නිවෙස් වූයේ වාද්දුව සිට සැලකිය යුතු දුරකින් නිසා ය. පුර පුන් පොහෝ දිනයක් වූ එදින බසයේ වාඩි වීමට ඉඩ නැති වූයේ බසය පුරාම වාගේ වාඩි වී සිටි රා මෙන් සුදෝ සුදු ඇදුම් ඇද ගත් සිල් ඇත්තන් නිසාය. සිල් පවාරනය කර නිවෙස් බලා යමින් සිටි බහුතර සිල්ඇත්තන් වයසක උපාසකමාතාවන් විය.

සිල් සුවඳ පරයා හරිමින් රා ගුඩ්ඩන්ගේ මත් සුවඳ බසය පුරා පැතිරී යන්නට විය. වාඩී වීමට ඉඩ නොමැතිව සිට ගෙන යන අනිකුත් මගීන් ද රා ගුඩ්ඩන් වෙත ළං නොවූයේ ඔවුන් වෙතින් වහනය වන සුවඳ නිසා වන්නට ඇත. බසයේ හරස් පොල්ලේ එල්ලී ගත් නොසන්ඩාල කොලු රැළ බසයේ පිටු පස හරියේ වාඩි වී සිටි කෙල්ලන් රෑනකට විහිළු කරමින් වැනි වැනිම එල්ලී එමින් සිටියි.


ඔවුන්ගෙන් හුදකලා වූ මා මිතුරා බසයේ මැද හරියේ නිදහසේ පොල්ලේ එල්ලී ඒ පැත්තට මේ පැත්තට වැනි වැනී නමුත් නොවැටී ගමන් කරයි. එය බලා ඉන්නට නම් අපූරු දසුනකි. ඔහු විටෙක ඔහු අසල වාඩි වී සිටින උපාසකමාතාවගේ ඇගට වැටෙන්නට ඔන්න මෙන්නව මෙන් ය තවත් විටෙක අත ඇඹරී ගොස් අනිත් පසට වැටෙන්නට ඔන්න මෙන්නය. උපාසක මාතාව ද ඔහු වැනෙන වැනිල්ලේ ගානටම අසුනේ සිටම අපහුසෙවන් මෙන් එහා මෙහා වෙයි. ළඟ වාඩි වී සිටිනා සමවයස් උපාසිකා මාතාව දෙස බලා ඇස් වලින් රහසින් කතා කරයි. උරහිස් අකුලයි. නමුදු වචනයක් හෝ නොදොඩයි.






වැනිල්ල වැඩි වූ නිසා දෝ මන්දා රා ගුඩ්ඩා ගේ උගුරට , රා පිරි රා බඩේ සිට ආවේ “ රා ගුඩුස් “ එකකි. වැනිල්ලත් සමඟ එකවර පැමිණී රා ගුඩුස් එකට බිය වූ උපාසකමාතාව එක්වරම හඬ නඟා මුළු බසයටම ඇසෙන්නට මෙසේ කීවා නොව කියවුනාය.

“ අනේ බුදු පුතේ වමනේ කරන්න නම් එපා “


තවත් රා කතා නම් අපමණය. එයට හේතුව වන්නේ , මාගේ උපත සිදු වූයේ රා මදින පොල් මණ්ඩිය ක මැද පිහිටි ඉපැරණි කුඩා නිවසක වීමයි. කුඩා අවදියේ සිටම රා ගුඩ්ඩන් , රා මදින්නන් , රා පීප්ප , මල් කතුර , අතුර මා දෑසට හොඳින් හුරු පුරුදුය. අදටත් රා සුවඳක් දැනුන විට දී දෑස් පියාගෙන මගේ කුඩා අවදියට දිව යාමට මට හැකි ය. එතරම්ම රා සුවඳ මා මතකයේ ඇති කර ඇත්තේ නොස්ටැල්ජියාවකි.


මාගේ පියාගේ සේවා කාලය අවසන්ව රට තුළට ඔහුට ලැබුනු ස්ථාන මාරුවත් සමඟින් රා සුවඳින් පිරි පොල් වත්තේ කුඩා නිවසට සමු දීමට සිදු වූව ද ජීවිතයේ නොමැකෙන සොඳුරු අවදියක් සනිටුහන් කළ ඒ සුවඳට අදත් ප්‍රිය කරමි.


ස්ථාන මාරුවත් සමඟින් ම තාත්තාට නොමිලේම උදයේ ම ලැබෙන “රා වඩිය“ නොලැබී යාම නිසා කිසිදා නොලැබෙන බබෙක් සිටි ඒ ලොකු බඩ ගෙඩිය සීශ්‍රෙයන් බැස ගොස් තාත්තා නැවතත් හැඩකාරයෙකු වූ බව නම් නොකියාම බැරිය. 


රා සුවඳට තවමත් ඇලුම් කරන 

මම

෴ සොඳුරු ෴

22 ප්‍රතිචාර:

ඉන්දික උපශාන්ත said...

ඇගේ රා ටික නං හරිම හොඳයි විස්කි වගේමයි
ගැහැව්වම සොමිය දැනෙනවා
ඇගේ රා ටික නං බොහොම සනීපයි ...

මෛතී්‍රපාල සේනානයකලත් බොන රා
නාලාගිරි ඇතා බිව්වෙ ඇම්බසඩර් රා
සිදුහත් හට බුදුවෙන්නට උදව් කලෙත් රා

වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා......

Copied from Kaka.

නිසුපා හෙට්ටිවත්ත said...

රා වලට ඇඟ නිවෙනවලු නේද අක්කේ?

dilini nimanthika said...

:)

Maathalan - Priyantha Hewage said...

ඉස්සර රජවරුන්ට විතරයි රා බොන්න හම්බ වෙලා තියෙන්නේ. සුද්දට පින් සිද්ද වෙන්නේ දැන් අපිත් රා බොනවා.. ඔය රා බිව්වම.. රා ගය ඇවිස්සෙනවලු නේ. අන්තඃපුරයටම රා දෙන්න ඇති ඒකනේ ඔක්කෝම රජ ගෙදරට අරගෙන ගියේ..

Roshan Herath said...

අකුරු ටිකක් විතර ලොකු වුනානම්..

රාජ් said...

රා සුවඳට තවමත් ඇලුම් කරන මම,

අන්න එහෙම එන්න!
රා කතා නං එමටයි.

Pra Jay said...

//මාගේ පියාගේ සේවා කාලය අවසන්ව රට තුළට ඔහුට ලැබුනු ස්ථාන මාරුවත් සමඟින් //

කිතුල්වලට මාරුවෙන්න තිබුනනෙ

ගල්මල්-Coral said...

ඒ කාලේ ගාල්ල-කොළඹ පාරේ පානදුර-ඉඳුරුව අතර බහුලව දකින්න තිබුණ බොඩ් එකක් [රා බොමු]

Anonymous said...

මම උපන්නෙ කිතුල් රා ඇති පදමට ඇති අගලවත්ත ප්‍රදේශයෙ. හැදුනෙ වැඩුනෙ පොල් රා ඇති පදමට ඇති වාද්දුව ප්‍රදේශයෙ. ඒත් මම නම් රා බොන්නෙ නෑ. දැන් ඉස්සර වගේ වාද්දුවෙ රා විකුනන තැන් නැහැ. ඒත් වැඩේ කියන්නෙ කවදාවත් වාද්දුවට පය නොගහපු අයෙක් වාද්දුවට ආපු ගමන්ම රා විකුනන තැන් හොයා ගන්නවනෙ. ඒ තැන් අපිවත් දන්නෙ නෑ.කෝච්චිය සිග්නල් නැතුව නැවැත්තුවත් මෙන්න කට්ටිය දුවල ගිහින් රා බීල කට පිහි දදා එනව.
එක රා මුට්ටියක් සිය දෙනෙකුට හරි විකුනනව. රා වලට නොයෙක් ජාති දාල නැවත නිෂ්පාදනය කරනව.

Anonymous said...

අද හවසට රා කට්ටකට set වුනා නම් හොදයි වගේ මොකො කියන්නෙ කස්ටිය

Mahesh Rathnayaka said...

රා සුවදයි... අනේ මංද වස්සලා අක්කෙ මට නං ළගින් යද්දිත් වමනෙ යනව... ඒ තරං කුයිලයි...

සොමි යා said...

එලද බ රාආආ :D

//අනේ බුදු පුතේ වමනේ කරන්න නම් එපා//

උපාසක අම්මා වෙන මොනා කියන්නද මයිත්‍රී හිතෙන යුතුව.

තෙලිදිය වාඩිය said...

හැක හැක.

මේක අපේ දේශක උන්නැහේට වෙච්චි දෙයක්
රා බඩ ගියෝයා

Jeevana Fernando said...

අමෘතය

පාන්දරින් නැගිටින්නේ
ලබ්බ ඉනේ බැද ගන්නෙ
දිවිය රතේ පැදයන්නේ
කප්රුක යට නවතන්නේ

ජොබ් එක ඕන ලයින්ය
යුනිෆෝමය ඩෙනිම්ය
නැගුනේ හැර මතින්ය
ලිස්සුවොතින් හබක්ය

ලබුදෙක උඩ එල්ලෙන්නේ
එක ලබ්බක් පුරවන්නේ
පිරුණු ලබ්බ කඹේ දිගේ
පල්ලෙහාට රුටන්නේ

කූබිද ඇත
බබරුද ඇත
හුනොද ඇත
කඩියොද ඇත

මේ ඔක්කොම පෙරා අරන්
ලුණු ඩිංගක් මුහුන් කරන්
ළුණු ගෙඩිය සපන ගමන්
උගුර දිගේ බස්සවපන්

http://dampatadedunna.blogspot.com/2014/07/blog-post_28.html
http://dampatadedunna.blogspot.com/2014/07/blog-post_29.html

කතන්දර කාරයා said...

මුලින්ම ඇති ඉන්දික ගේ කමෙන්ටුවේ සඳහන් සම්පූර්ණ ගීතය මෙන්න
http://kathandara.blogspot.com/2011/04/blog-post.html

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

නාලාගිරි ඇතා බිව්වෙ ඇම්බසඩර් රා
සිදුහත් හට බුදු වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

මෛත්‍රිපාල සේනා-නායකලත් බොන රා
සිරිම ට අගමැති වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

කතන්දර කාරයා said...

බාප්පයි මායි ගිය කළ රා බොන්න
පීප්පෙන් අරං ගැසුවෙමු ඇති වෙන්න
බාප්පා ඔහු ද මා දැයි පවසන්න
ඩෝප් පිට අපට බැරිවිය හඳුනන්න

Anonymous said...

colamba indala Dakunu palathata yanakota, wadduwa,payagala.maggona.Digatama Ra thiyenawa,Muhudu hulan wedi wedi Bonna,Dakunata yanakota Basnahira palathe Anthimatama ra thiyenne,bentota palama langama thiyena ape game, Aluthgama Ra theberuma,Hebi aluth palama nisa Theberuma wenaswela.

chef-architect said...

රා ටිකනම් විස්කි වගෙයි හරිම ප්‍රනීතයි
ගැහුවම දෙව්ලොව සිහිවෙයි...//
උගුඩුවො වගේ රා බිව්වේ රාලහාමිලා...


ඉතිරි මතක නැතෝ...

දෙවෙනි විභීෂණ said...

පංකාදු රා කට්ට...

ලොකු පුතා said...

මමනම් පොල් රා වලට ඒ තරම් කැමති නැහැ, කිතුල් රා තමයි රා
මේ රා කතාව කියෙව්වම මගෙත් රා කතා කීපයක්ම මතක් උනා

itnishantha said...

http://www.thelastrow.lk/page/articles.html/_/gama/%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%A9-%E0%B6%BB%E0%B7%8F-r3437

Chandana said...

රා කියන්නෙ මොනව ද :D

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...