..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, September 13, 2014

කසිප්පු චන්දරේ


කසිප්පු චන්දරේ




“ පන්සලේ ලොකු පූජාවක් වගේ, උදේ ඉදන්ම මහ සද්දේ ?“

“ ඔවු ලොකු බුදු පිළිමයයි , දොලොස් මහේ පහනයි පූජා කරනවලු නේ “

“ කවුද බන් ඒ පින්වන්තයා “

“ වෙන කවුද ඉතින් , චන්දරේ මුදලාලි තමා “

“ මොනවා .  . . . කසිප්පු චන්දරේ !?

“ හැලි අරක්කු පෙරපු එකාට ගිය කලක් , අනේ සාධු , උඹලැයි තාත්තා වේලපහම පස්වලට යට වුනේ ඕකුන්ගේ පිංමහිමෙන් තමා “

“ ඒවට ඉතින් පිට මිනිස්සුන්ට වැරදි කියන්න බෑනේ අත්තම්මේ. තාත්ත බබෙක් නෙමෙයි නේ “

“ ඒක හරි බන්. .  ඒත් උගේ කසිප්පු වාඩිය නොතිබෙන්න අපේ වුන් ටවුමට යන්නෑනේ කිසිදවසක ඔය වැඩේට“

ගමේ එදිනෙදා කූලි වැඩ කරන ගැමියාට අතපය මහන්සිය , ඇඟ තෙහෙට්ටුව යාමට දිව්‍ය ඖෂධය “කසිප්පු “ නොහොත් හැලි අරක්කුයි. වට පිට බලා ගාලකට රිංගා උතුරටම හලා ගන්නා කසිප්පු වඩියත් දඩයම් මස් කෑල්ලත් ගිල දමන මිනිසා කසිප්පු බී බව ලොවට රහසක් නොවන්නේ කාරා කෙල ගසන විලාශය නිසා ය.

ගමේ වෙල් තීරුව මායිමේ කුඩා වන ලැහැබේ ඇල කිට්ටුවට වන්නට ජයටම කෙරී ගෙන ගිය කසිප්පු වාඩිය නිසා ගමේ දුප්පත් බේබදු ගැමියන්ගේ එදිනෙදා කුලියෙන් සැලකිය යුතු මුදලක් කසිප්පු චන්දරේ ගේ ගිණුමට බැර වූ වා සේම , කසිප්පු තිප්පල නිසා රැකියාව ඉටු කර දෛනික වියදම සොයා ගත් පිටගම්කරුවන් කිහිපදෙනෙක් ද  සිටි අයුරු දැන් වුව ද මතකයට නඟා ගත හැකිය.


දිනෙන් දින දියුණුවට පත් වූ චන්දරේගේ කසිප්පු වාඩියට කණකොකා හඬන්නට පටන් ගත්තේ චන්දරේගේ රූමත් බිරිඳ කසිප්පු තිප්පලේ වැඩ කළ පිටගම්කාර සේවකයෙකු සමඟින් සැඟවී ගිය පසුවයි.එදින සිට කසිප්පු වීදුරව සමගින් ලැබුන බයිට් එකේ රසය ද අඩු වී ගියේය.

කසිප්පු , හැලි අරක්කු , වෙල් ෆැන්ටා, කසියා, කටුකම්බි , ගල්බමුණා , ගහපන් මචන්  වැනි විවිධාකාර නම් වලින් හදන්වන මෙම මත් වතුර නිසා ගමේ සිටන බේබදු සැමියන්ගේ අඹු-දරුවන්ට විදින්නට සිදු වූ ගැහට අපමණ ය.

ප්‍රධාන වශයෙන් “සීනි“ සහ පලතුරු ද , නයිට්‍රජන් සපයන  ප්‍රභවය ලෙස යූරියා සහ යීස්ට් ද යොදා ගන්නා අතර  වනාන්තර වැනි පාළු රහස් ස්ථාන වල දී මේවා කාගෙත් ඇස් වසා සිදු කරන බැවින් සර්පයින් , මීයන් , කටුස්සන් වැනි කැලෑ සතුන්ද මෙම ගෝඩා හැලිය තුල ට වැටී පැසෙයි. 

“කටු කම්බි “ භාවිතා කරන්නේ ඉක්මනින් පැසීම සඳහා ය. හොඳින් නැටවී පැසී ආසවනය වී ලැබෙන ස්ප්‍රීතු  තනුක කිරීමෙන් කසිප්පු සාදා ගනී. එය  විද්‍යාත්මක නාමයෙන් එතනෝල් වුව ද ඊට තරමක ඥාති සබධතාවයක් ඇති මෙතනෝල් සැදීම නිසා ඒවා බොන බේබද්දන් මරණය කරා විගසින් ලගා වන්නේ මෙතනෝල් එතනෝල් මෙන් ශරීරයට විෂ වීමට ඒ හැටි කාලයක් නොගන්නා බැවිනි.


කසිප්පු චන්දරේ හිටි ගමන් අතුරුදන් වන්නේ ඔහුගේ පණ මෙන් රැක ගත් එකම දුව ද අම්මා ගිය අඩිපාරේ යමින් කසිප්පු පොලේ සේවය ට පැමිණි රතු හීන්දෑරි ඉලන්දාරියා සමඟින් වසන්වී ගිය පසුවයි. ඉන් පසු ගමේ කසියා ව්‍යාපාරයට කිහිපදෙනෙකුම වරින් වර අත ගැසුව ද ඒ කිසිවකුටත් සාර්ථක කසියා මුදලාලි කෙනෙකු වීමට නොහැකි වීමත් අලුතෙන්ම පත්වීම් භාරගත් කදිම පොලිස් ස්ථානාධිපතිකෙනෙකුන්ගේ ඇසේ බැල්ම ගමට වැටීම නිසාත් බේබදු ගැමියන්ගෙන් වූ අතවර නැවති ගම සාමකාමි තත්ත්වය පත් විය.

ඉන් වසර ගණනකට පසුව කසිප්පු චන්දරේ ඔහු නැවත ගමට එන්නේ යමක් කමක් ඇති ලොකු ව්‍යාපාරිකයෙකු ලෙසිනි. ඔහු නැවතත් කසිප්පු නොවිකිණුව ද ඔහු සතු නම නොදන්නා ව්‍යාපාරයේ සේවයට බැදුනු ඇතැම් ගැමියන්ගේ ද අතමිට සරුව ආවේ බලාගෙන ඉද්දී වාගේම ය.

“ මේ මහානූභාව පිංකමෙන් කරන කියන වැඩ කටයුතු මෙලොවදිත් පරලොව දීත් සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවා...යි  කියල හිතන් සාධු කාරයක් දීලා වැදගන්න පිංවතුනි “ 

අතීත ආවර්ජනයෙන් මිදුනු සැනින් යකඩ කටින් පන්සල දෙසින් ඇසුණු  හඩ ට කට කොණකින් සිනහවක් නැගුනේ නොදැනුවත්ම ය.



11 ප්‍රතිචාර:

නාඩියා නාඩිරත්න said...

දැන් එහෙනම් ඝන ද්‍රව්‍ය බිස්නස් එකට බැහැලා ඇති!

Rasika Suriyaarachchi said...

අංගලිමාලත් මහණ වුනේ!

kumara nissanka said...

ඇතුවත් බරි නැතුවත් බැරි

Dayal Bathee said...

ලන්කාවේ පසු ගිය අවුරුදු 40 තුල චන්දරේලා අනන්තවත් බිහිවූ අතර ඉතිහාසය අද ඇති මගට වැටෙන්නට චන්දරෙලාගෙන් වූ දායකත්වයද සුලුපටු නොවේ. විකුණන දේ දියර වෙනුවට ඝණ වූ කල විකුණන්නා රජකමට වුව සුදුසුය

Podi Kumarihami said...

කසිප්පු කියන්නේ හැලි අරක්කුද?

Maathalan - Priyantha Hewage said...

දැන් කසිප්පු කාරයෝ නේ දේශපාළණය කරන්නේ. ප්‍රාදේශීය දේශපාළකයින්ගෙන් බහුතරය කසිප්පු කාරයෝ.

සොමි යා said...

//ප්‍රධාන වශයෙන් “සීනි“ සහ පලතුරු ද , නයිට්‍රජන් සපයන ප්‍රභවය ලෙස යූරියා සහ යීස්ට් ද යොදා ගන්නා අතර වනාන්තර වැනි පාළු රහස් ස්ථාන වල දී මේවා කාගෙත් ඇස් වසා සිදු කරන බැවින් සර්පයින් , මීයන් , කටුස්සන් වැනි කැලෑ සතුන්ද මෙම ගෝඩා හැලිය තුල ට වැටී පැසෙයි.

“කටු කම්බි “ භාවිතා කරන්නේ ඉක්මනින් පැසීම සඳහා ය. හොඳින් නැටවී පැසී ආසවනය වී ලැබෙන ස්ප්‍රීතු තනුක කිරීමෙන් කසිප්පු සාදා ගනී. එය විද්‍යාත්මක නාමයෙන් එතනෝල් වුව ද ඊට තරමක ඥාති සබධතාවයක් ඇති මෙතනෝල් සැදීම නිසා ඒවා බොන බේබද්දන් මරණය කරා විගසින් ලගා වන්නේ මෙතනෝල් එතනෝල් මෙන් ශරීරයට විෂ වීමට ඒ හැටි කාලයක් නොගන්නා බැවිනි.//

කතාව ඇත්ත, ඔය හදිස්සියේ ආසවන හැලිම පසීමේ සීග්‍රතාවය වැඩි කර ගන්න කටු කම්බි බාවිතා උනාට එකේ සීග්‍රතාවය පාලනය කර ගන්න බැරි උනොත් තමා යුරියා වගේ ප්‍රති ඔක්සිකාරකයක් දාන්නේ, කැලෑ ඇතුලේ ඔය හදිස්සියට යුරියා හොයාගන්න බැරි උනාම එකම විසදුම මුත්‍රා තමා, අත්දැකීමෙන් කියන්නේ :D, අපි නම් ඉස්කෝලේ ලැබ එකේ කසිප්පු පෙරලා බිව්වත් එක්ක, හෙක් හෙක්. :D

සිහින දකින්නා said...

කසිප්පු මුදලාලි දිගටම කසිප්පු මුදලාලිනම් තමයි වැරදි . ඔහු කොහෙමෙන් කොහොම හරි වෙනස් වීම ඉතා වටිනවා .

Anonymous said...

නියම ප්‍රමිතියට පෙරා ගන්නවානම් කසිප්පු කියන්නේ වොඩ්කා වගේම හොඳ මත්පැනක්.කසිප්පු ඉස්පිරිතුව 3:1 අනුපාතයට ජලය හා මිශ්‍ර කරගන්නවා.මම මුලින්ම කසිප්පු බීවේ පාසල් වයසේදී,

කුරුටු ගෑ ගී පොත said...

අනේ මන්දා... පවට මිසක් පවුකාරයාට ගල් ගහන්න එපා කියන කතාව අහල ඇති නේද?

අටම්පහුර said...

@ පොඩි කුමාරිහාමි

//කසිප්පු කියන්නේ හැලි අරක්කුද?//

හැලි අරක්කු කියන්නේ මුටිටි තුනක් සහ ලි හැන්දක් ආධාරයෙන් පෙරාගන්න එකට

කසිප්පු කියන්නේ බැරල් එකකට දගරයක් හයි කරල පෙරාගන්න එකට

දෙකම ඉතින් එකම එතනෝල් තමයි අන්තිමට

හැබැයි කසිප්පු නිෂ්පාදනයේදි වාගේ හැලි අරක්කු නිෂ්පාදනයේදි මෙතනෝල් කලවම්වීම සිදුවෙනවා අඩුයි,

කසිප්පු නිෂ්පාදනයේදි උනත් මෙතනොල් කලවම් වෙන්නේ වැඩි පුර ස්ප්‍රීට් ගන්න දගලන හන්දා , නියම වෙලාවට නවත්තනවනං එහෙම වෙන්නේ නැ.

හැලි අරක්කු හදන අය බහුතරය විකිණිමට වඩා තමන්ට සහ දන්න කියන අයට බොන්ඩ හදන හන්දා පාරම්පරික නිවැරදි ක්‍රමවේදයන් ගෙන් එහාට ගිහින් වහ කලවං කරගන්නේ නැ

ඒ වාගේම සීනි , පළතුරු , යීෂ්ට් , රා ඇරුනහම වෙන කිසිම දෙයක් යොදා ගන්නේ නැ

කසිප්පුවලින් එන්නේ බාල විස්කි වර්ගවල ( අරක්කු නෙමෙයි ) රසය සහ සුවද

හැලි අරක්කුවලින් එහෙමට අමිහිරි රසක් එන්නේ නැ , වඩිය සකසාගන්ඩ යොදාගන්න පළතුරු වර්ගයට අදාල සුවද යම් තරමක් දුරට හැලි අරක්කු වලින් එනව

රට බීම වලට වඩා හැම අතින්ම සුපිරියි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...