..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, September 1, 2014

පිස්සු හැදෙන සඳ






ගොඩාක් ඈත කාලේ ඉදල මිනිස්සු හඳට ආදරය කරන්න අරන් තියෙනවා. සමහර දින වලට වටකුරුවට පිරිලා මුලු රෑම එළිය කරන හඳ , ටිකින් ටික ටිකින් ටික අදුරින් වැහිලා සමහර දවසකට මහ මූසල පාලුවක් අරන් එනවා.

කාලයත් එක්ක අත්දැකීමෙන් මිනිස්සු මේ අපූරු වස්තුවේ ක්‍රියාකලාපය ගැන රටාවක් හොයා ගන්න ඇති. හරියටම දින 28කට වරක්. 


හඳ තියෙන්නේ අතපොවන්න බැරි මානෙක උනත් දින 28කට වරක් රටාවකට ස්වභාවික සිදුවීමක් සිද්ධ වෙන සත්තව කොට්ඨාශයකුත් මේ මිහිමත උන්නා.ඒ තමා ස්ත්‍රීන් .





තමාට වඩා ගොඩාක් දුරින් තියන මුලු රෑම එළිය කරන් පිපෙන මේ අපූරු වස්තුව අයිතිකර ගන්න, දිනාගන්න ඒ කාලේ ඇමරිකාවත් රුසියාවත් අතර තරගයක් ඇතිවීමත් පුදුමයක් නෙමෙයි.

ඊටත් කලින් හඳ අයිති කර ගන්න, හඳ කඩල බිම වට්ට ගන්න , හඳට පොලු ගහපු අය ලංකාවෙත් හිටියලු.


ඒ තරම් හඳ ලඟට ගිහිල්ලත් අදටත් හඳ ගැන සෑහෙන ප්‍රශ්ණ මිනිස්සුන්ට තියෙනවා.

කොටින්ම ඇත්තටම හඳට ගියාද කියල ප්‍රශ්ණයක් තියෙනවා.


ඒ අතර මේ මට සොඳුරු සඳ ගැන තියෙන තිබුන ප්‍රශ්ණ තමයි මේ.

1- වඩ දිය බා දිය හෙවත් උදම් රළ ඇති වීම
හඳ සහ පෘථිවිය අතර ඇති වන ගුරුත්වාකර්ශන බල නිසා මේවා ඇති වන බව යන්තම් දැන ඉගෙන ගත්තා.

2 - හඳ කාලෙට මිනිස්සුන්ට පිස්සු තද වෙන එක.

3- හඳ මෝරන කාලෙට හතිය ඇදුම වගේ ලෙඩ වැඩි වෙන එක

4- හඳ මෝරපුවාම ආදරයෙන් මුසපත් වුනු අය පැනල යන එක. 

5- අමාවකට කපන ගස් වලට ගුල්ලෝ ගහන්නේ නැති එකත් පුරහඳ
 ඇති රැයක කපන ගස් වලට ගුල්ලො ගහන එක

6- සමහර ගස් වල පලදාව හඳ මෝරද්දි වැඩි වෙන එක.

7- හදේ චක්කරේට දින 28ක් ගත වෙනවා.ඒ වගේම ස්ත්‍රී වර්ගයාගේ චක්කරේටත් ගත වෙන්නේ දින 28යි.(නිරෝගී)

8- හැම පෝයකටම හඳ පායන එක සහ ඒ හැම පෝයකටම බෞද්ධාගමික වැදගත් කමක් සහිත වීම.

9- විස බැහීම සහ නැගීමේ කලාව හඳත් එක්ක තියෙන සම්බන්ධය

10- මනුශ්‍ය හැඟිම් විශේෂයෙන්ම රාගිය හැඟීම් වැඩි වෙන්න හදේ තියෙන බලපෑම

කොටින්ම අන්තිම ප්‍රශ්නෙ තමා හඳ එලියේ තියෙන ලද තියුනු මුවාත සහිත බ්ලේඩ් එකක් මොට වෙන්නේ ඇයි කියනෙක.


මේ සමහර දේ විහිලු වගේ පෙනුනත් මේ හැමදේම ඇත්ත වෙන්න හරි බොරු වෙන්න හරි මොකක් ම හරි හේතුවක් තියෙනව නේද?


හ‍දේ හාවෙක් නැති බව හොදටම දැන දැනත් පුරහඳ පායපු වෙලාවක හඳ දැක්කම  තාම හදේ ඉන්න හාවා ව හිතේ මවා ගන්න 

මම
සොඳුරු සිත
෴වත්෴

20 ප්‍රතිචාර:

Chanaka Munasinghe said...

හඳේ හාවෙක් ඉන්නවා. අපෝ ඔයා ටීචර් කෙනෙක් වුණාට ඕකවත් දන්නෙ නැද්ද ?
දන්නෙ නැත්තන් මේක කියෝල බලු

http://status-chanaka.blogspot.com/2012/11/blog-post.html

අඟහරුවා. said...

8ට හේතුව මම හිතන්නේ- එදාට ඔය ගිය ගමන් වලට එහෙම රාත්‍රිය පුරා ආයාසයකින් අපහසුවකින් තොරව එලිය හොයාගන්න පුළුවන්. අභිනිෂ්ක්‍රමණය උනත් පෝය දවසක වැටෙන්නේ එදා පුරහඳ පායලා හොඳට පරිසරය එලිය වෙලා.. ඒ වගේ. අනික භාරතයේ චන්ද්‍ර මාස ක්‍රමය නේද භාවිතා කරලා තියන්නේ? ඉතින් මාසයක් පටන් ගන්න දවසේ වැදගත් දේකට යෙදෙන එක හරි නේද?

අර බ්ලේඩ් එකේ කතාව නම් ඊළඟ පෝයට හොයන්න ඕනේ.. ඒක මම අදයි ඇහුවේ.. මෙතෙන්ට අදාළ නැති උනත්- පිරමීඩයක් හෝ පිරමීඩයක නිවැරදි ආකෘතියක තියන බ්ලේඩ් එහෙම මුවහත ගොඩාක් කල් රැකෙන බව මම අහල තියනවා..

Dinesh said...

ඇයි හැමෝම හඳ පානෙම පැනලා යන්නේ කියන ප්‍රශ්ණේ විතරද මදා මෙතනය අඩු...

සයිලන්ට් සිඟර් said...

"කොටින්ම අන්තිම ප්‍රශ්නෙ තමා හඳ එලියේ තියෙන ලද තියුනු මුවාත සහිත බ්ලේඩ් එකක් මොට වෙන්නේ ඇයි කියනෙක."
මේකනම් ඇහුවෙත් අදමයි. එත් හඳ එලිය කියන්නේ පරාවර්තනය වූ ඉර එලියනේ. එහෙනම් ඉර එළියටත් ඔය වගේ හෝ ඔයිට සම්බන්ද ඉෆෙක්ට් එකක් තියෙන්න ඕනේ නෙ.(රෑට පින්න හින්ද මුවහත මලකඩ කනවද? එත් ඔය ඉක්මනට)

පිස්සු තද වීමනම් රාත්‍රියේ එලිය වැඩිපුර දැනීම නිසා වානර පරිනාමයේ මුල් කාලයේ ඩීඑන්ඒ වලට හර්ඩ්වයර් වෙච්ච ලක්ෂණ ඉදිරියට ඒමක් වෙන්න පුළුවන්. ඕක අදටත් පුරහඳ දවසට කැලෑවල බලාගන්න පුළුවන්.

තව මම අහල තියනවා භාවනා කරන අය ප්‍රධාන ධර්ම කාරණා අවබෝධ කරගන්නේ පුර පෝයට කියල. එත් ඔයදෙවල් වෙන්නේ මෙහෙමයි කියල පිළිගන්න පුළුවන් තර්කයක් මම අහල නැහැ. එත් අපි තවම සොයාගත්තේ නැති පලියට, අපේ තර්කයට අහු නොවූ පලියට නොසලකා හරින්නත් බැහැ.

Roshan Herath said...

"කොටින්ම අන්තිම ප්‍රශ්නෙ තමා හඳ එලියේ තියෙන ලද තියුනු මුවාත සහිත බ්ලේඩ් එකක් මොට වෙන්නේ ඇයි කියනෙක"
හොයලා බලන්න ඕනෑ ඇත්තද කියලා.

ඉවාන් පවුලූශා said...

අර ගුල්ලෝ ගහන කතාවනම් අහලා තිබ්බේ නෑ. හැබැයි හඬ නිසා සමහරුන්ගේ මොලේට ගුල්ලෝ ගහනවා වගේ .

කුරුටු ගෑ ගී පොත said...

Handa kiyanne sobadahame apuru vasthuvak... Sobadahame samahara deval apata hitha ganna be sonduru....

සොමි යා said...

හඳ ඉරෙන් එළිය අරන් කිරණ පරාවර්තනය කරනකොට ඒ කිරණ මුනුසු වෙන්නත් හිරු කිරණ උනුසුම්ම් වෙන්නෙත් කොහොමද වගේ නේද? හැබැයි පෝය දාට තියෙන හඬ එලිය බිමට වැටිලා තියෙන විදිය හරිම ලස්සනයි, හරියට නිකන් සර නැති ෆ්ලෑශ් ලයිට එකක් ගහලා වගේ.

Maathalan - Priyantha Hewage said...

පිච්චු හැදෙන සඳ කිව්වලු..

දේශක යා said...

පිරමිඩයක් හදාගන්න අර බ්ලේඩ් එක ෂෘප් වෙන්න... පික්සු සඳ අපේ සොඳුරු සිත... හැක්

Anonymous said...

අපේ අත්තලා මුත්තලා සෙට් එක තමයි හඳට පොලු ගැසුවේ,මෝඩ කමට වෙන්න බැහැ,හොඳට රා බීල නිකම් විනෝදෙට කරපු වැඩක් වෙන්න ඇති.........

පරිකල්පන said...

හඳ කියන්නෙ පොළොවට ලඟින්ම තියෙන ලොකු ග්‍රහ වස්තුව නිසා හඳ සැලකිය යුතු තරම් ගුරුත්ව බලපෑමක් ඇති කරනව. මං අහල තියෙන විදිහට සත්තු සහ ගස්වැල් වල වැඩි ප්‍රතිශතයක් තියෙන්නෙ වතුර නිසා මුහුදු වල වඩදිය බාදිය ඇතිවෙනව වගේම දෙයක් ගස් වැල් වලටයි සත්තුන්ගෙ ඇඟවල් ඇතුලෙත් වෙනව. ඒත් බ්ලේඩ් මොට්ට වෙන්නෙ ඇයි කියල හිතාගන්න බැහැ.

තෙලිදිය වාඩිය said...
This comment has been removed by the author.
තෙලිදිය වාඩිය said...

ඔය හඳ ගැන දැනට ටිකක් කාලෙකට ඉස්සර, තවත් හඳ මෝරපු රාත්‍රියක මගේ අතින් මෙහෙම ලියවුනා. එතකොට මමයි අපේ හාමිනෙයි දැන හඳුනා ගත් අලුත මයෙ හිතේ. බලන්නකෝ කෝමෙයි කියල.

අහස් කුසට නුඹ ඇවිදින් දුරුතු මහේ සඳ
ගම වටකොට එළිය වුනා සඳ රැස් දහරට
වාගෙයි අද ඇය ඇවිදින් මගෙ හද මඬලට
දිවියට මගෙ එළිය වුනා ඇගෙ සියුමැලි වත

සඳ බැස ගියමුත් අහසට නැග එනවා ඉර
ඉරේ එළිය පැතිරෙනවා ගමේ සෑම අත
මගේ හදින් උදුරාගෙන යන්න එපා ඇය
ඉරකුත් නෑ සඳකුත් නෑ එම විට මාවෙත

kumara nissanka said...

හඳ එක්කල කරපු සමහර ගනුදෙනු cfl අද අවලන්ගු කරල.

ඉන්දික උපශාන්ත said...

සඳ නාවත් කමක් නැතේ ඉර නාවත් කමක් නැතෙ උඹ අවොත් ඒත් ඇතේ. බ්ලොගෙ මතක් උනා එහෙනං!

යාළුවා said...

පිස්සු හැදෙන සඳ
මේක නම් නියමයි සොසී

මොනවා උනත් හඳ ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා කියලා හිතෙන්නේ මේක කියෙව්වට පස්සේ

තිසර said...

සක්වාලිහිණි ජෝඩු දවල් කාල් එකට ඉඳලා, හඳ පායනකොට වෙන් වෙලා ගඟ දෙපැත්තේ ඉඳන් අඬනවලු....

Ravi said...

" This is one small step for a man, one giant leap for mankind."....... එහෙම කියල නීල් ආම්ස්ට්‍රෝං ගොයිය කෙලිම්ම කකුල තිබ්බයි කියන්නෙ එතන බුදියගෙන හිටපු හඳේ හාවගෙ බෙල්ලට. " ***** You, Bloody bastard... " කියල, මල පැනපු හාව උඩ පැනල නීල්ගෙ පුකම විකුවයි කියලයි කියන්නෙ.

Bambara said...

හඳ එලියට බ්ලේඩ් මොට්ට වෙනවා.......ඒක නම් අද ඇහුවේ///////

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...