..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 24, 2014

උපුල්ගේ විද්‍යා පන්තිය

උපුල්ගේ විද්‍යා පන්තිය


මේ ඉන්නෙ උපුල්. දඟකාර හැඩකාර කොල්ලෙක්. තාම ඉන්නේ නමය පන්තියේ.

දන්නවනේ නමය පන්තිය ගැන.හැමදේ ගැනම ඉහවහා ගිය කුතුහලය පිරිලා. දවසක් බීඩියක් ඔතන් බොන්න ගියපු කොලු නඩේක ඉදල ස්කෝලෙන් හොඳ දඩුවමකුත් වින්දා. උපුල් හොඳ ළමයෙක් උනත් උපුල්ගේ පන්තියෙ හිටියෙ මහ ඇට්ටරයෝ ටිකක්. ඉතින් උපුලුත් ඇට්ටර වුනා. ඒක උපුල්ගේ වරදක් නෙමෙයි .

කිසිම ගුරුවරයෙක් හෝ ගුරුතුමියක් බාර ගන්න අකැමැති වෙච්චි පන්තිය විදුහල්පතිටත් හරිම හිසරදයක් වුනා. මේ හිසරදෙන් විදුහල්පතිතුමාව බේර ගත්තේ ඒ ඉස්කෝලෙට අලුතින් ආපු ගුරුවරියක්.

කොටින්ම කවුරුත් භාර නොගත් පන්තිය අලුත් ගුරුතුමීගේ ඇගේ ගහල අනිත් අය බේරුනා.

ඒ ගුරුතුමී හරිම හොඳයි.ඇය තරමක “උණ“ කාරියක්. ඒ කියන්නේ බැහැල වැඩ. බොක්කෙන්ම උගන්වනවා. ළමයින්ට දඬුවම් කරන්නෙත් නෑ. ගහන්නෙ සැරවැර නැහැ.

මාස දෙක තුනක් ඔය පන්තිය භාරව ඉන්න කොට මිස්ගෙ උණ හොඳ වෙයි කියල ස්ටාෆ් රෑම් එකෙත් කතා වුනා. ආපු අලුත හැමෝම ඔහොම තමයි කියලත් කට්ටිය කතා වුනා.

මේ ගුරුතුමී ඉගැන්නුවේ විද්‍යාව. ඒකත් මහ වෙනස් ක්‍රමේකට. කොටින්ම ඒ ගුරුතුමී උගන්වද්දි පන්තියම මහ ඝෝෂාකාරීයි. මේ නිසා ගුරුතුමී විද්‍යාව උගන්වන ක්‍රම වෙනස් කරා. දැන් හැමදාම විද්‍යා පාඩමට කවියක්,චිත්‍රයක් සින්දුවක් එකතු වෙන එක වරදින්නෑ.

සමහර දවසට නාට්‍යත් පෙන්නුවා.

එතකොට අර උපුල් , උපුල්ට විද්‍යාව පෙන්වන්න බෑ. කොටින්ම උපුල්ට විද්‍යාව ලියන්න පොතක් වත් නෑ. හැමදාම එක එක පොත් වල තමා විද්‍යාව ලීවේ. ඒත් මේ අමුතු වැඩේට උපුලුත් කැමැති. විශේෂයෙන් මේ නාට්‍ය දිහා උපුල් බලා ඉන්නෙ හරිම ආසාවෙන්.

ඔන්න දවසක් පාඩම “සෞරග්‍රහ මණ්ඩලය“ එදා ඔක්කම ග්‍රහ ලෝක පන්තියට ඇවිත් හිටියා. ඒ මදිවට ඉරත් පන්තියට ඇවිත්. දැන් ටීචර් පාඩම උගන්වනවා.

වලලු දාපු සෙනසුරුත් , රතු පාට අඟහරුත් මෙකී නොකී නානාප්‍රකාර ග්‍රහයෝ පන්තියෙ ඇවිත් වාඩි වෙලා හිටියා. 

කොහොමත් මේ පන්තිය “මහ අමාරු ග්‍රහයෝ “ ඉන්න එකක් බව ගුරුවරු කතා වුනා උපුල්ට මතක් වුනා. 

ගුරුතුමී කාටත් ග්‍රහයෝ ටික හදුන්වල දුන්නා.

මෙන්න ටිහකින් රැස් විහිදෙන ඉරක් ඔළුවෙ ගහගත්තු ඉර දෙවියො පන්තියට ආවා.



“ මේ කවුද ළමයි?“

“ඉ ර ර ර ර ර ර ර ර ර ර ර “

ළමයි හරි ලේසියෙන් ඒකට නම් උත්තර දුන්නා. දැන් ටීචර් ආයෙ පාඩමේ.

“දැන් මට කියන්න පුතාලා , අද කවුද ඉර දෙවියන්ගේ රැස්වීමට ඇවිත් නැත්තේ “

කිසි කෙනෙක් ගෙ සද්දයක් නෑ. කවුරුත් බරට කල්පනා කරනවා. ඇත්තටම කවුද ආවේ නැත්තේ. ඇයි ආවේ නැත්තේ උපුලුත් කල්පනා කරනවා.

ඔය පන්තියෙ හිටපු වැඩි කතා නැති පුබුදු දිහාට ටීචර් හැරුනා. මුළු පන්තියේම ළමයින්ට උත්තර බැරි අමතක වෙන කොට ටීචර් හැරෙන්නේ පුබුදු දිහාට බව උපුල් දැනන් හිටියා. දැන් මුළු පන්තියම පුබුදු දිහා බලාන.

“ කවුද පුබුදු මෙතන අඩු ?“

අරහෙට මෙහෙට වෙවී පුටුවෙන් නැගිට්ට පුබුදු ටිකක් කල්පනා කරල උත්තරයක් දුන්නා.

“ ප් ප් . . . ලුටෝ “

“හරියට හරි ප්ලූටෝ තමයි මෙතන නැත්තේ “  පුබුදු දිහා බලල සතුටින් හිස වනපු ගුරුතුමී කීවා. පුදුබු ආඩම්බරෙන් පුටුවෙ වාඩි වුනේ මුළු පන්තිය දිහාම බලන ගමන්.


ටීචරත් සතුටුයි. පුබුදුටත් පන්තියේ ළමයි ඔක්කටමත් හරිම සතුටුයි. ඒත් උපුල්ට නම් ටිකක් විතර හිතට හරි මදි.

“ ඇයි දන්නෑ ප් ප් ප් ලුටෝ රැස්වීමට නාවේ “ එදා පාසල් ඇරිල ගෙදර යන ගමනුත් උපුල් කල්පනා කරා.

“අපරාදේ මට ටීචර්ගෙන් අහන්න තිබ්බා “ උපුල් පසුතැවුනා. “ ටීචර් හැමවෙලේම කියනව නේ දන්නෙ නැති තේරෙන්නැති දේවල් අහන්න කියලා. උපුල් තව තවත් දුක් වුනා.

ඔන්න උපුල්ගේ වාර විභාගෙත් ළං වුනා. . . . . . උපුල්ට මෙදා සැරේ නම් විද්‍යාව හරිම ලේසි. පන්තියේ ගොඩක් ළමයින්ට විද්‍යාව ලේසි කියලත් කියනව උපුල්ට ඇහුනා.


ඒත් . . . . . . 

විද්‍යා ටීචර් ට නම් තමන්ගෙ උගැන්නිල්ලේ මොකක් හරි පරහක් තියෙන බව නම් උපුල්ගෙ උත්තර පත්තරය බලද්දි තේරුනා.


ප්‍රශ්ණය :- ප්ලුටෝ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් කිරීමට හේතුව කුමක් ද?


උපුල්ගේ පිළිතුර : - ඉර ගේ රැස්වීමට නාව නිසා



උපුල්ගේ අයියට හම්බුනු සංගමේ රස්සාව නැති වුනේ ගමේ එකැ්තරා දේශපාලන රැස්වීමකට සහභාගි නොවුන නිසා කියලා උපුල් ගෙ අම්ම කියනව උපුල් අහන්. 

පවු . . . .. .ප්ලූටෝට උනෙත් අපෙ අයියට වුනදේමයි.

උපුල් එදා ප්ලූටෝ ගැන හරියට දුක් වුනා.


ප.ලි:- මම ගිය සතියේ දොම්පෙ තිබ්බ ගුරු පුහුණු කඳවුරකට සහභාගී වුනා. ඒකෙදි අහපු එක් සත්‍යකතාවක් තවත් දේ එකතු කරල ලියන්න මට හිතුනා. මේ උපුල්ගෙ කතාව අන්න ඒ වගේ.


හැමදාමත් මගෙ පන්තියෙත් උපුල්ල ඉන්නව ඇති කියල හිතලා , තේරුනාද , ප්‍රශ්ණ තියනව නම් අහන්න. කියල කට කැඩෙනකම් කීවත් හැමදාමත් මගෙ පන්තියෙ උපුල්ලත් නිහඬවම ගෙදර යනව ඇති කියල මටත් හිතෙනවා



උපුල්ගේ ගුරුතුමී
මම
සොඳුරු

22 ප්‍රතිචාර:

අඟහරුවා. said...

9 වසර ගැන නම් කියල වැඩක් නෑ.. දහම් පාසලේ 9 පන්තියටත් මම උගන්නනවා ඉඳ හිටලා. ඉස්කෝලෙක කොහොම ඇත්ද කියල හිතාගන්න පුළුවන්.. උපුල් වගේ ළමයිත් හැම පන්තියකම වගේ ඉන්නවා. අර ප්‍රශ්න කතාව නම් සහතික ඇත්ත අක්ක. එක්කෝ බයට නැත්තම් ලැජ්ජාවටද මන්ද නොතේරුණු දෙයක් අහන්න කිව්වට ලේසියට කෙනෙක් අහන්නේ නෑ...

෴සොඳුරු සිත෴ said...

ආහා............අඟහරුවත් ඇවිත් ඉන්නේ.රැස්වීමට ගියාද ඔයත් ඉර දෙවියගේ :D

කතන්දර කාරයා said...

අපිටත් නමේ පන්තියේ හොඳ විද්‍යා ගුරුවරයෙක් හිටියා, ඉන්ටරෙස්ටින් දෙවල් කළා, ලැබ් එකේ චිත්‍රපටි පෙන්නනවා වගේ!

නමුත් අර ප්‍රජනනය ගැණ පාඩම නං ඉගැන්නුවේ නෑ. ඒ මදිවට උගන්වන්නේ නැති බව කෙලින්ම අපිට කිව්වා.

කතන්දර කාරයා said...

ඔය වගේම කතාවක් තමයි මේක.

Q- අපේ සෞරග්‍රහ මංඩලයේ සූර්යයා ගැන විස්තරයක් කරන්න.

A- සමහර දිනවලට රබර් බෝලයකි. තවත් දිනවල වොලිබෝලයකි. බොහෝ දිනවල කළුලෑල්ල මෙන් පැතලි රවුමකි.

Gayan Tharaka said...

ඇයි ඉතිං ප්ලූට්ටෝ අයින් කලේ

෴සොඳුරු සිත෴ said...

ඉර ගෙ රැස්වීමට ආවේ නැති නිසා. තරහට ලිස්ට් එකෙන් නම කපලා....

Chanaka Munasinghe said...

"තේරුනාද , ප්‍රශ්ණ තියනව නම් අහන්න." කියල හරියන්නෙ නෑ. ළමයින්ට කියන්න ඕනෙ තමන් තේරුම් ගත්තු දේවල් යොදල ප්‍රශ්න ටිකක් හදල ගුරුතුමීගෙන් අහන්න කියල. තමන්ට නොතේරිච්ච දේවල් ගැන ප්‍රශ්න නෙවෙයි. තමන්ට තේරිච්ච ඒවගෙන් අනිවාර්යයෙන් ප්‍රශ්නයක් හදල අහන්න ඕනෙ. ගුරුතුමී ඒවට උත්තර දෙන්න දන්නෙ නැත්තන් පන්තියෙ ඉන්න ළමයින්ගෙන් උපකාරක මෙව්වා එකක් ගන්න පුලුවන්.

තේරුණාද ටීචර්ට ?

Dinesh said...

ළමයින්ව තේරුම් ගන්න එක හරි අමාරු වැඩක් නේ අක්කේ.. ඒ අය ඉන්නේ එක එක මානසික තත්වයන් වල.. අපිට ඒ හැම එකක්ම දැනෙන්නෙත් නැහැනේ..

තිසර said...

//ප්ලූටෝට උනෙත් අපෙ අයියට වුනදේමයි.//
මට මැරෙන්න හිනා...

ඔය වගේ ප්‍රශ්න සහ උත්තර සෑහෙන්න තියනවා..

ප්‍රශ්නය: තාල වාදනය කරන භාණ්ඩයක් නම් කරන්න
පිළිතුර: ඩෙස්ක් එක

ප්‍රශ්නය: යාපනයේ පස් කෙබඳුද?
පිළිතුර: ඔව්, කෙබඳුයි

Podi Kumarihami said...

හී හී...අනේ ඒ පන්තියේ ඉන්ට තිබ්බා නම් කියලා හිතුණා ටීචර්....

Mahesh Rathnayaka said...

රහත් වෙනවා යනු කුමක්ද...
මේ හිටියා මේ නෑ....

ඒවගේ නේහ්

දේශක යා said...

මං හිතන්නේ දරුවට සන්නිවේදනය වෙන දේ ඒ ළමයගේ මනසින් නිසි ලෙස ග්‍රහණය කරගෙන නැහැ කියන එක..

Maathalan - Priyantha Hewage said...

අපේ එකත් ඉන්නේ නමයේ පන්තියේ. හැබයිතින් රත්තරන් මැඩම් කෙනෙක් ඉන්නේ.. උන් එක්ක යාළුවෝ වගේ ඉන්නේ. මැරැටියො ගුටිත් කනවා.. ඒත් උන් දන්නවා ඒ ගහන්නේ ආදරේට කියලා.

ηiRσ said...

පවු නේද ප්ලුටෝ? සොසි පේපර්ස් බලද්දී හොඳ හොඳ උත්තර හම්බ වෙනවා ඇති.
පහුගිය දවස් වල මාත් මාකින් වැඩ වගයක් කරා. සමහර ඒවා බලද්දී මටත් තනියම හිනා! හැබැයි මේ නම් විශ්ව විද්‍යාලේ :D

Damith Gunawaredane said...

අපෙ පන්තියෙත් ඔයවගෙ වැඩක් වුනා.2 පන්තියෙදි බුද්ධාගමෙ නායකයා කවුද කියල අහල තිබුන ප්‍රශ්නෙකට එක්කෙනෙක් උත්තර දිලතිබුනෙ "නිසන්සල" කියල.නිසන්සල කියන්නෙ පන්තීය් උදෙට පන්සිල් දෙනකොට ඉස්සරහට ගිහින් හයියෙන් කියන කෙනා.

රාජ් said...

මරු කතාව!
//ප්‍රශ්ණ තියනව නම් අහන්න. කියල කට කැඩෙනකම් කීවත් //
මේක අපේ අධ්‍යාපනයේ තියන මූලික අවුලක්. ළමයි තියා ලොකු එවුන්වත් අහන්නෙ නෑ. අපි යනවනෙ ඔය එක එක පුහුණු වලට, සොසීත් යන්න නැතෑ ඒ කාලෙ. ප්‍රශ්න අහන්න කිව්වට කීයෙන් කීදෙනාද අහන්නෙ. හුඟ දෙනෙක් බයයි ප්‍රශ්න අහන්න. ඔය කතාව කියන්නෙ නැතුව වෙන ක්‍රමයක් හොයා ගත්ත නං නරකද?

මොණරි said...

මරු

Nirmala Madushani said...

රාවණාගේ දුන්න කැඩු එක ගැනත් මේ වාගේම කතාවක් තියෙනවා නේද.
ගරු සේවයේ රස කතා,
මේකත් කියවලා බලන්නකෝ.
ගරු සේවයේ රස කතා - හිම පියලි බ්ලොග් උපුටා දැක්වීමක්.

Chandi said...

ඇත්ත මේ දරුවෝ ප්‍රශ්න අහන්නෙ නැත්තෙ ඇයි. සමහර විට දරුවන්ගෙ අම්මලා ඒක නැති කරන නිසාම වෙන්න ඇති. මම දකින්නෙ කිසිම දරුවෙක්ගෙ ප්‍රශ්ණයකට දැන් ඉන්න අම්මලා උත්තර දෙන්න කැමති නෑ. අපි හැමදේම ඉගෙන ගත්තෙ විමසලා. ඒක දැන් මම දකින්නෙ නෑ. තාක්ෂනය දියුණුවද ? ටීචර්.

Dayal Bathee said...

Guru sevayei rasama rasa kathaavak
Apiva goda daapu guru meni varun piyavarun namadimi

තිසර said...

'සොඳුරු සිත' ටත් ප්ලූටෝ ට වෙච්ච දේම වෙලා ද?

හංසි(swan) said...

මේක කියවද්දී මගේ විද්‍යා ටීචර් මතක් උනා එපා වෙන ලෝකේ නැති ප්‍රශ්න අහල අහල මිස්ට වද දුන්නට මිස්ගේ හිනාවයි කතාවයි තාමත් හිතේ රැඳිල ඒ තරමට මිස්ට ආදරෙයි ... මමනම් විද්‍යාව ඉගෙන ගත්තේ විද්‍යා මිස්ට තියන බයට වෙන්නැති ... මිස් චුට්ටක් විතර සැරයි :)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...