..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, June 7, 2014

පඹයා

පඹයා


මඩේ ගොයම් පැළ වෙන තුරු මා     හිටගෙන    උන්නා


ඒ ගොයමේ මල් පීදෙන තුරු        හිටගෙන    උන්නා


මලින් මලට වී කරලින් බර වෙන තුරු උන්නා


මටත් හොරෙන් බැත කමතින් ගෙනියනතුරු   උන්නා


ඇහැක් වගේ බලාන රැකගෙන හිටි දේවල් ඇස් පනාපිට

අරන් ගියත් , කරන්න දෙයක් නැති 

මම

පඹයා

8 comments:

  1. පඹයෝ නොවන අයත් ඉන්නවද කියලා හිතුනා

    ReplyDelete
  2. මිහිමත කිසිවක් සදාකාලිකව අපට හිමි නොවේ. එවන් කලක හැමෝම පඹයෝ ම වෙත්.

    ReplyDelete
  3. අපි හැමෝම යම් යම් දේවල් එක්ක බලපුවාම පඹයො කියල හිතෙනව....
    අපේ කියල හිතං ඉන්න දේවල් හොරු ගෙනියන්නෙ අපිව ඇත්තම පඹයො කරල දාල

    ReplyDelete
  4. එක අතකින් බැලුවා ම හැමෝම පඹයෝ තමයි ............

    ReplyDelete
  5. හ්ම්ම්, කර කියාගන්න දෙයක් නැති වුනාම හුඟක් දෙනෙක් පඹයෝ තමයි අක්කේ..

    ReplyDelete
  6. ගොවියා විසින්, පඹයා නිර්මානය කලේ ඔහු කුඹුරේ නැති කල කුරුල්ලන්ගෙන් තම ගොයම ආරක්ෂා කරන්නට....
    කුරුල්ලන් පඹයා දැක මේ ගොවියාම විය යුතුය කියා බියවැදී ඉගිල යයි..
    ඉතින් පඹයෝ ඇස් කන් නැති නුඹට මෙවන් මැසිවිලි වලට ඉඩදෙන්නේ කෙසේද?

    ReplyDelete
  7. //ඇහැක් වගේ බලාන රැකගෙන හිටි දේවල් ඇස් පනාපිට

    අරන් ගියත් , කරන්න දෙයක් නැති

    මම

    පඹයා?///

    කරන්න දේවල් තිබුනත් නොකර හිටියොත් පඹයෙක් ගානම තමයි.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...