..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, May 19, 2014

(නො) දැක්ක ගාණට ඉන්නම්.................


(නො) දැක්ක ගාණට ඉන්නම්




මං නැතිවට
පාළුවක් නෑ වගෙයි
අලුත් ඇඳුමක් ඇදල
මුණෙ හිනා ඉතිරිලා
මං දැක්ක පින්තූරෙ
කවුරුත් ලයික් කරලා 
එඹිල බැලුව ඇස් වලට
පාළුවක් නෑ වගෙයි
මං ගැන මතක 
සේදිලම ගිහින් වගේ
කීවෙ නම් කොහොම ද
පාළුයි දුකයි කියලා 


මං නැතිව බෑයි කියලා
තව ටික දවසකින්
දරුවොනුත් වට කරන්
බිරිඳවත් ළං කරන්
හිනා වෙලා ඉදිවි
එකතකට මං කවුද
පරණ වුනු මතකයක්
අතීතෙක එකතුවක්
තාවකාලික සිහින සුවඳක
නිමේශයක්
ඇස් අරින පමාවට
බිදිල යන බුබුලක්

අනේ මං
හරි ම පවු




P.S - මේ ලෝකෙ ඉන්න , දකින්න ආසම කෙනාගේ ,ලස්සන පින්තූරයක් දැක්කා.අහම්ඹෙන්. හැමදාම ලස්සනට ඔය වගේ හිනා වෙලා ඉන්න. මම නොදැක්ක ගාණට ඉන්නම්.....................

24 ප්‍රතිචාර:

Dinesh said...

හ්ම්ම්.. අපේ හිත් එච්චර හයියද අක්කේ දැක්කත් නොදැක්ක ගානට ඉන්නම් කියලා කියන්න පුළුවන් තරමටම?

ηiRσ said...

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි :(

දේශක යා said...

My invisible sight

Podi Kumarihami said...

නොදැක්ක ගානට ඉන්න එක තමා හොඳම සොඳුරු. ඒත් හොරෙන් හරි බලන්ට හිතෙන එකනේ වැඩේ.:(

Naleen Dilruksha samakayawate said...

අනේ මන්දා මොනව කියන්නද කියලා මේවට..... මොකුත් නොකියම ඉන්නම්.

අයාල් සිත් said...

nobody knows what i feel inside
හ්ම්ම්ම්ම්....fb එකත් අයින් කරල ෆෝන් නොම්මරෙත් වෙනස් කරල දැම්මේ ආපසු හැරිලා නොබලනවා කියල හිතාගෙන.ඒත් මාස තුන හතරකට සැරයක්වත් හොරෙන් හොරෙන් ලොග් වෙලා බලන්න,,පරණ සිම් එක දාල විනාඩි දෙහෙකට කතා කරන්න.....අනේ මන්දා...

Sacheera said...

ඔයා නැතිව පාලු නෑ වගේ උන්නට
අලුත් ඇදුම් ඇදල හිනා වෙලා
පින්තුර ගත්තට
මගේ හිතේ තදකරන් ඉන්න
පාළුව තනිකම
මාව හොදටම තේරුම් ගත්ත
ඔයාටවත් නොතේරෙනකොට
ඔයවයි ඔයාගේ දරුවොයි වටකරන්
හිනාවෙලා පින්තුර ගන්න
මං පෙරුම් පුරන තරම දන්නේ
මං විතරද ?

වීරේ said...

දැක්කොත් නම් නොදැක්ක ගානට ඉන්නම බෑ.

Naleen Dilruksha samakayawate said...

අනේ මන්දා සොසිත් කමෙන්ට් ටික නොදැක්ක වගේ ඉන්නව නේ

Buddy --බඩී said...

ඇයි ඔයා මගෙ ජීවිත කතාව ලිව්වෙ??

:(

තෙලිදිය වාඩිය said...

හිනා වෙලා ඉන්න මිනිසුන්ගේ හදවතේ ගැඹුර දකින්න උත්සාහ කරන්න. හිත නිවා ගන්න ඇහැක් වෙයි!
මම තෙලිදිය. ඇව්ත් යන්න ඒ පැත්තෙත්.

තෙලිදිය වාඩිය

samzi said...

ඇයි දෙයියනෙ ඔයා මගෙ කතාව ලිව්වෙ?
මන් මේ දැනුත් මට මේ ලෝකෙ ඉන්න වටිනම,මන් මුලු හිතෙන්ම ආදරය කරන ප්‍රාර්ථනා කරන ඒත් කවදාවත් ලබාගන්න බැරි කෙනාගෙ පින්තූරෙකුයි කවියකුයි කියෙව්ව.ඒ හැම වාරෙකදිම මට හිතෙන්නෙ එයාට මන් නැතුව පාලු නැතුව ඇතිද කියල.ජීවිතෙ මහ පුදුම කතාවක්.

෴සොඳුරු සිත෴ said...

කමෙන්ටු නොදැක්ක ගාණට ඉන්නව කියල කිහිප දෙනෙක් බර බරේ. නොදැක්ක ගාණට ඉන්නව නෙමේ. කවදත් කමෙන්ටු තමා ලියන්නෙක්ගෙ හිත සතුටු කරන්නේ.
ඒ නිසා මේ කමෙන්ටු මට ගොඩාක් වටිනවා. ඒත් ඒවට උත්තර ලියන්න ඉස්සර වගේ වෙලාවක් නැහැ. ඒ ටිකෙත් පොස්ට් එකක් ලියනවා.ඒකයි වෙන්නේ. සමාවෙන්න එක්ට.
කියවල බලල නිකම්ම නොයා ලියූ හා කියවූ දේ ගැන අදහසක් දක්වල යන්න තරම් පුංචි වෙලාවක් ගන්න ඔයාල ට ස්තූති කරන්නවත් වෙලාවක් නැති මම ගැන මම ඇත්තටම කණගාටු වෙන්න ඕනි...... ඒ නිසා ආයෙත් ඒ වරද මම කරන්නෑ.

෴සොඳුරු සිත෴ said...

Dinesh
හිත හයිය නැති නම් ආදරේ කරන්න බෑලු නේ. මොකද ආදරයක් පටන් ගන්න කලින්ම හිත හයිය තියෙන්න ඕනි.දවසක ඒක බිඳිල ගියොත් ඒක දරා ගන්නත් ඒ වගේම හිත හයිය වෙන්නෝනි. ආදරය කරන්න තියෙන ලොකුම සුදුසුකම තමා හිත හයිය වීම.

෴සොඳුරු සිත෴ said...

samzi
නම් ගම් වෙනස් වුනත් අපි කාගෙත් කතාව බොහෝ දුරට එකයි. ස්තූතියි samzi මේ පැත්තෙ ආව වගේම ඔබේ අදහසත් දැක්වීම ගැන. ඔබේ සිත රිදුනා නම් සමාවත් අයදිනවා.

෴සොඳුරු සිත෴ said...

තෙලිදිය වාඩිය
තෙලිදිය ටිකක් බීලා සින්දුවක් කියල සතුටින් ඉන්න තියෙනම් හොදා තමා.ඒත් සැප දුක නිතිපෙරලේ රිය සක යුරු ලුනේ.....

෴සොඳුරු සිත෴ said...

Buddy --බඩී
කලිනුත් මම කීවා වගේ ,නම් ගම් වෙනස් වුනාට අපි ගොඩක් අයගේ කතා එක වගේ නිසා වෙන්න ඇති.

෴සොඳුරු සිත෴ said...

Naleen Dilruksha samakayawate
අනේ අම්මප මට එන තරහක්...... (කම්මැලි අනේ උත්තර ලියන්න.)

෴සොඳුරු සිත෴ said...

වීරේ
ඔවු වීරේ, දැක්කොත් බලන්නමයි හිතෙන්නේ....

෴සොඳුරු සිත෴ said...

Sacheera
ඔවු,ඇත්තටම මේ කතාවේ අනිත් පැත්ත ඒ වගේ වෙන්න පුලුවන් තමයි. අපි කතාවක් දිහා එක පැත්තකින් විතරක් බලනෙක අසාධාරණයි කියල හිතෙන්නේ ඔය වෙලාවට තමා....

෴සොඳුරු සිත෴ said...

අයාල් සිත්
බලාන ගියාම අපි කවුරුත් එක වගේ. කොච්චර කීවත් ආදරය කරපු කෙනෙක් ගැන නොසොයා නොබල ඉන්න බෑ. ආදරය කරපු අය එක්ක පස්සෙන් පහු නයි වෛරයෙන් ඉන්න අය නැතිවම නෙමෙයි. ඒත් එහෙම නැති අය ඔයා කීවා වගේ හොරෙන් හොරෙන් හරි හොයනව බලනවා.

෴සොඳුරු සිත෴ said...

දේශක යා
Podi Kumarihami
මගේ පරණ යාළුවෝ.... අදටත් මේ පැත්තෙ ඇවිත් කියවල විතරක් නෙමෙයි කමෙන්ටුවකුත් ලියල යන්න තරම් අදටත් ඉන්නවා. ස්තූතියි ඔයාලට..... ගොඩාක්... සමාවෙන්න පිළිතුරු නොදුන්නට.

හංසි(swan) said...

හරිම ලස්සනයි .. ජීවිතෙත් එක්ක කවියේ මොකක්ද සමීප බවක් දැනෙන නිසා කවිය තව ගොඩක් ලස්සනට පේනවා . හ්ම්ම්... මේ ලෝකෙ ඉන්න , දකින්න ආසම කෙනාගේ ,ලස්සන පින්තූරයක් (ගොඩක් කාලෙකින් නොදැකපු )කාලෙක හිඳන් සෙව්වෙමි ...සොයමි ...සොයන්නෙමි ...

සඳා said...

ඔව් මෙහෙම ඉන්නව ඇරෙන්න මොනව කරන්නද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...