..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, May 1, 2014

මගෙ හීනය

මගෙ හීනය






දුර ඈත ඉමේ සිටි

හීන බරින් පිරි

වළාකුළක් බිඳිලා

හීන හීන් පොද 

හීන වලාවෙන් 

මල් වැස්සක් වැහැලා

ඝන වනන්තරේ තෙමිලා

හීන වලින් පෙඟි වනන්තරේ බිම

හීන මලින් පිරිලා

එකමෙක හීන බිඳක් තුරු මුදුනේ

කොළ අත්තක අග රැඳිලා

වැටෙන්නෙපා බිම ඒ හීනෙ මගේ


මං එනතුරු හිටපන් මතක දිගේ


-----------
තාම මඟ එන

මම

සොඳුරු

12 comments:

  1. සොසී අක්කාගේ මේ ජාතියේ කවිවලට තමයි මම වැඩිපුර ම ආස! හීනත් තණ අග රැඳි පිණි බිඳු වගේ තමයි හැබැයි ^_^

    ReplyDelete
  2. මේකෙන් අඟවන්නේ මොන වගේ දෙයක්ද?

    ReplyDelete
  3. යන්න සොඳුරු ඉක්මනට...

    ReplyDelete
  4. අපූරු පදවැලක්...

    ReplyDelete
  5. කොයි කාගෙත් හීන හැබෑවෙනවානම් කවුරුත් සතුටින් හිටීවි නේද?

    ReplyDelete
  6. අැත්තටම සොඳුරුයි කවිය නුබේ. ලියන් පද වැල් තව තවත්.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  7. හීන ගොඩක් මැද වලාකුලෙන් ඔබ කොයි යනවද නැගලා
    හීන මලින් පිරි වනන්තරේ ඝන රුදුරු සතුන් පිරිලා
    වලාකුලින් බැස පොලව මතින් ඔබ දෙපයින් නැග සිටලා
    එඩිය අරන් සිත තියපන් පියවර ඉදිරිය ගැන බලලා

    ReplyDelete
  8. හීනයට පාර කියන්න හීන බින්දු දිගේ එන්න
    ඒ හීනෙම යලි දකින්න හෙටත් රැයක් අරන් එන්න

    හීන ගැන මන් ලියුවේ මෙහෙමයි වගේ මතකයි

    නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
    ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
    තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
    පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......

    මොකද මගේ හීනය උනේ ඕක නිසා :D

    ලස්සන නිර්මාණයක් ජය වේවා

    ReplyDelete
  9. ලස්සන හීනයක් දෙස බලා ඉන්නා ගමන් අනිත්‍යත් මෙනෙහි වෙලා.

    ReplyDelete
  10. බ්ලොග් කියවනයේ ඔයාලත් මතක ඇතිව ප්‍රේමලතාගෙ කතා කියවන්න එන්න.අලුත් බ්ලොග් එකක් .අලුත් උත්සාහයක්. http://premalathaa.blogspot.com/

    ReplyDelete
  11. දනවන හැඟීම්
    කියන්න මදි වදන්
    කවි කලාව ද
    අපට ඔබ කියා දෙන්නේ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...