..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, April 18, 2014

෴ ආදරය ෴

ආදරය









කිසිදා කිසිවෙකු කිසිවෙකුටවත් අයිතිකර ගත නොහැකි බව සත්‍යයක් වූව ද , අයිතිකර ගැනීමට නොහැකි වීමටත් වඩා අන්සතු වීම සිත පාරවයි.

ආදරය හිමි කර ගත යුතුම නොවන බවත් , ආදරය යනු පිදිය යුත්තක් බවත් කොයිකවුරු පැවසූවත් , දැඩි ආදරයකින් වෙන් වීමේ දුක විඳවූවන් එය කොතරම් නම් වේදනාවක් ද යන්න දනී. එම වේදනාව විටෙක දරුණු ලෙස සිත පෑරූවද තවත් විටක ඒ වේදනාවම නිරාමිස සුවයක් සිතට ගෙන එයි.

තමා පැතූ අයුරු ආදරයක් හමුවන්නේ එහෙමත් කෙනෙකුටය. බොහෝ විට එය නොසිතූ නොපැතූ බොහොමතක විය හැක. ඇතැම් විටක විවාහ වී දරුවන් ද ලැබූ පසු වුවහොත් ? 

සැබෑ ආදරය කරනා දෙදෙනකු විවාහය වී දරුවන් වැදුව යුතු යයි නියමයක් නැත. නමුත් එකිනෙකා කෙරෙහි වූ සෙනෙහස ලෙංගතුකම සිතින් මෙන්ම කයින් ද බෙදා හදා ගැනීමට නම් එක්ව විසිය යුතු ය. නැතහොත් අවම වශයෙන් හමුවිය යුතු ය. එසේ නොමැතිව වුවු ද කලක් තමා පැතූ ආදරයේ උණුසුම සිතින් විඳිමින් තනිකඩව හෝ තනිව ජීවත් වන්නන් නැත්තේම නැත.

අද ලංකාවේ බොහෝ විට විවාහයක් සිදු වන්නේ තමාගේ අනාගත සුරක්ෂිතතාව පතා ය. විශේෂයෙන් ගැහැණියකට එය ඉතාම අත්‍යාවශ්‍ය වේ. තමා ආදරය කරන්නා සමඟින් සියල්ල බෙදා හදා ගනිමින් එකට ජීවත් වීමට හැකි පරිසරයක් සදා ගැනීමට නම් ඔහු හෝ ඇය සමඟින් විවාහ වීම ලංකාවේ හැදියාව ඇති (යැයි සැලකෙන ) දරුවන්ගේ සිරිතයි.

නමුත් මගේ පුද්ගලික මතය නම් ආදරයෙන් තොර ව කරනා විවාහය යාන්ත්‍රික බවක් උසුලයි.සියල්ල පිළිවලට ගලා ගිය ද , සොඳුරු තැන් මඟ හැරී යයි. මම කවදත් පිළිවලට නොකැමැත්තෙමි. අපිළිවලේ සුන්දරත්වය අගයමි.

විවාහයෙන් පසු ආදරය කරන්නට සිදු වේ. නමුත් එය බොහෝ දුරට ඇති කර ගන්නා වූ බැඳීම් මිසක සිතක ගැඹුරින් ඇති වූ බැදීම් නොවේ. දරුවන් සාදා සමාජ වගකීම් ඉටු කර ගැනීමත් සුරක්ෂිතතාවයත් සඳහා ඇති වූ කුටුම්බයක් පමණි.

ආදර විවාහ දෙදරා යන අවස්ථා ද විරල නොවේ. සාපේක්ෂව යෝජනා විවාහ වලට වඩා වැඩියෙන් ආදර විවාහ දෙදරා යන අවස්ථා තිබේ. එයට හේතුව ආදර විවාහ වලදි පෙර ආදරය බලාපොරොත්තු වීමත් යෝජනා විවාහ වල දී වගකීම් යන්න මූලික තැනක් ඉසිලීමත් විය හැකිය.

ගැහැණිකට හෝ පිරිමියෙකුට තමා සොයනා ආදරය ලැබෙන්නේ ජීවිතයේ බොහෝ විට එක් වරකි. එය සතු කර ගැනීමට ද බොහෝ දුරට නොහැකි වේ. ඒ නිසාමදෝ ඒ ආදරය විරහ වේදනාව මුසු සියුම් මතකයෙන් සිත පුරවා ලයි.

එවන් වූ ආදරයක් මැරනෙ මොහොතක වුව ලග ඉන්නවා නම් සිතසැනසී යයි. සිහිනයෙන් විත් සිප වැළඳ සිත සනසවා ලයි. දූ දරුවන් ලැබ , මහළු වියට ගිය ද අත් පා වාරු නැති වුව ද සිත තුල සරමින් සිතුවිලි දල්වයි. යොවුන් වියේ හැඟීමට වඩා වෙනස් වූ හැඟීමක් මහළු වියේ දී දැනේ දයි මා නොදැන සිටියත් , ආදර විරහව උපේක්ෂාවෙන් දකින්නට වයසින් මුහුකුරා යත්ම අපට පුලුවන් වනවා වන්නට ඇත. . . . . .


පුද්ගලිකව මා දීපිකා ගේ ගීත වලට නොකැමැත්තෙමි.ඒ ගීත සිතේ සියුම් තැන් රිදවා පාරවයි. අමතක කල මතක නැවත මතුපිටට ගෙන විත් දෑස් ඉදිරිපිට මවා ලයි. නමුත් කොතරම් සැඟවූවත් මේ කාර්යය බහුල ලෝකයේ හැඟීම් දැනීම් ඇති සංවේදි මිනිසකු බව එම ගීත මඟින් අපට වටහා දේ.


අවසානයේ දී හිත හදා ගැනීමට , සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතයක පද මෙලෙසින් ඉදිරිපත් කරමි. ආදරයට ලෝබකමින් මිරිකෙන සිත හදන්නට මේ පද ප්‍රමාණවත් ද?


ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි

රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි

ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
ආල වඩන යන තේරුම බෝසත් කම සකි



----------------------------------------
නුඹව මතකයෙන් හැර පියා ලීමට නම්

මම මෙලොව හැර පියා යා යුතු ය


එදින එන තෙක් නුඹ ගැන මතක



මා ළඟ සුරැකිව උණුසුම් තැනක ඇත

මම

෴ සොඳුරු෴

6 ප්‍රතිචාර:

අයාල් සිත් said...

// දැඩි ආදරයකින් වෙන් වීමේ දුක විඳවූවන් එය කොතරම් නම් වේදනාවක් ද යන්න දනී. එම වේදනාව විටෙක දරුණු ලෙස සිත පෑරූවද තවත් විටක ඒ වේදනාවම නිරාමිස සුවයක් සිතට ගෙන එයි.//
//ගැහැණිකට හෝ පිරිමියෙකුට තමා සොයනා ආදරය ලැබෙන්නේ ජීවිතයේ බොහෝ විට එක් වරකි. එය සතු කර ගැනීමට ද බොහෝ දුරට නොහැකි වේ. ඒ නිසාමදෝ ඒ ආදරය විරහ වේදනාව මුසු සියුම් මතකයෙන් සිත පුරවා ලයි.//

ආදරයේ වේදනාවෙන් පෙලෙන්නන්ට කලකදී සිනාසුනෙමි....එහෙත් ඒ මටද එය උරුම වන තුරු පමණි....තුවාලයේ වේදනාව දන්නේ එය ඇති තැනැත්තා පමණක්ය යන්න හොඳින් වටහා ගත්තේ එදාය....

"කුඩා ගමේ මද්දහනේ" ගීතයද ජීවිතය හා මහත් සේ බැඳී ඇත....අනෙකුත් ගීත වලින් වෙන්ව පරිගණක ප්‍රධාන තිරය මතට වී සිටින්නට තරම් ඒ බැඳීම ප්‍රභලය....

අන් කවරදාටත් වඩා සිතට දැනුන ලිපියකි....හිස්කමක් පමණක් දැනෙන්නේ ඒ නිසාවෙනි...

කැස්පර් said...

වරෙක සතුටක්ද, වරෙක දුකක්ද, තවත් වරෙක වේදනාවක්ද ආදී විවිධ ස්වරූප ඇති ආදරය නොවේද ලොව ජිවත් කරන්නේ....

Ajith Kumara said...

ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා. ඔයාලාත් ඔයාලගේ බ්ලොග් මට එවන්න. දන්න කියන ඒවත් එවන්න එතකොට මට එකතු කරගන්න පුලුවන්. බ්ලොග් පාඨකයන්ට පහසුවක් හැටියට මටත් මේ වැඩේ කරන්න හිතුනා. මෙන්න ලින්ක් එක.
http://blogdharshakaya.blogspot.com/

Anonymous said...

බොහොම අපුරු පොස්ට් එකක්.... ඔබ ඉහතින් සඳහන් කල කරුණු කරනා සැබෑ ලෝකයේදී අත්විඳින කෙනෙක් විදිහට මේ කරුණු කාරණා වලට 100% ක් එකග වෙමි...

samzi said...

කියන්නට කිසිත් නැත.හිස්බවක් පමනක් ඉතිරි වී ඇත.

chathu said...

Sithata godak danuna lassana lipiyak...mata pawaseemata athi boho de me lipiyen liyala thiyenawa... lassani...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...