..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, April 13, 2014

මගේ අවුරුදු පැතුම

මගේ අවුරුදු පැතුම

හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන්, 
හිත රිදවන හැමදේම හිතින් අයින් කරන්න පුලුවන් ,
උණක් හෙම්බිරිසාවක් වත් නොසෑදෙන ,
අතමිට මුදල් යහමින් ගැවසෙන 
ජාතිවාදී ලේ නොකකියන,
සැර පරුෂ වදන් නොතෙපලන
එකිනෙකා කෙරේ සෙනෙහස නැතත් 
වෛරය ඇති නොවන
කැලෑ එළි නොවන
වන සතුන්ගේ බිම් නැති නොම වන
මිනිස්සුන්ටත් ඉන්න හිටින්න තැනක් හමුවන
කිසිම ආගමක් නැතිවෙන
දහම රජයන
ඉසුරුබර මෙ සිරිලකටත්
එහි වාසී සැමටත් (මිනිසා සතා සීපා සෑමදෙනාටම)
සුබම සුබ නව වසරක් වේවා යන්න
මගේ අවුරුදු පැතුමයි



මම
සැඟවුනු අමුත්තිය
෴ වත්෴

17 ප්‍රතිචාර:

යකා said...

ලස්සන පැතුමක් .ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

වනිතා හඬ said...

අදහසනම් හොඳයි, මමනම් තවත් දෙයක් එක්කරන්න කැමතියි. ඒ තමයි කාන්තාවන්ට සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් අභියෝග ජයගන්න පුලුවන් වෙන්න ඕනෑ කියන එක.

Dinesh said...

සුභ අළුත් අවුරුද්දක් සොදුරු අක්කේ..

( අර පටන් ගත්ත කතාව අවුරුදු තෑග්ගක් විදිහටවත් ලැබෙයිද මන්දා අපිට..)

Podi Kumarihami said...

ඔබටත් මෙවැනිම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :)

ගල්මල්-Coral said...

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

Maathalan - Priyantha Hewage said...

සොසීටත් එසේම වේවා... මේ වසරේවත් පොරක් සෙට් වේවා....!!!

Ravi said...

බොහොම අගේ ඇති ප්‍රාර්ථනාවක් මැඩම්....

ඔබටත් සුබ නව වසරක්!!!

ඉන්දික උපශාන්ත said...

මේකගෙ අළුත් අවුරුදු පැතුම අන්ඩුවෙ අය වැය යෝජනා වගේ ( හරිම ලස්සනයි, ඒත් මලාට එකක්වත් වෙන්නෙ නෑ ) !!!

එහෙනං ඔන්න මගෙත් අත් ඉස්සුව එසේම වේවා කියල....!!

Ravi said...

ඉන්දික,

හෙහ්, හෙහ්, මාත් මේ මහින්ද චින්තනේ ලිව්වෙ උඹද කියල අහන්ට හදලත් ආය ඩිලිට් කරල දැම්ම මොකටද දේසපාලනේ මෙතෙන්ට කියල....

අඟහරුවා. said...

අපි කාගේත් අවුරුදු පැතුම ඕකෙන් ගොඩක් වෙනස් නෑ අක්කා!
එහෙනම් සොසී ඇතුළු සියලු දෙනාට සුභම සුභ, සියලු පැතුම් ඉටු වන නව වසරක් වේවා!

වැසි දැරිය... said...

sosi akkata sinahawen pirunu wasarak!!!!!!!!!

තුශානි said...

ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

ෂැගියා said...

පැතු පැතුම එලෙසම ඉටුවන සුබ නව වසරක් වේවා!!!

මධුරංග said...

ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා සොඳුරු අක්කා !

Shehan Senadheera said...

සුබ අලුත් අවුරුද්දක් වේවා....

සු දී ක said...

සුබ නව වසරක් වේවා !!! උඩින් තියෙන ප්‍රාර්ථනාව ඉටු වෙන්න කියා පතනවා.

Ajith Kumara said...

ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා. ඔයාලාත් ඔයාලගේ බ්ලොග් මට එවන්න. දන්න කියන ඒවත් එවන්න එතකොට මට එකතු කරගන්න පුලුවන්. බ්ලොග් පාඨකයන්ට පහසුවක් හැටියට මටත් මේ වැඩේ කරන්න හිතුනා. මෙන්න ලින්ක් එක.

http://blogdharshakaya.blogspot.com/

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...