..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, April 9, 2014

සිංහල අවුරුදු උත්සවය සහ බ්ලොග්කරුවෝ ..........................

සිංහල අවුරුදු උත්සවය සහ බ්ලොග්කරුවෝ


සිංහල අවුරුද්ද එන්නේ පුංචි ඈයොන්ටයි , පිරිමින්ටයි කියලා  ගෙවල් දොරවල් අස්කරල ,හෝදල කොන්ද අමාරුව හැදුනු අම්ම කෙනෙක් කියනව මට ඇහුනා.

ඒත් මට හිතුනා ඒක මේ විදිහට වෙනස් වුනා නම් හොඳයි කියලා.

“ සිංහල අවුරුදු එන්නේ , පුංචි ඈයොන්ටයි, පිරිමින්ටයි, සිංහල බ්ලොග්කරුවන්ටයි “ කියලා. 


ඒ මොකද කියනව නම් සිංහල බ්ලොග් අවකාශය පුරා විසිරී සිටන නොයෙක් ආකාරයේ අය එකතු වෙලා ලස්සන සිංහල අලුත් අවුරුද්දක් සමරන්න ගත්තෙ අද ඊයෙක නෙමෙයි.


ඉතින් ඔන්න මේ අවුරුද්දෙත් එයාල “සිංහල අවුරුදු උත්සවයක් “ ගන්නයි ලෑස්තිය. මේ නාකි මට නම් යන්න වෙන්නේ නැති වුනත් බ්ලොග් අවකාශයට අලුතින් එකතු වුනු තරුණ පහේ සහ නව යොවුන් හාදයෝ හාදියෝ එකතු වුනාම මැවෙන ලෝකය ,සයිබර් ලෝකයට වඩා ලස්සනයි.

ලස්සන අදහස් වලින් සයිබර් ලෝකය පිරුණට ඒ අදහස් තියෙන අය යථා ලෝකයේ දී මුහු ගැහීම කියන හැඟීමම හිතට මොකක් ද මෙවුවෙකක් ගේනවා.

ඉතින්  . . . . . . . මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සතුටින් සමරන්න ඒ සුන්දර අවස්ථාව මඟෑර ගන්නෙපා.................

දිනය -  අප්‍රේල් 20

 ස්ථානය - බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය


වේලාව - උදෑසන 9 සිට දවස පුරා


තව සිංහල බ්ලොග් ලියන අයට පුලුවන් මේ මගේ බ්ලොග් එකේ තියෙනව වගේ බැනර් එකක් ඔයාලගේ බ්ලොග් එකෙත් ප්‍රදර්ශණය කරලා පුංචි උදව්වක් කරන්න...............


එහෙනම් එදාට හමුවෙමු නේද ............... 

10 comments:

  1. කෝ සොසී බැනරය පේන්න නෑනේ

    ReplyDelete
  2. / මේ නාකි මට නම් යන්න වෙන්නේ නැති වුනත් /

    / එහෙනම් එදාට හමුවෙමු නේද ............... /

    කරුණාකර ඉහත පරස්පරතාවය පැහැදිලි කරන්නේනම් කෘතඥ වෙමි.!!!

    ReplyDelete
  3. /* මේ නාකි මට නම් */

    මොනවද මේ විකාර කතා?

    ReplyDelete
  4. දැන් තියනෝ බැනරය. සිතුතියි........එතකොට සොසි නාකි නම් අපි ගැන කවර කතා ද?

    ReplyDelete
  5. සොඳුරු එනවානම් මේකට යන්ට වටිනවා...:)

    ReplyDelete
  6. තමන් නාකියි කියන ගැල්ලමයෙක් දැක්කමද කොහෙද...

    ReplyDelete
  7. /* මේ නාකි මට නම් */ හෙහ්..... හෙහ්..... ඔබ මෙහෙම කීව්වෙ අපෙන් තුතී කෙල්ල කියල අහගන්න නේද......
    පනහ පැන්න මමත් 27 තේ කොල්ල වගේ මේකෙ දගලද්දි........ උඹේ වචනෙ ගැන ආඩම්ම්බර මුසු සතුටක් ආව මගේ සොදුරු සිතට....

    ReplyDelete
  8. සො සි අක්ක එනවද ඒ කියන්නෙ? :o

    මාතර ඉඳන්ද එන්නෙ?

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...