..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, March 25, 2014

෴ නිශායාමය ෴ ( පළමු කොටස)


නිශායාමය ( 1 - කොටස )




රැය මැදියමට ආසන්න වූවද ඇගේ නෙත් නොපිය වෙයි.ඇය දෙතුන් වතාවකටත් වඩා වාරයක් කාමරයේ දොර වසා ඇත්දැයි සැක හැර දැන ගත්ත ද, නැවතත් ඇඳෙන් බැස දොර වෙත පිය නඟන්නට ඇයට සිතුනේ දොරේ අගුල පවා ඇයට එරෙහිව ක්‍රියා කරන වාතාවරණයක් ඇය වටා නිර්මාණය වී ඇති නිසාය. ඇය තම උණුසුමට තුරුළු වී නිදන පුතුට නොඇහැරෙන ලෙසින් සෙමින් යහනෙන් නැගිට්ටා ය. 

ඇය තම උණුසුමට තුරුළු වී නිදන පුතුට නොඇහැරෙන ලෙසින් සෙමින් යහනෙන් නැගිට්ටා ය. ඇගෙන් හිස් වුනු ඇඳ මෙට්ටයේ වල ගැසුණු උණුසුම් තැනට ගුලි වූ පුතාගේ නිරාවරණය වූ පුංචි දෙපා වැසෙන සේ පොරෝනය සැකසූ ඇය දොර අසලට යෑමට සැරසුනා පමණි. තද අඳුරේ වුව ද දොරට යටින් හිඩැසින් කාමරයට එපිටින් එහා මෙහා යන අයකුගේ සෙවනැල්ල ඇයට හඳුනා ගැනීමට අපහසු නොවීය. ඇගේ හද ගැස්ම වේගවත් විය . යහනේ සැපට නිදන දරුවා දෙසත් දොර හිඩැසින් පෙනෙනා සක්මන් කරන සෙවනැල්ල දෙසත් බැලූ ඇය ගතේ සිහින් දා බිඳු මතුවන්නට විය.

ඇය සෙමින් දොර අසලටම යත්ම එහා මෙහා ගමන් කළ ඡායාව ද ඇයට සම්මුඛව ප්‍රතිවිරුද්ධ දෙසින් නතර විය.ඇය වෙව්ලන දකුණත දොර පලුවට තබා අප්‍රාණිකව යමින් තිබුණ සිරුර වාරු කර ගත්තීය.
දොර පලුවට එහා පසින් ඇසුනේ සිහින් ඇයැදුමකි.



නිශා . . . . මම දන්නවා ඔයා ඔතන ඉන්නවා කියලා. නිශා .....
යන්න මෙතනින් පුතා ඇහැරෙයි අමාරුවෙන් එක්කාසු කර ගත් වචන කිහිපය ඇය මිමිණුවේ සිහිනයෙන් මෙනි.
නිශා ....මම කියපු දේ ගැන හිතල බලන්න නිශා.මේක අපි දෙන්නටම හොඳයි
මම කැමැති නෑ

එහෙනම් මොකද ඔයා දොර ලඟ ඉන්නේ 

යන්න ....අම්මල ඇහැරෙයි

අම්මල දන්නවා. මට ඕනි ඔයාගෙ කැමැත්ත විතරයි නිශා

මම කීවනේ බෑ කියලා.

එහෙනම් එහෙම ද? හොඳයි බලමු , ලේස්ති වෙයන් වෙන තැනක් හොයා ගන්න බැල්ලී
තමුසෙට ඕනි දෙයක් කරනවා. මම කැමැති නෑ කීවොත් නෑමයි ඇය එවර මදක් හඬ නඟා පැවසුවේ , නිදිපුතු ඇහැරවන්නට මෙනි.............

(
එක් සත්‍ය කතාවක් ඇසුරිණි )

4 ප්‍රතිචාර:

Miyuru said...

පළවෙනි ඡේදයේ අන්තිම පේලියයි දෙවෙනි ඡේදයේ මුල්ම පේලියයි එකම වාක්‍යය නැවත ලියැවිලා නේද...?
ලස්සන කතාවක් පටන් ගන්න වගේ යන්නෙ...

දේශක යා said...

ඇයි අනේ මේ වගේ කෑලි වලට කඩන්නේ.. රසවින්දනයට බාධාවක්..

Dinesh said...

පටන් ගත්ත ගමන්ම ඉවර කරලනෙ කතාව.. ඉක්මනට ලියන්ටෝ අක්කේ..

Damith Gunawaredane said...

තව තියනව නේද

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...