..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, March 20, 2014

තත්ත්වය මොකක් ද?

තත්ත්වය මොකක් ද ?



අන්තර්ජාලය භාවිතා කරන ගොඩාක් අය නිරන්තරයෙන්ම යනෙන තැනක් තමයි “වත් පොත“ නොහොත් “ෆේස් බුක් “ . ඔන්න මේ දවස් වල ඒ පැත්තෙ ගියොත් ඔයාලට දකින්න පුළුවන් “වත් පොත “ සිංහල වලට පෙරලෙනවා. ඒ සඳහා අපූරු කොල්ලො කෙල්ලො සෙට් එකක් මොකක් දෝ මන්දා කරනවා. මේ තියෙන්නේ අන්න ඒ ගෘප් එක.



එතන දි මට තේරෙන විදිහට කරන්නේ “වත්පොතේ “ භාවිතා කරන ඉංග්‍රීසි වදන් වලට හරියන සිංහල වදන් එකතු කරනෙක. ඒත් ලස්සනම වැඩේ කියන්නේ ඒ සමහර වචන දැක්කම සිංහල අපිටම හිනා යනවා. ඒ වෙලාවට තමා හිතෙන්නේ අපි කොයි තරම් නම් ඉංග්‍රීසි වචන වලට හුරු වෙලාද කියලා. විශේෂයෙන්ම පරිගණකය සම්බන්ධව ගත්තම අපිට අපේම කියලා සිංහල වචන නැහැ.


ඉතින් , ෆේස් බුක් හෙවත් වත් පොතේ නිතරම දකින්න පුළුවන් Status කියන වචනය සිංහලට හරවද්දි “තත්ත්වය“ කියලා දාලා තියෙනව දැකලා මට මතක් වුනු පරණ කතාවක් තමා මේ.

පොඩක්ක් විතර අසැබැයි.ඒක ඉතින් බ්ලොග් අවකාශයට මහ ලොකු දෙයක් වෙනේකක් නම් නැහැ.


මෙන්න කතාව . . . . . . . 


ඔන්න දවසක් රජයේ සේවකයෙක් ගමේ තොරතුරු වගයක් රැස් කරන්න ගමේ ගෙයින් ගෙට යනවලු. ඒ ගම ගොඩක් දුෂ්කර පළාතක ගමක්. ලියන්න කියන්න දන්න අයත් බොහොම අඩුයි.ඒ නිසා පුරවන්න තියෙන විස්තර කොළයේ තියෙන ප්‍රශ්ණ එකින් එක අහමින් ඒක පුරවන්නෙත් අර නිළධාරියමයි. ඉතින් ඔහොම යද්දි තවත් කටු මැටි ගෙදරකට ගොඩ වුනා ලු. ගෙදර ප්‍රධානියා නිළධාරියට දුන්න ගෙදර සන්තකේටම තිබ්බ කැඩිච්ච වැල් පුටුවෙ වාඩි වෙලා විස්තර පත්‍රිකාව හරව ගත්තලු.

කවුද ගෙදර ගෘහ හිමියා
ඒ කීවේ මහත්තයෝ
මං ඇහුවෙ ගෙදර ලොක්කා කවුද ?
අපේ ගෑණි තමා ඉතින් ගෙදර වැඩ ඔක්කම කරන්නේ
හරි හරි ඒකට කමක් නෑ තමුන්ගේ නම මොකක් ද? ඔන්න තිං නම කීවලු.වයස, එහෙමත් උපන් දිනේ එහෙමත් දන්න විදිහට පුරව ගත්තලු. ගෙදර හිටිපු ඇච්චො බැච්චො ටිකත් තරුණ පහේ බොහොම වයස අඩු උන්දැගෙ හාමිනෙත් දැන් මෙතනට ඇවිත් සිද්ධිය දිහා බලාන තමා ඉන්නේ.ඔන්නදැන් තමා ගැටළුව.
දැන් කියන්න බලන්න තමුන්ගේ තත්ත්වෙ කොහොම ද කියලා
සිද්ධිය දිහා ඇස් කණ් අයාගෙන බලා හිටි උන්දැගෙ හාමිනේ දැන් ඇඹරෙනවලු. ගෙදර මනුස්සයත් බිම බලාන එහාට මෙහාට ඇඹරෙනවලු..... 
කියන්න කියන්න තත්ත්වෙ මොකක් ද ?
නිළධාරියටත් දැන් හොඳ ගණන්.....
මෙතන හුරතල් වෙන්න වෙලාවක් නෑ මනුස්සයෝ.කියන්න තමුන්ගෙ තත්ත්වෙ මොකක් ද කියලා
පොඩ්ඩක් සැර දාලා අහපු පාර ,ලැජ්ජාව පැත්තක තියපු ගෙදර මනුස්සය කීවලු.
අනේ මහත්තයෝ ඇඹුල් කෙසෙල් ගෙඩියක් විතර ඇති කියලා.
අර නිළධාරියා අත ඔළුවෙ ගහ ගත්තලු.
මනුස්සයෝ තත්ත්වෙ කීවේ, තමා කසාඳ බැදල ද නැද්ද කියලා

24 comments:

  1. හරිම රසවත් කතාවක්. සොඳුරු සිත ලස්සන කතා ලියන බව දැනගත්ත දවසෙමයි ඇබ්බැහි වුනේ. ගිය පාර අමුත්තගෙ කතාවෙ පොස්ට් එකෙත් කියන්න තිබෙන හැම දේම කියල දාල තිබුන.බ්ලොග් ලෝකය තවත් සොඳුරු කරන්න කියලයි කියන්න තිබෙන්නෙ

    ReplyDelete
  2. හරිම අබ්‍යාසය් නෙව :)

    ReplyDelete
  3. තත්වය නෙවෙයි හරිම විදියට අහලා තියෙන්නෙ, තමුන්ගෙ තරාතිරම මොකක්ද කියලා..

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඔන්න තව ඔයිට වඩා අසභ්‍ය කතාවක් මතක් උනා...මෙතන ලියන එක හරි නෑනෙව. බ්ලොග් පෝස්ට් එහෙකින්ම ලියන්නම්..සුට්ටක් විතර කියන්නම්. අහල තියන අයට එක සැණෙන් මතක් වේවි. ඒත් ඔය තොරතුරු රැස් කිරීමක කතාවක්..ඒ ගෙදර ඉන්නෙ දෙන්න දෙමාල්ලොයි පොඩි කෙලි පැටික්කියෙකුයි විතරයි.

    " කවුද මේ ගෙදර ඉන්නෙ?" ... ඔන්න ප්‍රශ්නෙ

    " මහත්තයො, මා යි ගෑණියි ****** "

    " හරි, හරි එව්වයිං මට වැඩක් නෑ මනුස්සයො, ගෙදර ඉන්නෙ කවුද කියල කියනවකො " ..මහත්තයට ලැජ්ජත් හිතිල

    " ඇයි මහත්තයො එක පාරක් කිව්වෙ..මායි ගෑණියි ****** "

    ReplyDelete
    Replies
    1. ව්‍යාකරණ වැරදියි කි‍යලා කිව්වේ නැහැල්ලුද?

      Delete
  6. මේ කතාවේ ඉතුරු ටිකේ වෙන්ට ඇති අර බාල්දියකට පයින් ගහන්නේ. ඒක තේරුම් ගන්ට ගිය කල් දැක්කාම සිංහලට වඩා ඉංග්‍රීසි කොච්චර ලේසිද කියලා හිතෙනවා... :D

    ReplyDelete
  7. ඉකේ ඉකේ හරිම අසම්භාව්‍යයි

    ReplyDelete
  8. අපෝ මටත් පස්ට අවුල් ඔය ඉංගිරිසිය සිංහලට පෙරාපු ඒවා බාවිතාව.. නිකං අමුතු වචන වගේ. වෙලාවකට ලැජ්ජයි අනේ ඒවා දැක්කම..

    ReplyDelete
  9. ඊයා පොකුත් කුණුහබ්බ ලියන්න පටන් අරගෙන...

    යන්න ඔයා.... වල් පඳුර...

    ReplyDelete
  10. හයියූ..විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ අප්පා..
    එළ පෝස්ටුව හොඳේ

    ReplyDelete
  11. හපොයි ලැජ්ජවෙ බැ.කැත කතා

    ReplyDelete
  12. එවෙලෙ තත්වය නෙ ඒ.

    ReplyDelete
  13. @kumara nissanka
    හැබෑමයි නේද ?

    ReplyDelete
  14. @Damith Gunawaredane
    එහෙම කියන්නෙ කොහොම ද? එහෙනම් ඔය කැත කතා වල තියෙන කැත එවුවා ඇයි අපි ඇගේ එල්ලන් ඉන්නේ...ඒවත් කැතැයි නෙහ්.

    ReplyDelete
  15. කතන්දර කාරයා
    අනේ යන්න කකා යන්න.මෙතන බබා නොවී. ව්‍යාකරණ වැරදි ගැන හොයන්න බෑ.

    ReplyDelete
  16. යකා
    යකෙක් වුනත් හරිම ලෙංගතු සෙනෙහෙබර යකෙක් නේ. ස්තූතියි යකඩෝ...

    ReplyDelete
  17. Chandana
    හෆොයි....

    එදිරි
    එච්චරම අභ්‍යාස නැහැ...

    harshana1985
    ඔයා හරි හර්ශණ. තරාතිරම තමා හරිම වචනේ

    @Ravi
    ලියමුකො කතාව ,බ්ලොග් පෝස්ට් එකක් විදිහට....

    Podi Kumarihami
    පොඩ්ඩිත් දන්න දේවල්. මොකක් ද පොඩ්ඩි බාල්දි කතාව ?

    ReplyDelete
  18. @Maathalan - Priyantha Hewage
    අනේ මාතලන් ඔයා බබා. පොඩ්ඩි වල් පඳුර නම් ,ඔයා “වල් ගහ“

    ReplyDelete
  19. Asanka Rubasinghe
    තැන්කිව් හොදේ........

    ReplyDelete
  20. Niyama... post eka. Bhashawa kiyanne eka thenaka nawathina magulak nemey. Hemadama hemadetama helayonta heluwen wannan be

    ReplyDelete
  21. අනේ මන්ද සොසියා මොනව හිතේ තියන් ලියනවද කියලා?

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...