..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, March 17, 2014

දේශපාලනය නොවේ............



                දේශපාලනය නොවේ............





බඩු මිල වැඩි යැයි නිතර මැසිවිලි කියන, බස් ගාස්තු කිරිපිටි මිල ගැන දෙස් දෙවොල් තබන, ජිනීවා ගැටළුව පිළිබඳව විදුලි පුටුවට යවන්නට හරබර කතා කියන සියල්ලෝම දාඩි මුගුරු වක්කරමින් පාර දෙපස ය. 

දරුවන් එකා දෙන්නා ක්ලාන්තවී වැටෙයි. නමුත් වතුර බෝතලයක් එක හුස්මට බොන ඔවුන් කලින් සිටි තැන සොයා දිව එයි. අතේ පුංචි ජාතික කොඩිය සිය වරක් පමණ සොලවා බලා එය හොඳින් ලෙද දෙන බව සැක හැර බලයි. විනාඩි දහයකටත් අඩු කුඩා කාලයක ට දකින මුහුණක් වෙනුවෙන් මඟ බලා සිටින බහුතරය සෑම දිනකම පාහේ කුමක් හෝ දෙයකට ආණ්ඩුවට මැසිවිලි නඟන බව නම් නොරහසකි. 

පවතින රජය හමයැවූ සහෝදර ගුරුභවතුන් නිවාඩු දමා ගෙදර සිටියේ නැත. උපරිම වැඩ කොටසක් සිදු වූයේ ඔවුන් අතින් යැයි මට සිතේ. නිවෙස් වල සිටි මහල්ලන් පවා පාර දෙපස මඟ බලයි.ඔහු සම්ප්‍රාත්තවෙයි.සියල්ලෝම කලබලයෙනි. උද්යෝගයෙනි , ඉන් එකෙකු වත් ඔහු හා සුළු අමනාපයක්වත් නැත. මූණු වල කිසිදා නොදුටු අපූරු සිනාවකි.දරුවන් සිටින විද්‍යාගාරයට ඔහු කෙළින්ම පැමිණෙයි. ආයුබෝවන් දරුවනේ, කොහොමද විස්තර ඔහු අසයි. එක් දැරියක් සමීපයට ගොස් හිතවත්කමින් යමක් විමසයි. ඇගේ දෑසේ තෙතමනය මට පෙනේ. මට ඇඬෙන්න ආවා ටීචර් ඇය පසුව මාහා කීවා ය. 

පිටත සිටින්නන් පොරකමින් ඔහුට අතවනයි.ඔහු ළඟට යන්නට , ඔහුට මුහුණ පෙන්වන්නට , ඔහුගේ අත අල්ලන්නට ඇත්තේ උන්මාදයකි.කුඩා දැරියක ඔසවා සුරතල් කරාදැයි මට මතක නැත.හේතුව ඔහු සිටින ඉසව්ව මට නොපෙනන තරමට පිරී ඉතිරී ගොස් ඇති නිසා ය.සියල්ලෝම ඔහු සොයා ඇදෙයි. තද බල බාධා අවහිර නැත. සුළු උත්සාහයකින් ඔහු වෙත ලඟා වීමට හැකි ය. රටේ ලොක්ක, අපි බලන්නට අපේ ළඟටම ආවා ඔවුන් සිතයි.....නමුත් ඔට්ටුයි.....හෙට ද ඔවුන් බඩු මිල ගැන , බස් ගාස්තු ගැන , දරුවන්ගේ පාසල් වියදම් ගැන , කොතරම් හම්බකරත් මදි බව පවසමින් මැසිවිලි නඟනු ඇත....එහෙත් ඔහු මෙවරත් දිනනු ඇත. මෙය කුමක් දැයි මට නොතේරේ.සැබැවින්ම කුමක් දෝ ආකර්ශණයක් ඔහු ලඟ ඇති බව නම් මට ද නොකියාම බැරි ය............................

10 ප්‍රතිචාර:

කතන්දර කාරයා said...

සමාජවාදය ගැන චැට් කරන නංගියෙක් හෙම හිටියා දැක්කාද?

කතන්දර කාරයා said...

මාතර ගඟේ කිඹුලෙක් ඇල්ලුවාම බලන්න කොච්චර සෙනඟක් ඒවිද?

JP said...

සො සි ඔබේ මේ කතාවේ මට වැඩියෙන්ම දැනුනු කෑල්ල, "මට ඇඬෙන්න ආවා ටීචර්" කියන කොටසයි. ඒ පොඩි කෙල්ල වගේම අපි ඔක්කොම සෝඩා බෝතල් වගේ පිටාර ගැලුවට මොහු ලගට ආවෝත් මේ වගේ වෙයි යයි මට සිතුනි. අපි සංවේදී ජාතියක්. වීරයන් පෙන්වා අපේ මොලය අඩපන කල හැක්කේ එබැවිනි යයි සිතුවිල්ලක් මට ඇතිවුනි

තිසර said...

කොහොමත් සර්වබලධාරී-ඒකාධිපති වෙනකොට ආකර්ෂණය වැඩියි... මළාට පස්සෙ දෙයියෙක් නොවුණොත් තමයි පුදුමේ....

Podi Kumarihami said...

මගෙ ගාවට ඇවිත් කතා කලොත් මටත් ඇඬෙයි... :D

දේශක යා said...

//“ආකර්ශණයක් “ ඔහු ලඟ ඇති බව නම් මට ද නොකියාම බැරි ය//

ඔන්න ඕකයි ඇත්ත තත්වේ. හැමෝටම හැමදේම අමතක වෙනවා ඔය සංහදිය නිසා..

Maathalan - Priyantha Hewage said...

මේ දේ හැමෝටම ලබන්න බෑ. කෙනෙක්ගේ මොකක් හරි ටැලන්ට් එකක් තියෙන්න ඕන. ප්‍රේමදාස මහත්තයා බලන්නත් මිනිස්සු ආවා, ඒත් ඒ බලන්න විතරයි. ගෙදර ගිහින් පතුරු ගැහුවා.. ආන්ඩුවට බැන්නට ඔහේ දැකලා තියෙයි, ලොක්කට බනින එකෙක්. ගමේ ගොඩේ නම් ඕකට කියන්නේ පින කියලා.. මම නම් කියන්නේ කට්ට කම කියලා.. ප්‍රේමදාස කිව්වේ එයා තෙම්පරාදු වෙච්චි දේශපාළකයෙක් කියලා. එයා තෙම්පරාදු විතරයි. ඒත් මෙයා, ටම්පර්ඩ්, ඩෙවල්, ස්ටීම්, බාබේකිව්, විතරක් නෙමෙයි ස්වීට් ඇන්ඩ් සවර්..

යකා said...

කියල තියෙන කතාව නම් සහතික ඇත්ත. ඒ වගේම පෝස්ට් එකට හොඳ ඌණැ පූරණයක් මාතලන්ගෙ කොමෙන්ටුව. ඇත්ත තමයි ආණ්ඩුවට බනිනව හැබැයි කවුරුවත් ලොක්කට බනින්නෙ නෑ. ඒක තමයි කළින් ආන්ඩුයි මේ ආන්ඩුවයි අතර වෙනස.මම හිතන්නෙ යුධ ජයග්‍රහණයත් එක්ක ඓතිහාසික ප්‍රතිරූපයක් මෙයා වටා ගොඩ නැගී තිබීමයි.

Anonymous said...

පුදුමයක් නැහැ හිට්ලර්ට අදටත් ජන ආකර්ෂණයක් තියෙනවා.1945 දී ඔහු මිය නොගිය බව විශ්වාස කරන්න බොහෝ මිනිසුන් කැමතියි.එයින් අදහස් වෙන්නේ නැහැ හිට්ලර් හොඳ මිනිසෙක්ය කියා.ඔබ වක්‍රව ප්‍රකාශ කරන තැනැත්තා ජනමාද්‍ය වලින් තමන් දේවත්වයකට ආසන තැනකට ප්‍රතිරූපය සකස් කරගත් අයෙක්.ඇති සුපිරි මෝටර් රථ බදු වලින් සම්පුර්ණයෙන් නිදහස් කරන අතරේ එදිනෙදා කනබොන දේවල් වලට විශාල බදු මුදලක් අයකරමින් ජනකාන්ත ප්‍රතිරූපයක් අත්කරගෙන සිටින්නෙක්.විචාර බුද්ධියක් නැති මී ගවයන් වැනි ජනතාවක් සිටින රටක මේවා පුදුම දේවල් නෙවේ.

නාට්‍යකාරයා said...

ඔව් ඇත්තම කතාව තමා කොච්චර බැන්නත් ඔය බනින උනුත් ඔහු ලගට අවොත් බනීද නෑ නේද හපොයි මේක රතු ඇස්කොට්ගෙ වැඩක්ද කොහෙද

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...