..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, March 1, 2014

( මළ )ඡන්දදායකුගේ සිතුවිලි --------------------------

(මළ) ඡන්දදායකුගේ සිතුවිලි

--------------------------



පින්තූරය - ශෙහාන් ගුණසේකර 

පිහිපාරවල් වගේ ,අපිට අපි ගැනම දුක හිතෙන පින්තූර බලන්න ඕනි ද ? මෙන්න පාර 


“අපි ගැන හිතන අය“

“ඔබගේ සඳයි මේ මම“

“මනුසත්කමේ උරුමය“

“ගුරු පඬුරු පුද දෙන්න කාලය“

“රටට කෙරුවට යුද්ධය“

බිත්ති වල එල්ලෙන

සැණෙන් දවසින් ගැලවෙන

ලස්සන වදන් වල

සැඟවී විදියි ඊතල

මෙන්න මගෙ අංකය

ඔබෙ යුතුකම “මනාපය“

දෙන්න මට එය හෙට

මම කරනවා ඔබට හොඳටම

රට රැකපු විරුවන්

සොදුරු ගුරුවරයන්

දැන උගත් මිතුරන්

මඬේ ලඟිමින් කරයි සරදම්

උතුරටත් බෑ මට

දකුණටත් බෑ මට

බටහිර නැගෙනහිරි

කිසිම දෙසක ට දෙන්න බෑ මට

කට ඇරන් උඩ බලන්

මළා මෙන් ඉන්නම්

නොදැක නොඅසා නොමදැන

කෙනෙක් මෙන් ඉන්නම්

මා ළඟ තුනක් ඇති

උදුර ගෙන යනු සබඳිනි

එයින් සුබ පලයක්

නුඹට මිස

අපහට ලැබී නම් නැතී...........


මෙයට
(මළ )ඡන්දදායකයා 

11 comments:

  1. මා ළඟ තුනක් ඇති (මනාප හොඳේ )
    උදුර ගෙන යනු සබඳිනි
    එයින් සුබ පලයක්
    නුඹට මිස
    අපහට ලැබී නම් නැතී...........

    නියමයි! වරහන් ඇතුලෙ කෑල්ල නැතිවුනානං තව හොඳයි

    ReplyDelete
  2. මටත් හිතුණේ අර වරහන් ඇතුලේ කෑල්ල තිබුණේ නැත්නම් හොඳයි කියලයි. එතකොට මළගියවුන් අතර ඉඳලා, ඉබේටම මේ ලෝකෙට එනවා...:)

    ReplyDelete
  3. හරි ලස්සන කවි.මටත් ඔය මෝල් වහන්සෙලා පෙන්නන්න බෑ.

    ReplyDelete
  4. කොහොමත් හුඟක් ඡන්ද දායකයෝ මළා වගේ තමා ඡන්දය දෙන්නේ!

    ReplyDelete
  5. මළ උන් මල මගුල් හිතල මොනාට මල පන්නගන්නවද මන්ද?

    ReplyDelete
  6. හුඟක් අය දැන් මළා වගේ තමයි අක්කේ..

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  8. අපේක්ශකයාගේ ගීතය

    නoගිලා මල්ලිලා
    ඉන්නවාදෝ බලා ,
    දැන් ලැබේ දැන් ලැබේ යයි කියා
    පුoචි බෝනික්කලා
    පාට පාට නිලා
    මo ගෙනාවා කරත්තේ පුරා..

    උන්න හැටියට මළා මදැයි කිව්වලු අයෙක්

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...