..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, February 2, 2014

ගේ කුරුල්ලෝ

ගේ කුරුල්ලෝ

සති අන්ත නිවාඩු දවස නිසාත් , සතියේ වැඩ කරන දවස් පහේ ම මහ පාන්දර අවදි වෙන නිසාත් , අද සෙනසුරාදා මම ටිකක් පස්සට එළිය වැටෙනකම් නිදා ගත්ත බව ඇත්ත.

ඒ සැප නින්ද කඩල දාලා උදේ පාන්දර මට ඇහැරුනේ මහ කාලගෝට්ටියක් නිසා.නිකම් නෙමේ කුරුළු කාලගෝට්ටියක්.ගේ දොරකඩම ගේ කුරුල්ලො දෙන්නෙක් කා-කොටා ගන්නවා.

මම දැනට මාස ගාණකට කලින් දොරකඩ එල්ලපු මැටි කූඩුව බලල යන්න ඊයේ නම් ගේ කුරුල්ලො ජෝඩුවක් ආවා තමා.ඒත් කෝ කිරිල්ලි. වටපිට බලන කොටයි දැක්කේ , කුරුල්ලො දෙන්නා මරා ගනිද්දි ඒ දිහා බලන් කිරිල්ලි හිටියෙ ටිකක් එහාට වෙන්න.එතකොට ඊයේ මැටි ගේ බලන්න ආවේ ,වෙන කුරුල්ලෙක්ගේ යාළු කිරිල්ලිව පන්නගෙන ද දන්නෑ.


කොහොම හරි පරිසරය සංසුන් වෙන්න ටික වෙලාවක් ගියා.ඊට පස්සෙ පරාජ වෙච්චි කුරුල්ල යන්න ගියා.අර දෙන්නා හොරා කන්න පටන් ගත්තා.නැහ් මම මේ කීවේ මම දොරකඩ එල්ලපු වී පැදුරෙ වී හොරා කන්න ගත්තා.


මම ඔය එල්ලන වී පැදුර ගෙනාවේ කුරුණෑගල පැත්තේ විනෝදචාරිකාවක් යද්දි. මැටි ගේ ගත්තේ නම් ගෙදරට ආපු හට්ටි-මුට්ටි වෙළෙන්දෙක් ගෙන්.සමහර විට වී කාලා මෙයාල යන්න යාවි. තවත් සමහර විට හෙට වෙන කොට එයාල මම එල්ලපු මැටි ගෙයි පදිංචි වේවි.............බලමු කො....හෙටයි කියලත් දවසක් තියේ වි නෙහ්.









RAW fotos තමා ලස්සනට තියෙන්නේ.අනිත්වා jpeg .

අත්හදා බලන්නයි 
RAW fotos  ගත්තේ....දැන් හිතයි දිගටම RAW fotos  ගන්න.ඒත් ඉඩකඩ ගොඩාක් යනවා....


එහෙනම් එයාලගේ පවුලෙ විස්තර ඉදිරියටත් බලාපොරොත්තු වන්න.


15 ප්‍රතිචාර:

දේශක යා said...

රෝ පොටොස් ගති තමා.. වෙනීත් දවසක් ගේ කුරුල්ලෝ ගැන පෝස්ට්කටුවක් ලිව්වා ටික දවසකට කලින්..

Naleen Dilruksha said...

ලස්සන පිංතුර ටික... මේ ගේ කුරුලු කතාවෙන් තවත් ඉසව්වකට මාවත විවර වෙනවා.. බලමු ඉතිරි ටිකත් ආවාම..

niroshini said...

වී පැදුර හරි ලස්සනයි...සොඳුරු ගේ ෆොටෝත් එන්න එන්න ලස්සන වෙනවා

නාඩියා නාඩිරත්න said...

ලස්සන කතාවක් ඉස්සරහට ලියවෙයි වගේ...

මධුරංග said...

ලස්සන පින්තූර ටිකක්..
ගේ කුරුල්ලෝ කීවහම තාමත් හිතේ ඇඳෙන්නේ බිත්තියේ හයි කරලා තිබ්බ මුට්ටියේ කූඩු හදන ලස්සන කුරුළු පවුලක පින්තූරයක්.. :)

Maathalan - Priyantha Hewage said...

මම හිතුවා මාතර නිසා "මංගල සමරවීර" ට, කින්ඩියක් වත් දාලද කියලා.. බැලින්නම් මේ වෙන කෙහෙල් මලක්..

පින්තූර ගැන අලුතෙන් කියන්න ඕන නෑ නේ..

ඉන්දික උපශාන්ත said...

GAY කුරුල්ලන් ගේ පින්තූර ඉතා අගේ ය!

amila chathuranga said...

//අද සෙනසුරාදා මම ටිකක් පස්සට එළිය වැටෙනකම් නිදා ගත්ත බව ඇත්ත.//
හෑ එලිය දවල් වෙනකං නිදාගත්තම පස්සට එලිය වැටිල ලස්සන වෙනෝද? මාත් පස්ස එලියෙ දාගෙන දවල්වෙනකල් නිදාගෙන බලන්න ඕනි නිවාඩු දවසටවත්

Chandana said...

පලමුවෙනි පින්තූරෙ වැඩියෙන් ලස්සනයි. කොහොමත් ඔය සතුන්ගෙ හැසිරීම් දිහා බලා ඉන්න එක හරිම ආශ්වාදජනක වැඩක් නෙ.

Dinesh said...

රෝ ෆොටෝස් වල කොලිටි වැඩේ.. මාත් ගන්නේ රෝ මයි.. ෆොටෝ ටික නම් ඉතින් බුකියෙත් දැක්කා කමෙන්ට් එකකුත් දැම්මනේ ඉතින්..

Mayya said...

ගේ කුරුල්ලො ගැන බලන්න ආවට ගේ කුරුල්ලො ගැන නෙමෙයිනේ තියෙන්නේ :)

තිසර said...

ෆොටෝ ටික හොඳයි... කලාත්මක ඡායාරූප ගන්නකොට RAW ගන්න එක හොඳයි. මම ගොඩක් වෙලාවට JPEG and RAW එක ගන්නේ. හැබැ‍යි processing ගැනත් හොඳ අවබෝධයක් තිබ්බොත් තමයි ඒකෙන් හොඳ ඡායාරූපයක් නිර්මාණය කරගන්න පුළුවන්.

chaminda wickramasinghe said...

ලස්සනයි පින්තුර ටික. බුකිදීත් දැක්කද ව්කක් නම්.

Nadun Ranaweera said...

ලස්සන පින්තූර ටිකක්

arugeadaviya said...

ඉස්සර නම අපිම තමයි ගේ කුරුළු මුට්ටිය හදාගත්තේ මැටි මුට්ටියකින්. ඒකේ හුනු වලින් තිත් තිත් තිබ්බා . පරණ අය කිව්වේ එතකොට සර්පයෝ බිත්තර කන්න එන්න බය වෙනවා කියලා. ඇත්ත බොරු දන්නේ නැහැ.

පරිස්සම් කරගන්න වහල දිගේ ගැරඬි ඇවිත් බිත්තර ගිලිනවා.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...