..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, February 16, 2014

හිස්


හිස් 





හැමදාම නිකම් දුක් විඳින්නෙ මොකටද කියලා ,මාත් දුක දෙන දේවල් වලින් අයින් වුනා.අයිති කියන්න බැරි දේවල් අයින් කරා. 

අයිති නැති වුනත් හිතින් අයිති කරන් ඉන්න දේවල් අතාරින්න මුලදි බොහොම අමාරුයි.ඒත් අතාරින්න බැරිත් නැහැ. කරන්න තියෙන එකම දේ අතාරින්න ඕනි දේවල් වල නරක පැත්ත දිහා විතරක් බලනෙක විතරයි.

හොඳයි ,ඔන්න කොහොම හරි  ඒ දේවල් අතෑරිය කියමු. මුලදි ගොඩාක් දුකයි . . .ටික ටික දුක අඩු වුනත් ,අන්තිමට ම දැනෙනවා මහම මහ හිස් බවක්. හරිම කාලකණ්නි ඒ හැඟීම.


වෙනද වගේම ඉර පෑයුවත් ඉර බැස්සත් , වෙනදටත් වඩා ගොඩාක් වැඩ කරත් , හිතෙට දැනෙනවා මහා හිස් බවක්. හරියට කිසිම වැඩක් පලක් නොකර ඔහේ හිටියා වගේ.ඒත් ඇත්තටම නම් වෙනදටත් වඩා ගොඩාක් වැඩ කරල.ඒත් හිස්

කොහෙ බැලුවත් හිස් ..................

රෑ අහස බැලුවත් තරු කොච්චර පිරිල තිබ්බත් අහස හිස්
පොළව බැලුවත් කොච්චර කුණු ගොඩවල් ගහ කොළ සතා සරුපය මිනිස්සු හිටියත් පොළවත් හිස්
ගස් කොළන් වල මල් කොළ ගෙඩි පිරිල  තිබ්බත් ගහ කොළත් හිස්
රූපවාහිනියේ කොච්චර කතා දැන්වීම් ප්‍රවෘත්ති ගියත් ,ඇස් කැඩෙනකම් කණ් ගොඩ වෙනකම් ඒ දිහා බලා හිටියත් ඒකත් හිස්

වටේ පිටේ හැමදේම තිබිලත් , කරන්න ඕනි වැඩ ගොඩවල් කරලත් මේ දැනෙන හිස් බව කියන්න වචන නැහැ.ඒක තනිකම නම් නෙමෙයි.



මිනිස්සුන්ට ජීවත් වෙන්න , ජීවත් වෙනව කියල දැනෙන්න ,ආදරය අත්‍යාවශ්‍යම නැහැ.

හැබැයි අඩුම තරමේ , වෛරයක් , වේදනාවක් , දුක්බර මතකයක් හරි තියෙන්නම ඕනි. ඔය දේවල් හැමේකම අයින්කරාම අතෑරියම ජීවත් වෙනව කියල දැනෙන්නෙ නැහැ. 


අතෑරීම තමයි පරම සතුට කියල හිතුවට හැමදේම අතාරින එක සතුටක් තියා කිසිම හැඟීමක් නැති මහ මූසල කාලකණ්නි හිස් කමක්.............





හිස් කමේ ගිලිල ,මැරෙන්න ළඟ 
මම
සොඳුරු



ප.ලි:- එහෙම ලීවම හිතන්නෙපා “සියදිවි නසා ගන්න “ හදනව කියලා.මටත් සාරි ගොඩාක් තියෙනව තමා.ඒත් එහෙම මැරෙන්නවත් හිතෙන්නෑ.හරිම හිස්.....

ඇත්තටම මේ හිස් කමට කරන්න පුලුවන් එකම දෙයයි තියෙන්නේ. හොඳ අඩියක් ගහනෙක.සිහිපත නැති වෙනකම්ම...... 

22 comments:

  1. වත් ඔබ හා සමඟ සපුරාම එකඟ වෙමි.

    රාගයක්, සෙනෙහසක්, වෛරයක් හෝ යටත් පිරිසෙයින් සන්තාපයක්.... එවන් කිසිදු හැඟුමක් නොමැති තැන ඉතිරිවනුයේ විසල් වූ හුදකලාවක් පමණි. මහා පාළුවක් පමණි. නිරාමිස සුවය යැයි හඳුන්වනුයේ ඒ අවස්ථාව යයි විටෙක මට සිතේ. .

    එහෙත් පුහුදුන් මිනිසුන් වන අපට එවන් තත්වයක් කිසිසේත් දරාගත නොහැක. ඊට ප්‍රතිකර්ම වශයෙන් ඔබ යෝජනා කරන්නටද එලෙසම එකඟවෙන්නෙමි.

    ReplyDelete
  2. එහෙනම් අයියා,බෝතලයක් ගේන්න. අපි දෙන්නවත් සෙට් වෙලා හොඳ පදමට එනකම් බොමු.හැබැයි අයියේ මාව අපෙ ගෙදරට නම් ඇරලවන්න එපා හරිය.වෙරි බහිනක්කම එතනම ඉන්නව...

    ReplyDelete
  3. බීලා බීලා...මහ හයියෙන් කුණුහරුපෙන් , මම ළං වෙච්චි මට ළං වෙච්චි හැමේකාටම බයින්නත් ඕනි මට. අන්තිමට දුක හිතල ඇඩෙනක්කම්ම. හරිය.

    ReplyDelete
  4. අන්න නියමයි...ගහමු...ගහමු....සකෘදාගාමී වෙනකල් ගහමු.

    අපි සව්දිය පුරමු,
    අපි සව්දිය පුරමු,
    මුවවිට පුරවා මීවිත ගෙන සුරතින්,
    අපි සව්දිය පුරමු,
    අපි සව්දිය පුරමු,


    ඕන කෙනෙකුට බැණපං බං...කිසි අවුලක් නෑ...උඹට කුණුහරුප ඕනනම් මම මතක් කරලත් දෙන්නං, එක්කො අපි දෙන්න මාරුවෙං මාරුවට බනිමු...එහෙම හොඳ නැතිය?

    ReplyDelete
  5. ඇත්ත තමයි.. ඔය හිස් කම එක්ක කිසිම දෙයක් කරන්න බෑ.. වෙලාවකට මටත් හිතෙනවා අර අන්තිමේ කියලා තියෙනවා වගේ හොදට බීලා පැත්තකට වෙලා ඉන්න..

    ReplyDelete
  6. //වෙනද වගේම ඉර පෑයුවත් ඉර බැස්සත් , වෙනදටත් වඩා ගොඩාක් වැඩ කරත් , හිතෙට දැනෙනවා මහා හිස් බවක්. හරියට කිසිම වැඩක් පලක් නොකර ඔහේ හිටියා වගේ.ඒත් ඇත්තටම නම් වෙනදටත් වඩා ගොඩාක් වැඩ කරල.ඒත් හිස්...කොහෙ බැලුවත් හිස් .//

    හරිම පාලු, මූසල හැඟීමක්. සම්පූර්ණ ඇත්ත. හැමෝම එක වරක් හරි ජීවිතේ මූණ දෙන අවස්තාවක් කියලා හිතෙනවා...
    වත්, බීලා නෙමේ නේද ලීවේ? :D

    ReplyDelete
  7. බ්ලොග් එක ලියන්න තරම් වත් මොනවා හරි තියන එක මදැයි නේද හිස්ම හිස් නොවී.

    "හිස් වුණ හද විත සපුරා ගන්නට මියැසි විරාමය යළි පැමිණී ඇත
    අරුමෙකි පැවසෙන්නේ... එපමණයි පිළිසරණය වන්නේ"

    ෂොට් එකක් දාගන්න කියලා තමයි ඕකෙත් කියන්නේ...

    ReplyDelete
  8. ඔයා කියන එක හරියටම හරි.... මටත් ඔහොම දැනුනා පහුගිය කාලෙදි... බ්ලොග අතහැරලා දැම්මෙත් ඒකෙම කොටසක් විදියට... මං ආයෙම මේ ඇවිත් ඉන්නෙ ඒකෙ ප්‍රතිඵලයක් විදියට...

    ReplyDelete
  9. බීලා ප්‍රශ්න විසඳන්න පුළුවන්නම් මම හැමදාම බොනවා..ඒත් මත් වෙලා ප්‍රශ්නය තාවකාලිකව මගහරිනවට වඩා ගැටළුවකට,හුදෙකලාවට, තෘප්තියට හැමදේටම පියවි සිහියෙන් මුහුණදීමෙන් අන්තිමේ දුකක් ඉතිරිවුණත් ආත්මගත සතුටක් ලබනවා..හිස්කම කියන්නේ හැම ජීවිතේකම පොදුවේ හොල්මන් කරන සංකල්පයක්..හිස් ජීවිතය පුරවා ගත යුත්තේ අපිමයි..ඒ සඳහා අපිට වින්දනයක් සහ කලාවක් ඉතිරිකරලා තියනවා

    ReplyDelete
  10. දැන් අවුරුදු දෙකක ඉඳන් මමත් ඉන්නෙ හිස් බවක. පැටලිල්ලක. ඒ පැටලිල්ලට එකම විසඳුම අතහැරීම කියල දන්නවා. ඒත් පෘතග්ජන මනුස්සයෙක් විදිහට එක පාරටම හිතෙන් අතහරින්න බෑ. එයා මාව අතහැරලද නැද්ද කියන එක මම දන්නෙ නෑ. එයා කිසිම දෙයක් පැහැදිලිව කියන්නෙ නෑ. එයා කියනව එයා මාව අතහැරල නෑ කියල. ඒත් එයා හරිම භයානක විදිහට නිහඬයි. මගේ ජීවිතේ සතුට තීරණය වෙන්නෙ එයා ගන්න තීරන මත. මම මහලොකු දෙයක් එයාගෙන් ඉල්ලන්න්නෙ නෑ. මට එහෙම මහ ලොකු දේවල් එයාගෙන් ඉල්ලන්නත් බෑ. මට ඕනෙ ඉඳල හිටල හරි එක වචනයක් මං වෙනුවෙන්........දැන් මට ආදරේ කලත් නැතත් එක වචනයක්. මට ජීවත් වෙන්න වචනයක්.....

    ReplyDelete
  11. මිනිස්සුන්ට ජීවත් වෙන්න , ජීවත් වෙනව කියල දැනෙන්න ,ආදරය අත්‍යාවශ්‍යම නැහැ.
    තමයි
    නමුත් ආදරයක් ලබපු අයට ඒ ආදරය නැතුවත් බැහැනේ

    ReplyDelete
  12. ඔය අදියරයේදී හිස් බවක් දැනෙනවා,එත් ඉවසීමෙන් තවදුරටත් අත්හැරීමෙන් සැනසීම ලැබෙනවා.(අත්දැකීමෙන් කියන්නේ)
    හොද දෙයක් ලබන්න ටික කලක් යනවා
    හෆ්ෆා ඊට පස්සේ ලැබෙන සතුට කියල වැඩක් නැහැ

    ReplyDelete
  13. @රවී>>>> දීකිරි දැක්කම බළල්ලු 'කදව් කදව්' කිව්වලු නේද??? හුහ්!

    ReplyDelete
  14. @ උපේක්ෂා,

    ඒ කොයි ලෝකෙ ඉන්න බළල්ලුද බං කදව් කදව් කියන්නෙ? :)

    ReplyDelete
  15. @රවී :: ඔන්න ඉතින් හොම්බට අනින්න ගත්තා... ඕකනේ බැරි..

    ReplyDelete
  16. @ උපේක්ෂා,

    හරි, හරි බං ඉතිං නාඩ ඉඳිංකො මයෙ අම්මා... මට මේ පස්සෙ මතක් උනේ …. බළල්ලුංට තදටම ගුල්මගාය හැදිච්චහම උං කෑගහන්නෙ කදව් කදව් කියල තමයි..

    ReplyDelete
  17. උපේක්ෂාට වෙලා තියෙන්නේ අර ට්‍රැෆික් පොලිස් රාළහාමිට වෙච්ච දේ....

    ReplyDelete
  18. @ රවී,
    කව්ද ඒ රාළහාමි?
    එහෙම කිව්වම මට මතක් උනා නේ ට්‍රැෆික් රාළහාමිලා සම්බන්ධ කතා දෙකක්.. වෙලා තිබ්බොත් ලියන්නම්

    ReplyDelete
  19. බිවහම ඔය වෙලාවකට දැනෙන හිස් කම නැති කරගන්න පුලුවන්නම් වෙන මුකුත්ම නොකර මමත් ඉන්නවා බාර් එකකට වෙලම බිබි අෆ්ෆා.

    ReplyDelete
  20. හිස් කමත් ජීවිතේට ඕනේ අක්කා.ජීවිතේ අලුත් දේවල් වලට ඉඩ තියනවා කියලා තේරෙන්නේ එතකොට

    ReplyDelete
  21. කල්පනා කරද්දී හිස් බව ඇරෙන්න වෙනත් යමක් නැහැ කියලානම් හිතෙනවා

    ReplyDelete
  22. හැබැයි අඩුම තරමේ , වෛරයක් , වේදනාවක් , දුක්බර මතකයක් හරි තියෙන්නම ඕනි. ඔය දේවල් හැමේකම අයින්කරාම අතෑරියම ජීවත් වෙනව කියල දැනෙන්නෙ නැහැ.
    eka nam Sonduruy ...:) ....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...