..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, January 6, 2014

෴ මගේ විකාර - ලියන්න තැනක් නැති නිසාමයි ෴

෴ සිතුම් - පැතුම් ෴






මනුස්සයෙක් හිතන පතන විදිහ හැමදාමත් එක වගේම වෙන්නෙ නැහැ. කාලය , අවස්ථාව , වයස , සම්පත් , මෙකී නොකී ගොඩාක් දේවල් නිසා එකම මනුස්සය ගෙ උනත් සිතන පතන විදහ වෙනස් වෙන්න ගන්නවා. ඒ කැමැත්තෙන් වගේම අකැමැත්තෙන් වෙන්න පුලුවන්. 

බොහෝමයක් මිනිස්සු තමන්ගෙ සිතුම් පැතුම් හංඟා ගෙන ජීවත් වෙනවා.ඒ තමා අවට ඉන්න අය නිසා වෙන්න පුලුවන්. තමන්ගෙ සිතුම් පැතුම් කවදාවත් පල නොදරන බව දැන ගත්තාම තවත් සමහරු ඒ විදහට සිතන පතන එක නතර කරලත් දානවා.

කොහොම කොහොම හරි කාලයත් එක්ක අපි ඉදිරියට යද්දි අතීත කාලෙ දී අපි හිතපු පතපු දේවල් කොයි තරම් නම් බොළඳද අර්ථ ශූන්‍යද කියලත් නොහිතෙනව නෙමෙයි. ඒත් මිනිසා කොයි තරම් නම් වයසට ගියත් පොඩි ළමයෙක් වගේ සිතුම් පැතුම් කාගෙත් ළඟ හැංඟිලා හරි තියෙනවා. ඒක දරුවො ඉන්න අම්ම කෙනෙක් ද තාත්ත කෙනෙක් ද මුණුබුරන් ඉන්න සීයෙක් ද ආච්චියෙක් ද කියල වෙනසක් නැහැ. අන්න ඒ සිතුම් පැතුම් කොච්චර නම් හංගන් හිටියත් “නිදහස “ ලැබුන ගමන් හරි තමාව හොඳින් තේරුම් ගත්ත විස්වාසවන්තයෙක් ලැබුනම හරි කිසිම ප්‍රශ්ණයක් නැතිව එළියට එන්න ගන්නවා.

ඔය කියන නිදහස හරි ඔය කියන තමන්ව තේරුම් ගත්ත මනුස්සයව හරි ලැබෙන්නේ ඉතාම අතලොස්සක් වන වාසනාවන්තයින්ට විතරයි.

-------------------------------------------------------------------------


෴ හුස්ම ටික ෴

කාලෙකින් හුස්ම ගත්තෙ නැහැ නේද කියල හදිසියේම මට මතක් වුනා , ඒ වෙලාවෙදි මට මේ දැන් ගොඩ දාපු මාලුවෙක් වගේ පරාණ බයක්  දැනුනා.

ඔය හුස්ම වලින් මම හුස්ම ගත්ත

කාලය ගෙවිල ගිහින් වාගේ
මගෙ හුස්ම ළඟින් ඔය හුස්ම වැටෙන්නට
පෙර පිං මදි වාගේ



මම තවමත් ජීවත් වෙනවා , හැබැයි හුස්ම නොගෙ න . . . . . .

----------------------------------------------------------------



෴ උම්මෙක ෴



“ දෙන්න ද උම්මෙකක්......හැබැයි සිගරට් උම්මෙකක්...... “

ඔහු තවත් දුම් ගුලියක් ටිකක් ඈතට පා කරා. . . .

“සික් මළ ජරාව,එන්නෙපා ළඟට මට වමනෙ යනවා “

ඒ ඔහු බලාපොරොත්තු වුනු සුපුරුදු වචන.........

 ඒත් ඒ වචන ඇහෙන්න ප්‍රමාද වෙද්දි ,ඔහු ඔළුව හරවලා ඇය දිහා බැලුවා..............................


ඇස් දෙක පියාගෙන , තොල් උල්කරාගෙන ,ඔහුගෙ පැත්තට මූණ බර කරගෙන හිටපු ඒ මූණ , ඉන් පස්සෙ හැමදාමත් සිගරට්පත්තු කරන්න ගන්න ඔහුගෙ මතකෙට එන පළවෙනි පින්තූරය වුනා........


ඉන් පස්සෙ මොකද වුනේ කියලා මගෙ අහන්නෙපා.








ඉස්සර තිබ්බ සිතුම් - පැතුම් වෙනස් 

මම
෴ වත්සලා ෴


12 comments:

  1. ළමයි ටික ටික ලොකු අය වෙනකොට, බ්ලොග් අතහැරලා fb එකේ කල් මරන්න ඔඅටන් ගන්නවා.

    ReplyDelete
  2. මිනිස්සු තමන් ගෙ හිතේ තියන දේ එලියට දාන්නේ තමන්ගේ විශ්වාසවන්තම අය එක්ක නෙමෙයි. ආගන්තුකයෝ එක්ක...

    ReplyDelete
  3. තමන්ගේ සිගරට් එකෙන් කෙල්ලගේ කලවේ සදාකාලික පැච් එකක් දාලා ඒකි තරහ වෙලා වෙන කොල්ලෝ එක්ක යාළු උනාම කලවේ තියෙන පැච් එක ගැන අළුත් කොල්ලට කියන නරියෙකුත් මට හිටියා.. (මිත්‍රෙයක්)

    අදහස් ටික නං මසුරං. මේවා හයිකු නෙමෙයි කෙලින්ම පපුවට කිඳාබහින ඒවා.. (පපුකඩා කවි කියල දැම්ම නං හරි)

    ReplyDelete
  4. ඊට පස්සෙත් ඌ සිගරට් බොන්ඩ ගත්තා..

    ReplyDelete
  5. හ්ම්ම්.. මිනිස්සු හැමෝම පොඩි ළමයි වගේ තමයි වෙලාවකට.

    ReplyDelete
  6. තාම බොන්න පටන් අටන් නෑ මිනිහ මයෙ හිතේ. මුද්ද දැම්මට පස්සෙ ඒ කතාව ලියයිද?

    ReplyDelete
  7. හොඳ වෙලාවට හුස්ම ගන්න එක හිතලා කරන්න ඕනේ නැත්තේ...

    ReplyDelete
  8. ඊට පස්සෙ සිගරට් නවත්තලා වෙන මොනා හරි ජරාවක් බොන්න ගත්තා :)

    ReplyDelete
  9. අහන්න හිතෙන දේම අහන්න එපා කියලා දාලනේ අක්කා.. බෑනේ ඉතින්..

    ReplyDelete
  10. උම්මෙක නේද ^_^ ඒක තමා අහන්න එපා කිවුවානේ හ්ම්ම්

    ReplyDelete
  11. මේවා විකාර වෙන්නේ නෑ,... ඔයාගේ බෝහෝ කතා කියෙව්වා. තමන්ගේ සිතුවිලි බෙදා ගන්න එක මොන තරම් හොඳයිද. කතාවේ අවසානයක් නැති එක නම් හරි නෑ. දැන් ඉතින් අපිට ඕනෙ එකක් හිතා ගන්න වෙනවා. ස්තූතියි සොඳුරු සිත, මේ සොඳුරු කතා වලට

    ReplyDelete
  12. ita passemokada une dannawada oya....ita psse sigarat bona eka nathara karala ice paket bonna gaththa...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...