..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, July 29, 2013

ෆ්ලොරෙන්ටිනෝ මුණ ගැසුනෙමි........

ෆ්ලොරෙන්ටිනෝ මුණ ගැසුනෙමි........





ෆ්ලොරෙන්ටිනෝ . . . . .


ෆ්ලොරෙන්ටිනෝ අරිසා . . . . . . . . . . 


මට ඔබ හමුවූයේ පොතක් තුල ගුලි වූ චරිතයක් ලෙස වුවත් , පොතින් දත් ඔබ හා ආදරයෙන් බැදුනේ ඔබ වැන්නවුන් මෙලොව නැති බැව් මා විස්වාස කළ බැවිනි. 


නමුත් නුඹ දන්නවා ද?


එක් දවසක, එක් හවසක සැබෑ ලොව සැබෑ හමුවක දී මා වටා සිටි එක් චරිතයක් හඳුනා ගන්නට ලැබුණි. ඒ නම් නුඹගේ වර්තමාන ප්‍රතිබිම්බයයි. ඔහු සැබෑ මිතුරෙකි, අවංක ගති ගුණ වලින් යුතු හේ මා සිත දිනා ගත් හොඳම මිතුරාය. නමුත් ඔහු වසා ගෙන සිටි සැබෑ ප්‍රේමනීය චරිතය කිසිදු අඩුවක් නොමැතිව නුඹ ම විය.



මා කළ යුතුව තිබුනේ ඔහු සදාකල් මා මිතුරා ලෙස පමණක් ළඟින් තබා ගැනීම පමණක් බව මට වැටහෙන විට සියල්ල සිදු වී හමාරය. කෙසේ හෝ මා ඔහු ට ආදරය කරන්නට ඇත.


නමුත් ඔහු පාසල් යුගයේ හමුවූ  ෆර්මිනා දාසා‍ කෙනෙකුන් හමු වේ ප්‍රේමයේ පරාජිතයෙකු බවට පත්ව නුඹ මෙන්ම ජීවිතය ගෙවන්නෙක් බව මා දැන ගනිද්දී , නොගැලවිය හැකි තරමට ඔහුට ආදරය කරමින් සිටි යෙමි.


ෆර්මිනා දාසා විසින් පෑරු සිත දරන්, වෙන ගැහැණුන්ගෙන්  ගත සනසවා ගන්නට ඔහුට හැකි ය. ආදරය බිඳකඳු හෝ බිම නොවටා ඔහු ලබන්නේ කුමක් දැයි මට වටහා ගත නොහැකි ව තව තවත් මා විසින් වියූ දැලේම පැටලෙමින් සිටිද්දී ,එක්වරම සිතට නැඟි ආවේගය නිසා මා ඔහුව අතැර දැම්මෙමි.


ෆ්ලොරෙන්ටි නෝ  සිත්තමක් ලෙස සිතේ ඇද දුන්  Gabriel Garcí­a Márquez ගේ මේ කියමන කොතරම් නම් සත්‍යයක් වන්නට ඇද්දයි සිතුනේ සැබෑ ෆ්ලොරෙන්ටිනෝ  මුණ ගැසුනු පසුවයි. 



sex is the consolation you have when you can't have love” 



කිසිදා හඳුනා ගත නොහැකි වූ මේ අපූරු සත්ව කොට්ඨාශය නිසා සිත රිදවා ගැනීම නොවටින නමුදු ඔවුන් කොතරම් මෝඩ සතුන් පිරිසක් දැයි වටහා ගන්නට මා වෙර දරමි.


කෙනෙකු ජීවිතය පුරා සිතේ දරා ගනිමින් , අන් ගැහැණුන් සමඟින් සතුටින් රඟන්නට ඔවුනට හැකිවුයේ කෙලෙසදැයි වටහා ගත නොහැක. 



ෆර්මිනා දාසා විවාහ වූවාය , දරුවන් ලැබුවා ය ජීවිතයේ සියලු කඩ ඉම් පසු කෙරුවාය. එවැන්නියක් තුල වූ විශේෂත්වය ෆ්ලොරෙන්ටි නෝ ට මුණ ගැසුනු අන් ගැහැණුන් තුළ නොවූයේ ද? නොමැති නම් එය නොදැක්කා මෙන් සිටීමට ෆ්ලොරෙන්ටි නෝ  අන්ධ වීද.


කෙසේ හෝ නුඹ පිරිමින් කෙරේ මා සිත ඉතිරිව තිබූ අන්තිම තෙතමනය ද හදවතින් ගලවා විසි කර දැමූ බව නම් නොකියාම බැරිය. නුඹගෙන් දුටු පෙම්වතා ඉවත හෙලා මිතුරා පමණක් දැක ගත යුතුව තිබුනා නොවේ දැයි සිය දහස් වාරයක් මට හැගෙන්නේ එනිසා ය.


නුඹ මා කෙරේ අසංවේදී වූ අවස්ථා එකින් එක නුඹට මතක් කර දෙන්නට මා නොකැමැත්තෙමි. ඒ එයින් නුඹට නොරිදෙනා මුත් මසිත තදින්ම පෑරෙන බැවිනි.


නුඹ සෑම විටම පැතූ “රහස්‍ය ප්‍රේමය “ මා තදින්ම ප්‍රතික්ෂේප කරමි. දෙදෙනකු අතර ඇතිවන ප්‍රේමය ,ගස් වැල් සුළඟ අහස පොළවට කිසිදා රහසයක් නොවිය යුතු බැව් මගේ අදහසයි. නුඹට ඇවැසි වන්නේ නුඹටත් හොරා මටත් හොරා පෙනහැල්ලකින් නැඟී වාතයට හොරෙන්ම මුසුවන කෙඳිරියක් පමණි.



අවසානයේ මා නුඹට සුභ පතමි. . . .  ෆර්මිනා දාසා වැඩි කල් නොගොස් නුඹ වෙත පැමිණේවායි පතමි.


 මා සදා නුඹට වෛර කරන බව පමණක් පවසමි. 


“In a perfect world, you could fuck people without giving them a piece of your heart. no kisses, no loving touches in short no emotions such as love. if you want to fuck you just fuck with anyone you like, no attachments”


This is the world that we live. 

Sunday, July 28, 2013

බල්ලෙක් ගෙන් ලියුමක් ...............

බල්ලෙක් ගෙන් ලියුමක් ...............



ෆැෂනබල් පීපල් වෙත ආදරයෙන් ලියමි,

අහම්බෙන් වගේ මට ඔයාල ගැන කියවන්න ලැබුනේ , උඩහ ගෙදර අක්කා , අක්කලාගේ අම්මට හොරෙන් මට බත් ගෙනත් දීපු පත්තර කොළේ තිබිලා.අනේ මට ඒ වෙලාවෙ හිතුනා ගමේ ගෙදරක වත්ත කොණේ තියෙන දර ගෙදරක නැතිව මාත් කොළඹ පාරක් අයිනේ බලු පැටියෙක් වෙලා උපන්නන් කොච්චර හොඳද කියලා. මං හිතන් හිටියෙ ,උඩහ ගෙදර අක්කලගෙ බල්ලා “ටොමිය“ තමා ලෝකෙ ඉන්න වාසනාවන්තම බල්ල කියලා. අනේ මට ටොමියට මේ පත්තර කෑල්ල පෙන්වන්න තියෙ නම් .



මම ඉපදුනේ සීතල වැහි දවසක විත්තිය මට මතකයි. අම්ම කියන විදිහට එදා , උඩහ ගෙදර අක්කලගෙ ගෙයි පිළිකන්න පැත්තට ගියහ ම “දුප් බල්ලා “ කියල එලවල තියෙන්නෙ නිකම්ම නෙමෙයි. හොඳ වතුර බේසමකුත් ඇඟට හලලා. එක අතකින් ඒකෙ වරදකුත් නෑ කියල අම්ම කියන්නේ ,ඒ ගෙදර අලුත උපන් පුංචි බබෙක් ඉන්න නිසා. ඒ ගෙදර ලොකු බබා බල්ලන්ට හරි ආදරෙයි. ඒ ගෙදර අයත් බල්ලන්ට ආදරෙන් තමා ඉදල තියෙන්නෙ .ඒත් දවසක් ලොක බබාට හොයා ගන්න බැරි ලෙඩක් හැදිලා හදිසියේම ඉස්පිරිතාලේ එක්කන් ගිය දවසෙන් පස්සෙ ඉදල ඒ ගෙදර අය බල්ලොත් එක්ක වෛර බදින්න අරන්. ලොකු බබාගේ කණේ ඉදල බලු මැක්කෙක්............ ලොකු බබාට ගොඩක් අමාරු වෙලා.





මේ තමා මම
පින්තූරය ගත්තේ උඩහ ගෙදර අක්කා



ඒ කොහොම වුනත් “ෆැෂනබල් පීපල්“ ව දකින්න ලැබුනෙක වාසනාවක්. පබා අක්කා , තව ඉන්දියාවෙන් ආපු ලස්සන අක්කා , තව තව නැන්දල නෝනල මැඩම්ල ගොඩාක් හුරතල් කරන පාරේ ඉපදුනු වල් බලු පැටවු කොච්චර නම් පින්වන්ත ද?


ටොමියත් බල්ලෙක් ද? ඌට දවසට තුන් වේල කන්න ලැබෙන බව ඇත්ත. ගෙදරට වෙලා වටේටම ආඩම්බරයෙන් බුර බරු ඉන්න ලැබෙන බව ඇත්ත. ඒත් . . . . . මිනිස්සු වගේ ඇදුම් ඇදල , සන්ග්ලාස් දාලා හුරතල් වෙන බල්ලො දැක්කොත් ටොමියටත් පුදුම හිතේවි.


අද හවහට යන්නෝනි ටොමිය බලන්න. ටොමියත් එක්ක මේ ගැන කතා කරල අපට වේච්චි අසාධාරණය මුලු ලෝකෙටම කියන්න අපි එනවා.


මාවත් ඔය කොළඹ හතේ නෝනෙක් “ හනේ කියුට් පපී “ කියල හදා ගන්න ගත්තොත් හෙම.


කොහොමත් උඩහ ගෙදර අක්කත් කියන්නේ මම හරි හුරතල් බලු පැටිය කියලා.


මේ ලියුමෙ තියෙන ලිපිනයට ඉක්මන් පිළිතුරක් එනකම් මඟ බලා ඉන්න මම




දර ගෙදර

බලු පැටියා
සූටි

Monday, July 22, 2013

සඳ යහනට

සඳ යහනට 



හෙට මෝරන හඳ අද අහසට වැද

රහසින් මුමුණනවා
තිර රෙදි අතරින් හිමිහිට යහනට
සඳ දිය උතුරනවා
සඳ දිය පිනි මත සැතපෙන කළ මට
නුඹ ගැන සිහිවෙනවා
සඳ ඇත තනිවට නුඹ නැතිවත් මට
පෙම් මල් පූදිනවා 


feeling පිස්සු
at විත් අවුට් යූ.

Thursday, July 18, 2013

අවාරේ

 අවාරය

 

අවාරයට මල් පිපිලා
ගේ දොරකඩ මල් ගහේ
සමණළ බඹරුන් රෑනත්
ගමේ ගිහිල්ලා වගේ
වසන්තයේ අග පිපිලා
දළු කොළ සුළඟට සැළුනත්
ආදරයට කවදාවත්
අවාරයක් නෑ .............
වසන්තයේ අග පිපි මල
මම
෴සොඳුරු෴


Saturday, July 13, 2013

කටු සටහන්...........


කටු සටහන්


(අමතක වෙනවට ලියා තබමි )


කඩල ඇටය

දවසක් වඳුරෙක්ට කඩල ඇට දාපු උස බෙල්ලක් තියෙන භාජනයක් හම්බුනාලු.ඉතින් මේ වඳුරා . . . අත ඒ භාජනේට දාලා කඩල අහුරක්ම ගත්තලු.දැන් කඩල අහුර මිටි කර ගත්ත අත ටික ටික භාජනෙන් උඩට එනවලු.අත භාජනෙන් එළියට ගන්න ඔන්න මෙන්න තියෙද්දි , අර කඩල මිටෙන් එකමෙක කඩල ඇටයක් හැලුනලු ආපහු භාජනේටම. හරියට කලබල වුනු වඳුරු රාල , මුළු කඩල අහුරම භාජනේට අතෑරල ,අර වැටිච්ච කඩල ඇටේ සොයන්න පටන් ගත්තලු.


ආශ්වාදය

කොයි දේත් හැමදාම හැමවෙලේම කරාම,ඒක පුරුද්දක්,නැතිනම් ඇබ්බැහියක්.ඒත් ඒ දේම ඉදල හිටල කරාම,අපිට පුලුවන් ඒකෙ ආස්වාදය විඳින්න.
සිගරට් ,අරක්කු,ෆේස් බුක්,සෙක්ස්................

උගුරට දෙකට ,සිගරට් දුම ඇදලා ,හනිකට දුවන මිනිස්සු අතරේ, වරුවක් විතර අරන් සිගරට් බොන මනුස්සයෙක්ව දැක්කම දකින කෙනාටත් හිතෙනව සිගරට් එකක් ඒ විදිහට බීලා බලන්න.





ප:ලි:- පාසලේ ළමයි තුන්දෙනෙක්,එකම සිගරට් එක බෙදා ගෙන බොනවා.ඒක දකින ගමේම වැඩිහිටියෙක් විදුහල්පතිට ඔත්තුව දෙනවා. වහාම ක්‍රියාත්මක වෙනවා.“අනේ අෆොයි..පෙනේද දැන් හැදෙන උන්“ . කවදාවත් දුමක් ඇදල නැති වැඩිහිටියෝ කම්මුලේ අත ගහගන්නවා.පොඩි උන්ට තලනව බලාගෙන අපිරිමිත සතුටක් විඳිනවා.

හවස , විදුහල්පතිගෙ ගේ පසු කරන් යන මට, ආලින්දයේ ඉඳන් දුමක් අඳින විදුහල්පති තුමා ව පේනවා.


ඉස්සර තාත්තට සිගරට් ගේන්න කඩේ ගියපු මටත්, සිගරට් බොන්න හිතුනු වාර අනන්තයි. ඔයාල හිතන වද මං සිගරට් බීලා නැහැ කියලා. තාත්තා විසිකරපු දුන් දාන සිගරට් ෆිල්ටරේට කට තියලා ,මාත් එකම එක සැරයක් දුමක් ඇඳල තියේ.

Wednesday, July 10, 2013

ලස්සන දවසක් දෙවන දිගහැරුම

ලස්සන දවසක්
දෙවන දිගහැරුම
වර්තමානයෙන්




සිටි ගෙස්ට් එක රජීටවත් මටවත් ආගන්තුක ස්ථානයක් නොවේ.නමුත් කිසිදු දවසක ඔහුත් මාත් වෙන් වෙන් වශයෙන් තනිව එතැනට ගොස් නැත. අදද සුපුරුදු වේලාවට ඔහු එන තෙක් හංදියේ මාර ගස යටට වී බලා සිටියේ යටි සිතේ කැකෑරෙන පළිගැනීමේ චේතනාව ද සමඟිනි. මා ඇඳ සිටියේ සුදු පසු බිමෙහි පුංචි රතු මල් ඉහිරුණු බ්ලවුසයකින් සහ සුදු පැහැති දණහිස තෙක් කෙටි සැහැල්ලු සායකිනි. ඔහු එවැනි ඇඳුම් මා අඳිනවාට ප්‍රිය කරනා බව දන්නා හෙයින් ඔහු කැමැතිම ආකාරයෙන් සැරසී පැමිණිම ද යටි සිතේ කැකෑරෙන චේතනාවට පිටුවහලක් සපයන්නකි.


මා පසු කරමින් එතැනින් ගිය තරුණයින් කිහිප දෙනෙකුගේම දෑස් වලට මා රසඳුනක් වූ බවට කිසිදු සැකයක් නැත.ඇතැමෙකු ඇසෙන නෑසෙන හඬින් යමක් පවසමින් ගිය අතර තවත් ඇතැමෙකු පසු පස හැරී නැවත බලනු මගේ සයවෙනි ඉන්ද්‍රියට හසු විය.තරුණයකුගේ සිත එක් දසුනකින්ම ඇඳ ගත හැකි මා වැන්නියකට ඔහුගේ සිතේ ඇති අනාදරය වටහා ගත නොහැක. අද දෙකෙන් එකක් විසඳා ගෙන මිසක ගෙස්ට් එකෙන් එළියට නොබසින බවට සිතේ දැඩි ලෙස සටහන් කර ගනිත්ම  ඔහුගේ රෝද දෙකේ වාහනය විත් මා ළඟ නතර විය.


“ ඇති යන්තම්.මං හිතුවේ ඔයා එනේකක් නැහැ කියලා “



අත රැඳි අතිරේක හෙල්මටය මදෙසට දිගු කරමින් ද කෘත හස්ත බැල්මක් මදෙසට යොමු කරමින් ද ඔහු පවසන්නට විය.



“ ඇයි . . . .  නේවි කියල හිතුනේ.නෑවිත් බැරි බව දන්නැද්ද ? “



ඔහුගේ උරහිසට බරවෙමින් මෝටර්බයිකයට ගොඩ වෙමින් මම පැවසුවෙමි.ඔහුගේ සිරුරට තෙරපී , ඔහුගේ බඳ වටා දෑත් යවමින් හුස්ම වඳින තරම් ළංව මා ගමන් කරනවාට ඔහු දැඩි සේ ඇලුම් කරන බව දනිතත් , ප්‍රථම වරට නාදුනන්නෙකු සමඟ මෝටර්බයිකයක ගමන් කරන්නාක් මෙන් සීරුවයි මා වාඩි වූයේ.
වරක් පමණක් මා දෙස හැරී බැලූ ඔහු කිසිවක් නොවිමසාම මෝටර්බයිසිකලය සැර දැමූ අතර එක්වරම නැගුනු ගැස්සිල්ල නිසා වැටෙන්නට මෙන් ගිය ද, ඔහුගේ උරහිසින් වත් නෑල්ලීමට තරම් මම ප්‍ර වේශම් වූයෙමි.


විශාල රතු මැයි ගස් වලින් ‍හෙවන වූ පටු පාරට ‍‍‍මෝටර්බයික්කය හැර‍වෙද්දී නම් සි‍තේ සඟවා ‍ගෙන තිබූ ආදරය එළියට එන්නට ‍අර අදින බව මට  දැනුනි. ‍වෙනදාට නම් බයිසිකලය පා‍රේ ‍කොණක නවත ‍ලෙස ‍ම‍ගේ ඇවටිල්ල නිසාම , ‍ගෙස්ට් හවුසය ‍පේන මාන‍යේම ඇති මැයි ගස් ‍සෙව‍නේ පාර පසකින් බයිසිකලය නවතා ඔහු එයට බරවීද , මා ඔහුට බර වීද ‍රසැති සල්ලාපයක නිතර ‍වේ.



“ බහින්‍නෝ නිද? “ ඔහු අසයි.



“ නෑහ්. . .ඕනි නැහ්....... අපි ආ‍වේ ‍ලව් කරන්න ‍නෙ‍මෙයි ‍නේ “ මම පැවසු‍වෙමි.



‍කොළ පැහැති විශාල ‍ගේට්ටු‍වෙන් ‍ගෙස්ට් හවුසයට ඇතුලු වන විටද පාලුවට ‍ගොස් තිබුනා ‍සේ ‍පෙනුන එහි සෑම කාමරයක් පාසාම ‍ප්‍රේමය ‍දෝ‍රේ ගලනු ඇතැයි මට සිතුනි.



බයිසිකලයෙන් බැස ගත් මම , ඔහු ඒදැයි නොඒදැයි නොබලාම ගෙස්ට් හවුසයේ කොරිඩෝවේ තබා ඇති තේ මේස වෙත පියනැගුවෙමි.කෙළවරම වූ මේසය වෙත ඇවිදන් ගිය මා එහි වාඩි වී ආපසු හැරී බලත්ම ඔහු සෙමින් සෙමින් මදෙසට එනු දැකිය හැකි විය.ඒ හැර වෙන කුමක් නම් ඔහු කරන්න ද, නමුත් ඔහුට දිවි ඇති  තෙක් මා හා එක මඟ ඒමට බෑ කියන්නේ ඇයි?



මේසය කරා ආ ඔහු මා දෑස ට එඹෙන්නට දැරූ උත්සාහය අසාර්ථක වූයේ ,එම බැල්ම මඟහැර මා වෙනතක බැලූ හෙයිනි.



“ ඉතින් කෙල්ලේ . . . . . .  මොනවද බොන්නේ “ මේසය මත ඇති මා දකුණත ඇල්ලීමට ඔහු ගත් උත්සාහය ද අසාර්ථක විය. ඔහුගේ කළුවී ගිය මුහුණ දකිද්දීම මට ඇති වූයේ සතුටකි.



“ රජී . . . . .  දැන් ඔයාගේ කතාව කියන්න “ මම ඔහු දෙස සෘජුව බැලුවෙමි.




“ හරි ඉතින් , මොකද මේ . . . .  මම කියන්නම්. . . .  අපිට . . .  තේ ගේන්න “ සුපුරුදු වේටර් කොලුවාට එය පැවසිය යුතුම නොවූයේ ඔහු අපි දෙන්නාගේ කැමැත්ත දන්නා නිසාය.




“ මේ අහන්න නිසා . . .  මම ඔයාට රිදවන්න හිතුවෙ නැහැ.ඔයත් මුලදි මට කැමැති වුනානේ.මම කීවනේ . . . .ඔයාව මට කසාඳ බදින්න බෑ.... කියලා.“


“ ඒත්  . . . එතකොට මොකක් ද මේ අපි දෙන්නගෙ සම්බන්ධය “


“ නිසා . . . . . .  ඔයා මේ බව මුලින්ම දන්නවනේ.මං ඔයාව රැවටුවෙ නැහැ.ඔයාට මොකක් ද මගෙන් වෙච්චි වරද ?  මම කිසිම දෙයක් ඔයාට බලහත්කාරයෙන් කරල නැහැ නේද.අපි මෙහෙම ඉමු...ඒත් ඔයා කැමැතිනම් විතරයි....ඔයා කෙනෙක්ව කසාද බදින්න තීරණයක් ගන්න කම් අපි මෙහෙම ඉමු. අකැමැති නම් දැන් වුනත් ඔයාට පුලුවන් . . . . . . .“


පුටුවෙන් නැගිටෙන්නටත් ,“චටාස් “ හඬින් ඔහුගේ කම්මුල මත මා සුරතේ ඇඟිලි පහම වදින්නටත් ඒ හැටි වේලාවක් ගත නොවීය.



ක්ෂනිකව ක්‍රියාත්මක වූ ඔහු , මාද අතින් ඇඳ ගෙන තරප්පු පේලිය  දිගේ උඩට නැගගෙන ගියේ ද මා ඔහු පසු පස්සේ හඬමින් ඇදෙමින් ගියේ ද . . .  කිසිදු එකඟත්වයකින් නොවූව ද, එය එසේම සිදු විය.



සුපුරුදු කාමරය ඉදිරි පස නතර වු ඔහු සාක්කුවෙන් ගත් යතුරකින් තනි අතකින් එය ඇරීමට වෙර දැරූවේද , මා අල්ලා ගත් ග්‍රහණය මදකට හෝ ලිහිල් නොකරමිනි.


දොර ඇරිය සැනින්ම ඔහු මා කාමරයේ වූ ඇඳ වෙත තල්ලු කර දැමීය .



“දඩාස් . . “හඬින් දොර වැසූ ඔහු ඇඳ ළඟට පැමිණ එහි ඉන්දවී සිටි මා ගේ මුහුණ නිකටින් ඔසවා ඔහුගේ මුහුණ දෙසට යොමු කර ගෙන, වමාතේ දබැරැගිල්ල මුහුණ එල්ල කකරමින් තරමක් උස් හඬින් මට තර්ජනය කරන්නට විය.



“ තමුසෙට ඕනි තරම් දැන් මට ගහනවා. ගහනව ඉතින්....මං දන්නව මම වැරදි නැහැ.ඒත් තමුසෙ දැන් මගේ කතාව අහගන්නම ඕනි.තමුසෙට මං කීසැරයක් නම් කීවද මට උඹට ආදරය කරන්න බෑ කියලා . . .බෑ කීවේ බැරි නිසා යකෝ.බැරි නිසා....ගහපිය මට.ඕනි නම් මරල දාපිය ඉතින්“



කතාව අවසානයේ මා ළඟ දළ ගසා ගත් ඔහු මා උකුලේ මුහුණ ඔබා ගනිමින් හඬන්නට විය.......


මගේ දකුණු කලවය දැඩිව අල්ලා ගත් ඔහු හඬමින්ම කුමක් දෝ සෙමින් සෙමින් මුමුණන්ට විය.


උන්හිටි ගමන් සිදු වූ දෙය ගැන කිසිවක්ම සිතා ගැනීමට නොහැකිවූ මා ඔහුගේ හිසකෙස් මත ඇගිලි යවමින් හිස අතගාන්නට වූයේ අනිච්චානුගවයම.



“ මට සමාවෙන්න . . . මට සමාවෙන්න කෙල්ලේ . . . . .“



හඬමින්ම ඔහු මුමුණයි. . . . . . . . . .





ඔහුට සිදුව ඇත්තේ කුමක් ද ? ඊළඟ කොටසින් යළි හමුවෙමු.

Saturday, July 6, 2013

හිත රැඳි - ළඟ නැති

හිත රැඳි - ළඟ නැති

නිමිත්ත :- ‍අතීත‍යේ දී ‍පෙමින් ‍වෙලී සිට ‍වෙන් වුනු ‍පෙම්වතුන් යුවලක් , තම තමන්‍ගේ දරුවන්‍‍ගේ පාසල් සංවර්ධන සමිති‍ දින‍යේ දී හදිසි‍යේ මුණ ගැසෙන්නේ තම වර්තමාන ‍ලෝක‍යේ බිරිඳ හා සැමියා සමඟිනි. 





නු‍ඹේම ඇස් ඇති පුංචි පු‍තෙක්
ම‍ගේ සිනා‍වෙන් මුව සරසා ‍ගෙන
ඔහු‍ගෙ අ‍තේ එල්ලී යන අන්දම
තවත් ‍කෙ‍නෙකු‍ගේ ‍හෙව‍නේ සිට නුඹ
දිනක් බලා ‍ගෙන  උන්නා

“ම‍ගේ ඇස් ‍දෙකක් ආවේ ‍කො‍හොම ද
සැ‍කෙන් ව‍ගේ නුඹ ඇසුවා “

නු‍ඹෙත් ම‍ගෙත් ‍නොවනා
‍පෙම් ලොවක දී
අමතක කරන්න බැරි එක දෑසක්
හි‍තේ තිබිලා අර‍ගෙන ඇවිදින්
කියනා විට දී කලබල වූ නුඹ

නුඹ‍‍ගේ පුතු‍ගේ නිල්මිණි දෑසට
හනිකට එඹිලා බැලුවා

Friday, July 5, 2013

ලස්සන දවසක් (පළමු කොටස )

ලස්සන දවසක්
පළමු දිගහැරුම

වර්තමානයෙන්


බත් එක පුරා විසිරී ඇති නොයෙක් ආකාරයේ ව්‍යාංජන එලෙසම තිබිය දී ඔහු බත් පමණක් එක පිඩට අනමින් සිටියි.එයද බොහෝ වේලාවක සිට ඇනෙනවා  මිසක උදරගත වීමට ලැබෙන පාටක් නම් නැතිවා මෙනි.

මොකක් ද බං , උඹ තාමත් .. . .  මේ මට මෙතැන හුරතල් වෙවී ඉන්න බෑ ,උඹල දෙන්න කාලා වරෙන් එහෙනම් මම යනව පහළට.නැතිනම් ලොක්කා පරල වේවි “

සසංක පිටට දැමූ තට්ටුවෙන්, පියවි සිහියට පැමිණි රජිත බත් එක දෙස නොබලාම එය එක මිටට උණ්ඩි කර ඔතන්නට විය.

රජී . . . . . ඔයාට මොනා වෙලා ද ? “ දරා ගත නොහැකි තැන් දී මගේ හඬ අවදි විය.


“ හ්ම් . . . . . . . . . “ පිළිතුර ලෙස පිටවූ දිග හුස්ම ඔහු සිත පෑරී ඇති තරම දක්වන දර්ශකයක් මෙනි.

“ ගණන් ගන්නෙපා රජී. අපි ඉස්සර හිටය වගේ ඉමු. මට ඕනි නෑ ඔයා . . . . .“ මා පැවසීමට ගිය දේ අවසන් කිරීමට මත්තෙන් ඔහුගේ හඬ ......



“ නෑ. . .ඔයා මේක අහගන්න  ඕනි .නැත්තම් ඔයා හිතාවි මාත් හිතක් පපුවක් නැති කොල්ලෙක් කියලා. ඔයාව රවට්ටන්න මට ඕනි නැහැ නිසා.නිසංසලේ තිබ්බ ඔයාගේ ජීවිතේ මට අවුල් කරන්න බැහැ.කොහොමත් ඔයා ගැන හිතද්දි , මගේ හිතට එන්නෙ මහ වරදකාරී හැඟීමක් නිසා ...... “


 
“ ඒ කියන්නේ. . . . . .  ඔයා මට ආදරේ නෑ කියල නේ “



මා හා සම්මුඛව පටු මේසයේ වාඩි වී සිටින ඔහු ගේ මේසය මතට ම බරවූ දෑසට එඹෙමින් මම ඇසුවේ ඒයට ඔහු දෙන පිළිතුර ඔහුගේ දෑසින්ද දැකීමට උවමනා වූ නිසාමය.



එකවරම හිස කෙළින් කර මා දෙස සෘජුව බැලූ ඔහු . . . 


“ නෑ . . .  ඒත් . . . . “



පිළිතුර එය බැව් දැන සිටිය ද, එය අසන සෑම වාරයක් පාසාම මා හද සියුම් විදුලියක් දිව යයි. පටු මේසයට පහළින් ඔහුගේ නිරුවත් පා ඇඟිලි මත තිබූ මා නිරුවත් දෙපාඇඟිලි ඔහුගෙන් ක්ෂණිකව ඉවතට ගන්නට එයම හේතු වන්නට ඇත.

 

එකනෙහිම ,මේසය මත තිබූ ඉඳුල් අතේ ඇඟිලි පහම ඉතා තදින් ග්‍රහණය කර ගත් රජිත මා මුහුණට එඹුනේ ඔහුගෙන් දෑස් වසන් කර ගැනීමට කිසිදු ඉඩක් නොතබාමය.



“ මේ අහන්න . . . . “

 

ඔහුගේ හඬ මට කරන තර්ජනයක් වැනිය. ඔහුගේ ගැඹුරු හුස්ම මා කොපුල් මත වදී.බොකුටු හිස කෙස් ඔහුට බියෙන් මෙන් සිවිලිං විදුලි පංකාවේ සුළඟට ද නොසැලී සිටියි.දෑස් දිදුලයි, එය සෘජුය, ගැඹුරුය නමුත් මා දැකීමට ආසා කරන යමක් එහි නැතිවා මෙනි.



“ මේ අහන්න නිසංසලා , මම ඔයාට කැමැති , ඔයත් මට කැමැති, ඒක අපි දෙන්නම දන්නවා. ඉතින් මොකටද මෙතැනට ආදරයක් . අපි මෙහෙම ඉමු “



 
දෑස්වලට පිරුණු කඳුළු කැට සඟවා ගන්නට වෙර දරුවද, දැවිල්ලක් සමඟ නාසයෙන් පිටවූ කඳුළු බින්දුවකට පාර අමතක වුනා සේය.දෑසේ නලියන තෙතමනය විසින් රජිත සංසුනා කළා මෙනි.


“ මං ඔයාට ආදරය නැත්තේ නැහැනේ. ඒත් . . . . .“

“ ඕනි නැහැ රනූ. . .අපි මේ ගැන ආයෙ කතා නොකර ඉමු “


 
“එහෙම නෙමෙයි . . .  මම . . . ආදරය කියන හැඟීමට බයයි. “

“ ඒ මොක ද ? “

“ ඒක . . . .“

“ඔයා කාටවත්ම ආදරය කරල නැද්ද රජී ?“

“ කරා. . . “

“ කාට ද? “

“ හ්ම් . . . . .  ස්කොලෙදි “

“ඉතින් . . “

“ ඒක දිග කතාවක් නිසා, දැන් ඒව මතක් කරල වැඩක් නැහැ.“



අසුන්ගෙන සිටි වානේ පුටුව “බරාස් “ හඩින් පසුපස්සට විය.ඊයක වේගයෙන් මට නැඟිටුනේ කෙසේදැයි මතක නැත. ඇසිපිය වේගයෙන් සැලෙන්නට විය.පපුව ගැහුනේ මටම පමණක් නොව වටේ පිටේ යමෙක් සිටියේ නම් ඔවුනටද ඇසෙන ලෙස වන්නට ඇත.



“ ඔයා තමා ඒව මතක් කර ගෙන ඉන්නේ.නැතිනම් ඇයි මට ආදරේ නැත්තේ.ඔයා හිතන්නේ මම කවුරු කියල ද? ඔයා එක්ක කාමර ගානේ යන ගණිකාවක් කියල ද.තමුසෙ දැන ගන්නව.මාත් ගෑණියෙක්.අනිත් වුන් වගේම මාත් කැමැති මගෙ කොල්ල මට ආදරේ වෙනවනම්.තමුසෙ හදන්නේ , බොරු සුරංගනා කතා කියලා තමුසෙගෙ උවමනා එපාකම් මගෙන් පිරිමහ ගන්න. හිතුව මදි රජි. තමුසෙගෙන් මං පළිගන්නවා.තමුසෙ බයවෙන්නෙපා.මම බලෙන් තමුසෙගෙ ඇගේ එල්ලෙන්න එන ජාතියෙ කෙල්ලෙක් නෙමෙයි.“



හුන් තැනින් නැගිට ගන්න නොහැකිව තුෂ්ණීභුතව මා දෙස බලා සිටින රජිත දුටු විට මා සිතට පිවිසියේ සියුම් අහංකාර හැඟීමකි.



සිරුරේ අභ්‍යන්තර වෙවලීම පාලනය කර ගැනීමට නොහැකි වුව ද, රජිත සිටිනා අයුරු දුටු විට ගත ක්‍රමයෙන් සංසුන් වන බවක් දැනුනි.



මොනද බන් උඹල කරන්නේ.? අන්න අරහෙ උඹව සොයනව නිසා. උඹෙ සද්දෙ විතරක්.හොඳ වෙලාවට ලන්ච් රූම් එකේ කවුරුවක් නැත්තේ.වරෙන් යන්න. “


 
කොහෙ දෝ සිට පැමිණි ලක්මිණී මගේ වමතින් අදියි. ගස්සා ආපසු උදුරා ගත් වමතත් නොසේදු ඉඳුල් දකුණතත් , තවමත් ගැහෙනා අභ්‍යන්තරය ශරීරයත් වාරු කර ගත් මම ලන්ච් රූම් එකෙන් පිට වුනේ ඔවුන් දෙදෙනා දෙසවත් නොබලමිනි.


“යකෝ මේකිට නිසංසලා කියල නම දැම්මෙ කවුද මන්දා ? “

අඩිය ඉක්මන් කරමින් ලක්මිණිද මා පසු පස්සේ වැටුනාය.ලන්ච් පැය ඉලාස්ටික් දැයි අසමින් මා වෙත දොස් පැවරූ ආයතන ප්‍රධානියාට ,ඔහුගේම මේසය මත වූ ඝනකම් ෆයිල් කවර ටික උස්සා පහර දීමේ නොනිමි ආසාව යට පත් කර ගත්තේ ආයාසයෙනි.



“උඹට මොනා වෙලාද කෙල්ලේ. ඔහොම කොල්ලොත් එක්ක එකටෙක ඉදල බෑ බන් උන්ගේ හිතගන්න. ටිකක් බුරුල පෙන්නල පූස් පාට් එකෙන් හිටහන් ටික කාලයක්.ඊට පස්සේ උන්ට අපිව දාලා යන්න තියා හිතන්නවත් බැරි වෙනවා.විශේෂයෙන් උඹ වගේ කෙල්ලෙක්......“

“ අනේ මේ . . . මට ඕනි කොල්ලෙක් නෑ බන්. උන් හැමෝටම ඕනි එක දෙයයි. “

රජිත . . . . . . . බාහිර පෙනුමෙන් ඔහු ඉතා හැඩකාරයෙකු ද නොවේ.නමුත් ගැහැණියකගේ සිත් ඇඳ ගන්නා පිරිමි ලක්ෂණ රාශියක් ඔහු සතු වේ. කාරුණික කතාව.නොපැකිලිව කරනා උදව්. අනුන් වෙනුවෙන් කැපවීම. පුහු ආටෝප නැති සරල ජීවිතය. ජීවිතය පිළිබඳව වූ ඔහුගේ දැක්ම ,ඔහු වෙත මා සමීප කිරීමට හේතු වූ කාරණා අතුරින් කිහිපයක් පමණි.




ඔහු හා මා පෙම්වතුන් නොවේ.නමුත් කාර්යාලයේ සියල්ලන්ම දන්නා පරිදි අතිසමීප මිතුරු සම්බන්ධකමක් අප දෙදෙනා සතු වේ. අවබෝධය ,හඳුනා ගැනීම මත දිව ගිය මිතුරුදම , පෙම්වතුන්ගේ සීමාවට ද මදක් ඔබ්බට ගොස් ඇති බැව් හැඟීයත්ම ඔහු මාගේ අතිවිශේෂ මිතුරා පමණක් නොව න බැව් ද ඔහු ගැන සිතේ ආදරයක් ඇතිවී ඇති බව ද මා තේරුම් ගත්ත ද , රජිත    ගිය මඟෙහි නම් වෙනසක් නොවීය.

 

ඔහුට මගේ උණුසුම ,සුවය ,ආස්‍රය නිතරම උවමනා වූව ද, “ ඔයා මට ආදරෙයි ද ? “ අසන සෑම වාරයකම ඔහු එයට පැවසූ එකම පිළිතුර “ ටිකක් ආදරෙයි.. . .. “ යන්න පමණි.



කාර්යාල රාජකාරී කිහිපයක්ම එක දිගටම වැරදී යද්දි, එක් අවස්ථාවක ආයතන ප්‍රධානියාට ගෙන ගොස් දුන් ෆයිල්කවරයක් පියාඹා ගොස් නැවතුනේ රජිතගේ මේසය මතයි. දිවා ආහාරයෙන් පසු ඔහුගේ මුහුණවත් නොබලා ඉන්නට තරම් මම ප්‍ර වෙසම් වූයෙ මි. ලොක්කා ගේ බැනුම් අසා රිදවා ගන්නට තරම් සිතක් මා වෙත නොවූයේ ,වඩාත් රිදුනු සිතකට එය නොගැණිය යුතු තරමේ වූවක් නිසා වන්නට ඇත.


කාර්යාල වේලාව අවසන් වන්නට විනාඩි කිහිපයකට පෙර ලක්මිණී මා අත ගෙනත් තැබූවේ හතරට නැමූ කුඩා කඩදාසිය දිගහැර බලන්නට සිතුනේ පිටවීම ද සටහන් කර කාර්යාලයෙන් පිටට පැමිණි පසුවය.

“ නිසා . . . මට ඔයා එක්ක කතා කරන්න ඕනි නිදහසේ. නොවරදවාම හෙට සිටි ගෙස්ට් එකට යන්න එන්න. උදේ 8ට.“

සිතට ආ ආවේගය මෙතකැයි කිව නොහැක. ඔහු කතා කරන බව දන්නා හෙයින් නිවා තිබූ ජංගම දුරකථනය ක්‍රියාත්මක කළේ ඔහු අමතා සිතේ කැකෑරෙන තරහව පිට කර මේ සම්බන්ධය මෙතෙකින් නිමා කිරීමටය.

ජංගම දුරකථනය ක්‍රියාත්මක කළ වහාම, වැල නොහැකී පැමිණි එස්එම්එස් වලින් ද මඟහැරුණු ඇමතුම් වලින්ද දුරකථන ඉඩ පිරීයන්නට විය.



ඒ කිසිවක් විවෘත නොකරම යළිත් දුරකථනය නිවා දැමූ මගේ සිත ඒ වන විටද දැඩි තීරණයක් ගෙන තිබුණි.


“ හොඳයි . . . . . හෙට බලාගමු . . .  . .“


තවත් කොටසකින් ගෙස්ට් හවුසියේ දී හමුවෙමු . . . . . . . . .

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...