..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, April 26, 2013

මා දමා....ඔබ ගියා

මා දමා - ඔබ ගියා

 


ඒ අත බැලුවත්


මේ අත බැලුවත්


කළුවර ඇයි 


විජිතයම මගේ


නෙත් ඇර බැලුවත්


වහගෙන බැලුවත්


මතකොට එයි


නුඹෙ රූපෙ අගේ


( හිතුව ද ඒ ඔයා කියලා )

මේ වාරේ නම්


ගෙදරිනුත් විරුද්ධයි


වෙනසක් නැහැ


ඇය ගත් මතයේ


තර්ජනෙ කරලා


ගහලා බැනලා


කියන්නෙ එකමෙක දෙයයි අනේ

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

“ වහපිය ලයිට් - හිටපිය කළුවරේ “


ඉතින්
කළුවරේ ඉන්න
මම
෴ සොඳුරු ෴

Wednesday, April 24, 2013

කළුවර / Darkness

කළුවර / Darkness




නිදියා ගන්න බයයි මට

සීතල කළුවර ඇවිදින් වැළඳ ගන්නවා මාව

ඇස් අරින්න බයයි මට

කළුවරේ මුල්ලක මා දිහා බලන් ඉන්නවා කවුද

කකුල් දිගු කරන්න බෑ මට

සීතලම සීතල දෑතක ස්පර්ශය දැනෙනවා මට

මූණ පෙන්වන්න බෑ මට

නොපෙනුනත් දැනෙනවා කවුදෝ ඉඹිනව මාව

උණුසුම් සුසුම් වැදෙනව කම්මුලට


පොරෝනය විසි කරන්න බෑ මට

බළල් පැටියෙක් වගේ උණුහුමට 

ගුලිවෙනව කවුදේ මගෙ පපුවට


පොරෝනය පෙරවන්නත් බෑ මට

පොරෝනය ඇතුලෙ පුංචි රණ්ඩුවක් දැනෙනවා මට


“ ඇයි මෙහෙම කරන්නේ  . . . . . “

හීනෙන් කෑගැහුවා මම

“ අමතක කරා මම නුඹව . . . . “

කළුවර ට තර්ජනය කරා මම

තාමත් තොල් පෙති උරන නුඹව

තල්ලු කරා දුර ඈතට

“ යන්න . . යන්න මෙහෙන් . . . “

බෙරිහන් දුන්න මම

“ කළුවරට “


“ තවත් නැහැ ආදරය මා ළඟ “

ආදරය පිරී ඉතිරෙන පපුව තද කරන් මම

කෑගැහුවා

“කළුවරට“

ප.ලි :-
“ කසාඳ බැඳල ද? “
“ තවම නෑ “
“ හැමදාම රෑට ඔහොම ද ?
“ ඔවු ගොඩක් දවසට “
“ ම් . . ම්. . . . .“
“ ඇගේ මුකුත් සලකුණක් ? “
“ මේ ම් . . .ම් . . .“
“ කියන්න . කියන්න “
“ පපුවෙ සීරුම් . . . ඉදිමිච්ච තොල් . . . . “
“ කළු කුමාරයා “
“ නැහ් . . . . “
“ හිත වැටිල ඇයට. . .කළු කුමාරයගෙ “

ප.ප.ලි:-

දැක්කෙ නැද්ද මගෙ,
ඇස් වල කඳුළු
ඉදිමුණු මූණ
ඔය මොනා වුනත්
එයා හරි සුදුයි
හෙට රෑට නම් එන්නෙපා ළඟට
අම්මප මම අල්ලල දෙනව නුඹව
කැත කළු මහත බඩ තඩි කට්ටඩියට
තේරුනා ද නුඹට
ආදරෙයි තමයි මම
තාමත් නුඹට

හැමදාටම




නුඹේ පෙමට
ආතුර වූ
මම
෴ තවමත් ඔයාගෙම සොඳුරු ෴


Monday, April 15, 2013

මැක්කයි මායි

මැක්කයි මායි





“ මං බව්වෙක්..........

සොඳුරුලගෙ වත්තේ පිටිපස්සට මාව කණෙන් අරන් ගෙනත් දාද්දි ,මයෙ අම්මත් කෙදිරි ගගා මයෙ පස්සෙන්ම ආවා මට මතකයි.

එදා ඉදල අම්මයි මායි ජීවත් වුනේ සොඳුරුලයෙ වත්ත පිටිපස්සේ තේ පඳුරු අස්සේ. කවුරු හරි ඈතින් එනකොටම අම්මා මට සංඥාවක් දෙනව.මම තේ පඳුරු අස්සට දුවල හැඟෙනවා.

ඒත් ඊයේ අම්මා මට කීවා...

දැන් මං ලොකුලු.

හැංඟිලා හිටිය ඇති ලු.

මම බල්ලෙක්ලු.

මිනිස්සු නපුරුයි ලු.

සැරට ඉන්නලු........

ඒ උනාට සොඳුරු නම් හරි හොඳයි.මට අද කිරිබතුත් ගෙනත් දුන්නා..
 
.ඒත්...........මිනිස්සුන්ට මං බයයි.....“

තව ටික දවසක් මේ තේ පඳුරු අස්සෙම මම ඉන්නවා..........










පින්තූරය ගත්තෙ - මම

ලීවේ - මම

ඒ මම තමයි


සොඳුරු සිත


වත්සලා

Saturday, April 13, 2013

අවුරුදු දා ගෙදර ගිහින්


 අවුරුදු දා

 




ඇගේ බිත්තිය වසා ඇත
බිත්තියේ කුමක් දෝ අලවා ඇත
ඔහුට දැනුනේ දැඩි පාළුවකි
ඔහු අවුරුද්දට ද බෝඩිමේය
කාමරයේ තනිවමය
සිටින්නේ දුර ඈතය
නිවසින් ,ගමෙන් , රටෙන් දුර ඈතය
ඇය ඔහු ළඟ තනිවට සිටි ඔන්ලයින් මිතුරියයි
අද ඇය කොළ පාටින් දිලෙන්නේ නැත
බිත්තිය වසා කොළයක් අලවා ගොසිනි
... “ අවුරුද්දට ගමේ යමි “
පුදුගලික තැපැල් පෙට්ටියේ රතු පාටින් එක දිලිසේ


“ මම අවුරුද්දට ගෙදර යනවා , ගමට ඉන්ටනෙට් නැහැ ,ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් .. පරිස්සමින් ඉන්න මැණික. ගිහින් එන්නම්. උම්මාමාමාමාමාහ් “

ඇඳ යට වොඩ්කා බෝතලය
එළියට ඇදුනි
ඔහු තනිවම අවුරුදු සමරයි


෴ සුබ අලුත් අවුරුද්දක් වේවා ෆේස් බුක් යාළුවනේ ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...