..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, January 27, 2013

මගේ තනිකඩකම/ my unbearable solitude

මගේ තනිකඩකම



Taken by Sonduru
@ Weligama Beach
Canon EOS 1100D



දකිනා අසනා සැවොම දුකින්
ඒ ගැන විමසනවා
හිස රදයක් වී නෙතකින් රහසේ
කඳුළක් ගිලිහෙනවා


“ තාමත් ඔහොම ද? “
“ දැන් කාලෙත් හරි “
සිනා මුවින් දොඩලා
වචන හී වලින්
හදවත පතුලට
යාවි තදින් විදලා


මේ නිල් අහසත් කළුවර වී
හිරුත් යාවි බැසලා
සඳ තරු අතරේ සොයමි නුඹේ රුව
නැති දෝ සැඟවී ලා


ලස්සන මල් සොයමින් යන බඹරුන්
ඒ ද මාව දැකලා
සුවඳ දන්න නුඹ අද දුර ඈතයි
ඉනු බැහැ ළං වීලා


තැවෙන දැවෙන සිත නාඬන් රහසේ
තනිකඩකම දැකලා
තනිකඩ කම සොඳුරුයි සරලයි
යමු එහි පා වීලා

Saturday, January 26, 2013

නුඹයි මගේ මල


නුඹයි මගේ මල




Taken by Me.
Canon 1100D
55-300 mm
@ Katharagama 


මල:-


ලස්සන මල් ළඟ ටැග් ගැහෙනා හිත

බැහැ මට හිමිකර ගන්නන..........

ලස්සන මල් වල කටු ඇනෙනා දින

මා ගාවට ඔබ එන්නනන.......




සමණළයා:-


මල් වල ලස්සන පාට පාට පෙති

ආසයි මට සිප ගන්නන........

ඒ ලෙස නොසිතනු නුඹයි මගේ මල

සැමදා මා ළඟ ඉන්නනනනනන



මල:-


ලස්සන මල් ළඟ ආදරේ සොයනා

සමණළයෝ අහගන්නනනන......

නුඹෙ ලස්සන දිලි පාට පාට තටු

මට අගයක් නැහැ දැන ගන්නනනන....



සමණළයා:-

දන්නව ළමයෝ ඔබේ සොඳුරු සිත

මා හට බැදි ආදරය යයයයය.......

මා සිත ආලය නුඹ හට දෙන්නේ

නුඹේ සොඳුරු සිත ගන්නනන....



සමණළයාගේ වතු සුද්ද මල

මම

෴ සොඳුරු සිත ෴

Wednesday, January 16, 2013

ඇය නික්ම ගියා ය.

ඇය නික්ම ගියා ය. 


 තම මේසය කොනිති ගහන , සිහින් දිගැටි තළෙලු පැහැ , ගැහැණු ඇඟිලි දෙස මිස , ඇගේ මුහුණ දෙස කෙලින් බැලීමට තරම් එඩිතර කමක් ඔහුගේ සිතට නාවේ ය.

තමා කෙතරම් නම් වාරයක් , ඒ සුරත තදින් මිරිකා සිප ගන්නට ඇත්දැයි සිතු නු නමුදු .  . . එම සිතුවිල්ල ඔහුගේ දෑසින් බිමට පැන ඇගේ නෙතු සොයා ගොස් බදා ගනු ඇතැයි ඔහු බිය විය.

හෙතෙම තරමක් දිරි ගෙන හිස එසවූව ද ඇගේ දෑස මඟ හැරීමට ගත හැකි සියළුම විධිවිධාන ක්‍රියාත්මක කළේ ය.
 
දෙතොල් වලින් පිට වූ වියළි හඬින් තමා ඉදිරියේ සීරුවෙන් සිට ගෙන සිටින WPC ඇමතු හෙතෙම ,

“ මිස් . . . . ඔක්කම ලියා ගත්ත ද? ඇප දීලා මිසක් එළියට දාන්නෙපා“

“ හරි සර් . . . .“

එතෙකුදු ඇය නොසැල්වී සීරුවෙන්ම සිටගෙන සිටියාය. තමා ඉදිරියේ වාඩි වී සිටින අපූරු ගැහැණිය දෙස හෙළු නෙත් ඇතිවම ,සිට ගෙන සිටියා ය.

“ හරි මිස් . මිස් යන්න . . . . .
I 'll looking to her 

තමා දෙස විමසිලි දෑස් හෙලමින්ම අකැමැත්තෙන් මෙන් පිටව යන තරුණ WPC වරියගේ දෑස් පහර නොදැක්කා මෙන් සිටි ඔහු , ඇය පිටව ගිය පසු ඔහුගේ බලාධීකාරිය රැදි කාමරය තුල ම ඔහුට දැනෙන දැඩි අසරණ බව දරාන සිටිමට ගත් අසාර්ථක වෑයම දුටු ඔහු ඉදිරියේ සිටි වරදකාරියගේ කට කොණට නැඟුනේ සිනාවකි. I 'll looking to her  වෙනුවට  I'll handle her භාවිත කළ යුතුව තිබුනා නොවේ දැයි ඔහුට සිතුනි.

තම සැප පුටුව මදක් ඇල කර එයට කඳ බර කර හරි ගැසුනු ඔහු. තමා ඉදිරියේ සිටිනා සුන්දර ගැහැණියගේ ඇඟිලි දිගේ ද සුමට අත , පිරුණු බාහුව , සුන්දර ගෙල දිගේ නෙත් යවන්නට වූයේ පැරණි මතක පොතක් දිගාරිනා කුඩා දරුවකු ලබන ප්‍රීතියෙන් සිත පුරවා ගනිමිනි.

ඇගේ දිගු දෑස් මේසය මත වූ යමක් වෙත එල්ල වී තිබුනි.

“ ස්ථානභාර නිළධාරී - සාලිය බණ්ඩාර “

කළු පැහැති පසු බිමේ වූ සුදු පැහැති අකුරු අතර , ඇය හොඳින් දන්නා කෙනෙකුන් සිටීන්නේ දැයි මෙන් විපරමින් මෙන් ඇය තමා ඉදිරියේ වූ තනතුරු නාම පුවරුව දෙස හෙළු නෙත් ඇතිව සිටියා ය.

එයින් නිසි ප්‍රයෝජනය නෙලා ගත් හෙතෙම , වසර ගණනාවක් නොදුටු ඇගේ සුන්දර මුහුණේ සෑම ඉරියව්වක්ම එකම නෙතු පහරින් උදුරා ගත්තේ ය.

ඇය ඔහු හඳුන්නේ පාසල් සමයේ පටන් වුවද , මිත්‍රකම ආදරයටත්, ආදරය වෛරයකටත් පෙරළී වෙන්ව ගිය පසුව ද නෙතට මංගල්ලයක්ම වන ඇගේ දසුන විදින්නට ඔහු අදට ද ආසා කරයි.

වෙන් වන්නට සිදුවූයේ කාගේ වරදින් දැයි නිශ්චි නැතත් , එම වෙන්වීම නොවූවි නම් කෙතරම් හොඳදැයි ඔහුට සිතෙන්නට ඇත.

ඇය හිස එසවූවාය ඉතා සෘජු ලෙස ඔහු දෙස බැලුවා ය.

“ උසාවි දානව ද? “

පැනය ඉතාම පැහැදිලි වූත් , කෙටි වූත් විවෘත වූත් එකක් වුව ද , පිළිතුරු බැදීමට ඔහු අපොහොසත් විය.


“ ඇයි මේ . . . . . මම දැනන් හිටපු සමන්මලී ඔහොම කෙනෙක් නෙමෙයි. . . “

“ ඒ සමන්මලී මම නෙමෙයි සර් “

.ම සැප පුටුවෙන් තරමක් ඉදිරියට නැමුණු ඔහු . . .  තර්ජනාත්මක දබරැගිල්ල ඇය වෙත පෑවේය .


“ එක එකාත් එක්ක රෑම් ගානේ යන සමන්මලී , මම අඳුර කෙනෙක් කියන්නත් මට ලැජ්ජයි. කරුණාකරල ප්‍රශ්ණයක් තියනම් මට කියන්න. මම උදව් කරන්නම්. ආයෙ එහෙම මේ වගේ මෙතැනට එන්න ලේස්ති වෙන්නෙපා “

ලද අවසරයෙන් , මුවඟට ආ වචන ගලපා ගත් ඔහු ඇගේ මුහුණට බරවී පැවසුවේ තරමක් තදිනි.

ඇය නොසෙල්වෙන්නී ය. තම සුන්දර දිගු දෑස් ඔහුගේ දෑස් හා නිදහසේ ගැටෙන්නට ඉඩ දී බලා සිටින්නට වන්නීය .


“ උසාවි දානව ද ? “ ඇගේ පැනය නැවතත්.


සංසුන් වූ ස්ථාන භාර තරුණ සැර පරුෂ පොලිස් නිළධාරියා ගේ බර දරා ගත නොහැකිවූවාක් මෙන් සැප පුටුව සිහින් හඬක් නගන්නට විය.

“ මේ පාර නැහැ . . ඒත් ලබන සැරේ හැඳුනුම් කම් නැහැ. දැන් යන්න පුලුවන් “

“ බොහොම ස්තූතියි. කොහොමත් ඔයා මාව අඳුරන්නෑ. කවදාවත් අඳුර ගන්න එහෙකුත් නැහැ.. . . . . . .  යන්නම් . . . . .  “

අහිංසක සුන්දර සමන්මලී , ශබ්දය නැගෙන සේ පුටුව පසෙකට කරමින් නෑගී සිටියා ය. ඔහු දෙස ආපසු හැරී බැලීමටවත් කාලයක් ගත නොකල ඇය . ඉඹේ වැසෙන දොර අතරින් රිංගා නොපෙණි යත්ම . කාමරයට පැමිණි සාජන් මහතා පැවසුවේ.

“ ඒකී මරු බඩුව සර්. කලින් හිටපු සර් කොච්චර වලි කෑව ද ඕකිත් එක්ක යන්න. එක එකා එක්ක කාමර ගානේ ගියාට පොලිසියෙ වුන් පෙන්වන්න බැහැ. මම හිතන්නේ ඉස්සර ඉදල ඒකිගෙ මොකක් හරි තරහක් තියෙනව පොලිසියත් එක්ක . සර් ඕවට පැටලෙන්න යන්නෙපා. ඔයිට වඩා හොඳ ගෑණු මෙහෙ  ඉන්නවා.සර් තවම අලුත් නේ “

“ අනේ මේ යනව අයිසෙ යන්න . මට ගෑණුත් එක්ක නිදාගන්න තරම් අහේනියක් නැහැ “

තවත් මොන මොනවාදෝ මුමුණමින් සාජන්වරයා කාමරයෙන් පිටව යද්දී , දරා ගත නොහැකි වරදකාරී හැඟීමකින් තම සිත පිරී යනවා තරුණ විවාහක ස්ථානභාර පොලිස් නිළධාරීවරයාට දැනුනි.



ජායාරූපය මගේමයි . 

Canon es 1100D ,
f 7.1
ISO-160
Exposure time - 1/400 sec
focal length 300mm

Sunday, January 6, 2013

පුංචි කුරුල්ලාගේ ප්‍රාර්ථනාව




මේ පින්තූරය මම ගත්තේ මගේ කැනොන් 1100D එකෙන්.කරන්න දෙයක් නැතිම වෙලාවක කැමරාවත් එල්ලන් එළියට බැස්සම ආයෙ ගෙට ගොඩ වෙන වෙලාවක් හරියට කියන්න බැහැ.සමහර වෙලාවට අම්ම ගමටම ඇහෙන්න කෑගහල කතා කරනකම්ම මම ඈතට ගිහින්.



අන්න එහෙම එළියට බැහැපු දවස් කිහිපයක දිම මම මෙයාව දැක්කෙ තනියමමයි. ඉපල් වෙච්චි දෙහි ගහේ නැගල නට්ට උල් කර කර , යටි ගිරියෙන් කෑගහල කෑගහල , අත්තෙන් අත්තට පැනල උඩම අත්තට ගිහින් ටික වෙලාවක් බලාන ඉදල යන්න යනවා. හැමදාමත් වගේ මෙයා මෙතැනට එනව කියල මට හිතුනේ , මම දැකපු හැමදාම වගේ එයා එතන හිටි නිසා.


එයා හිතනව ද දන්නෑ....බැලුවොත් ඇත්තම් මාත් මෙතැන කියලා . . . . . 




මඟ බලාගෙන ඉදන්

පාරටම බර වෙලා


තිබුනු ඇස් දෙක මගේ


අහුල ගත්තා ඉතින්


අමුණ ගන්නට හිටපු


අත්ඇඟිලි ගුලි කරන්


ලයට ගත්තා තුරුළු


හැලෙන හිත තද කරන්


ඊයේ නාවට ඉතින්


එන්න බැරි නම් අදත්


හෙට මටම අමතකයි


වෙච්චි දේවල් අදත්




- මඟ බලලම එපා වෙන්නැති-


මම


සොඳුරු



ප:ලි- පුංචි කුරුල්ලෝ . . .  කාගෙවත් අවධානයට ලක් නොවුනු ඔයා දන්නැතිව ඇති මේ තරම් අවධානයෙන් මම ඔයා දිහා බලනව කියලා. ඒත් අපි දිහා බලන අය ව දකින්න අපට ඇස් නැහැ. අපි හැමදාමත් අපි දිහා නොබලන අය දිහාම බලාන ඉදන් හිත් රිදව ගන්නවා. හෙට මම එළියට බැහැල එද්දි උඹ ඔතැන දකින්න නොහිටියොත් මට දුක හිතේ වි ද? ඒත් මම කැමැති උඹ හෙට ඔතැන ඉන්නෙ නැතිනම්. . . . . .

උඹෙ ප්‍රාර්ථනා ඉටු වේවි පුංචි කුරුල්ලෝ . . . .

Friday, January 4, 2013

හිස් කවිය

හිස් කවිය
හිස් කවිය






තරු ද එකින් එක හැර යන

සඳ නැති අහසක් මේ මම

නුඹ ද ඉතින් තව දුර හිද

දෙන්නේ ඇයි දුක් කරදර

සඳ තරු නැති හිස් අහසට

දැනෙනා සිත් තැවුල් නිබඳ

තේරුම් ගන්නට හැකි නම්

නුඹ මිස වෙන නම් කවුරුද


( ඒත් නුඹත් දුරක ගිහින් - දැන් මට ඉන්නේ කවුරුද :( )


Life Sucks

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...