..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, December 29, 2013

කවිපොත

කවිපොත 





ඉස්සර ලියවුනු කවි පොත බලලා 


කාට ද මේවා ලීවේ කියලා 


ඇස් ගෙඩි ලොකු කර 


මුහුණ නොරොක්කර 


මාගෙන් විමසනවා 


උත්තර නැති මගෙ 


වත දෙස බලලා 


තරහින් කවි පොත 


දුරකට කරලා 


ඇඳේ අනිත් පස 


හැරිලා නිදියයි 


මුළු රෑ මා දවලා 


සමාවෙන්න මට 


නුඹ ගැන සිතලා 


කුමන පලක් දෝ 


ඊයේ ගෙවිලා 


උදෑසනම මම 


කවි පොත ඉරලා 


ඒ ගිනි දල්ලෙන් 


තේකක් හදලා 


ඔහු අත තැබු විට 


දුන් සිනහව මට 


නුඹ මට අමතක වෙන්නෙ නැහැ 


කවි පොත ඉරුවට 


නුඹ ගැන මතකය 


සිතෙන් ඉවත් වී යන්නේ නෑ 


ඒ ගැන ඔහු තව දන්නේ නෑ — 



19 ප්‍රතිචාර:

රන්දු said...

අමුතු තාලයක්. හරි ලස්සනයි අක්කේ.....
//ඒ ගැන ඔහු තව දන්නේ නැහැ...//

ඔයා දන්නේ නෑ.....෴

එදිරි said...

//but memories NEVER fade//
Really,

එදිරි said...

//but memories NEVER fade//
Really,

Black Puma said...

නුඹ සහ ඔහු, මුලු කතාවම ඒ වචන දෙක ඇතුලේ තියනවා

ධනා said...

// කවි පොත ඉරලා
ඒ ගිනි දල්ලෙන්
තේකක් හදලා
ඔහු අත තැබු විට
දුන් සිනහව මට
නුඹ මට අමතක වෙන්නෙ නැහැ //

ලස්සනයි සො.සි...

Amila Prabath Samarakkodi said...

කාලයත් එක්ක මතකයන් අමතක වෙනවනම්.....?

සමී said...

මේ තුල බොහෝම ගැඹුරක් මං නම් දකිනවා.

තමන්ගේ විවාහ ජීවිතේ අනිකාගෙ සතුට වෙනුවෙන අපි හිතින් අල්ලගෙන ඉන්න දේවල් අතාරිනවා .. නමුත් ඒ අතහැරීම සිදුවෙන්නෙ භෞතිකව පමණයි..

හරිම ලස්සන නිර්මානයක් :)

Dinesh said...

කාලෙකට කලින් මටත් ඕකම හිතුනා.. දවසක ඒ කාලේ ලිවුව කවි වල තේරුම් අහද්දී දෙන උත්තරේ මොකද්ද කියලා..

තිසර said...

කඩදාසි ගිනි තියලා තේ හැදුවහම තේකෙ කඩදාසි රහක් එනවා කියනවා නේද?

Anonymous said...

කවියෙන් පමණක් ලං ලං වූවත්
සැබවින් අපගේ නැහැනෙ ගැලපුමක්
ඒ ගැන තව තව නොසිතා දැන්වත්
යන්න ඉදිරියට සුභ පතනෙමි මම්...

ජීවිත ගමනේ හමු වී වෙන්වන
සියක් දහස් දෙන අතරේ අප තව
දෙදෙනෙකු පමණයි නොසිතුව මැන තව
අදට වඩා හෙට නොවේද යහපත්...

තනිව ගෙවුනු යුග නිමාව දුටුවා
මා දිවියේ නව බැඳුමක බැඳුනා
අතීතයට තිත තබා ඉවත් කොට
අළුත් ජීවයක මග හෙලි කෙරුවා...

තවත් ඉතිං ඔබ එපා සිතන්නට
නැවත වරක් මා එන්නේ නැත හෙට
දිනෙන් දින ගෙවෙයි අද ගත වී යයි
ඔබ දිවි ගමනත් සරු කර ගත මැන...

Nirmala Madushani said...

ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
විදුලි බිල වැඩි නොවන‍,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!

ධාරා said...

හරිම ලස්සණ අදහසක් :) මේ වගේ බිරින්ඳෑවරු කොච්චර නං ඇති ද? සුභ අලුත් අවුද්දක් වේවා!

අඟහරුවා. said...

හොඳ නිසදැසක්. කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා.. මෙයා ඒ ටිකේ සෑහෙන්න ලියල නේ..
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ!

මධුරංග said...

කාලයකට පස්සේ ආවත් සොඳුරු සිත තාමත් ඉස්සර වගේම සොඳුරුයි... !

වර්ෂා ( Rain_Girl ) said...

සවිමත් වෙමින් දිවි තුරු බඳ අත් පසුර
කිරි කළ ඉතිර සුබ වේවා නව වසර

Dayal Bathee said...

2014 වාසනාවන්ත වසරක් වේවා!
සෑහෙන කාලෙකින් එන්න බැරි උනා.
//මධුරංග said...කාලයකට පස්සේ ආවත් සොඳුරු සිත තාමත් ඉස්සර වගේම සොඳුරුයි... !//

Naleen Dilruksha said...

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

අපූර්වී said...

ඔමාගේ හීන අඩවිය ලියන අපුර්විගෙන් ඔබට සුබම සුබ අලුත් අවුරුද්දකට සුබ පැතුම්

තුශානි said...

සුබම සුබ නව වසරකට මගෙනුත් සුබ පැතුම්...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...