..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, December 15, 2013

෴ ආතල් එක ෴

෴ ආතල් එක ෴

ලංකා පටුන බලන්න පහුගිය දවසක මාත් ගියා වැඩිහිටි නඩයක් එක්ක. වැඩිහිටියො ටික තියෙන ගාථා ඔක්කම කියල වැදල එනකම්, මම තිබ්බ සහ දන්න එකම ගාථාව කියල වැදල හනික මෙගොඩට ආවා.

ඇවිත් ආමි එකෙන් පවත්වා ගෙන යන පුංචි කඩේ ලඟට වෙලා අනුන්ගේ චැට් වලට සවන් දෙන ගමන් කැමරාවට හරියන පින්තූර හොය හොය හිටියා.

ඔන්න ඒ වෙලාවේ තමයි නිල් පාටට සැහැල්ලුවට ඇඳ ගත්ත.පිටේ ලොකු බෑග් එල්ල ගත්ත කොල්ලො දෙන්නෙක් ලංකාපටුන වන්දනා කර ගන්න දූපතට යන්න බෝට්ටුවකට නගින්න යනවා දැක්කේ.එක පිරිමි ළමකේගේ පිටේ තියෙන අලි බෑග් ඒකේ ගහපු සිංහ කොඩිය ලෙල දෙනවා.

“ ඔන්න ඔය කොල්ලො දෙන්න කළුතර ඉදලම පයින් එනවා කියන්නේ වන්දනාවේ “

“ නැහ් . . . . පිස්සුවක් නේ “

“ ඒකත් පිස්සුවක් තමා.මෙච්චර වාහන තියෙන රටේ? “

“ කන්න බොන්න කොහොම ද දන්නෑ. “

“ කඩවල් වලින් කනව ඇති “

වටේ පිටේ අයත් කතාවට හවුල් වෙලා. . . . 

කැමරාව ඒ දෙන්නා ඉන්න දිහාවට මානපු මම “ක්ලික්“ කරා.

“ දැන් ඔය ගන්න පින්තූර විකුණනව ද? “

කලින් පුද්ගලයාගේ ඇස් කණ් කට වල් මා දිහාට හැරුණා.

“ නැහැ. . .ඔහේ ඔය සිගරට් බොන්නේ ඇයි ? “

ඔහු නිරුත්තර වුනා.මොකද කොහෙත්ම ගැලපීමක් නැති උත්තරයක් සහ ප්‍රශ්ණයක් නිසා.මම ආයෙත් හඩ අවදි කරා.

“මගේ ෆොටෝ ඇල්ලිල්ලත් , අර කොල්ලො දෙන්න ගෙ වගේම පිස්සු වැඩක් තමා. උන් දෙන්නා පයින් හැතැම්ම ගානක් එන්නේ උන් දෙන්නට මොනා හරි සතුටක් ආතල් එකක් තියෙන නිසා.මම පින්තූර අල්ලන්නෙත් මට මොකක් හරි සතුටක් මේකේ තියන නිසා “

“ හරි හරි මම සිගරට් බොන්නෙත් මට තියෙන ආතල් එකට “ දුම් බොන්නා පරාජය බාර ගත්තා.

“ අන්න හරි.හැබැයි සිගරට් බීම ටිකක් වෙනස්.අර කොල්ලො දෙන්නට වගේම මටත් අපි කරන දෙයින් හානියක් නැහැ. “

දුම් බොන්නගේ මුඛරි කටහඬ ඉන් පස්සේ නම් ඇහුන්නෙ නැහැ. 

ඒ වගේම . . . . දහසක් දෙනා ගැවසෙන තැනක ඒ කිසිම දෙයක් ගැන අවධානය යොමු නොකරපු පොඩි කොල්ලෙක් බිලී කොක්කට ඇමක් අමුණන්න තම මුළු අවධානයම යොමු කරන් හිටියා පෙනුනා..............






16 ප්‍රතිචාර:

Kenji @ Japan said...

හොදයි..හොදයි.. විස්තරේ .....
වටින්නෙ අර බුවාලා දෙන්නගෙ ගමනෙ පරමාර්ථයත් දැම්මනම් තමා බොල...

Podi Kumarihami said...

පින්තූර ලස්සණයි. වටා පිටාවේ ඉන්න කොල්ලෝ එක්ක කතා කරන්නෙත්, ෆොටෝ ගන්නෙත් බලාගෙන...:D

Ravi said...

මම දන්නව උඹ දන්න එකම ගාතාව....

සුපටි පටි පණ්ණෝ,
මුගටි ගෙට පැන්නෝ .....
හෙහ්, හෙහ්, ඒක නේ?

ඉන්දික උපශාන්ත said...

මේ බුදුහාමුදුරුවන්ගෙ සිවුර බේදින් කොස්ටියුම් එකක් වගේ අන්දපු ප්‍රථිමා ශිල්පියා මොකාද දන්නෙ නෑ. මුන් හිතන්නෙ බුදුන් කියන්නෙ සුපර්මෑන් වගේ එකෙක් කියලද දන්නෙ නෑ!

Chandi said...

ලස්සන කතාව වගේම පින්තූර ටිකත්.

සමී said...

එයගෙ ආතල් එයාට මෙයාගෙ ආතල් මෙයාට

Damith Gunawaredane said...

මාමට වදින ගාතාවද කිවුවෙ

අහේතුක said...

ආතල් එකෙත් විවිධත්වය...

ලස්සන ෆොටෝ කෑලි ටික...

ජය...!

Dinesh said...

ෆොටෝ ටිකනම් ලස්සනයි.. මම ගිහින්ම නැහැනේ...

Mayya said...

ලංකාප‍ටුන ගිහිල්ලා නෑ.....මොකක්ද විශේශත්වය

හිරු said...

අනුන්ට වාතයක් නොවෙන, තමන්ගෙ ආතල් එක....

නියමයි සොසී...

arugeadaviya said...

තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වා...අපේ මිනිස්සු හරියට වචන නාස්ති කරනවා නේද කටෙන්.

කුරුටු ගෑ ගී පොතේ දිලිනි said...

හොඳ පණිවුඩයක්. තමන් සතුටු විය යුත්තේ තමන්ටත් අනුන්ටත් හානියක් නොවෙන විදිහට නේ.

දයානන්ද රත්නායක said...

ලංකා පටුන සුන්දරම වෙරල තීරයක් බව හැගෙන්නේ ඔය දුපතට ගියාමයි. මුළු දූපතම ගහකොළවලින් තුරු වියනක් හැදිලා ඒ වියන යට මාර ලස්සනක්. හැබැයි වෙරළ තීරය පුරාම දිස්වන්නෙ මාලු ඔරු.ඔතන තිබුණා බෝම්බයකින් හානිවු යකඩ පාලමක් දැන් ඒක නැද්ද මන්දා

Damith Sriyantha said...

හොද පණිවිඩයක්....
කාටවත් කරදරයක් නැත්නම් මොන ආතල් ඒකෙත් වරදක් නෑ...

Kantha Viduranga said...

ආතල් < පට්ට ආතල්< පට්ටම ආතල්

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...