..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, November 13, 2013

The Last Flower


The Last Flower 




පුංචි පුංචි කවි


The Last Flower 
----------------------
දළු ලන දා නුඹ ළඟ - නැත
මල් පිපුනත් නුඹ ළඟ - නැත
වසන්තයේ අග තනිවම 
දරා සිටියි අතු අග්ගිස්සේ
වසන්තයේ අන්තිම මල
නුඹට මතක නැති මල
මම
෴ වත්සලා෴
පාර පුරා මල්.... (පෑගී පෑගි මට.............) 
නොපෑගෙන්න එන්න ගිහින් කකුලත් කොර වුනා
මිදුල පුරාත් මල් ....( හැබැයි ගස් වල)
පන්සල් යන අය තව ටිහකින් කඩන් යාවි ඒවා
ෆේස් බුකියෙත් මල්..... (වැරදිලා මගෙ චැට් බොක්ස් එකටත් වෙන අයගෙ මල් වැටෙනවා.)
මම ටිහකට පහත බැලුවා..... ( අෆොයි මම ඉන්නේ උස අත්තක අග්ගිස්සෙම )
අනුන්ට දොස් කියල වැඩක් නෑ...........
ඒත්..............................
මාත් මලක්..........
පැහැය ටිකක් අඩු..........
හීනි සුවඳක් තියෙන.........
පරවෙන්න ළඟ.............

සිත
--------------

නුඹ යනවා - යළි එනවා
සිත හොඳටම - පෑරෙනවා
දැක දැක මුත් නොදුටු ලෙසට
සිත මම වහගෙන යනවා
෴ වත්සලා ෴




civil status
-------------
සිත නිවන කම - තනිකඩ
සිත දවන ඒ කම - තනිකඩ
නුඹ නැතිව තවම මම - තනිකඩ
තනියටත් ළඟ ඉන්න කම - තනිකඩ

තනිකඩකම 
තනියට ඉන්න 
තනිකඩ 
මම
෴ වත්සලා ෴

14 comments:

  1. සුබ පැතුම් සොඳුරු.. 800 වෙනි මිතුරාට

    ReplyDelete
  2. ෆොටෝ එකේ තියෙන මල් ජාතිය මොකද්ද අක්කේ..

    කවියත් ලස්සනයි හොදේ..

    ReplyDelete
  3. තනි කඩ කඩ ඉන්න මම දේශකයා...

    ReplyDelete
  4. ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කියන්නේ මේවාට තමයි

    ReplyDelete
  5. තනිකඩකම ලඟ තනියට හිටියොත් තනිකඩකමේ තනි බව නැතිවෙලා නිකම්ම කඩ වෙනවා....

    ReplyDelete
  6. උපමාලි මිස් සෑහෙන කාලෙකින් කවියක් ලියලා... :)

    ReplyDelete
  7. ඇයි අනේ තනිකඩ...

    ReplyDelete
  8. සොඳුරු යි හැම දා මත් වගේ....

    ReplyDelete
  9. තනි කඩ වහලා දාලා කඩ දෙකක් දාගන්න.

    ReplyDelete
  10. සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ.. ලස්සන පුංචි නිසදැස් ටිකක්..

    ReplyDelete
  11. සහස්පෙති සදිසි මල,
    පෙති හැලී පරව යත,
    තණ පියස මත විසිරි,
    පෙති මඟැ'ර පිය නඟමි,

    සඳ පහන් වූ රෑක,
    කඳුලකට ඉඩ දුනිමි,
    මුකුලිතවු මල් සුවඳ,
    ළයපුරා විඳ ගතිමි.

    ReplyDelete
  12. සමහර කවි වල සියුම් ගීයක අදහසක් දැනෙනවා.

    ReplyDelete
  13. wasanthaye aga pipunata...gimhanaye nopipunata...elaga wassanedi yali me wilasama yali pipenna...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...