..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, October 20, 2013

විචාරයක් නොවේ.....



විචාරයක් නොවේ.....



මේ දවස් වල කවුරුත් කතා කරන්නේ “තමන්ගෙ නොවන තමන්ගෙම දෙයක් “ ගැන.


ඒක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් නෙමේ.Paradox එකකුත් නෙමෙයි.කොහොමත් අපි කවුරුත් අපේ දේවල් වලට වඩා අපේ නොවන දේවල් වලට කැමැති.


දැන් අපේ වෙලා තියෙන ගොඩාක් දේවලුත්  ,ඊට කලින් අපේ නෙමේ නේකියලා කාටත් මතක නැහැ..තමන්ගෙ ළඟට ආවම තමන්ගේ උනාම ඒ දේ අනුන්ගේ තැනක දී තිබිල දැක්ක ආකර්ශණය ,කුතුහලය නැති වෙලා යනවා.


අපි පුංචි කාලේ දීම අපේ වයසෙම වාගේ වෙනත් ළමයි ළඟ තිබ්බ සෙල්ලම් බඩු වලට ආසා කරා ඔයාලට මතක ද?ඒත් ඒකම හරි ඒ  ජාතියෙම වෙන එකක් හරි අපිට ලැබුනම ඒ ආසාව කොච්චර දවසක්ද තිබ්බේ.


කොහොම නමුත් ඔය චිත්‍රපටය නිසා ගොඩාක් පිරිමි හිත් සංවේදී වෙලා තිබ්බා. ගොඩාක් වෙලාවට චිත්‍රපටයක් බැලුවම අපිට දුක හිතෙන්නේ හෝ සතුටු හිතෙන්නේ ඒ චිත්‍රපටියෙ හිටි චරිතය ගැන වුනත් මේ මම කියන චිත්‍රපටිය බලල බහුතරයක් පිරිමි අය දුක් වුනේ තමන් ගැනමයි.


තමන් කාලයක් ආදරය කරල අතෑරපු දේවල් පිරිමින්ගේ මතකයට එන්න ගත්තා.පරණ ඊමේල් හොයන්නත් ,පරණ නම්බර්ස් ඩයල් කරල බලන්නත් සමහරු උත්සුක වුනේ චිත්‍රපටය නරඹලා ආපසු එන අතර මඟ දිමයි.

The Reader චිත්‍රපටය නැරඹුව නම් ඔයාලට මතක ඇති , අසාර්ථක විවාහයකිනුත් වෙන්වුනු Michael පසු කාලීනව අමතක කළ නොහැකි අතීතය ගැන පසු තැවෙන හැටි.


ඒත් චිත්‍රපටය නරඹපු ගැහැණූ ?


ආදර සම්බන්ධකමක් බිඳිල ගියහම ඒ ආදරය මත්තේම තනිකඩව ඉන්න බහුතරයක් පිරිමින්ට බෑ.ඒ මතකය හිතේ යට කොහේ හරි වළ දාලා අලුතින් ජීවිතයක් පටන් ගන්නත් ඒ ගැන අලුතින්ම හිතන්නත් පිරිමින්ට පුලුවන්.


කොහොමත් පිරිමින්ට එකිනෙක පටලවා නොගෙන කවලම් නොකර ගෙන එක වරකට එක දෙයක් විතරක් හිතන්න පුලුවන් වීම භාග්‍යයක්. ගැහැණුන්ගේ ලෝකේ හැමදේම එකිනෙකට සම්බන්ධයි.


හුස්මක් හුස්මක් ගානේ මතකයට එන කෙනෙක් එක්ක තමන්ගේ ජීවිතේම කැපකරල තනිකඩව ඉන්නත් හිතට ලොකු ධෛර්යයක් ඕනි වෙනවා.

මේ ලියපු දේවල් කිසි දෙයක් එකිනෙකට කෙළින්ම සම්බන්ධ නැහැ.ඒ උනාට අසම්බන්ධත් නැහැ.


ඉර පායාලා තිබුනා
නෙක මල් පිපිලා තිබුනා
වෙනදා වාගෙම දවසක්
ඇවිදිල්ලා තිබුනා

තවමත් කිසිවකු නොදකින
දුටුවත් නෙත මත නොරැදෙන
කෙනෙක් උයන් කොණ බංකුවෙ
තනිවී ලා සිටියා

දරුවන් බිරිඳත් සමඟින්
සතුටින් මේ ලොව වෙසෙනා
කෙනෙකුන් ගැන සිතමින් ඇය
තනි වී ලා සිටියා

ඔහුටම සුබ පතනා ඇය
ඔහු ට ම සිත පුදනා ඇය
අතීතයත් සමඟින් විත්
වාඩි වෙලා සිටියා


තනිකඩකම තුරුළු කරන් 
නොපැමිණි කෙනෙකුන් එනතුරු
ඔහුටම සුබ පතමින් අය
මඟ බලමින් උන්නා


හුස්මක් හුස්මක් ගානේ මතක් වෙන කෙනෙක්ව අමතක කරන්න හදන 
මම
෴ සොඳුරු ෴

9 ප්‍රතිචාර:

Podi Kumarihami said...

විචාරයක් නෙමේ උණාට මේ විචාරේ හරිම ලස්සනයි සොසී...ෆිල්ම් එක බලන ආසාව වැඩි උණා.
පිරිමින්ට හිත හදාගෙන ඊලඟ පියවරට යන එක හරිම ලේසියි. ඒක නම් ඇත්ත. හිත හදාගන්ට අමාරු උණත්, ගෑනුන්ටත් ඒ දේ කරන්ටම වෙනවා...:)

Black Puma said...

මිරිමින්ට පුලුවන්ද හිත හදාගන්න ලේසියෙන්ම? මට නම් ගැටලුවක්

දේශක යා said...

විචාරයක් නෙමෙයිද තමන් ගැන..

දිලිනි said...

සොඳුරු යි සොඳුරු. චිත්‍රපටිය බලපු වෙලාවේ ඉඳන් මම තාමත් ඉන්නේ ඒ ලෝකෙ. //ආදර සම්බන්ධකමක් බිඳිල ගියහම ඒ ආදරය මත්තේම තනිකඩව ඉන්න බහුතරයක් පිරිමින්ට බෑ.ඒ මතකය හිතේ යට කොහේ හරි වළ දාලා අලුතින් ජීවිතයක් පටන් ගන්නත් ඒ ගැන අලුතින්ම හිතන්නත් පිරිමින්ට පුලුවන්.// කොහොමත් ගැහැනු හිත් පිරිමි හිත්වලට වඩා සෑහෙන්න වෙනස්.

Chandi said...

හරිම සොඳුරුයි සටහන. මම මේක බැලුව වෙලාවෙ ඉඳලා අදටත් ඉන්නෙ ඒ ලෝකෙ තමා සොඳුරු. හිතාගන්න බැහැ මේ තරම් සංවේදී වෙන්නෙ ඇයි? අපි කියල. කාලයේ වැලිතලාවෙන් මැකී යන සොඳුරු මතක අවදිව. http://chandigesithuviliuyana.blogspot.com/2013/10/blog-post.html

Ravi said...

මේ මගේ කතාව..මගේ නොවන මගේම ආදරය...

Maathalan - Priyantha Hewage said...

මම නම් හිතන්නේ, දැන් ඉන්න ගෑණු එහෙම නෑ..

arugeadaviya said...

සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඇති
ඒ හින්දා යලි සෙනෙහේ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති........

Chatura Wijekoon said...

මං නං හිතන්නෙ.. පරණ හුට්ටප්පර අමතක කරලා බැන්ද එකත් එක්ක පවුල් කන්න වැඩි දස්සකමක් තියෙන්නෙ ගැහැණුන්ට. පිරිමින්ට ඒක අමාරු නොවෙන්නෙ වෙනත් හේතු නිසා. පිරිමියා තමන්ගෙ පවුල එක්ක ඉන්න අතර බාහිර ලෝකයත් තමන්ගෙ බව හිතනවා.. ඒත් ගෑණු හැම එකක්ම තමන්ගෙ පවුල කියන කන්ණාඩිය ඇතුළෙනුයි බලන්නෙ..

මං නං ඔය පිලුං එක බැලුවෙත් නෑ.. ටී.වී එකේ පෙන්නපු දවසට බලනවා..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...