..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, October 1, 2013

ලෝක ළමා දිනය සහ ආරංචි තුනක්


ලෝක ළමා දිනය සහ ආරංචි තුනක්

------------------------------------- 



පුරුදු විදිහට ලෙංගතු දුරකථන ඇමතුම ආවා.



“ මොනා ද නිවුස්. අද ස්කෝලෙ හොඳ ද? “ ඔහු ඇහුවා.



“ ඔවු“ ඒ මම.



“ මොකද නිකම් අද . . . . .කෙටි උත්තර ? “



“ හ්ම් . . .කියන්න නම් දේ ගොඩායි....“



“ ඉතින් . . කියන්න.ඔය හිතේ බර බිම තියන්න“



“එහෙනම් අහ ගන්න ...............................



“ ලබන මාසේ ගුරු පඩියෙන් කපා ගන්න අද අපේ මුළු ස්කෝලෙම ළමයින්ට අයිස් ක්‍රීම් දුන්නා.“



“ එතකොට අර පෑන් ටික. අපරාදේ වියදම් දෙකයි ඔයාට “



“‘ පෑන් ටිකත් මම බෙදල දුන්නා. උන් මම පන්තියෙන් යනකම් අයිස් ක්‍රීම් එක නොකා පෑන් දිහා බලා හිටියා.“



“ ඉතින් එහෙනම් ඇයි මේ දුකින් “



“අපෙ ස්කෝලෙට කිලෝමීටර් පහක් විතර මෙහා කණිෂ්ඨ පාසලක නමයෙ පන්තියෙ ගෑණු දරුවෙක් බඩ වෙලා.බඩේ ඉන්න දරුවගෙ තාත්තාට තවත් දරුවො ඉන්නවා.“



අයිස් ක්‍රීම් කාලා , පෑන විසිකරල දාලා ,ළමයි ඉන්න බැඳපු කොල්ලෙක්ගෙ තුරුල්ලට යන පුංචි කෙල්ලෙක් , කවදාවත් පාවිච්චි නොකරපු වේවැල අරන් පෝලිමට හිටවපු ගුරු මණ්ඩලේට තලනව එකාමාරට ඉස්කෝලෙ ඇරිල බස් එකේ එන ටිකට සිට් එකේ ම නින්ද ගියපු මම හීනෙන් දැක්කා “




“ දවල් හීන . . . . .“ ඔහු දුරකථනය විසන්දි කරා.



“ ලෝක ගුරු දිනයත් මේ සතියෙම අන්තිම“ සුසුමක් හෙලපු මම ඇස් දෙක පියාන අසුනට බර දුන්නා.


10 comments:

  1. මේව දවල් හීනම නෙවෙයි....

    ReplyDelete
  2. කොතනක හරි තැනක සිද්ද වෙන ඇත්තම සිද්දී මේවා.. හීනම නෙමෙයි..

    ReplyDelete
  3. ළඟදීම අපිට අපේ ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් වෙයි!

    ReplyDelete
  4. දවල් හීන නෙවෙයි , මේ ඇත්ත, එත් අපි හැමදාම වගේ ලමාදිනය්ටත් සැණකෙළි....ඒ වුනාට ඇත්තනම් හැමතැනම ගිනිකෙළි.

    ReplyDelete
  5. ඇත්ත. මේ දේවල් දිහා අපි ඇස් ඇරලා බලන්න ඔනෙ කියන එකයි මම හිතන්නේ ඔබ අදහස් කළේ උත්ප්‍රාසයෙන්.

    ReplyDelete
  6. හීන නෙමෙයි මේ තමයි ඇත්ත. සමාජයට මීට වඩා හොඳ යහපත් කියවීමක් අවශ්‍ය වෙනවා දරුවන් ගැන..

    ReplyDelete
  7. මේවා සිහින පමණක්ම නම්......
    ඒත් මෙවා සිනයෙන් ඉදිරියය ගොස් ‍යථාර්තයන් වන විට???

    ReplyDelete
  8. නිදාගන්නද, අවදියෙන් ඉන්නද කියලා හිතාගන්න බැහැ......කොහොමත් එක වගේ??????????????????????

    ReplyDelete
  9. විවාදාත්මක සීන්ස් එකක් . කාලීනයි . පිරිසකගේ හෝ කෙනෙකුගේ යථාර්තය
    නියමයි ඇත්තටම හීනයක්මද ? සිතට ආව සිතුවිල්ලක් අකුරු කලාද ? යන්න ගැටළුවක්

    ReplyDelete
  10. සෝ සි, හිතේ කොහෙදෝ ගැඹුරු තැනකට දැනුනා.කශේරුව දිගේ ලාවට පොඩි සැරයක් දුවනවා වගේ දැනුනා

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...