..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, September 26, 2013

෴ කාලෙකට පස්සේ - පරණ පාරේ ෴

෴ කාලෙකට පස්සේ - පරණ පාරේ ෴


කාලෙකට පස්සේ 
පිය නඟපු පාරේ

කරස් කරස් සද්දෙට
පෑගෙන කොළ යට

පාරට නැමුණු
විසල් රුක් ගොමු යට

ඉපල් වෙලා ගිය
පරණ ගස් වැල් යට

එපා වෙලා හැලිල ගිය
මොරණ පිහාට්ටක් යට

ගලා ගෙන දිය
දොලේ පොඩි ගල් යට

තාමත් මම දැක්කා
ආදරේ ටික ටික


කණාටු ගහක
අතු අග්ගිස්සක


අතෑරපු කූඩුවක
කුරුළු බිත්තරේක


කොළ අතර මතු වෙච්ච
පුංචි පැළයක් ළඟ


බලාපොරොත්තුවක් වැටිල තිබිලා
අහුලන් ආවා


පරණ පාරක් දිගේ , තනියම ඇවිදපු
මම
෴ සොඳුරු ෴

11 ප්‍රතිචාර:

Dinesh said...

කාලෙකට පස්සේ හුරුපුරුදු දේවල් දැනෙද්දී හිතට දැනෙන හැඟීම හරි අමුතුයි..

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) said...

පැරණ දේවල් වුනත් කාලෙකට පස්සේ එද්දී අලුත් වගේ දැනෙනනවා

රතීගේ දිනපොත said...

මටත් DejaVu වගේ කේස් ගොඩක් දැනිලා තියෙනවා. ටවුමෙ ආයෙත් ඇවිදිද්දි අර පරණ ආදරේ එක එක තැන්වල ඉඳන් කතාමත් හොල්මන් කරනව වගේ. පරණ දේවල් වලින් අලුත් හැඟිමක් එනවට වඩා හොඳින් තියෙන හිත පෑරෙන එකමයි වෙන්නේ මට නම්...

Asanka Rubasinghe said...

ලස්සනයි. පරණ මතක අතරේ මමත් එහෙ මෙහෙ ගියා පොඩ්ඩකට.

ධාරා said...

පරණ මතකයන් ලස්සණට අකුරට නැගිලා!

දිලිනි said...

//බලාපොරොත්තුවක් වැටිල තිබිලා
අහුලන් ආවා// ලස්සණ යි වචන ටික...බලාපොරොත්තු කියන ඒවා වැටුණට පස්සෙ ඇහිඳ ගන්න පුළුවන් වෙයි ද කියන එක යි ප්‍රශ්නෙ සොඳුරු.

Maathalan - Priyantha Hewage said...

ආයෙත් බොහොම කාලෙකින් සොසී දුටුවෙමි...

arugeadaviya said...

මතක පොතේ පිටුවක් පෙරලී ඇත..
මොනවද එහි ලියවී ඇත්තේ.......................

මධුරංග said...

ඔන්න මම ආවේ කාලෙකට පස්සේ. මට නම් ඔයාගෙන් කමෙන්ට් එකක් ඕනමයි :)

නිල් මානෙල් said...

පාලු වත්තක කොල යට වැලලිලා තිබුන බලාපොරොත්තු කීපයක් මට නම් අලුත් වුනා. ඒවා ටික ටික ඉස්ට වෙනවා.

හරිම ලස්සනයි පද වැල්. පාට පාට සරුංගලයක් වගේ.

රන්දු said...

"නැති මට අහල ගියත් ඇති" කියලා කතාවක් තියෙන්නේ. අන්න ඒ වගේද...?
//තාමත් මම දැක්කා
ආදරේ ටික ටික// ඒකෙනුයි එහෙම හිතුණේ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...