..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, September 22, 2013

- පොත් ප්‍රදර්ශනය-


- පොත් ප්‍රදර්ශනය -


පුංචි ළමයි චිත්‍ර අදින අඩවිය , පොත් ප්‍රදර්ශණය බලන්න යන මගේ සිත කවදත් ඇද ගත්ත තැනක්...... මේ ඉන්නේ එතැනට ආපු පොඩිත්තෙක් අනිත් කෙනා ගැන විස්තර පසුවට


මෙම වසරේ පැවැත්වුනු පොත් ප්‍රදර්ශණය ගැන සහෘද බ්ලොග්කරුවන් කිහිප දෙනෙක්ම ලියලා තිබ්බ නිසා ඒ ගැන ලියන්න මගේ අදහසක් නැහැ.ඒ වගේම වත් පොත දිහා ගියොත් අපේ යාළුවන් කොයි තරම් නම් පත-පොත ට ලැදි ,පත පොත කියවන අය ද කියලා දැන ගන්න සාක්ෂි දැක ගත හැකි වේවි. ඒ උනාට මට හිතා ගන්න බැරි පොත් කියවන්න එයාල වෙලාව කොහෙන් හොයා ගන්නව ද කියලයි. 



ඔන්න තකහනියක්ම මම නම් කොළඹ ගිහින් පොත් ප්‍රදරශණයටත් රිංගුවා.මටයි කියල ගත්තේ පොත් දෙකයි. අනිත් ඔක්කම පොත් අධ්‍යාපනික පොත් . හරියට ලෝක සිතියම්, ශබ්ද කෝෂ , පාරිභාශික වචන , පසුගිය ප්‍රශ්ණෝත්තර මේවාත් මම ප්‍රදර්ශණය බලන්න එන බව ආරංචි වෙලා මට ගේන්න කියපු පොත්.



දඹානේ ගිහින් බිම වැටිල කැඩුණු කැමරාව හදා ගැනීම තමා කොළඹ ගමනෙ මූලික අරමුණ වුනේ.මම ගතපු පොත් දෙක තමයි “ කාල සර්ප “ ( මේ පොතේ කතෘතුමා කීර්ති වැලිසරගේ මහත්මයාගේ අත්සනකුත් එක්කම පොත හම්බුනා) අනිත් පොත තමයි ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ගේ “මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක “


පොත් ගන්නවට වඩා කැමරා කාචයක සටහන් කර ගන්න දේවල් බොහෝමයක් දැක්කත්. ඒ තරම් සෙනඟ ගොඩක් මැද කැමරාව මානන්න තිබ්බ චකිතය මාව පසුබැස්සුව . ඒත් මාත් සමඟ ගියපු සුන්දර යාළුවා නිසා චකිතය මඳකට අමතක කරල යන්තම් පින්තූර තුන හතරක් ගත්තා. මේ පහළ තියෙන්නෙ අන්නේවා.



මේ ඉන්නේ දරුවන් චිත්‍ර අඳින තැනට පිළිගන්න “ අපූරු විකටයා “ 


මේ ඉන්නේ චිත්‍ර අඳින තැනම තිබ්බ “ටැටූ“ “ බොඩි පේන්ටින් “ කරන තැන.ඒ කියන්නේ පුංචි අයගේ අතේ , මූණේ ලස්සන පුංචි සිත්තමක් ඇඳ ගන්න මෙතනින් පුළුවන්. සමහර දරුවො සමණල්ලු, මල්, ගිනි මකරු ඇද ගනිද්දි ,මම දැක්ක එක පොඩිත්තෙක් නම් මිනී ඔළුවක් ඇඳ ගන්නවා.




හැකියාව කියන දේට මම කවදත් හිස නමනවා.මට චිත්‍ර අඳින්න බැරි නිසා මේ වගේ අපූරු චිත්‍ර අඳින්නෙක් මාව පුදුමයට පත් කරනවා. 






මැයත් දවසක චිත්‍ර ශිල්පිනියක් වේවි....එහෙමත් නැති නම් දොස්තර නෝන කෙනෙක් වෙන්න තමන්ගෙ සිහින බිලි දේවි.



දරුවන්ගෙ ලෝකෙට හැමවෙලේම දෙමාපියන් එඹෙන්නත් නරකයි.පසු පසින් ඉදල සොයා බැලුවම හොඳටෝම ඇති නේද .



හරියට මේ වගේ “ ඇගේ අහස ඇයට ඕනි විදිහට “







මාත් සමඟින් තනි නොතනියට ප්‍රදර්ශණය පුරා සැරිසැරූ සුන්දර මිතුරා.ඔබට බොහොම ස්තූතියි.





ලබන වසරේ මුණ ගැසෙන තුරු ඔබට “ආයුබෝවන් “






ප:ලි:- ඔත්තුවක් නිසා කියවන්න සෙවූ “ කුරුලු හදවත “ පොත සොයා ගන්න බැරි වුනා.......... 



මේ හැම පින්තූරයකම වාගේ ,කැමරාවට පිටු පසින් හිටපු 
මම
෴ සොඳුරු සිත ෴

21 comments:

  1. මා දන්නා තරමින් ප්‍රසිද්ධ ස්ථානවල ෆොටෝ ගන්න පුළුවනි.

    ඒ අසලින් යනෙන අය ඒවයේ සටහන් වීම වලකන්න බෑ. එසේ තමන්ව ෆොටෝවලට වැටීඟට අකමැති අය ප්‍රසිද්ධ ස්ථාන අතහැර අප්‍රසිඳධියේ ජීවත් වෙන්න ඕනෑ.

    හැබැයි තමන්ගේම ආචාරධර්ම පද්ධතියක් හදා ගන්න එක හොඳයි.

    ReplyDelete
  2. මේ පාර යන්න බැරි උනා මේ විහග මගුලක් හින්දා. අපේ අය කොච්චර වෙලාව නෑ කිව්වත් කියවන්න පුරුදු වෙච්ච කෙනා කොහොම හරි කියවනවා

    ReplyDelete
  3. පිංතුර සමග කෙටි හැදින්වීම් සටහන අති විශිෂ්ටයි.!

    ReplyDelete
  4. අයියෝ... ඔය ඕනෙතරම් ‍ෛාටෝ ගත්තේ කටිටිය. දෙනෝදහක් දෙනා අතරේ කැමරාව මානන්න බය වෙන්න එපා ගිනි අවියක් නෙවෙයිනේ.

    ReplyDelete
  5. මම මෙතන මුකුත් ලියන්නේ නෑ.. මොකෝ පෝස්ට් එකකින්ම කියපු නිසා... මට එවපු තෑග්ග බොහොම සුන්දරයි.. ඊටත් වඩා අර පොඩි එකාගේ අතේ චිත්‍රය අඳින එක පට්ටෙ හොඳම එක.. ඔයා බය නැතිව තරඟ වලට පින්තූරූ යවන්න.. දන්න අය උදවි කරාවී... ආලෝකය ගැන පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.. ඒ ගැන සමහර විට අයිලාෂ් උදව් කරයි...

    ReplyDelete
  6. පෝටොස් ටිකනං මාර ගති බං..කියල වැඩක් නෑ...උඹේ චායාරූප සිල්පය ආය නෑ සන්ලයිට් වගෙ තමයි....

    අර කවි ලියන කැටපත් පවුරද මොකද්ද එක මෙදා පාර තිබුනෙ නැත?...තිබ්බ නං ඒකෙ කවියක් එහෙම ලිව්වෙ නැත?

    ReplyDelete
  7. හරිම ලස්සන පින්තූර ටික. පාට පාට ලෝකයක්, අමුතුම ආලෝකයක්!

    ReplyDelete
  8. වචන නෑ මාර ලස්සනයි .

    ReplyDelete
  9. හරිම ලස්සණයි වත්.:)

    ReplyDelete
  10. ඇත්තටම සොඳුරු ඇසක් තියෙන්නේ අක්කට.ලස්සනයි.

    ReplyDelete
  11. "මැයත් දවසක චිත්‍ර ශිල්පිනියක් වේවි....එහෙමත් නැති නම් දොස්තර නෝන කෙනෙක් වෙන්න තමන්ගෙ සිහින බිලි දේවි"
    මගේ හිතට තදින්ම වැදුණු කතාව

    ReplyDelete
  12. ස්තුති යි අද්දැකීම බෙදා ගත්තට.

    ReplyDelete
  13. පින්තූර ටික නං හරිම ලස්සණ යි :) ඉවාන් අයියගේ කතාවට මමත් එකඟ යි. මගේ හිතටත් තදින් ම වැදුණා.

    ReplyDelete
  14. කැමරාව පිටිපස්සේ හිටියේ සොඳුරු සිත නේන්නම්..ඔව්. මෙච්චර ඉඳලත් යන්ඩ බැරි වුන මම ගැන මට දුක.

    ReplyDelete

  15. මැයත් දවසක චිත්‍ර ශිල්පිනියක් වේවි....එහෙමත් නැති නම් දොස්තර නෝන කෙනෙක් වෙන්න තමන්ගෙ සිහින බිලි දේවි.
    ++++++++++++++++++++

    ReplyDelete
  16. "මැයත් දවසක චිත්‍ර ශිල්පිනියක් වේවි....එහෙමත් නැති නම් දොස්තර නෝන කෙනෙක් වෙන්න තමන්ගෙ සිහින බිලි දේවි."
    මෙන්න මේ ටික නම් හිතට වැදුනා අක්කේ// මමත් ගියා ඕක බලන්න. ආපහු මහනුවර එන ගමන් ජීවිතේ අරන් ආවේ එක අතින්//

    ReplyDelete
  17. ///මැයත් දවසක චිත්‍ර ශිල්පිනියක් වේවි....එහෙමත් නැති නම් දොස්තර නෝන කෙනෙක් වෙන්න තමන්ගෙ සිහින බිලි දේවි.///

    ගොඩාක් අය කිව්වත් .....මටත් කියන්න තියෙන්නේ මේකම තමයි.

    ReplyDelete
  18. අයියෝ ඔයා එනකං වෙනියා කොයි තරම් වෙලා බලාගෙන හිටියද?

    ReplyDelete
  19. ''ඇයගේ අහස ඇයට ඕන විදිහට ''.... වැඩියම සිත ගත්තේ ඒ කියමන

    ReplyDelete
  20. 2016 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන ලියන ලිපියක් සඳහා මේ පෝස්ටුවේ තියෙන පින්තූර කිහිපයක් භාවිතා කළාට කමක් නැද්ද?

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...