..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, September 13, 2013

෴ සක්කර වට්ටම ෴

෴ සක්කර වට්ටම ෴


දාන සැර තරමට ම නැතත් බසය පණ අදිමින් ඉදිරියට යන බව ඔහුට දැනු‍නේ ඔහු නි‍සොල්ම‍නේ වාඩි වී සිටිය දීම ඔහු පසු කරමින් ‍ගොඩනැගිලි මිනිසුන් , ගස් වැල් ගමන් කරන්නට වූ බැවිනි. ඔහු‍ගේ දෑස් අරමුණකින් ‍තොරවම  පසු වී යන ‍ගොඩනැගිලි සහ මිනිසුන් ‍වෙත ‍යොමු ‍වෙයි.

“ ‍මේ  . . . . . . අනේ ‍මේ බලන්න ‍කෝ “


කට හඬද සමඟින් ඔහු‍ගේ වම් කලවයට දැනු‍නේ අපූරු උණුහුමකි. ඔහු‍ගේ දෑස් ඒ උණුසුම කුමක් දැයි ‍සොයන්නට විය.

සිහින් දිගැටි සුදු අතගැලි ඔහු‍ගේ කලවය මත  එහා ‍මෙහා යන්‍ ‍නේ ‍තාලයට ‍මෙනි. අතැගිලි ප‍හේ දිගු නිය‍පොතු ‍වර්ණ පහකින් ඔප දමා ‍මෝස්තර පහකින් හැඩ දමා ඇත.



ඇය ඔහු‍ගේ ඇඟට ‍තෙර‍පෙන බව ඔහුට දැ‍නෙත්ම නිය‍පොත්‍තෙන් ගිලිහුනු දෑස් ඇය ‍වෙත ‍යොමු විය.


“ මේ . . . . . .“


ඇය නැවතත් මුල පුරන්නට විය.

“ ඇයි ? “

ඔහුගේ වදන් තරමක්  උස් ය , ගොරහැඩි ය.

“ මොනා ද අනේ, රබර් කෑලි දෙකයි කිලුටු ෂර්ට් එකයි. මම කැමැති නැහැ ඔහොම යන්න ඔයත් එක්ක “

“ ඉතින් . . .  මම ද ඔයා එක්ක ආවේ. ඔයානේ මම යන බස් එකට නැග්ගේ “
“ ආහ් , . . . .ඒකත් එහෙ ම ද ?

“ ඔවු “


ඇගෙන් දෑස් මුදා ගත් ඔහු නැවතත් ඒ දෑස් වලට ජනේලයෙන් පිටත ඔහේ සරන්නට ඉඩ දී සිටියේ තමා ළඟින් ම වාඩි වී යන සුන්දර තරුණිය තුට්ටුවකට හෝ ගණන් නොගනිමිනි.

“ අනේ  , මම ඔයා එන දවස් වෙලාවල් බලල බොහොම අමාරුවෙන් ඔයාව මුණ ගැහෙන්න අල්ල ගත්තේ. මේ මම ඔයා කීව නිසා අත් දිග බ්ලවුස් එහෙකුත් ඇදන් ආවා “
“ මං කීව නිසා මොකට ද අඳින්නේ .මං නිසා ඔයා කැමැති දේවල් ,කියන කරන දේවල් නතර කරන්නෙපා.“


තවමත් වෙනස් නොවුනු ඇගේ යටිකය වැසූ ලේන්සුවක් තරමේ කෙටි සාය දෙස බැලූ ඔහුගේ මුවට සිනහවක් ද එකතු විය. එසැණින්ම ඔහුගේ ඇස් යොමු වූයේ බසයේ සිටගෙන සිටින තරුණයකු වෙතයි. තරුණයා වශී වී මෙන් දණහිසෙන් ද ඉහලට විවෘතව වී ඇති ඇගේ සුදු කලවා දෙස අනිමිස ලෝචනයක යොමූ වී සිටියි.


 මේ බසයේ ම මේ ආසනයේ ම ඔහුත් සමඟින් වසර ගණනක් එක්ව ගිය ඇය දැන් ඔහු හා එක්ව එකම ආසනයේ යන ඇයට වඩා කොතරම් නම් වෙනස් දැයි ඔහුට සිතුනි.


එසේනම් ඇය යන්නේ දැන් ඔහු වාඩි වී සිටන ජනේලය පැත්තෙන් වාඩි වීය. එය ඔහු ඇයට සපයන ආදරයේ සහ රැකවරණයේ තවත් සංකේතයකි. විවෘත ජනේලයෙන් විටින් විට ඔහු ගේ මුහුණට එන්නේ එක මිටට ඔතා ගොතා දැමූ දණහිස තෙක් දිගු ඇගේ වරලසෙන් ගිලිහුනු කෙස් කැරුල්ලකි. 


මඟීන් තෙරපෙන බසයේ සුපපහසු ජනේලය අසල අසුනේ දැන් ඔහු වාඩි වී සිටන අතර හිටගෙන යන මඟීන් කර උඩ ගියත් මුදු මුදු වන් කොණ්ඩය ටින්ට් කරපු ඇයට නම් ඔහුගෙන් රැකවරණයක් නැති ගානය. 

නමුත් 

මැය ඔහුට පැලෙන්නට ආදරේය.. 

ඇය  මොහු හැර  ගොස් ය.



ඇය පෙම්වතියක් සිටි කාලයේ , ඇය කීවේ ඔහු නොලැබුනොත් ඇය මිය යන බවයි.

ඔහු හැර යන්නට ආසන්නයේ දී ඇය කීවේ , වෙන් වූවත් ඔහුගේ මතකය සමඟින් ජීවත් වන බවයි.

ඇය වෙනකෙකු හා සරණ යද්දි ඇය කීවේ ගතින් ලඟ නැතත් ඔහු හා සිතින් ජීවත් වන බවයි.

ඇය ගර්භනියකව සිටිය දී ඇය කීවේ උපදිනා දරුවාට ඔහුගේ නම යොදන බවයි.


දැන් ඇය යන මඟ තොටක දී ඔහුව හමු වූවද නන්නාඳුනන්නියක ලෙස ගමන් කරන්නීය. ඔහු ඇස ගැටෙන විට ඇගේ සැමියා ළඟ පාතක සිටී නම් සැමියා හා උවමනාවෙන්ම සුරතල් වන්නීය.


නමුත් ඇයගේ කොණ්ඩය තාමත් දිගුය. 
අඳින ඇඳුමද තවමත් දණහිස තෙක්ම දිගුය. 
නියපොතු ගානට කපන්නීය. ඔප නොදමන්නීය. 
දරුවන් නලවන්නීය.සැමියා සනසවන්නීය. 
නමුත් වසර හතක් ආදරය කළ පෙම්වතා නාඳුනන්නීය.


ඇය හා ගිය මඟ ඇය හා ගිය අසුනේම ඔහු ඔහුට පැලෙන්නට පෙම් කරනා සුන්දර තරුණියක මඟාරිමින් ගමන් කරන්නේ , ඇගේ කොණ්ඩය දිගු නැති නිසා  ද , කොට ඇඳුම් අඳින්නියක නිසා ද නියපොත් පාට කරන්නියක නිසා ද නැතිනම් අතීත ආලය සිය හදවතේ පැළ කල පැළය මහ ගසක්ව මියෑදුනත් හදවත පුරා මුල් බැස පතුලටම ගිලී හදවත බදා ගත් කමකට නැති පෙම නිසා දැයි මට නොතේරේ.

ඔහුගේ දෑස් තවමත් ජනේලයෙන් පිටත සරයි. සක්කර වට්ටමගේ දෑස්වල තෙතමනය ජනේලයෙන් පතිත වූ හිරු කිරණකින් දිලිසෙමින් ඇත.

ඇය හා ඔහු ගිය බසයේ 
මඟියා
මම
෴ සොඳුරු ෴


21 ප්‍රතිචාර:

Sula (සුලා) said...

:O

නාඩියා නාඩිරත්න said...

මොකක්! එතකොට සොඳුරු මගියා විතරද???

෴සොඳුරු සිත෴ said...

ඔවු..85% ක් ඇත්ත කතාවක කොටසක්. ඉතිරි ටික මම හිතල ලීවේ. ඇත්තටම මම මේ කතාවෙ රාමුවෙන් බාහිර කෙනෙක්.

෴සොඳුරු සිත෴ said...

මොකද සුලා............

Maathalan - Priyantha Hewage said...

අර 70 දශකයේ වගේ ඔක්කෝම කොටට ඇන්දනම් අවුලක් වෙන එකක් නෑ... මාර ෆැන්ටසියක් නේ මවලා තියෙන්නේ...

morabba de morabba said...

ගොඩක් අය පිටින් පේනවට වඩා ඇතුලතින් හරිම වෙනස් මම ඒක අත්විඳලා තියෙනවා...

Anonymous said...

ehenam sodurut bus eke hitagena gohin wage :D

OCee said...

මට හිතෙන්නේම එදා ඇයට වඩා දැන් ඇය හොඳයි කියලා.
ආදරේ කියන්නේ හරිම අමුතු දෙයක්, නේද සොඳුරු.....?

Kenji @ Japan said...

නියමයි.!
පිස්සු යකෙක් අරක නම්.
මට අහු වෙන්න තිබුනෙ ඔය වගේ කසිලි පට්ට කෑල්ලක්.

දිලිනි said...

මහා උභතෝකෝටිකයක් වගේ දැනුණා කතාව කියෙව්වම. මිනිසුන් ගේ ජීවිතවල අහුමුළු කොච්චර තියනවද තේරුම් ගන්න බැරි. අන්තිම ප්‍රශ්නෙට උත්තරේ නම් මට හිතෙන විදියට, අතීත ආලය සිය හදවතේ පැළ කල පැළය මහ ගසක්ව මියෑදුනත් හදවත පුරා මුල් බැස පතුලටම ගිලී හදවත බදා ගත් කමකට නැති පෙම නිසා.

රතීගේ දිනපොත said...

පව්නෙ යකෝ. දැන් ගිය එකී ගියා නෙවද? ආලවන්තකම් පාන්ඩ ආපු එකීටවත් සිරාම ලව් කරලා බලහං. උඹ ආදරේ එක නෙමෙයි මෙතන කාරණාව, ඒකි ආදරේ නම් උඹට එච්චරයි. පට්ට කතාව..

arugeadaviya said...

මේ යකාට මේ දෙකෙන් එකක්වත් හරියන්නේ නැහැ බන්. මූව ඩේ කෙයාර් සෙන්ටර් එකකට යවලා තමයි පටන් ගන්න වෙන්නේ.

අඟහරුවා. said...

අනේ මන්ද අක්කේ.. මට තේරුනේ නෑ..

Damith Gunawaredane said...

තමන්ගෙ හිතෙ තියන බ්ලොක් එක සෙට් උනාම අමතක කරන්නම බැ

දයානන්ද රත්නායක said...

මම මෙහෙ‍ම කතාවක් ඇහුවමයි.. මං හිතන්නේ ගිහි ගෙය කළකිරිලා වෙන්න ඇති. මොනවද මේ කෙල්ලන් කරන මෝස්තර කියලා..

Anonymous said...

ඇස් තෙත් වුණා. සක්කර වට්ටම වෙනුවෙන්.......

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) said...

එතකොට කවුද ඇත්තම සක්කර වට්ටම....?

ඉෂාන් said...

මේ ගෑණු ළමයා කියලා තියෙන දෙබස් ටික මාත් හොදට අහලා තියෙනවා. ඒත් ඒවා වෙනස් වෙන්න වැඩිම වුනොත් මාසයක් දෙකක් යන්න ඇති.

පළවෙනි කොමෙන්ටුව. :)

රෙහානි said...

එයාගේ හිතේ ඇඳුන කෙනා මේ රූපය ඇතුලේ නැතුව ඇති...

ඔයාගේ නිර්මාණය හරිම ලස්සනයි...

සපතේරු උන්නැහේ said...

සුනිල් සරත් වගේ කෙනෙකුට අහුවුනා නම් අපූරු ගීතයක් බිහිවෙන්න තිබුන...

Chatura Wijekoon said...

අපූරු කෙටි කතාව..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...