..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, August 19, 2013

නවතිමි


නවතිමි
---------------------------------------


හරි වෙහෙසයි මට

තනියෙන් ඇවිඳින්

මේ දුර තව ඇති දිවි ගමනේ

තව දුර ඇති මුත් 

යන්නට නම් බැහැ

නැවතෙමි මෙතෙකින්

මා මිතුරේ..................

යන්නට හැකි නම්

මා සමඟින් නිති

අත්වැල් අල්ලා ගෙන සිතුසේ

මා මෙහි නවතිමි

නුඹ යළි එනතුරු

යන්නට බැහැ තනියෙන් මිතුරේ



නවතින

මම
෴වත්සලා෴

18 comments:

  1. හා මොකක්ද මේ කරන්න යන්නේ?

    ReplyDelete
  2. මේ මේ දේශා මහත්තයා
    අරක අද වහලා
    අරවා එකක් තියනවා මාලග
    යන්ද ඔය ගමන හලලා

    ReplyDelete
  3. මහ ගිරි දඹ

    සෙක්කුව

    ඔතනින් මාරුවෙනු

    ගමනේ යා

    ReplyDelete
  4. ඔය කිව්වට ඉතින් මෙච්චර කල් තනියෙන්ම එන්න නැතුව ඇති....

    ReplyDelete
  5. වත්සලාට ඕනෑම නම් අතක් දිය හැකිය.
    මමත් කතරගම දෙයිය වගේ තමයි.

    ReplyDelete
  6. @kenji
    මේ කෙන්ජි හරි නරකයි.වත්සලා නවතිනව කිව්වෙ තනිකඩ ජීවිතේට වෙන්ටැ...

    ReplyDelete
  7. මල මගුලයි කිව්වලු ජෝතිෂ තුමෝ...
    ඔබට වගේ මට එහෙම ඝන පිහිටවල බලන්න/දකින්න බැහැනෙ.
    මම ඉතිං කවදත් හැමෝටම දෙන විදියට,දෙන්න පුළුවන් අතම තමා මේ කෙල්ලටත් දික් කෙරුවෙ.
    ලොක්ක ධනු ලග්නෙට මාරක අපල නැහැ නේද?
    රේස් එකක් තියෙනව එන මාසේ.මල මගුලයි කිව්වලු ජෝතිෂ තුමෝ...
    ඔබට වගේ මට එහෙම ඝන පිහිටවල බලන්න/දකින්න බැහැනෙ.
    මම ඉතිං කවදත් හැමෝටම දෙන විදියට,දෙන්න පුළුවන් අතම තමා මේ කෙල්ලටත් දික් කෙරුවෙ.
    ලොක්ක ධනු ලග්නෙට මාරක අපල නැහැ නේද?
    රේස් එකක් තියෙනව එන මාසේ.

    ReplyDelete
  8. ධනු ලග්නෙට දැන් හොඳයිනේ..හෙනහුරත් 11 ඉන්නෙ..රේස් එකක් කිව්වෙ අස්පයොද?

    ReplyDelete
  9. තනියෙන් යන්න බැරි නිසා නවතින්නයි හැදුවේ...
    කෙන්ජි ගෙ අත බාර ගන්න බෑ.මට ඕනි දෙයියෙක් වගේ මනුස්සයෙක් නෙමෙයි....
    ස්තූතියි කෙන්ජි....

    ආහ් මගෙ ලග්නෙ තුලා... හතේ කුජසිකුරු...දහයෙ ගුරු. අටේ රවි චන්ද්‍ර සහ බුධ. පහේ කේතු එකොළහේ රාහු සහ ශනි...අනේ මන්දා... මම හැමදාම තනිකඩ වෙයි ද දන්නෑ.

    ReplyDelete
  10. කාල-සර්පත් තියෙලු.... මොන යෝගෙ තිබ්බත් සහයෝගෙන් ඉන්න හැකි අයයි වැදගත්

    ReplyDelete
  11. @ දේශකයා
    ෂුවර් නේද එනෝමයි කියලා.මඟට ඇවිත් හැරිල යන්න ඔට්ටු නැහැ හොඳේ...ඔන්න ලක්මාල් කන්දෙවිදානෙ කියනවා අරක අද වහලලු.අරව එකක් තියෙනෝලු....අනේ මන්දා පිරිමින්ගෙ රහස්.

    ReplyDelete
  12. අම්බෝ මම ඒත් බැලුවා මේ මොකෑ කියලා

    ReplyDelete
  13. @වත්සලා;
    කාල සර්ප නම් හරි යන්නෙ නයෙක්,පොලගෙක් තමයි.

    ReplyDelete
  14. ඉපදී තනි ව ම
    තනි ව මියෙන ෙලාව
    අත්වැල් කුමකට
    මා මිතුෙර්....

    ReplyDelete
  15. ඇයි අක්ක නවත්තන්නේ...
    තනියම ඉපදිලා, තනියම හැදිලා, තනියම මැරිලා යන මේ ලෝකේ.
    තනිකමේත් එක්තරා විදියක සතුටක් තියනවා අක්කේ..
    ඒත් ඉතින්..
    තීරණය ඔබ අතේ..
    මම මෙහෙට අවෙත් තනියම.
    යා යුත්තේත් තනියම..
    ඉතින් මගේ වැඩත් තනියම කරගනිමි..

    ප/ලි-
    බ්ලොග් එක නොනවත්වනු මැනවි.. කතාව කියවීමට බලා සිටිමි.

    ReplyDelete
  16. ඉංග්‍රීසි කෑල්ලෙන් කියවෙන එකත්
    කිරි ගහට ඇන්න වගේ තමයි
    ------
    අරයත් එක්ක ජෝඩු වෙලා එහෙම ඉතින්
    හිස් තැන්පුරව ගන්න නේද ඔය හදන්නේ
    අනේ සාදු සාදු සාදු
    හැබැයි
    තනිකමේ අයිතිය ලියල දෙන්න නම් එපා

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...