..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, August 22, 2013

෴ හොද්දා ෴



හොද්දා
-------------------



ස්ථානය- දකුණේ කැම්පස් එකක ගේට්ටුව ගාව .
මුහුණේ මහන්සිය රැදි විඩාබරිත මවක්.ඇය විටින් විට සාරි පොටෙන් පවන් සලයි. ගෙල ඔසවා ගේට්ටුවෙන් ඇතුලත එඹී යමක් සොයයි.

ඇය පාමුල තරමක කාඩ්බෝඩ් පෙට්ටියකි. එහි පුරවා ඇති බඩු මුට්ටු එළියට පනින්නට දඟලන දැගලිල්ල ආයාසයෙන් නවතා ඇත්තේ තදින් බැද ඇති ලණු කැරල්ලකිනි.

“ ඇයි අම්මා...කාවද සොයන්නේ “

“ උක්කුං පුතා ම්ම්.... මේ ....... අමිල පුතාව“

“ අමිල?............. අම්ම කොහ ද ?“

“පොළොන්නරුව“

තරුණයා මදක් කල්පනා කරයි.

“ මොන ෆැකල්ටියෙ ද පුතා ඉන්නෙ අම්මා “

“ ඒ කීවේ? “

“ ඉගෙන ගන්නෙ මොනාද?“

“ ආහ් මෙන්න මේ කොළේ ඔක්කම ලියල ඇති පුතේ “

කිලිටි ලේන්සුවකින් ගත්....සුරුංණ්ඩුවක් වැනි කොලයක් තරුණයා අත තබයි.

“ අමිල දේවනාරයන-විද්‍යා පීඨය පළමු වසර ‘“

තරුණයා මදක් කල්පනා කරයි...හදිසියේම වාගේ එතැනින් ගිය තවත් කරුණයෙකුට කතා කරයි.

“ මචං ෆිල්ටරේ මෙහෙ වරෙන් බං.උඹලයෙ බැච් එකේ ඉන්නව ද පොළොන්නරුවෙ අමිල,“

“ අමිල දේනාරායන “ අම්මා නම උච්චරණය කරයි.

“ අමිල....ම්ම්.... අර සුදු උස එකාද බන් “

තරුණයින් දෙදෙනාම මව දෙස විමසිලිමත් දෑස් හෙලයි.

“ නෑ පුතේ උක්කුං පුතා කළුයි “

“ කළු...ආහ් අර කොණ්ඩෙ පොකුටු ..“

“ඔවු ඔවු... කොල්ලගෙ කොණ්ඩෙ කරැලි තමා “

“ යකෝ මේ අපෙ හොද්ද ගෙ අම්ම නේ “ අනිත් තරුණයා සතුටින් පිලිතුරු දෙන්නේ මවගේ දකුණතේ බරට  ඇති පාර්සලය දෙස විමසිලිමත් දෑස් හෙලමිනි....


24 comments:

  1. ජෝති නරකද සොඳුරුව සහේට ගත්තොත්?????

    ReplyDelete
  2. මොනවද පසු ව ලියන්නේ?

    ReplyDelete
  3. ඉතිරියත් මෙතනම ලිවානම් තමයි වඩා රසවත්/

    ReplyDelete
  4. හොද්දා - හැම වි.වි.යකඛැම කාලෙකම පාවිච්චි වෙන නමක්.

    ReplyDelete
  5. අඩේ!!! තාමත් අපි ඒ බත් එක එනකම් මඟ බලාගෙන ඉන්නවා!

    ReplyDelete
  6. ජෝති අයිය කිව්ව වගේ සොඳුරු මතක තමයි. සොසීටත් කාඩ් එකක් තියෙන්න ඇති නේද? උඩ හිටිය හැමෝටම කාඩ් තිබුන. පහල අපේ නං ගෑල්ලමය්න්ට කාඩ් තිබුනෙ අඩුවෙන්.
    පසුව ලියන්න මේක කොට වැඩියි!

    ReplyDelete
  7. ඕගොල්ලන්ගේ කාලේ රුහුණේ හිටියද කොබා කියලා පොරක්?

    ReplyDelete
  8. කොහොමත් කැම්පස් එකේ දී උප්පැන්නේ තියෙන නං පාවිච්චි වෙන්නේ හුඟක් අඩුවෙන්නේ.

    ReplyDelete
  9. මෙයාට වැටිච්ච කාර්ඩ් එක කොල්ල කරල ලියල ද කියලත් සැකයි.

    ReplyDelete
  10. මෙන්න අපේ පරිප්පු හොද්දා ගැණ කතන්දරේ!
    http://kathandara.blogspot.com/2011/09/dining-sangamtta-hall-peradeniya.html


    .

    ReplyDelete
  11. අපේ අම්මත් මෙහෙමමයි මාව හොයන් එන්නෙ. කොහේ හරි කැම්පස් එකක ගෝරියක් ගියොත් අපේ කොල්ලො දන්නවා අම්ම පහුවෙනිදා එනවා කියලා. ඒකට උන් පුදුම ආසයි. අම්ම ගේන 10 විතර සෑහෙන බත් පාර්සලෙයි, අම්මවයි එක්ක එන්නෙ පෙරහැරේ.

    ReplyDelete
  12. ඔය පාර්සල්වල නියම අගේ දන්නේ රට ඉන්න උන් තමයි! අලුවා කෑල්ලක්,කැවුමක් කන්න වෙන කොහෙන්ද චාන්ස්!

    ReplyDelete
  13. jhothisha lanka
    ස්තුතියි...
    ඔන්න කපුවෙක් ඇවිත්...අහුවෙන්නෙපා ඕවට. මම බැඳල ළමයිතුත් ඉන්නවා....හෙහේ

    Anonymous
    කපුවෙක් ද?

    දිලිනි
    ප/ලි හෙවත් පසුව ලීවේ .මට මේ අදහස ගෙනාපු බ්ලොග් එක.ඒකෙ ලින්ක් එක තමා එය පලි එකට පස්සෙ තියෙන්නේ. ඒක කියෙව්වමයි මට මේ අතීත කතාව මතක් වුනේ.ඉතින් ඒ බව කියන්නයි පලිකොටස ලීවේ

    ReplyDelete
  14. Ayilas A
    තව ලියන්න දෙයක් නෑ...පලි කියල දැම්මේ මේකට හේතුවු කාරණාව.ඒ බ්ලොග් ලිනක් එක තමා පලියෙ තියෙන්නේ. පලි කියල අපි කියන්නේ ලියුමක වගේ ලියන්න තිබිල නමුත් අමතක වීමකින් ලියන්න බැරි වුනාම පස්සෙ ලියන කොටසයට.(පසුව ලියමි (පලි)

    හරියට අනිත් පිට බලන්න.අ.පි.බ වගේ.....

    ස්තූතියි Ayilas A ඔයාට.මේ පැත්තෙ ආවට වගේම කමෙන්ටුවකුත් ලීවට...

    ReplyDelete
  15. කතන්දර කාරයා
    ඔවු.ගොඩාක් කාඩ් එහෙමයි. හොද්දා.ෆිල්ටරේ වගේ නම් හැම වි.වියකම වගේම එකම විවියෙත් බැජ් කිහිපයම භාවිතා වෙනවා.එතකොට සුළු වෙන් කර ගැනීමක් දානව.
    “ මොන ෆිල්ටරේද බන් ? සිගරට් ෆිල්ටරේද වතුර ෆිල්ටරේද?“
    “මොන හොද්දද බන් , තර්ඩ් ඉයර් එකාද සෙකන්ඩ් ඉයර් හොද්ද. ඔය වගේ වැඩ කරන්නෙ නම් පරිප්පු හොද්ද තමා “
    අන්න ඒ වගේ....

    නාඩියා නාඩිරත්න
    අඩේ...ඒ කියන්නේ නාඩියා තවම වි.වි සිසුවෙක් වගේ.... ඔහොම යං..

    රාජ්
    මාත් විද්‍යා පීඨ උනාට හොද ප්‍රගතිශීලි කෙල්ලෙක් තමා.රාජ් මාත් උඩ කැන්ටිමේ...ඒත් ඉතින් දැන් මක්කටෙයි ඒ කාලේ කාඩේ..නැද්ද මං අහන්නේ....

    arugeadaviya
    “කොබා “.....මට මතක නෑනේ

    ReplyDelete
  16. @ධාරා@
    ඔවු...ඒකෙන් වෙන පාඩුවකුත් තියෙනව ධාරා.අපි කැම්පස් එකෙන් එළියට ගියහම.අදුරන අය අහන්නෙ සැබෑ නම කියල අහවලාව අදුරනවද කියලා.එතකොට අපිට හැබෑ නම මතක නැති නිසා අපිට අහන්න වෙනවා.එයාගේ කාඩ් එක මොකක් ද කියලා....

    Kenji @ Japan
    අනේ යන්න කේන්ජි මාමේ.... මම හොදි වලට කැමැති නෑනේ.ඒ නිසා මම හොද්දි නෙමේ.අනික හොද්දගෙ කොක්ක තමා හොද්දි වුනේ.එයා ජුනියර්.

    @වෙද ගෙදර මහ වෙදනා@
    ආයෙත් අහල වෙදනෝ. අම්මල ගෙ ආදරේ එහෙමයි.උදේම නැගිටල කෙසෙල් කොල තවල. බත් මාලු පොලොස් හදන්නේ ඒ අම්මගෙ පුතාට විතරක් නෙමෙයි.අනිත් පුතාලා කාටත් එක්ක. ඒ අම්මගෙ සතුට ඒකයි...ස්තූතියි වෙදනෝ සංවේදී හැඟීම් මතක් කලාට.

    Sabith
    මට තේරෙනවා.කැම්පස් එකට රස බත් හිඟයි.ඒ නිසා පිටින් එන පාර්සලේට වටිනකම වැඩියි.පිටරටක ඉන්න අයට රසකැවිලි හිඟයි...

    ReplyDelete
  17. පරණ මතක.. :) හොද්දා කාඩ් එකකට මරු නම.

    ReplyDelete
  18. Api ara kathaawa enakal balan innawa.. Meya mehe card ekak kathaa karanawa...

    ReplyDelete
  19. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
  20. MONAWATADA PASSE LIYANNE/ DAN MAMA LIVANAM IVARINE.

    ReplyDelete
  21. මට නම් මදි මදි ගතියක් තේරෙනවනේ :(

    ReplyDelete
  22. අනේ චුටි උක්කුන් පුතාට වෙච්ච දේ?

    ReplyDelete
  23. මටත් උනා ඔයවගෙ වෑඩක්.අපෙ තත්ත එනව කියල තිබුන.මම බත් කන ඉස්සරහ කඩෙ අක්කට කිවුව තත්ත එවි.පනිවිඩෙ එවන්න කියල.තත්තටත් කිවුව ඉස්සරහ කඩෙන් අහන්න කියල.තාත්ත ඈවිත් කඩෙ ඉන්න කොල්ලොන්ගෙන් අහල නම කියල .කවුරුවත් දන්නෙ නෑ.කඩෙ අක්ක එලියට ආපුවම මෙක දෑකල එකෙකුට කතා කරල කියල ඔය ටො------ ග තත්ත කියල.එ පාර මෙන්න නොදන්න එකෙක් නෑ ලු.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...