..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, August 2, 2013

ලස්සන දවසක්

පළමු කොටසට 
දෙවන කොටස


ලස්සන දවසක්
තෙවන කොට ස







මා උකුලේ හිස හොවා ගෙන ඔහු ඉකිබිඳිමින් හඬයි.ඔහුගේ උණුසුමවැඩියෙනුත් කඳුළේ තෙතමනය ත් මට දැනෙයි. මා ඇදේ වාඩි වී සිටි අතර ඔහු බිම වාඩි වී මගේ උකුලේ මුහුණ සඟවන් හඬයි. . . . ඔහුගේ පලල් උරහිස් විටෙක ගැස්සෙයි. මගේ සිහින් ඇඟිලි තුඩු ඔහුගේ කැරලි කොණ්ඩය අතරේ හෙමින් හෙමින් එහාට මෙහාට යයි.

ඔහු දෙස බලා සිටීමට නොහැකි තැන,ඔහුට හඬන්නට ඉඩ හරිමින් ඔහුගෙන් මුදවා ගත් දෑස ඔහුත් මාත් තනිවූ කාමරය සිසාරා සරන්නට විය. මේ කාමරය ඔහුටත් මටත් පිටස්තර තැනක් නොවීය. ඔහුගේ සුසුම් වලට මුසුවූ මගේ සුසුම් කොතෙක් නම් මේ වා තලයට මුසුවන්නට ඇද්ද.

එක රැල්ලකදු නොමැතිව සීරුවට ඇති සුදු ඇඳ රෙද්ද කොතරම් වාරයක් පොඩි වන්නට ඇද්ද.ඔහුගේ මුදු කෙහෙරැළි අතරින් මුදවා ගත් මගේ දකුණත පිළිවලට දමා ඇති සුදු ඇඳ රෙද්ද මත එහා මෙහා ගියේ ඒ මත වැටී ඇති අප මතකයන් යමක් වේ දැයි සොයනා පරිද්දෙනි.

ඔහුගේ හැඩීම නැවතුනේ කොයි වෙලේදැයි නොදන්නා මුත් ඔහු මගේ උකුළින් හිස ඉවතට නොගනී. සමහර විටෙක ,පිරිමියෙක් වූ ඔහුට නොසිතූ මොහොතක මෙසේ හඬ වැටීම සිතට ලැජ්ජාවක් ගෙනෙන්නට ඇත.

ඔහු අසරණ වූ සෑම විටකම පාහේ එයින් ඔහු මුදවා ගැනීමට ඉදිරිපත් වීම මාගේ ක්‍රමයයි.

“ මොකද මේ ? ආහ් , හරි හරි කෝ බලමු මූණ ඩිංගක් “

මා උකුලෙන් ඔහු හිස මුදවා ගැනීම දෑතින්ම ඔහුගේ මුහුණ ඔසවන්නට තැත් දරමින් මම පැවසූවෙමි.

“ ඔයා පොඩි බබෙක් වගේ නෙ අනේ. කෝ කෝ . . . දැන් ඇති හුරතලේ “

බලෙන් ඔසවන ලද ඔහුගේ මුහුණේ දෑස් දෙස බැලීම මට ගෙන දුන්නේ දැඩි අපහසුවකි. නිතරම සිනාසෙන තීක්ෂණ පිරිමි දෑස , කඳුළින් තෙමී රතු වී අසරණකමින් මිරිකී ඇත.

“ මූන සෝදන් එන්න රත්තරනේ “

අවසානයේ දී අපහසුවෙන් නමුත් වචන ගලපා ගතිමි.

විනාඩියෙන් විනාඩිය ගෙවී පැය තුනකට අධික කාලයක් ගෙවී ගිය ද , එකම ඇඳේ දෙපසින් වාඩි වූ අප දෙදෙනා අතර කිසිදු වදනක් ඉන් පසු හුවමාරු නොවීය. නිහඬ බව දරා ගත නොහැකිවූ මා සෙමින් කට හඬ අවදි කළෙමි.
“ මේ අහන්න . ඔයාගෙයි මගෙයි සම්බන්ධය ඔයාට මේ තරම් සංකීර්ණ කරදරයක් නම් ,අපි ආපහු හමු නොවී ඉමු.මම මගෙ වේදනාව දරා ගන්නම්. කොහොමත් අපි කසාඳ බඳිනෙකක් නැහැ කියල මම දැනන් හිටියා.“

“ මට සමාවෙන්න “

“ සමාවෙන්න ඕනි නැහැ.ඔයා කිසිම දෙයක් තනිමතයට කළේ නැහැනේ.ඒත් මට දැන ගන්නෝනි බිඳක් වත් මට ආදරේ නැත්තෙ ඇයි කියලා “

“ නෑ . . . .ආදරේ නැතිව නෙමෙයි “

“එහෙනම් . . . “

“ ඒක ඔයා හොයනව වගේ ආදරයක් නෙමෙයි. “

“ අනේ මේ  . . . .“

ක්ෂනිකව හුන් තැනින් නැගිට ගත් මම ඔහුගේ ඉදිරියෙන් සිට ගත්තෙමි.

““ ඔයා ඔය කියන ආදරේ මං දන්නෑ. දැන් මම කීවනේ.මේක මෙතනින් ඉවරයි.ඔයාට ඕනි මගෙන් නිදහස් වෙන්න.දැන් ඒක හරි.ඒත් ඔයා මට සලකපු විදිහ අන්තිමයි.මමත් හදවතක් තියෙන මනුස්සයෙක්. මම ඔයාට ආදරෙයි . . . .  ඒත් ඔයා මාව . . .“

පවසන්නට යන දේ සම්පූර්ණ කර ගත නොහී පෑරි පෑරී තිබුනු සිත උතුරා දෑස් වලින් එළියට පනින්නට විය.

වහා නැගිට ගත් ඔහු ,මා ආසම කරන ඔහුගේ පලල් පපුවට මා තුරුලු කර ගන්නට හැදූව ද මිටි කර ගත් අතින් ඔහුට පහර දුන් මා ඔහුගෙන් ඈතට වූයෙමි.

“තමුසෙ මහ කපටියෙක්.තමුසෙට ඕනි වුනේ මොනවද කියල දැනුයි මට තේරෙන්නෙ. තමුසෙට මං රැවටුනා .“

මගේ එවදන් අසා කිසිම කලබලයකට පත් නොවු සේ ඔහු කාමරයේ පළල් ජනේලය වෙත ගොස් ජනේලය වසා පැතිර තිබූ ගොරහැඩි ජනෙල් තිරය දෙපසට කරන්නට විය.

කාමරයේ සිහින් අඳුර මැකී , කෙළින්ම පතිත වූ ආලෝකය කාමරය පුරා විසිරී යද්දී , මෙතෙක් ඔහු දොරගුලු ලා වසා අඳුරේ තබා ගෙන හුන් ඔහුගේ ජීවිත කතාව ද ක්‍රමයෙන් යළි ආවර්ජනය කරන්නට විය.

“ මම කෙනෙක්ට තදින් ආදරය කරනව නිසංසලා “

ඔහු ගේ අඳුරු ගුහාව තුල සැරීමට පතිත වූ පළමු හිරු කිරණ එය විය.....

ඔහුගේ කතාවෙන් නැවත හමු වෙමු........

10 comments:

  1. කතාව මුල ඉඳන් කියෙව්වෙ දැනුයි.ලස්සනට ලියල තියෙනව.

    මේ කතාව කතන්දරයක් පමණක් නෙවෙයි.මේ වගෙ කතන්දර හැබෑ ලෝකෙත් තියෙනව අෆ්ෆ.මහ විශාල කළකිරීමක් ඇති උනා.
    ඉතුරු ටිකත් ඉක්මනට දායි කියල බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
  2. Affaa athi yantham ada kotasak daala. Uda comment eke wage me widiye kathaa naththemath na. Ithuru tika kiyawanna Agosthu walin passe ennam honde! Jaya wewa!

    ReplyDelete
  3. අනේ ඔක්කොම එකපාරම ලියලා ඉවර කරන්න

    ReplyDelete
  4. හැම දා ම කුතූහලයක්....

    ReplyDelete
  5. හැමදාම ඔහොම කතාවල අන්තිමට වැරදිකාරය කොල්ල.. ඒක අසාධාරණයි.. මේ කතාවෙ ඒක වෙනස් කරන්නම ඕන

    ReplyDelete
  6. balan indala ati unaa. Aayeth sati 3k 4k blan innamko itin.

    ReplyDelete
  7. සොඳුරුගේ කතාවල තියන මැජික් ගතිය එක මේ කතාවෙත් තියනවා..ඊළඟ කොටසත් බලන්න අනිවාර්යයෙන්ම එනවා.

    ReplyDelete
  8. වෙලාවක් හොයාගෙන කථාව මුල ඉඳලා කියවන්න ඕනි..

    ReplyDelete
  9. meka puduma wadak ne!!

    mata labuna nimiththama e widiyatama wena kenekta labila e widiyatama!!!!!!!

    ane ithin dan mama kohomada me gana liyane? he he he

    e unaata kamak nehe... mamath liyanawa me gana :D

    niyamaaaai

    ReplyDelete
  10. ko meke ithiri tika aaaaah????

    ioooo dannako appaaaa

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...