..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, August 1, 2013

සුගත් හමුවුනෙමි

සුගත් හමුවුනෙමි


“කියන්න මට , 
ඔය හීනි ඇස් වල , 
පිරිලා උතුරන්න 
ඔන්න මෙන්න තිබ්බ 
කඳුළු, 
බිඳක් වත්
කොපුල් මත නොසලා 
හිනා වුනු හැටි 
හදවතින්ම නුඹ ,
සුබ පතල ඇයට “

හ්ම් . . . . . 


නුඹෙ කතාව අහල , 
මගේ කඳුළු වැල් 
තාමත් බේරෙනවා 
කම්මුල් දිගේම.......

“ අනේ සුගත් ...
ඔහෙ හරිම මෝඩයෙක්
පළිගන්න තිබ්බෙ
ඇගෙන් හොඳ හැටි

ඊටත් වඩා
දැන් උඹ මැට්ටෙක්
නුඹ ළඟ ඉන්න
මා නොපෙනෙන
උඹ නම් හැබෑම
මෝඩ මැට්ටෙක් 

සුගත් එක්ක තරහින්
මම
සොඳුරු සිත

15 ප්‍රතිචාර:

අඟහරුවා. said...

Ko affa ara kathaawe ithuru hariya? Eka kawadda daanne?

කතන්දර කාරයා said...

ඔය උඩින් තියෙන ෆොටෝ එකේ ඉන්නේ O/L ළමයි නොවේ. ගුරුවරුන්ටත් වඩා වයස නලුවෝ..!

පස්සේ කාලෙක ආපු ටෙලියේ හිටිය සුදරක යි, අනෝම යි නම් ටිකක් හෝ තාත්විකයි.

Maathalan - Priyantha Hewage said...

ඕක මොකක්ද කැඩපතක ඡායා එකේ ස්වර්ණත් ඉස්කෝලේ යන්නේ.. මම හිතන්නේ එතකොට ස්වර්ණට 50ක් වත් ඇති. හැබයි ඒක සම්භාව්‍ය ෆිල්ම් එකක්.

Maathalan - Priyantha Hewage said...

කැඩපතක ඡායා එකේ, අවුරුදු 50 ක් විතර වෙන ස්වර්ණා ඉස්කෝලේ යනවා. හැබයි ඒක සම්භාව්‍ය ෆිල්ම් එකක්.. තව නියම සීන් එකක් තියෙනවා. ස්වර්ණගේ කන්‍යාභාවය නැති වෙනවා. මුළු කාමරේම ලේ, දොරෙන් එලියටත් එනවා, මිනීමැරුමකවත් එච්චර ලේ එන්නේ නෑ. හැබයි ඒක සම්භාව්‍ය ෆිල්ම් එකක්.

Maathalan - Priyantha Hewage said...

කැඩපතක ඡායා එකේ, අවුරුදු 50 ක් විතර වෙන ස්වර්ණා ඉස්කෝලේ යනවා. හැබයි ඒක සම්භාව්‍ය ෆිල්ම් එකක්.. තව නියම සීන් එකක් තියෙනවා. ස්වර්ණගේ කන්‍යාභාවය නැති වෙනවා. මුළු කාමරේම ලේ, දොරෙන් එලියටත් එනවා, මිනීමැරුමකවත් එච්චර ලේ එන්නේ නෑ. හැබයි ඒක සම්භාව්‍ය ෆිල්ම් එකක්.

Dayal Bathee said...

සුගත් උඹ තාම බොනවද ?

නෑ මං ඒක දැන් ප්‍රේම කරල බඳින එවුනට භාරදුන්න, කස්ටිය ප්‍රේමෙ ජයගත්තාට දැන් හැමදාම හැන්දෑවට 'දුක්'වෙනව!

දිලිනි said...

අර කතාවේ ඊළඟ කොටස?

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) said...

පලිගැනීම කියන එක ආගම කරගෙන් ඉන්නේ අද කාලේ සුගත්ලා.

රෙහානි said...

:)

Damith Tharanga said...

ඇයි සොඳුරු සිත තරහ වුනේ එක පාරටම. පලි ගැනීම හොඳ නෑ හිත හදා ගැනීම ම මිසක...

Anonymous said...

අදයි පළමුවරට ආවේ

෴සොඳුරු සිත෴ said...

text want to show

෴සොඳුරු සිත෴ said...

@අඟහරුවා

මෙන්න කතාවේ ඉතිරි ටික

Ravi said...

සුගත්ගේ කරුණු පැහැදිලි කිරීම නොහොත් විත්ති වාචකය.

මෙහි විත්ති වාචකය යන යෙදුමට මම නොකැමැත්තෙමි. එහෙත් ඔබ සුගත් විත්ති කරුවකු කොට විත්ති කූඩුවට අත්තනෝමතිකව නංවා ඇති බැවින් එසේ යොදන්නෙමි. පාපෝච්චාරණය යන්න නොයොදනුයේ කිසිසේත් මේ එවැන්නක් නොවන බැවිනි.

දම්මි යනු මගේ එකම ආදරයයි. ඒ මගේ ඇට මස් නහර කිඳා බැසගිය මගේ මුළු මහත් ආත්මයම ජීවත් කරවන එකම ආදරයයි.මම මුල් වරට පෙම් කලේ ඇයටය. එසේම ඒ ආදරය මගේ ජීවිතය පවතින තුරු, සමහරවිට මරණින් මතු පවා මා සමඟ පවතිනු ඇත.ඒ මගේ වරදක්දැයි මම නොදන්නෙමි. එකිනෙකාගේ අදහස් බොහෝ සෙයින් විෂමය.ඔබ මා මෝඩයෙක් කොට සැළකීම පිළිබඳව මම පුදුම නොවන්නෙමි. එහෙත් මම පුදුමයට පත් වන්නේ අවම තරමින් මා සිත වටහා ගැන්මට පවා ඔබ කිසිදු උත්සාහයක් නොගැනීම පිළිබඳවය.

ඔබ මට ආදරය කරන බව මම හොඳහැටි දනිමි. එහෙත් ඔබ වටහා නොගන්නා සත්‍යය නොඑසේනම් ඔබ වටහාගැන්මට තැත්නොකරන සත්‍යය නම් ඔබ මවෙතින් පතන ආදරය ඔබට පෙරළා ලබා දීමෙහි මට කිසිදු හැකියාවක් නොමැති බවය.එවැන්නක් පිළිබඳව සංඥාවක් හෝ මගෙන් නොදැනුවත්ව නිකුත් වූයේ නම් ඒ පිළිබඳව මම ඔබෙන් බැගෑපත්ව සමාව අයැද සිටින්නෙමි.

දම්මි පිළිබඳව මසිත පිරී ඇති සෙනෙහස මසිතින් කෙදිනක හෝ වියැකී යා හැක. එහෙත් එතෙක් ඔබට මා වෙනුවෙන් බලාපොරොත්තුවෙමින් කාලය ගත කල නොහැකි බවද මම හොඳින්ම දනිමි.

එබැවින් පිය ළඳුනි,මහා සාගර මධ්‍යයෙහි අඳුරේ එකිනෙකා පසුකර යන නෞකාවන් යුගලක් මෙන්.....නැත ඊට වඩා සුදුසු උපමාවක් මම දනිමි.....අප ඉමක් නොපෙනෙනා ජීවන ගමනෙහි එක් මංසලෙක හමුවූ ආගන්තුකයෝ දෙදෙනෙකු වැන්න.අනුයාත මංසල තෙක් අපට එක්ව ගමන් කල හැක. එහෙත් ඊළඟ මංසලෙහිදී අප අනිවාර්යයෙන් වෙන්ව යා යුතුය. මතක සුවඳ පමනක් රැගෙන අප වෙන්ව යා යුතුමය.

ප්‍රාර්ථනා said...

සුගත්ට බනින්න එපා අක්කේ,හිතට දුකයි...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...