..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, July 6, 2013

හිත රැඳි - ළඟ නැති

හිත රැඳි - ළඟ නැති

නිමිත්ත :- ‍අතීත‍යේ දී ‍පෙමින් ‍වෙලී සිට ‍වෙන් වුනු ‍පෙම්වතුන් යුවලක් , තම තමන්‍ගේ දරුවන්‍‍ගේ පාසල් සංවර්ධන සමිති‍ දින‍යේ දී හදිසි‍යේ මුණ ගැසෙන්නේ තම වර්තමාන ‍ලෝක‍යේ බිරිඳ හා සැමියා සමඟිනි. 





නු‍ඹේම ඇස් ඇති පුංචි පු‍තෙක්
ම‍ගේ සිනා‍වෙන් මුව සරසා ‍ගෙන
ඔහු‍ගෙ අ‍තේ එල්ලී යන අන්දම
තවත් ‍කෙ‍නෙකු‍ගේ ‍හෙව‍නේ සිට නුඹ
දිනක් බලා ‍ගෙන  උන්නා

“ම‍ගේ ඇස් ‍දෙකක් ආවේ ‍කො‍හොම ද
සැ‍කෙන් ව‍ගේ නුඹ ඇසුවා “

නු‍ඹෙත් ම‍ගෙත් ‍නොවනා
‍පෙම් ලොවක දී
අමතක කරන්න බැරි එක දෑසක්
හි‍තේ තිබිලා අර‍ගෙන ඇවිදින්
කියනා විට දී කලබල වූ නුඹ

නුඹ‍‍ගේ පුතු‍ගේ නිල්මිණි දෑසට
හනිකට එඹිලා බැලුවා

13 ප්‍රතිචාර:

චමී4යූ~chami4u said...

මේ පුංචි නිසදැසේ ලොකු කථාවක් ලියවිලා තියෙනවා නේද , මටනම් මේක තේරුනේ අමුතුම විදියකට නිකන් අසම්මත සිදුවීමක් වගේ ... ඒ මට තේරෙන හැටිද නැත්නම් ඇත්ත ඒකද...

ලස්සනම නිර්මාණයක් .

Anonymous said...

උපරිම ලිංගික තෘප්තියක් ලබා ගන්නේ කෙසේද ( 18 + )


කතන්දර කියන්නේ ටැබූ නෙවෙයි. ටැබූ වෙනත් නමකින් බ්ලොග් කරණයේ ඉන්නවා. ඔහුව ඔබට හමු වී තිබෙනවා. ටැබුගේ හැසිරීම් සහ දැනුම ගැන වැටහීමක් ඇත්තෙකුට ටැබූව හඳුනා ගතහැකියි. ( හඳුනාගත්තද ප්‍රසිද්ධ නොකරන්න )

අටම්පහුර said...

මේක නං මට ගොඩක් දැනුනා . මේ හා සමාන සත්‍ය අත්දැකිමක් මට තියනවා, වරදවා හිතන්න එපා මේකම නෙමෙයි , ඒක මෙච්චර සැර නැ.

නාඩියා නාඩිරත්න said...

අසම්මතයක් නෙවෙයි වගේ.. ස්වයංජාත මතක් උනා...

දිලිනි said...

ඇත්තට ම මටත් මතක් වුණේ ස්වයංජාත...
"නු‍ඹෙත් ම‍ගෙත් ‍නොවනා
‍පෙම් ලොවක දී
අමතක කරන්න බැරි එක දෑසක්
හි‍තේ තිබිලා අර‍ගෙන ඇවිදින්"
කියන වචන ටික හිතට දැනෙනවා හොඳට ම....

Chandi said...

ඇත්තටම හද පතුලටම දැනුනා. මේ අත්දැකීම මටත් පොදුයි. ප්‍රතම ප්‍රේමය! හදේ නිදන්ව ඉන්නවාම තමා.

senkolaya diyawannawe said...

සෙන්කෝලය
මෙන්න තවත් අලුත් බ්ලොග් මැගසින් එකක් ඇවිල්ලා

Dayal Bathee said...

සෑහෙන බොන්න වෙන අදහස්
ආදරේ
ආදරේ
ඔබට මගේ තිබූ ආදරේ
ඒ ඇස්වල සටහන් වී තිබුනා ද?

Anonymous said...

KATHANDARA KIYANNE TABOO NOVE, KAKKA KIYANNE APATA PUKA, JOKA, CHOO, PADA, JEE GENA KIYADENA APE MAHA BOGG KARU.

Black Puma said...

ඒ මොහොත මොන වගේ වෙයිද කියලා හිතා ගන්නත් බෑ. ඒත් ආසයි කවදා හරි අත්විදින්න

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) said...

ඇත්තටම සංවේදී මාතෘකාවක්, මේ ඇත ද්කීමට අඩු වැඩි වශයෙන් මුහුණ දී නොමැති අය සිටිත්ද?

රාජ් said...

හ්ම්!

Deeps said...

ස්වයංජාත පොත කවියකින් කියෙව්වා වගේ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...