..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, July 29, 2013

ෆ්ලොරෙන්ටිනෝ මුණ ගැසුනෙමි........

ෆ්ලොරෙන්ටිනෝ මුණ ගැසුනෙමි........





ෆ්ලොරෙන්ටිනෝ . . . . .


ෆ්ලොරෙන්ටිනෝ අරිසා . . . . . . . . . . 


මට ඔබ හමුවූයේ පොතක් තුල ගුලි වූ චරිතයක් ලෙස වුවත් , පොතින් දත් ඔබ හා ආදරයෙන් බැදුනේ ඔබ වැන්නවුන් මෙලොව නැති බැව් මා විස්වාස කළ බැවිනි. 


නමුත් නුඹ දන්නවා ද?


එක් දවසක, එක් හවසක සැබෑ ලොව සැබෑ හමුවක දී මා වටා සිටි එක් චරිතයක් හඳුනා ගන්නට ලැබුණි. ඒ නම් නුඹගේ වර්තමාන ප්‍රතිබිම්බයයි. ඔහු සැබෑ මිතුරෙකි, අවංක ගති ගුණ වලින් යුතු හේ මා සිත දිනා ගත් හොඳම මිතුරාය. නමුත් ඔහු වසා ගෙන සිටි සැබෑ ප්‍රේමනීය චරිතය කිසිදු අඩුවක් නොමැතිව නුඹ ම විය.



මා කළ යුතුව තිබුනේ ඔහු සදාකල් මා මිතුරා ලෙස පමණක් ළඟින් තබා ගැනීම පමණක් බව මට වැටහෙන විට සියල්ල සිදු වී හමාරය. කෙසේ හෝ මා ඔහු ට ආදරය කරන්නට ඇත.


නමුත් ඔහු පාසල් යුගයේ හමුවූ  ෆර්මිනා දාසා‍ කෙනෙකුන් හමු වේ ප්‍රේමයේ පරාජිතයෙකු බවට පත්ව නුඹ මෙන්ම ජීවිතය ගෙවන්නෙක් බව මා දැන ගනිද්දී , නොගැලවිය හැකි තරමට ඔහුට ආදරය කරමින් සිටි යෙමි.


ෆර්මිනා දාසා විසින් පෑරු සිත දරන්, වෙන ගැහැණුන්ගෙන්  ගත සනසවා ගන්නට ඔහුට හැකි ය. ආදරය බිඳකඳු හෝ බිම නොවටා ඔහු ලබන්නේ කුමක් දැයි මට වටහා ගත නොහැකි ව තව තවත් මා විසින් වියූ දැලේම පැටලෙමින් සිටිද්දී ,එක්වරම සිතට නැඟි ආවේගය නිසා මා ඔහුව අතැර දැම්මෙමි.


ෆ්ලොරෙන්ටි නෝ  සිත්තමක් ලෙස සිතේ ඇද දුන්  Gabriel Garcí­a Márquez ගේ මේ කියමන කොතරම් නම් සත්‍යයක් වන්නට ඇද්දයි සිතුනේ සැබෑ ෆ්ලොරෙන්ටිනෝ  මුණ ගැසුනු පසුවයි. 



sex is the consolation you have when you can't have love” 



කිසිදා හඳුනා ගත නොහැකි වූ මේ අපූරු සත්ව කොට්ඨාශය නිසා සිත රිදවා ගැනීම නොවටින නමුදු ඔවුන් කොතරම් මෝඩ සතුන් පිරිසක් දැයි වටහා ගන්නට මා වෙර දරමි.


කෙනෙකු ජීවිතය පුරා සිතේ දරා ගනිමින් , අන් ගැහැණුන් සමඟින් සතුටින් රඟන්නට ඔවුනට හැකිවුයේ කෙලෙසදැයි වටහා ගත නොහැක. 



ෆර්මිනා දාසා විවාහ වූවාය , දරුවන් ලැබුවා ය ජීවිතයේ සියලු කඩ ඉම් පසු කෙරුවාය. එවැන්නියක් තුල වූ විශේෂත්වය ෆ්ලොරෙන්ටි නෝ ට මුණ ගැසුනු අන් ගැහැණුන් තුළ නොවූයේ ද? නොමැති නම් එය නොදැක්කා මෙන් සිටීමට ෆ්ලොරෙන්ටි නෝ  අන්ධ වීද.


කෙසේ හෝ නුඹ පිරිමින් කෙරේ මා සිත ඉතිරිව තිබූ අන්තිම තෙතමනය ද හදවතින් ගලවා විසි කර දැමූ බව නම් නොකියාම බැරිය. නුඹගෙන් දුටු පෙම්වතා ඉවත හෙලා මිතුරා පමණක් දැක ගත යුතුව තිබුනා නොවේ දැයි සිය දහස් වාරයක් මට හැගෙන්නේ එනිසා ය.


නුඹ මා කෙරේ අසංවේදී වූ අවස්ථා එකින් එක නුඹට මතක් කර දෙන්නට මා නොකැමැත්තෙමි. ඒ එයින් නුඹට නොරිදෙනා මුත් මසිත තදින්ම පෑරෙන බැවිනි.


නුඹ සෑම විටම පැතූ “රහස්‍ය ප්‍රේමය “ මා තදින්ම ප්‍රතික්ෂේප කරමි. දෙදෙනකු අතර ඇතිවන ප්‍රේමය ,ගස් වැල් සුළඟ අහස පොළවට කිසිදා රහසයක් නොවිය යුතු බැව් මගේ අදහසයි. නුඹට ඇවැසි වන්නේ නුඹටත් හොරා මටත් හොරා පෙනහැල්ලකින් නැඟී වාතයට හොරෙන්ම මුසුවන කෙඳිරියක් පමණි.



අවසානයේ මා නුඹට සුභ පතමි. . . .  ෆර්මිනා දාසා වැඩි කල් නොගොස් නුඹ වෙත පැමිණේවායි පතමි.


 මා සදා නුඹට වෛර කරන බව පමණක් පවසමි. 


“In a perfect world, you could fuck people without giving them a piece of your heart. no kisses, no loving touches in short no emotions such as love. if you want to fuck you just fuck with anyone you like, no attachments”


This is the world that we live. 

9 ප්‍රතිචාර:

හිරු said...

මටත් මාරෙට වැදුන චරිතයක් ... ඉස්කෝලෙ යන කාලේ කියෙව්වට ඒ තරමට චරිතය තේරුනේ නෑ.. මහ අමුතු චරිතයක් කියල හිතුනා... ඒත් දැන් කල්පනා කරලා බලනකෙට ඒ වගේ චරිත කොච්චර තියෙනවද අපි වටේ කියලා හිතෙනවා....

Ravi said...

කොළරා කාලේ ආලේ...මුලින්ම කියවපු දවසෙ ඉඳල මගෙ හිත ගත්තු කථාවක්..අපි අනාදිමත් කාලයක සිට හිස් මුදුනේ තබා පිළිගත් ආලය පිළිබඳ, සෙනෙහස පිළිබඳ සම්ප්‍රදායික සහ ගතානුගතික සියළුම නිර්වචන, අර්ථ දැක්වීම් එක හෙලා මුලිනිපුටා දමන කථාවක්.

එකම ගැහැණියකට පමණක් පිදූ ප්‍රේමය සිතෙහි දරාගෙනම තවත් ගැහණුන් සියයක් හා සමඟ රමණයෙහි යෙදියහැකිද?

අපේ විචිත්‍ර ( Romantic ) ප්‍රේමණීය සම්ප්‍රදාය අනුව නම් කිසිසේත් එසේ විය නොහැක.

ගොළු හදවතේ සුගත් ගෙන් ඇරඹි අපේ සත්‍ය බෘංග ප්‍රේමවන්තයෝ පෙම්වතිය පිටුපෑකල දිවිනසා ගත්තෝය. එසේ නොමැතිනම් මත්පැනෙහි පිහිට පැතූහ. අවම වශයෙන් ඈ වෙනුවෙන් මියෙනතෙක් කුමර බඹසර රැක්කෝය. අරීසා වනාහී මේ අසදෘශ, දර්ශීය ප්‍රේමවන්තයාගේ සාකල්‍ය විරුද්ධවාචියාය.

ෆ්ලොරෙන්ටීනෝගේ මේ සකල ( අපේ කියවීම අනුව ) අනාචාරාත්මක අත්තනෝමතික හැසිරිම් අවසානයේ ෆර්මිනා ඔහුගේ ආධ්‍යාත්මික ප්‍රේමය???? වටහාගන්නීය!!!!!

ඔබට ඔහු හා එකඟ විය නොහැකි විය හැක. ඔහු යන්න අරීසාට මෙන්ම මාර්කේස්ටද එකෙසේ අදාලය.එහෙත් මාර්කේස් පැවසීමට උත්සාහ කලේ කුමක්ද එමෙන්ම අරීසාගෙ සිතුවිලි ද වටහා ගැන්මට මම තවමත් උත්සාහ ගනිමි.

අරීසාගේ චර්යාව හුදු ලිංගික ආශාවක් සන්තර්පණය කොට ගැන්මට දැරූ උත්සාහයක් ලෙස ලඝු කිරීමට ද මම පැකිළෙමි.සෑම මිනිසෙකුටම / ගැහැණියකටම ආදරය අවශ්‍යවේ. අතීතයේ එක් දිනක බැඳුනු පෙම නොමියෙන සඳ පහනක්ව ලොව ආලෝක කලද ඔහුට / ඇයට දැල්වෙන ඉටිපන්දමක් ජීවිතය ගෙන යාම උදෙසා අවශ්‍යය.එහෙත් කිසිවකු එසේ හුදු ඉටිපන්දමක් වීමට සූදානම් නැත. සනාතන ගැටුමෙහි සමාරම්භය එතැනය.

සමීර ආර්. said...

මට තාම මංඥ්ඥං වගේ.....

එක එක අය හදපු එක එක චරිත හිතට අරං , එක එක විදියෙ පුද්ගලයො අස්සෙ එක එක අයගෙ හිත්ලු හොයන්න යනවද මංදා :/

අඟහරුවා. said...

Ada mokada me wenada dakinna nolabuna widiye post ekak? Eka paaratama? Me kathaawa nam mama kiyawala na. E nisa agak mulak danne na. Eka neweyi. Ko ara kiya kiya hiti kathaawa?

දිලිනි said...

ලෝකය රඟමඬලක් කියනව නේ....

උපේක්ෂා said...

බොහොම අමාරු පොස්ටුවක්නේ.....
කොමෙන්ටුවක් දැම්මොත් බරපතල වෙන්න ඉඩ තියෙනවා... එත් මුකුත් නොකියා යන්න හිතකුත් නැහැ..
මිනිස්සු කාගේත් ප්‍රේමය එක වගේ උනාට විඳීම අතින් එකිනෙකාට අහසට පොලව වගේ වෙනස්.
තහනම් ආදරයක් උනත් ඉතාම සෘන්ගාරාත්මක , ආත්මීය බැඳීමක් වෙන්න පුළුවන්.. විස්තර කරන්න හරිම අමාරුයි

Sumith Niriella said...

ෆර්මිනා දාසා යනු ෆ්ලොරෙන්සිනෝ අරිසාට අනුව දිනාගතයුතු අරමුණක්.එහෙත් ෆර්මිනාට අවශ්‍ය “දෙය“ අරිසා ළඟ නොමැති හෙයින් එය පහසු වන්නේ නැත.අරිසා උත්සාහය අත්නොහරියි.හේ ධනවතකු වෙයි. අවසානයේ දී ඔහු සිය අරමුණ ජය ගනී.

Dayal Bathee said...

ජීවිතයෙන් ආදරය වෙන් කරන්
ජීවිතයෙන් වෛරය වෙන් කරන්
ජීවිතයෙන් ලිංගිකත්වය වෙන කරන්
අපි ජීවිතය බදාගන්න හදනව

ඒක කරන්න බොහෝම අමාරුයි.


අන්තිමට තියෙන ඉංග්‍රීසි කෑල්ල නම් මරු

Maathalan - Priyantha Hewage said...

අන්තීමට තියෙන එක දයල් මගේ එකේ දැකලා ඒක දැකලයි මේක කියෙව්වේ. මේ චරිතය ගැන නම් දන්නේ නෑ. ගැටවරයෝ කාළේ ඇන්ටිලා අපිට ආදරේ කරන්න ඇත්තේ මේ නිසා කියලා. ඒ කාලෙම දැනගත්තා. අපි ඉතින්කොටු පැන්නට සමීක්ෂණත් කරනවනේ. ඒවලත් කොච්චර ඉගෙන ගන්න දේවල් තියෙනවද..?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...