..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, July 28, 2013

බල්ලෙක් ගෙන් ලියුමක් ...............

බල්ලෙක් ගෙන් ලියුමක් ...............



ෆැෂනබල් පීපල් වෙත ආදරයෙන් ලියමි,

අහම්බෙන් වගේ මට ඔයාල ගැන කියවන්න ලැබුනේ , උඩහ ගෙදර අක්කා , අක්කලාගේ අම්මට හොරෙන් මට බත් ගෙනත් දීපු පත්තර කොළේ තිබිලා.අනේ මට ඒ වෙලාවෙ හිතුනා ගමේ ගෙදරක වත්ත කොණේ තියෙන දර ගෙදරක නැතිව මාත් කොළඹ පාරක් අයිනේ බලු පැටියෙක් වෙලා උපන්නන් කොච්චර හොඳද කියලා. මං හිතන් හිටියෙ ,උඩහ ගෙදර අක්කලගෙ බල්ලා “ටොමිය“ තමා ලෝකෙ ඉන්න වාසනාවන්තම බල්ල කියලා. අනේ මට ටොමියට මේ පත්තර කෑල්ල පෙන්වන්න තියෙ නම් .



මම ඉපදුනේ සීතල වැහි දවසක විත්තිය මට මතකයි. අම්ම කියන විදිහට එදා , උඩහ ගෙදර අක්කලගෙ ගෙයි පිළිකන්න පැත්තට ගියහ ම “දුප් බල්ලා “ කියල එලවල තියෙන්නෙ නිකම්ම නෙමෙයි. හොඳ වතුර බේසමකුත් ඇඟට හලලා. එක අතකින් ඒකෙ වරදකුත් නෑ කියල අම්ම කියන්නේ ,ඒ ගෙදර අලුත උපන් පුංචි බබෙක් ඉන්න නිසා. ඒ ගෙදර ලොකු බබා බල්ලන්ට හරි ආදරෙයි. ඒ ගෙදර අයත් බල්ලන්ට ආදරෙන් තමා ඉදල තියෙන්නෙ .ඒත් දවසක් ලොක බබාට හොයා ගන්න බැරි ලෙඩක් හැදිලා හදිසියේම ඉස්පිරිතාලේ එක්කන් ගිය දවසෙන් පස්සෙ ඉදල ඒ ගෙදර අය බල්ලොත් එක්ක වෛර බදින්න අරන්. ලොකු බබාගේ කණේ ඉදල බලු මැක්කෙක්............ ලොකු බබාට ගොඩක් අමාරු වෙලා.





මේ තමා මම
පින්තූරය ගත්තේ උඩහ ගෙදර අක්කා



ඒ කොහොම වුනත් “ෆැෂනබල් පීපල්“ ව දකින්න ලැබුනෙක වාසනාවක්. පබා අක්කා , තව ඉන්දියාවෙන් ආපු ලස්සන අක්කා , තව තව නැන්දල නෝනල මැඩම්ල ගොඩාක් හුරතල් කරන පාරේ ඉපදුනු වල් බලු පැටවු කොච්චර නම් පින්වන්ත ද?


ටොමියත් බල්ලෙක් ද? ඌට දවසට තුන් වේල කන්න ලැබෙන බව ඇත්ත. ගෙදරට වෙලා වටේටම ආඩම්බරයෙන් බුර බරු ඉන්න ලැබෙන බව ඇත්ත. ඒත් . . . . . මිනිස්සු වගේ ඇදුම් ඇදල , සන්ග්ලාස් දාලා හුරතල් වෙන බල්ලො දැක්කොත් ටොමියටත් පුදුම හිතේවි.


අද හවහට යන්නෝනි ටොමිය බලන්න. ටොමියත් එක්ක මේ ගැන කතා කරල අපට වේච්චි අසාධාරණය මුලු ලෝකෙටම කියන්න අපි එනවා.


මාවත් ඔය කොළඹ හතේ නෝනෙක් “ හනේ කියුට් පපී “ කියල හදා ගන්න ගත්තොත් හෙම.


කොහොමත් උඩහ ගෙදර අක්කත් කියන්නේ මම හරි හුරතල් බලු පැටිය කියලා.


මේ ලියුමෙ තියෙන ලිපිනයට ඉක්මන් පිළිතුරක් එනකම් මඟ බලා ඉන්න මම




දර ගෙදර

බලු පැටියා
සූටි

18 ප්‍රතිචාර:

Deeps said...

ඇති නැති පරතරය සුනඛ ඇසින්...

YASITH (dot) NET said...

බව්... බව්.... බව්.. ඌ,,,,,,

සමී said...

^_^ baw baw

සමී said...

^_^ baw baw

arugeadaviya said...

චා සුනඛයෝ සහ සුඛ සුනඛයෝ.මටත් ඔහොම හිතිලා තියෙනවා ගෙදර කන්න නැතිවුනාම.

සමී said...

ara kathawe 3 weni kotasa ikmanata daanna pls.. Eke ithuru tika kiyawanna blaagena indalama epa wela.

නාඩියා නාඩිරත්න said...

බල්ලොන්ට යන කල.....

Naleen Dilruksha said...

අයියෝ සොඳුරු මේ මගේ පොස්ට් තුනක ගිය සටහනකට ද ලිව්වේ.. අද මම දැම්මෙත් බලු කෙල්ලන් ගේ ෆැෂන් ගැන තමා.

රතී, said...

මමත් දැක්කා බල්ලන්ගේ හුරතලය පෙන්නන ලොකු ඇත්තියන්ගේ ෆොටෝ පෙලක්. නලින් අයියගෙද මන්දා. ඇත්තට මටත් වෙලාවකට ඔහොම ඒවවා හිතෙනවනේ...

Maathalan - Priyantha Hewage said...

නලියට කිව්ව නම්, ඔටාරා නෝනා ඇවිත් ගෙනියාවි...

අටම්පහුර said...

බල්ලෝ පව් , මං බල්ලන්ට හෙන ආදරෙයි
"බලන්නකෝ වෙලාව තිබුනොත් මේක"

අටම්පහුර said...

කමෙන්ට් වල අකුරු පුළුවන්නං ටිකක් ලොතු කරන්න . පරණ සහ පටු මුහුණතක් තියන මොනිටර්වල කියවන්න අමාරුයි

itnishantha said...

රට බල්ලට ගියා. බල්ලෝ රට ගියා

මාධව - மாதவ - Madhawa said...

පළාවෙනි කමෙන්ටුව හරියටම හරි! මරු කතාව! නියමෙට තියනවා!

Anonymous said...

PABA AKKA KIWWE APE MANTHRI AKKADA?

Anonymous said...

ලෝකයේ ලාබාලම රොකට් විද්වතා දැක්කේ නැතෙයි.

දිලිනි said...

අහිංසක සූටිලා කොච්චර ඉන්නව ද මහ පාරේ? සත්තුන්ට ආදරයක් තියනව නම් විකාර වැඩ නැතුව උන් ගැන බලන එක යි වටින්නේ.

වැහි කිරිල්ලී said...

aththatama me udaha gedara balu patiyada?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...