..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, July 18, 2013

අවාරේ

 අවාරය

 

අවාරයට මල් පිපිලා
ගේ දොරකඩ මල් ගහේ
සමණළ බඹරුන් රෑනත්
ගමේ ගිහිල්ලා වගේ
වසන්තයේ අග පිපිලා
දළු කොළ සුළඟට සැළුනත්
ආදරයට කවදාවත්
අවාරයක් නෑ .............
වසන්තයේ අග පිපි මල
මම
෴සොඳුරු෴


7 ප්‍රතිචාර:

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) said...

ආදරයට කවදාවත් අවාරයක්‌ නෑ....
තිබුනත් ඒ අවාරයට මල් නැතිවෙන්නෑ.........

Ayilas A said...

අවාරයට මල් පිපුනට...
ගමේ ගියත් බඹරුන් රැල...
ආදරයට කවදාවත් අවාරයක් නැති ලෙසටම
නුමට හොරෙන් බඹරු ඇවිත්
රොන් අරගෙන යාවි සෙමින්...

Black Puma said...

මට නම් හිතෙන්නේ ආදරයටත් අවාරයක් තියනවා කියලා.

දිලිනි said...

ගීතයක් මතක් වුණා. නන්දා මාලනී ගේ ' ඔබට මතක නෑ මට මතක යි - මා හද උයනේ එක ම මල යි පිපුණේ....'

සමී said...

ara kathawe anik kotasa dannako ikmanata

Anonymous said...

මගේ කමන්ට් එක දැම්මෙ නැත්තෙ මොකද?
කුනුහරුප දැම්මෙ නැහනේ,
වෙනස් විදියට රස වින්දා විතරයි. කැත වැඩ කරන්න එපා වත්සලා.
ඔය මගේ හිත පෑරුවා විතරක් නෙමෙයි, තව කෙනෙක්ට වෙනස් විදියකට රස විඳින්න තිබ්බ අවස්තාවක් නැතිකලා.
ඔයා හිතන විදියටම අපි හිතන්න ඕනෙද?


කොහොම උනත් ඔයා හිතන විදියට මම කැමතියි.

Anonymous said...

සොඳුරු සිත්වලත් අඳුරු තැන් තියෙනවා කියලා තේරුනා....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...