..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, July 13, 2013

කටු සටහන්...........


කටු සටහන්


(අමතක වෙනවට ලියා තබමි )


කඩල ඇටය

දවසක් වඳුරෙක්ට කඩල ඇට දාපු උස බෙල්ලක් තියෙන භාජනයක් හම්බුනාලු.ඉතින් මේ වඳුරා . . . අත ඒ භාජනේට දාලා කඩල අහුරක්ම ගත්තලු.දැන් කඩල අහුර මිටි කර ගත්ත අත ටික ටික භාජනෙන් උඩට එනවලු.අත භාජනෙන් එළියට ගන්න ඔන්න මෙන්න තියෙද්දි , අර කඩල මිටෙන් එකමෙක කඩල ඇටයක් හැලුනලු ආපහු භාජනේටම. හරියට කලබල වුනු වඳුරු රාල , මුළු කඩල අහුරම භාජනේට අතෑරල ,අර වැටිච්ච කඩල ඇටේ සොයන්න පටන් ගත්තලු.


ආශ්වාදය

කොයි දේත් හැමදාම හැමවෙලේම කරාම,ඒක පුරුද්දක්,නැතිනම් ඇබ්බැහියක්.ඒත් ඒ දේම ඉදල හිටල කරාම,අපිට පුලුවන් ඒකෙ ආස්වාදය විඳින්න.
සිගරට් ,අරක්කු,ෆේස් බුක්,සෙක්ස්................

උගුරට දෙකට ,සිගරට් දුම ඇදලා ,හනිකට දුවන මිනිස්සු අතරේ, වරුවක් විතර අරන් සිගරට් බොන මනුස්සයෙක්ව දැක්කම දකින කෙනාටත් හිතෙනව සිගරට් එකක් ඒ විදිහට බීලා බලන්න.





ප:ලි:- පාසලේ ළමයි තුන්දෙනෙක්,එකම සිගරට් එක බෙදා ගෙන බොනවා.ඒක දකින ගමේම වැඩිහිටියෙක් විදුහල්පතිට ඔත්තුව දෙනවා. වහාම ක්‍රියාත්මක වෙනවා.“අනේ අෆොයි..පෙනේද දැන් හැදෙන උන්“ . කවදාවත් දුමක් ඇදල නැති වැඩිහිටියෝ කම්මුලේ අත ගහගන්නවා.පොඩි උන්ට තලනව බලාගෙන අපිරිමිත සතුටක් විඳිනවා.

හවස , විදුහල්පතිගෙ ගේ පසු කරන් යන මට, ආලින්දයේ ඉඳන් දුමක් අඳින විදුහල්පති තුමා ව පේනවා.


ඉස්සර තාත්තට සිගරට් ගේන්න කඩේ ගියපු මටත්, සිගරට් බොන්න හිතුනු වාර අනන්තයි. ඔයාල හිතන වද මං සිගරට් බීලා නැහැ කියලා. තාත්තා විසිකරපු දුන් දාන සිගරට් ෆිල්ටරේට කට තියලා ,මාත් එකම එක සැරයක් දුමක් ඇඳල තියේ.

7 ප්‍රතිචාර:

Sabith said...

මගෙත් පලවෙනි සිගරට් අත්දැකීම ඔය වගේ! හැබැයි ගෙදර වැඩට ආපු වඩු බාස් බීලා විසිකරපු කොටයක්! :D

දිලිනි said...

වඳුරට කඩල ඇටය හම්බ වුණා ද දන්නෙ නෑ???

sithum sayura said...

පොඩි ලිපියක් වගේ තිබුනට ලොකු දේවල් ගැබ් වෙලා තියෙනව.. නියමයි!

සිතුම් සයුර

Maathalan - Priyantha Hewage said...

සිගරට් බීමේ රස කතාවක් මගෙත් තියෙනවා.. වෙලාවක ලියන්නම්කෝ..

ළමයින්ට දඬුවම් කරනවට වඩා, කරුණාවෙන් පහදා දීලා, අවවාද කරන එක බොහොම වටිනවා, මට හිතෙන විදියට නම්.

Naleen Dilruksha said...

සොදුරු ඔබේ පසුවදන තදින්ම හිතට වැදුණා.

චමී4යූ~chami4u said...

අපිත් පොඩි කාලේ එහෙම තමයි සිගරට් එකක් බොන එකෙන් ලැබෙන්නේ මොකක්ද කියලා දැනගන්න මාර කුතුහලයක් තිබුනේ...

JP said...

සො සි . මගෙත් නරක පුරුද්දක් , අත ඇරිච්ච කඩල ඇට ආපහු එකතු කරන එක .
අමතක නොවෙන්න ලියල තිබ්බ එකනම් වටිනවා මේවා :)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...