..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, July 10, 2013

ලස්සන දවසක් දෙවන දිගහැරුම

ලස්සන දවසක්
දෙවන දිගහැරුම
වර්තමානයෙන්




සිටි ගෙස්ට් එක රජීටවත් මටවත් ආගන්තුක ස්ථානයක් නොවේ.නමුත් කිසිදු දවසක ඔහුත් මාත් වෙන් වෙන් වශයෙන් තනිව එතැනට ගොස් නැත. අදද සුපුරුදු වේලාවට ඔහු එන තෙක් හංදියේ මාර ගස යටට වී බලා සිටියේ යටි සිතේ කැකෑරෙන පළිගැනීමේ චේතනාව ද සමඟිනි. මා ඇඳ සිටියේ සුදු පසු බිමෙහි පුංචි රතු මල් ඉහිරුණු බ්ලවුසයකින් සහ සුදු පැහැති දණහිස තෙක් කෙටි සැහැල්ලු සායකිනි. ඔහු එවැනි ඇඳුම් මා අඳිනවාට ප්‍රිය කරනා බව දන්නා හෙයින් ඔහු කැමැතිම ආකාරයෙන් සැරසී පැමිණිම ද යටි සිතේ කැකෑරෙන චේතනාවට පිටුවහලක් සපයන්නකි.


මා පසු කරමින් එතැනින් ගිය තරුණයින් කිහිප දෙනෙකුගේම දෑස් වලට මා රසඳුනක් වූ බවට කිසිදු සැකයක් නැත.ඇතැමෙකු ඇසෙන නෑසෙන හඬින් යමක් පවසමින් ගිය අතර තවත් ඇතැමෙකු පසු පස හැරී නැවත බලනු මගේ සයවෙනි ඉන්ද්‍රියට හසු විය.තරුණයකුගේ සිත එක් දසුනකින්ම ඇඳ ගත හැකි මා වැන්නියකට ඔහුගේ සිතේ ඇති අනාදරය වටහා ගත නොහැක. අද දෙකෙන් එකක් විසඳා ගෙන මිසක ගෙස්ට් එකෙන් එළියට නොබසින බවට සිතේ දැඩි ලෙස සටහන් කර ගනිත්ම  ඔහුගේ රෝද දෙකේ වාහනය විත් මා ළඟ නතර විය.


“ ඇති යන්තම්.මං හිතුවේ ඔයා එනේකක් නැහැ කියලා “



අත රැඳි අතිරේක හෙල්මටය මදෙසට දිගු කරමින් ද කෘත හස්ත බැල්මක් මදෙසට යොමු කරමින් ද ඔහු පවසන්නට විය.



“ ඇයි . . . .  නේවි කියල හිතුනේ.නෑවිත් බැරි බව දන්නැද්ද ? “



ඔහුගේ උරහිසට බරවෙමින් මෝටර්බයිකයට ගොඩ වෙමින් මම පැවසුවෙමි.ඔහුගේ සිරුරට තෙරපී , ඔහුගේ බඳ වටා දෑත් යවමින් හුස්ම වඳින තරම් ළංව මා ගමන් කරනවාට ඔහු දැඩි සේ ඇලුම් කරන බව දනිතත් , ප්‍රථම වරට නාදුනන්නෙකු සමඟ මෝටර්බයිකයක ගමන් කරන්නාක් මෙන් සීරුවයි මා වාඩි වූයේ.
වරක් පමණක් මා දෙස හැරී බැලූ ඔහු කිසිවක් නොවිමසාම මෝටර්බයිසිකලය සැර දැමූ අතර එක්වරම නැගුනු ගැස්සිල්ල නිසා වැටෙන්නට මෙන් ගිය ද, ඔහුගේ උරහිසින් වත් නෑල්ලීමට තරම් මම ප්‍ර වේශම් වූයෙමි.


විශාල රතු මැයි ගස් වලින් ‍හෙවන වූ පටු පාරට ‍‍‍මෝටර්බයික්කය හැර‍වෙද්දී නම් සි‍තේ සඟවා ‍ගෙන තිබූ ආදරය එළියට එන්නට ‍අර අදින බව මට  දැනුනි. ‍වෙනදාට නම් බයිසිකලය පා‍රේ ‍කොණක නවත ‍ලෙස ‍ම‍ගේ ඇවටිල්ල නිසාම , ‍ගෙස්ට් හවුසය ‍පේන මාන‍යේම ඇති මැයි ගස් ‍සෙව‍නේ පාර පසකින් බයිසිකලය නවතා ඔහු එයට බරවීද , මා ඔහුට බර වීද ‍රසැති සල්ලාපයක නිතර ‍වේ.



“ බහින්‍නෝ නිද? “ ඔහු අසයි.



“ නෑහ්. . .ඕනි නැහ්....... අපි ආ‍වේ ‍ලව් කරන්න ‍නෙ‍මෙයි ‍නේ “ මම පැවසු‍වෙමි.



‍කොළ පැහැති විශාල ‍ගේට්ටු‍වෙන් ‍ගෙස්ට් හවුසයට ඇතුලු වන විටද පාලුවට ‍ගොස් තිබුනා ‍සේ ‍පෙනුන එහි සෑම කාමරයක් පාසාම ‍ප්‍රේමය ‍දෝ‍රේ ගලනු ඇතැයි මට සිතුනි.



බයිසිකලයෙන් බැස ගත් මම , ඔහු ඒදැයි නොඒදැයි නොබලාම ගෙස්ට් හවුසයේ කොරිඩෝවේ තබා ඇති තේ මේස වෙත පියනැගුවෙමි.කෙළවරම වූ මේසය වෙත ඇවිදන් ගිය මා එහි වාඩි වී ආපසු හැරී බලත්ම ඔහු සෙමින් සෙමින් මදෙසට එනු දැකිය හැකි විය.ඒ හැර වෙන කුමක් නම් ඔහු කරන්න ද, නමුත් ඔහුට දිවි ඇති  තෙක් මා හා එක මඟ ඒමට බෑ කියන්නේ ඇයි?



මේසය කරා ආ ඔහු මා දෑස ට එඹෙන්නට දැරූ උත්සාහය අසාර්ථක වූයේ ,එම බැල්ම මඟහැර මා වෙනතක බැලූ හෙයිනි.



“ ඉතින් කෙල්ලේ . . . . . .  මොනවද බොන්නේ “ මේසය මත ඇති මා දකුණත ඇල්ලීමට ඔහු ගත් උත්සාහය ද අසාර්ථක විය. ඔහුගේ කළුවී ගිය මුහුණ දකිද්දීම මට ඇති වූයේ සතුටකි.



“ රජී . . . . .  දැන් ඔයාගේ කතාව කියන්න “ මම ඔහු දෙස සෘජුව බැලුවෙමි.




“ හරි ඉතින් , මොකද මේ . . . .  මම කියන්නම්. . . .  අපිට . . .  තේ ගේන්න “ සුපුරුදු වේටර් කොලුවාට එය පැවසිය යුතුම නොවූයේ ඔහු අපි දෙන්නාගේ කැමැත්ත දන්නා නිසාය.




“ මේ අහන්න නිසා . . .  මම ඔයාට රිදවන්න හිතුවෙ නැහැ.ඔයත් මුලදි මට කැමැති වුනානේ.මම කීවනේ . . . .ඔයාව මට කසාඳ බදින්න බෑ.... කියලා.“


“ ඒත්  . . . එතකොට මොකක් ද මේ අපි දෙන්නගෙ සම්බන්ධය “


“ නිසා . . . . . .  ඔයා මේ බව මුලින්ම දන්නවනේ.මං ඔයාව රැවටුවෙ නැහැ.ඔයාට මොකක් ද මගෙන් වෙච්චි වරද ?  මම කිසිම දෙයක් ඔයාට බලහත්කාරයෙන් කරල නැහැ නේද.අපි මෙහෙම ඉමු...ඒත් ඔයා කැමැතිනම් විතරයි....ඔයා කෙනෙක්ව කසාද බදින්න තීරණයක් ගන්න කම් අපි මෙහෙම ඉමු. අකැමැති නම් දැන් වුනත් ඔයාට පුලුවන් . . . . . . .“


පුටුවෙන් නැගිටෙන්නටත් ,“චටාස් “ හඬින් ඔහුගේ කම්මුල මත මා සුරතේ ඇඟිලි පහම වදින්නටත් ඒ හැටි වේලාවක් ගත නොවීය.



ක්ෂනිකව ක්‍රියාත්මක වූ ඔහු , මාද අතින් ඇඳ ගෙන තරප්පු පේලිය  දිගේ උඩට නැගගෙන ගියේ ද මා ඔහු පසු පස්සේ හඬමින් ඇදෙමින් ගියේ ද . . .  කිසිදු එකඟත්වයකින් නොවූව ද, එය එසේම සිදු විය.



සුපුරුදු කාමරය ඉදිරි පස නතර වු ඔහු සාක්කුවෙන් ගත් යතුරකින් තනි අතකින් එය ඇරීමට වෙර දැරූවේද , මා අල්ලා ගත් ග්‍රහණය මදකට හෝ ලිහිල් නොකරමිනි.


දොර ඇරිය සැනින්ම ඔහු මා කාමරයේ වූ ඇඳ වෙත තල්ලු කර දැමීය .



“දඩාස් . . “හඬින් දොර වැසූ ඔහු ඇඳ ළඟට පැමිණ එහි ඉන්දවී සිටි මා ගේ මුහුණ නිකටින් ඔසවා ඔහුගේ මුහුණ දෙසට යොමු කර ගෙන, වමාතේ දබැරැගිල්ල මුහුණ එල්ල කකරමින් තරමක් උස් හඬින් මට තර්ජනය කරන්නට විය.



“ තමුසෙට ඕනි තරම් දැන් මට ගහනවා. ගහනව ඉතින්....මං දන්නව මම වැරදි නැහැ.ඒත් තමුසෙ දැන් මගේ කතාව අහගන්නම ඕනි.තමුසෙට මං කීසැරයක් නම් කීවද මට උඹට ආදරය කරන්න බෑ කියලා . . .බෑ කීවේ බැරි නිසා යකෝ.බැරි නිසා....ගහපිය මට.ඕනි නම් මරල දාපිය ඉතින්“



කතාව අවසානයේ මා ළඟ දළ ගසා ගත් ඔහු මා උකුලේ මුහුණ ඔබා ගනිමින් හඬන්නට විය.......


මගේ දකුණු කලවය දැඩිව අල්ලා ගත් ඔහු හඬමින්ම කුමක් දෝ සෙමින් සෙමින් මුමුණන්ට විය.


උන්හිටි ගමන් සිදු වූ දෙය ගැන කිසිවක්ම සිතා ගැනීමට නොහැකිවූ මා ඔහුගේ හිසකෙස් මත ඇගිලි යවමින් හිස අතගාන්නට වූයේ අනිච්චානුගවයම.



“ මට සමාවෙන්න . . . මට සමාවෙන්න කෙල්ලේ . . . . .“



හඬමින්ම ඔහු මුමුණයි. . . . . . . . . .





ඔහුට සිදුව ඇත්තේ කුමක් ද ? ඊළඟ කොටසින් යළි හමුවෙමු.

10 ප්‍රතිචාර:

Kenji @ Japan said...

ඊලග කොටසෙ බ්‍රා එකෙන් බෙල්ල හිර කරපු නාසයෙන් ලේ ගලමින් තිබු තරුණයකු ගෙ මල සිරුරක් සිටි ගෙස්ට් කාමරයක ඇදක් මතදී හමු වේ කියල අහන්න වෙයිද දන්නෙ නැහැ.
පළමු කොටස බැලුවෙත් අදයි.

සමී said...

kuthuhalaya uparimayatama genath nawaththuwa :(

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) said...

ඔන්න ඔය නැවත්විල්ල තමා ඉතිං මල පනින්නේ.

දිලිනි said...

සමීට මමත් එකඟ යි :-) ඉක්මනට කියන්න කෝ ඉතිරි කොටසත්. පළවැනි කොටසෙන් මෙහෙම කුතූහලයක් ඇති වුණේ නෑ. ඒත් මේක කියවලා නම් බලාගෙන ඉන්නෙ දෙවැනි කොටස දානකම්....

Gimhani said...

මේ දෙන්න අතර තියන ආදරේ මොකක්ද කියල මට හිතාගන්න බෑ .

චමී4යූ~chami4u said...

අනේ ඒක දිගට දාන්නකෝ ..
කතාවේ කොටසින් කොටසට චිත්ය රූප මැවුනා ...

ධාරා said...

බලමුකෝ ඉතින් කොටසත් කියවලා . . .

සමනළී said...

හපොයි... ඊලග කොටස එනතුරු මග බලාගෙන.....

Ravi said...

/ අත රැඳි අතිරේක හෙල්මටය මදෙසට දිගු කරමින් ද කෘත හස්ත බැල්මක් මදෙසට යොමු කරමින් ද ඔහු පවසන්නට විය. /

මොකක් කිව්වා????..කෘතහස්ත බැල්මක්?..ඒ මොකක්ද නෝනෙ ඒ?...

කෘතහස්ත සේනාධිනායකයෙක් එහෙමත් නැත්තං කෘතහස්ත රියැදුරෙක් කියල නං අගල තියේ...ඒ කියන්නෙ පළපුරුදු සෙනෙවියෙක් පළපුරුදු රියදුරෙක්ය කියන එක..ඒත් මේ කෘතහස්ත බැල්මක් කියන්නෙ මොකක්ද කියල අයි හෑව් ඇබ්සොලියූට්ලි නෝ අයිඩියා..අයි බෙග් යුවර් පාඩන් ..ඩියර් මැඩම්..හෙහ්,හෙහ්....:) :)

෴සොඳුරු සිත෴ said...

http://sodurusitha.blogspot.com/2013/08/blog-post_2.html

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...