..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, June 2, 2013

-පසුතැවීම-

-පසුතැවීම- 

“ දෙන්න . . . .“

බස් එකේ වාඩි වෙලා යන මගේ උරහිසේ , බස් එකේ හිටගෙන යන ඔයාගේ අතේ තිබ්බ පොත් ටික විටින් විටේ වැදුන නිසා , පොත් ටික ඉල්ල ගත්තා “

පොත් ටික ඉල්ලන්න උඩ බලද්දියි මං දැක්කේ,ඔයාගේ ඇස් තිබ්බේ මගේ දිහාවට කියලා.ඉබ්බ වතුරට දාන්න ද ඇහුවම “ඇන්නාවේ “ කීවා වගේ.ඔයාගේ දිලිසුනු ඇස් වලින් හිනා වෙන ගමන් පොත් ටික මගේ අතේ තිබ්බා මතකයි.

ඒ වෙලාවෙම ආපු කොන්දොස්තරට “අකුරැස්ස දෙකක් “ කියල කියනවත් “ ...කවුද දෙන්න “ කියල ඇහුවම ,වාඩි වෙලා හිටපු මාව පෙන්නපු හැටිත් , එදා දවසේ දවල් කෑම කන්න සල්ලි මදි වෙලා හිටි හැටි දැන ගත්ත හැටිත් අද වගේම මතකයි.

අදත් ඒ වගේම ඇස් දෙකක් , මා දිහා හිනා වෙලා බලා ඉන්නවා.හැබැයි එකම වෙනස ඒ ඇස් වල පුංචි හුරතලයක් රැදිල තිබ්බෙක.ඒ වගේම එදා වගේ මගේ ඇස් උස්සල නෙමෙයි.මගේ ඇස් පාත් කරල ඒ ඇස් දිහා බලන්න වෙච්චි එක. 

 



“ කීයෙ පන්තියට ද ?“

“ මේ අවුරුද්දෙ දෙකට “

“ අහා..........“

“ වයිෆ්ගෙ රස්සාව මාරු වුනා.ඉතින් අපි මෙහෙන්ම ඇනෙක්සියක් ගත්තා “ 

“ හ්ම්.............මාව මතක ද?“

“ ඇයි අප්පේ අමතක , මොන පන්ති වලට ද උගන්වන්නේ ?“

“ උසස් පෙළ “

“ ම්ම් . . . . .“

“ දැන් හොඳින් ඉන්නව ද? “

“ එහෙමටම නැහැ. ටිකක් කරදරයි “

“ හ්ම්. . . .“

“ බබාල ඉන්නව ද?“

“ තවම තනිකඩයි “ 

ඒ වචන අහපු වෙලාවේ.....අර ඇස් දෙක බලන්න වටිනවා.ජීවිතේ මෙච්චර කාලෙකට මට බලන්න ඕනි වුනු ලොකු පසුතැවීමක් ඒ ඇස් ඇතුලෙ නලියනවා. කොහේ දෝ ඉදල මහ කාලකණ්නි සතුටක් ඇවිත් මගේ හිත පුරෝනව මට දැනුනා................


(- මන:කල්පිතයකි)

17 ප්‍රතිචාර:

amila chathuranga said...

මරු...මනංකල්පිතයකි..අගේය..

Anonymous said...

හැමදාම කියවනවා
කවදත් ලස්සනයි

-අමලගොඩ පාඨකයෙක්

වර්ෂා ( Rain_Girl ) said...

කල්පිතයක් වුණත් මෙහෙම දැනෙන්න ලියන්න පුලුවන්කමක් නෑ හැමෝටම.ඇත්තම කියලා හිතුවෙ...

Anonymous said...

once again, superb akki.

Deepika Priyadarshani said...

කෙටිම කෙටි කෙටි කතාවක් ඇතුළේ තවත් දිග කතාවක්

හිරු said...

මට නම් හොඳටම පැටලුනා මේක.... හි හි

Ravi said...

/ මනඃකල්පිතයකි....... /

මොකෝ බොලේ විශේෂයෙන්ම එහෙම කිව්වෙ? :)

෴සොඳුරු සිත෴ said...

@Ravi
මමත් ගුරුවරියක් නිසා වෙනත් කතා වගේම මේ කතාවත් “ඇත්ත කතාවක් ද ?“ කියල කට්ටය මගෙන් අහන්න පුලුවන්.අන්න ඒ නිසා ඒකට පිළිතුර විදිහට තමයි “මන:කල්පිතයකි“ කියල ලීවේ...ගොඩාක් දෙනා හිතන්නේ ලියන දේ ඇත්තටම සිදුවෙච්චි දෙයක් කියලා.සමහර විට ඇත්ත ටිකක් නැත්තෙමත් නැහැ. ඇත්තයි තව දේවලුයි එකතු වෙලා තමයි ලියැවෙන්නේ...

සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon) කියල තියෙනව නේ.

amila chathuranga
ඔබට බොහොම ස්තූතියි.ඔබ ලියනා දේ ඊටත් වඩා අගේය.

෴සොඳුරු සිත෴ said...

Anonymous-අමලගොඩ
ඔබතුමා/තුමියටත් ගොඩාක් ස්තූතියි.අපේ ගෙවල් කිට්ටුවම වගේ ඔබ ඉන්නෙත්.

Anonymous-දෙවැන්නිය
ස්තූතියි ඔබටත්.

෴සොඳුරු සිත෴ said...

වර්ෂා ( Rain_Girl )
ස්තූතියි වැහි කෙල්ලේ.

Deepika Priyadarshani
ඇත්ත තමා ප්‍රියා.මේක තව දිගු කරල ලියතෑකි.ඒත් මෙහෙම හොඳයි කියල හිතුනා

හිරු
ජීවිතේම පැටලුම් ගොඩක් තමා හිරු...

Loku John said...

මේකනම් මනඃකල්පිතයක් විය යුතුමයි. එහෙම කියුවේ මේක ඇත්තක් උනානම් නොලියවෙන හන්දා ... මොකද මම ලියුවනම් එහෙම නොලියන බව විස්වාසයි


===================================
මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

ධාරා said...

මම හිතුවේ ඇත්ත කතාවක් කියලා. ලස්සණ යි :)

Bindi said...

විරහව විවිධ ලෙස එපා නොවෙන ලෙස හැමදාම අලුතින් ලියන්නට හැකි සොඳුරු සිතකටම

දිලිනි said...

හිතට කතා කරන කතාවක්. මේ වගේ ඇත්ත කතාත් මේ ඉර හඳ යට අනන්ත වත් ඇති....

Chandi said...

අතීත විරහවේ මිහිරියාව. ලස්සනයි නගේ.

දුකා said...

මනඃකල්පිතයක් කියලා කිව්වා උනාට හැබෑ කතාවක් කියලා හිතාගෙන කියෝලා හිත රිදෝ ගත්තා බන් . .

Henry Blogwalker said...

දෙපාරක් කියවලා සොසී තේරුම් ගත්තේ. මට පැටලුනේ කීයේ පන්තියටද? මේ අවුරුද්දේ දෙකට කෑල්ලෙන්. දැන් හරි.

පසු තැවිල්ලක් සමග කාලකන්නි සතුටක් නේ?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...