..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, May 15, 2013

සාස්තරේ

සාස්තරේ................

යන්න උනා අද පන්සල්
තියන්න පූජා
පත්තු කරන්නට පහනක්
අබ තෙල් දාලා

අම්ම ගිහින් අද උදයේ
සාස්තරේ අහලා
තක්කෙට තරිකිට හරියට
මා ගැන ඔහු කියලා

භූමියක් ද කෙනෙක් ගැනද
අහන්නාවේ ඔහෙලා
දූ ගැන ලොකු දූ ගැන
අම්මා කට ඉස්සර කරලා

මහතත් නැති කෙට්ටුත් නැති
කෙනෙක් නේද අහලා
ඔවු ඔවු ඒ දූම තමයි
ඇය හූමිටි තියලා

කම්මුල් පිරිලා මහතයි
නලල ටිකක් ඉදිරියටයි
හරියට හරි දෝණි තමයි
සතුට මුවේ පිරිලා

තනිකඩයා නේද තාම
සාස්තරේ අහලා
ඔවු ඔවු ඇය තව තනිකඩ
අම්මත් හූමිටි තියලා

බය වෙන්නට එපා අනේ
කෙල්ල බදිනවා
හොඳ තැනකින් කටයුත්තක්
ලියවිලා තියෙනවා

පහන් පත්තු කරල අපල
මඟ ඇරවා ගන්න
උතුරත් බටහිර අතරින්
මනමාලය එන්න

තිස්තුන පනිනට කලියෙන්
කෙල්ල බදිනවා
සාස්තරේ වැරදිලා නැහැ
මෙතුවක් කාලෙකට

ඇගිලි ගැනපු අම්මගෙ ඇස්
උඩ ගියාලු ඔන්න
උපන් දිනෙ ලග ලගමයි
දින ගැන්නලු මෙන්න


හත්වලාමේ දින දහයයි
තවත් තියෙන්නේ
තිස් හතරක් ඊට පස්සෙ
කෙල්ලටයි ලබන්නේ

ඔන්න මිතුරනේ ඇස් කණ්
ඇරලා බලා ගන්න
තව සති දෙක තුනකින් ඇගෙ දුව
බදිනවාලු ඔන්න



6 ප්‍රතිචාර:

ධාරා said...

හ්ම්ම්, ඒ කියන්නේ වත් අක්කට දැන් තිස් හතරකට ළඟ යි. සාස්තරේ හැටියට තව දවස් දහය යි තියෙන්නේ මොන දේ වෙන්නත්. බලමුකෝ :)

තිසර said...

සාස්තරේ වැරදිලා අම්ම අප්සට් ගියොත් එහෙම.... ඔන්නොහෙ බැඳලා දාන්න හෙට අනිද්දම

සසිනි said...

එහෙනම් ඒකත් හරිද?

මාතලන් said...

ඉවරයි... විනාසයි... අම්මගෙ වෙලාවත් පොඩ්ඩක් බලා ගන්නෙයි කියන්න...

අඟහරුවා. said...

Apita cake one honde :-)

දිලිනි said...

බලමු බලමු....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...