..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, April 24, 2013

කළුවර / Darkness

කළුවර / Darkness




නිදියා ගන්න බයයි මට

සීතල කළුවර ඇවිදින් වැළඳ ගන්නවා මාව

ඇස් අරින්න බයයි මට

කළුවරේ මුල්ලක මා දිහා බලන් ඉන්නවා කවුද

කකුල් දිගු කරන්න බෑ මට

සීතලම සීතල දෑතක ස්පර්ශය දැනෙනවා මට

මූණ පෙන්වන්න බෑ මට

නොපෙනුනත් දැනෙනවා කවුදෝ ඉඹිනව මාව

උණුසුම් සුසුම් වැදෙනව කම්මුලට


පොරෝනය විසි කරන්න බෑ මට

බළල් පැටියෙක් වගේ උණුහුමට 

ගුලිවෙනව කවුදේ මගෙ පපුවට


පොරෝනය පෙරවන්නත් බෑ මට

පොරෝනය ඇතුලෙ පුංචි රණ්ඩුවක් දැනෙනවා මට


“ ඇයි මෙහෙම කරන්නේ  . . . . . “

හීනෙන් කෑගැහුවා මම

“ අමතක කරා මම නුඹව . . . . “

කළුවර ට තර්ජනය කරා මම

තාමත් තොල් පෙති උරන නුඹව

තල්ලු කරා දුර ඈතට

“ යන්න . . යන්න මෙහෙන් . . . “

බෙරිහන් දුන්න මම

“ කළුවරට “


“ තවත් නැහැ ආදරය මා ළඟ “

ආදරය පිරී ඉතිරෙන පපුව තද කරන් මම

කෑගැහුවා

“කළුවරට“

ප.ලි :-
“ කසාඳ බැඳල ද? “
“ තවම නෑ “
“ හැමදාම රෑට ඔහොම ද ?
“ ඔවු ගොඩක් දවසට “
“ ම් . . ම්. . . . .“
“ ඇගේ මුකුත් සලකුණක් ? “
“ මේ ම් . . .ම් . . .“
“ කියන්න . කියන්න “
“ පපුවෙ සීරුම් . . . ඉදිමිච්ච තොල් . . . . “
“ කළු කුමාරයා “
“ නැහ් . . . . “
“ හිත වැටිල ඇයට. . .කළු කුමාරයගෙ “

ප.ප.ලි:-

දැක්කෙ නැද්ද මගෙ,
ඇස් වල කඳුළු
ඉදිමුණු මූණ
ඔය මොනා වුනත්
එයා හරි සුදුයි
හෙට රෑට නම් එන්නෙපා ළඟට
අම්මප මම අල්ලල දෙනව නුඹව
කැත කළු මහත බඩ තඩි කට්ටඩියට
තේරුනා ද නුඹට
ආදරෙයි තමයි මම
තාමත් නුඹට

හැමදාටම




නුඹේ පෙමට
ආතුර වූ
මම
෴ තවමත් ඔයාගෙම සොඳුරු ෴


8 ප්‍රතිචාර:

නෙරංජි සුලක්ඛනා said...

වෙනස් ලස්සනක් පුරෝගත් කවියක්

මයියා ( Mayya) said...

අපි නම් දැන් ලයිට් දාන්නේ ඉටිපන්දම හොයා ගන්න විතරයි...ඒ හින්දා බැදපු අපිත් කලුවරේ...:) නොබැදපු ඇයත් කලුවරේ.....එකම කලුවර දෙවිදියකට දැනෙන්නේ ඇයි.....

අඟහරුවා. said...

Budu ammo...
So/Si akkage gewal paththe holmanuth thiyanawada???

අඟහරුවා. said...

Budu Ammo....
So/Si aklalage gedara holmanuth innawada..???

දිලිනි said...

අපූරු යි :-)))

දිලිනි said...
This comment has been removed by the author.
ධාරා said...

වෙනස් ම කවියක්. ලස්සණ යි, වත් අක්කේ.

Morabba de morabba said...

රසවත් නිර්මාණයක් ගොඩක් දේවල් කියවෙනවා ....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...