..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, April 13, 2013

අවුරුදු දා ගෙදර ගිහින්


 අවුරුදු දා

 




ඇගේ බිත්තිය වසා ඇත
බිත්තියේ කුමක් දෝ අලවා ඇත
ඔහුට දැනුනේ දැඩි පාළුවකි
ඔහු අවුරුද්දට ද බෝඩිමේය
කාමරයේ තනිවමය
සිටින්නේ දුර ඈතය
නිවසින් ,ගමෙන් , රටෙන් දුර ඈතය
ඇය ඔහු ළඟ තනිවට සිටි ඔන්ලයින් මිතුරියයි
අද ඇය කොළ පාටින් දිලෙන්නේ නැත
බිත්තිය වසා කොළයක් අලවා ගොසිනි
... “ අවුරුද්දට ගමේ යමි “
පුදුගලික තැපැල් පෙට්ටියේ රතු පාටින් එක දිලිසේ


“ මම අවුරුද්දට ගෙදර යනවා , ගමට ඉන්ටනෙට් නැහැ ,ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් .. පරිස්සමින් ඉන්න මැණික. ගිහින් එන්නම්. උම්මාමාමාමාමාහ් “

ඇඳ යට වොඩ්කා බෝතලය
එළියට ඇදුනි
ඔහු තනිවම අවුරුදු සමරයි


෴ සුබ අලුත් අවුරුද්දක් වේවා ෆේස් බුක් යාළුවනේ ෴

13 ප්‍රතිචාර:

අඩවි රජ said...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

YASITH (dot) NET said...

සුබ අලුත් අවුරුද්දක් වේවා !රැයි ෆේස්බුක් යාළුවන්ට විතරක් ??? අපිට සුභ පතන්නෙ නැද්ද ?

අඟහරුවා. said...

Face Book nathi yaaluwanta awrudu nathda ethakota?
Meka maara lokayakne balan giyaham...
Oyatath Suba Aluth Awruddak Wewa!

Naleen Dilruksha said...

ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
මම සමකය වටේ ලියන නලින්

ධාරා said...

රුසියාවට මොන සිංහල අවුරුදු ද! මොනවා වුණත් අපිට සුභ පැතුවේ නැති එක ගැන නං වත් අක්කට සමාවක් නැහැ ඔන්න. :'(

වර්ෂා ( Rain_Girl ) said...

සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක්,නිරෝගී සුවපත් වසරකට සුබ පැතුම්...හැබැයි ෆේස්බුක් යාලුවන්ට විතරයි සුබ පැතුම්??

දයානන්ද රත්නායක said...

ඔබටත්, පවුලේ සියලු දෙනාටත් උදා වන්නා වූ අලුත් අවුරුද්ද නිරෝගී දිවියෙන් සපිරි වාසනාවන්ත එකක් වේවා..

silentsahan said...

සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
පැතුම් ඉටු වන බතින් බුලතින් සපිරුණු වාසනාවෙන් සපිරිණු
නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

ගිමන් නිවන්නා said...

සුබ අලුත් අවුරුද්දක් වේවා!

wmk said...

සුබ අලුත් අවුරුද්දක් වේවා

විකසිත said...

සුබ අලුත් අවුරුද්දක් වේවා

තිසර said...

සොසිටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

සසිනි ලක්මිණි said...


සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...