..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, March 18, 2013

යාළුවෙක් ගෙන් තෑග්ගක්/A gift from a friend

යාළුවෙක් ගෙන් තෑග්ගක්/ A gift from a friend


පාසල් පළමු වාරය අවසන් වීමට ආසන්න බැවින් ඉවරයක් නැති පාසල් රාජකාරි වලින් හෙම්බත් වී නිවසට පැමිණෙන දිනයන් ගෙන් එක් දිනකි , ඒ මලානික තෙහෙට්ටුව මතට වැටි කුතුහලයක් දිලිසෙන්නට වූයේ නිවසේ සාලයේ මේසය උඩ මා නමින් තිබූ , තවමත් විවෘත නොකළ තැපැල් පාර්සලය නිසාය.

මා දැන් වැඩිහිටියෙකු නිසාත් ,මා නමින් පැමිණෙන යමක් වේ නම් එය පළමුව දැක ගැනීමේ ප්‍රීතිය මා සතු විය යුතු නිසාත් ,මා නමට පැමිණෙන ලිපි කවර ගෙදර කිසිවකුත් විසින් විවෘත නොකර තැබීම සාම්ප්‍රදායකි.

නමුත් ගෙදර වැසියෝ මා එනතුරු උදෑසනම සිට කුතුහලයෙන් ඉන්නට ඇතැයි මට සිතේ.

පාර්සලය සාමාන්‍යෙයන් එක්සර්සයිස් පොතක් තරම් විශාල සහ බරුති විය. එය ලිහා බැලීම මා සතු වුව ද, පිටතින් නිරීක්ෂණය කර ලබා ගන්නා සතුට ඊටත් වඩා වැඩි විය.

වෙත ලිපිනයේ මාගේ නම ගම සඳහන් වුව ද ,ආපසු ලිපිනයේ සඳහන් වූයේ මුලකුරක් සහ සුපුරුදු වාසගමකි. වාසගමේ කියවන විට දීම ඇඳී ගිය රුව කාගේ දැයි අමුතුවෙන් කීමට වුවමනා නැත. පාර්සලයේ ඇති දෙය ද දැන් නම් සක්සුදක් සේ පැහැදිලිය.

පාසලේ සිට ගෙදර ගෙනා දහසක් එකක් රාජකාරි සියල්ල පසෙක ලා හවස් යාමයේ ඇල වූයේ පාර්සලේ වූ පොතේ පිටු එකින් එක පෙරළමිනි.

පිටු අඩු කිරීමට සිතා දෝ , පොත ආරම්භයේ දීම තිබූ කලබලකාරී ගතිය , පොත කියවීමේ රුචිකත්වය මදකට අඩු කළ බව නම් නොකියාම බැරිය.

පොත පිළිබඳ හැදින්වීමත් , ලියා තිබූ පෙර වදනත් වෙන් නොකොටම “ ඩ්‍රැකියුලා ගේ මනාලිය “ නම් පළමු පරිච්ඡේදය ආරම්භ වී තිබුනි.

මාගේ පාසල් ගුරු ජීවිතයේ දී සිසුන් පිළිබඳව කාරුණික නෙත් හෙලිය යුතු බවේ වටිනාකම මනාවට පැහැදිලි කළ එක් කතාවක් යළිදු කියවීමේ හැකියාවක් ඒ පොතෙන් ලැබුනි.





“ ටීචර් ,අපේ දුප්පත්කම ගැන ඔහොම හිනා වෙන එක හරිද?“ ඔහු අසා සිටියේය.“අපේ දෙමාපියන් දුප්පත් නිසා, අපි අපිට තියෙන විදිහට කොට කලිසමක් හරි ඇඳගෙන ඉස්කෝලෙ එනවා.දුප්පත් වීම වරදක් ද ටීචර්.? “ ඔහු ප්‍රශ්ණ කළේ සේනානායක ගුරුවරිය තුෂ්නිම්භුත කරවමිනි.

සම්පූර්න කතාව මෙතැනින් කියවන්න......


එහි මා සිත් ගත් තවත් පරිච්ජේද කිහිපයක් නම්
නිරුවත් රූමතියෝ
ආදර රෝගය
පෙස්සංකාරයා ( මෙවැනි අහිංසක පෙත්සම්කාරයෙකු මා මින් පෙර දැක නැත )
නීච ළමයි
සුද්දට පාර කියූ සැටි

යන පරිච්ජේච සඳහන් කළ හැකි වේ.

මේ සියල්ල ලියැවී ඇති , හරි අපූරු තෑග්ග තමයි





ආනන්දෙ තමයි ඉස්කෝලේ
සිව් වසරක් මරදානේ 

පිටු අසුඅටකින් යුක්ත ඒ කුඩා පොත

ඔබ මා කවුරුත් හඳුනන

කතන්දර නොහොත්

රසික සූරියආරච්චි ගේ පොතකි.



මෙවැනි රසවත් ,එක සීරුවට කියවා නිමා කළ හැකි, සැඟවී ගත් 
සියුම් සංවේදී මානුෂි හැඟීම් සරල බසින් අමුණන ඔබ වැන්නෙකු ගේ බ්ලොගයේ දැනට ලියැවෙමින් පවතින කතා ලියන්නේ වෙනකෙකු දැයි විටෙක මට සිතේ.......................


ඔබගේ බ්ලොගයේ මා වඩාත්ම ප්‍රිය කරනා පැරණි ලිපි අතර කතන්දරගේ දිව්‍ය ලෝක ගමන  හරිම අපූරුයි.




පූර්ණ කාලීන ලේඛකයෙක් වෙන්න නුඹ දකින සිහිනය සැබෑ වෙන්න කියලා පතනව .




ඔබට නැවතත් ස්තූති කරන
මම
සොඳුරු සිත

11 ප්‍රතිචාර:

කතන්දර කාරයා said...

/* මා දැන් වැඩිහිටියෙකු නිසාත් ,මා නමින් පැමිණෙන යමක් වේ නම් එය පළමුව දැක ගැනීමේ ප්‍රීතිය මා සතු විය යුතු නිසාත් ,මා නමට පැමිණෙන ලිපි කවර ගෙදර කිසිවකුත් විසින් විවෘත නොකර තැබීම සාම්ප්‍රදායකි. */

ඔයා දැන් ලොකු ළමයකේ එහෙනම්!

මෙන්න මගේ තාත්තා අන්තිමට මගේ ලියුමක් කඩපු දවස.
http://kathandara.blogspot.com/2010/01/blog-post_31.html

!

said...

මේක ගන්න හෙව්වා හම්බ උනේ නැහැ තාම

අඟහරුවා. said...

Thanks SoSi akka meka gana kiwwata! Nuwara meka koheda ganna thiyanne?

Podi Kumarihami said...

මාත් මේ පොත කියෙව්වා. ඒ ගැන ලියමුද කියලත් හිතමින් ඉන්නකොට තමා ඔයාගේ සටහන දැක්කේ. රසිකත් , කතන්දරත් අතර සෑහෙන වෙනසක් මේ පොතෙන් දැක්වෙනවා. රසික කියන්නේ තමන්ගේ කුඩා කාලය දිහා සංවේදීව බලන, සරල බසකින් පාඨකයාගේ හිත බැඳගන්න, හොඳ කතුවරයෙක්. කතන්දර කියන්නේ, තාමත් විශ්ව විද්‍යාලයේ හිතෙන් ජීවත් වෙන කොල්ලෙක්. ඔය ඉතින් මට පේන හැටි. :D

Sabith said...

:) අපේ නමට ලියුමක් එන එක කොච්චර අගේ ඇති වැඩක්ද? ;P

ඉන්දික උපශාන්ත said...

කුමාරිහාමි, ඔතන තියෙන්නෙ ඔය කියන දෙන්නගෙ වෙනස නෙමෙයි, එකම කෙනා දෙගොල්ලක් ඇමතීමේ වෙනස. කකා මගෙ ප්‍රිය කරන ලේඛකයෙක් වෙලා ඉන්න මූලිකම හේතුව ඒක.

kumaraya said...

මටත් මේ පොත තවම කියවන්න බැරි වුන එකක් ...

kumaraya said...

මටත් මේ පොත තවම කියවන්න බැරි වුන එකක් ...

සෝන්යා said...

අනේ මට නම් මේ වාගේ පොතක් තවම කවුරුත් එව්වේ නැහැනේ.........

YASITH (dot) NET said...

ඒ මොකද කතන්දරය දැං ලියන එව්වා හොඳ නැද්ද ?

දයානන්ද රත්නායක said...

මමත් සුබ පතනවා බ‍්ලොග් ලෝකේ මෙවැනි ලේඛකයන්ට . ඇත්තෙන්ම අගය කල යුත්තකි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...