..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, March 30, 2013

-වේලාසන කොහා ඇවිත් ? -

වේලාසන කොහා ඇවිත්  ?


“ ටක බක ටක බක ටක බක................“



“ අයින් වෙන්න කො ළමයෝ......... “ 


අම්මා ගේ වම් කකුළට අසුවූ මගේ දකුණු පාදයේ සුට්ටන් ඇඟිල්ල මිරිකී යද්දි , අය මට පැවසුවේ සැබෑ සෙනෙහසිනි.එහෙත් ඇය මෙය මසා නිම වනතුරු මෙතැනින් සෙලවීමක් නම් නොමැත්තේමය.අම්මා මැෂිමේ සුපුරුදු අන්තයේ වාඩි වී මසද්දි.මා ඇයට හාත්පසින්ම විරුද්ධ අන්තයේ සිට පැඩලය පාගමින් ඇයට දිරි දෙමි.

“ කෝ....මෙහෙට එන්න පොඩ්ඩක්..............“

“ කෝ කෝ එහා පැත්ත හැරෙන්න “

බාගෙට මසා ඇති ගවොම් මේ දෙපසින් අල්ලා ඇය මගේ පිටිපස උරහිසට තබා බලයි.

“ හරි ගාණට තියෙනවා. වාටිය පස්සෙ මහමු “

“ අනේ අම්මේ..........තව ටිකයි නේ “

“ අනේ ළමයෝ, මුං අලුවා ටිකක් වත් හදන්න එපෑය. මුං ඇට ටික සෝදල වේලෙන්න දාන්නත් ඕනි “

අම්මා එසේ පැවසූවද මේසයට පැමිණෙන්නේ මුං අලුවා විතරක්ම පමණක් නොවන බැව් මම දනිමි. ඇය එහා මෙහා වන තෙක් සිට බාගෙට මැසූ මල් චීත්ත ගවුම නැහැයට මඳක් ලං කර බලන්නේ එයින් භුමිතෙල් සුවඳ නොඑන බැව් සැක හැර දැන ගැනීමටයි.

ගියවර නැන්දලාගෙන් ලැබුනු භුමිතෙල් සුවඳ  චීත්ත රෙදි වලින් මැසූ ගවොම් කිහිපවාරයක් සේදුවද එහි ගඳෙහි නම් අඩුවක් නොවීය.


මේ සියල්ලට වඩා සතුටු හිතෙන දෙය නම් නැන්දලා මාමලා හා සීයා ආච්චිට වැන්ද පසු අත මිට මෙලවෙන රුපියල් දහයේ ,පහේ කාසියේ බලයයි. ගියවර මා ඒ මුදල් එකතු කර වැඩබැරි දාස සංගීත වැයූ හැටි පොතත් අමා ඵලය පොතත් ගත්තෙමි. මේ වරද සිහින ගොඩකි.

හදිසියේම නැවත පැමිණුන අම්මාගෙන් බැනුම් වරුසාවක් අහන්නට සිදු වූයේ බාගෙට මසා තිබූ ගවොමේ කර , දඩිබිඩියේ මා අදින්නට යෑම නිසා ඇඳ ගැසී දික් වී තිබූ නිසාය.


“ මිස් . . . . ඔය සාරිය ගන්නව ද? ඕනි නම් තව කලර්ස් තියෙනව බලන්න පුලුවන් “

“ ආහ් ....නැහැ නැහැ ඕනි නැහැ. මේක කීය ද? “

“ ඕක මිස් එක්දාස් හත්සිය අනූපහයි . . .  අලුත්ම මෝස්තරය ඊයේ ආවේ “

“ ආහ්. . .  හරි කමක් නැහැ .මේක දෙන්න. තව මට . . . .  පොඩි බබාලගෙ ඇඳුම් තියෙන්නෙ කොහොද කියල කියන්න පුලුවන් ද? “

මීට වසර කිහිපයක අතීතයෙන් මිදී දැන් මා සිටින්නේ මාතර නගරයේ අලුතින්ම ,ගිය සතියේ විවෘත කළ “ෆැෂන් බග් “ රෙදි පිළි මන්දිරය තුලය. රටේ සමහර පැති වල කාලගෝට්ටි සිදුවෙද්දී , මාතර ෆැෂන් බග් මන්දිය තුල “සූ“ ගාලා සෙනඟය.

නංගීගෙ පොඩ්ඩාට හරියන හුරුබුහුටි ඇඳුම් පොඩි වල මිලද ඉතාම හුරුබුහුටිය.තෙරම් හුරුබුහුටි ද යත්  මුදල් පසුම්බියේ ලොකු කොළ දෙකතුනක් එකවරම සුටුස් ගා අතුරුදන් විය.


අම්මාට , නංගිලාට ඇඳුම් ගැනීම අපහසු කටයුත්තක් බැවින් අම්මාට පමණක් යන්තමින් ඇඳුම් දෙකක් තෝරා ගත් මා නංගිලාට මුදල් ලබා දෙන්නෙමියි සිතුවේ තිබෙන නානාප්‍රකාර විලාසිතා වලින් ඔවුන්ගේ සිත කොතැනක නතර වේදැයි මට සිතාගත නොහැකි නිසා ය.

පිරිමි ඇඳුම් අංශයේ නතර වූ මා සිත දුකින් පිරුණේ තාත්තා ද අප අතර සිටියානම් මා ගෙන යන කුමක් වුවද ඇඳුමක් ඇඳ “ලොකු පුතා “ ගෙනත් දුන්නේ යැයි ආඩම්බරයෙන් සැමටම පවසන බව සිහිවීය.

“ මිස් . . . . ගන්න මහත්තයට ෂර්ට් එකක්. .....“

නිල් පසුබිමේ දික් අතට සිහින් ඉරි වැටුනු කමීසයක මගේ අඟැලි තුඩු නැවතී ඇති බැව් මට දැනුනේ එවිටයි.

“ නැහැ. . .  පස්සෙ වෙලාවක එන්නම් “

ඇඳුම් බෑග් පිටින් ඔසවා ගත් ගැහැණුන් ඇඳුම් අතගාමින් මිල ටැග් දිහා උකුසු ඇස් යොමු කරමින් මුහුණු ඇඹුල් කර ගනිමින් ද, පෙම්වතාගේ අතෙහි එල්ලී පෙම්වතාගේ මුදල් පසුම්බිය හිස් කරමින් යන නව යොවුන් පෙම්වතියන් ද, අලුත උපන් බබාට ඇදුමක් තේරීමට ගොස් බරපතල වාදයකට වැටුනු තරුණ විවාහක ජෝඩු ද, අම්මා සමඟින් ඇඳුම් තෝරන දරුවන් දිහා බලමින් ,මූන ලොකු කර ගෙන මුල්ලක වාඩි වී සිටින මැදිවියේ පිරිමින් ද පසු කරමින් ගොස් කවුන්ටරය වෙත පැමිණි මාගේ පසුම්බියේ ඉතිරි වූයේ යන්තමින් බසයේ යා හැකි මුදලක් පමණි.

කඩයෙන් මහ පාරට පීලි පැන්න ද අධික රස්නයත් ,දිවා ආහාර වේලාව පසු වී ඇති නිසාත් දැනුනේ දැරිය නොහැකි පිපාසයක් සහ බඩගින්නකි. අත් බෑගයට අත එය කැලතූවේ සිතේ සැකයට වුව ද සිත සනසමින් ඇඟිලි තුඩු වලට හසු වූයේ රුපියල් දහයේ විස්සේ නෝට්ටු සහ සිල්ලර කාසි ටිකකි. අපිළිවලේ ඇති වාසි ද නැතිවාම නොවේ.


සීනි බනිසක් සමඟ උණු ප්ලේන්ටියක් බීමට සිතා කඩයකට ලං වූව ද, එහි ඇඳුම් කඩවලටත් එහා සෙනඟය.

“ ෂෝට් ඊට්ස් දෙන්නෑ....බත් කන අයට විතරයි.ටේක්එවේ එකෙන් සල්ලි දීලා ෂොට් ඊට්ස් ගන්න “

වෙනදා මේසයටම කෙටි ආහාර බන්දේසියත් , වතුර වීදුරවත්,සෝස් බෝතලයත් රැගෙන එන ඔවුන් ද වෙනස් වී ඇත. ස්වරය තරමක් උස්ය.

මා වට පිට බැලූ සුනංගුවේ දුටුවේ ලෝකය පෙරළුනත් වගේ වගක් නැතිව අලුත් ඇඳුම් රැඳි බෑගයත් උකුලට තෙරපාගෙන අත් කකුල් වලින් ඇඟට ම තෙරපීගෙන එකම ෆ්‍රය්රයිස් එක බෙදා ගෙන කන පෙම්වතුන් යුවලකි.

දැඩි පිපාසාවත් , කුසගින්නත් කොයින් අතුරුදන් වූයේ දැයි නොදන්නා නමුත් ,ඔබ සිහිවී නෙතට ඉනූ කඳුලේ බර දෑතේ රැඳුනු රෙදි බෑග් වල බරට ද වඩා වැඩි වූයෙන් , පයින්ම බස් ගාල දෙසට පියමන් කළ මා ,ඊළඟ බසයේ ජනේලයක් අසල ආසනයක ගුලි වී මතකයන් අතර සිරවී ගෙදර එන්නට ආවෙමි.

අවුරුදු වේලාසන පැමිණ ඇත........................

කොහෝ හඬ නම් ඇසෙන්නට නැත .................

වසන්තය ගෙවෙන්නට ලඟ මුත් ...................

ඔබේ රුව දකිනට නැත ..................

17 comments:

  1. හිතට දැනෙන්න ලියල තියනවා. වචනයක් ගානේ ගොඩක් දේවල් කියවෙනවා. හැබෑවටම දැනුන දේවල්ද? කොහොම වෙතත් තවත් අවුරුද්දක් ඇවිත්!

    ReplyDelete
  2. එරබුදු මල් පොට්ටු පොට්ටු ගැන සඳහනක් නැති එක විතරයි එකම අඩුව ... පින්තූරෙ ඉන් කෙල්ල හරිම හැඩයි.

    ReplyDelete
  3. අලුත් අවුරුද්දේවත් ඒ රුව දකින්නට ලැබේවා!!!!

    ReplyDelete
  4. කතාවෙන් කතා කිහිපයක් කිය වූයෙමි.

    ...තාත්තා ද අප අතර සිටියානම්... වචන කිහිපයේ බර බොහෝ දැනුනි.

    සූර්ය සංක්‍රාන්තිය යහපත් වේවා!

    ReplyDelete
  5. මාතර ෆැෂන් බග් එකේ සෙනඟ නෑනේ... මමත් ජාතිවාද රෙද්දවල් බලන්නෙ නෑ.. ඕන රෙද්දක් කියල කොලිටිය බලන්නෙ.. ඒත් සෙනඟ නෑනේ

    ReplyDelete
  6. වසන්තය ගෙවෙන්නට ලඟ මුත් ...................

    ඔබේ රුව දකිනට නැත ..................

    Harima sundaray sis :) ..

    ReplyDelete
  7. වසන්තය ගෙවී යන කලවත්
    දකින්නට ලැබේ නම් තුටු වෙමි
    ඒ රුව නැතත් කම් නැත
    සොදුරු සිත හදුනන වෙන රුවක්වත්..

    ReplyDelete
  8. අම්මප ඕකනෙ අපේ හිංගල ජාතියට වෙල තියෙන්නෙ...මෙච්චර කට කැඩෙනකල් කිව්ව...ඔය යෝනකයිංගෙ කඩ අස්සෙ රිංගන්ට එපාය කියල..කොහෙද තඹ දොයිතුවකට මායිං කලාද?....අම්මප උඹලට කියන කට හොඳයි අර මිරිස් ගලක...( ආහ්, මිරිස් ගල් දැං කොහෙ හොයන්ඩද?....මෙහෙම කියමු එහෙනං...උඹලට කියන කට හොඳයි බ්ලෙන්ඩරේක දා ගන්නව...ඒ.නෙ.ලි ( ඒක නෙවෙයි ලියමි ) අපෙ ගෙදරත් මිරිස් ගල් පාවිච්චියක් නම් නෑ. ඒත් මම බරගානක් දීල බොහොම මාන්සි වෙල මිරිස් ගලක් නං උහං ආව බැඳල මාස හයක් යන්ටත් ඉස්සර...ඒ මොකටද ඇහුව?...වෙන මොකටවත් නෙවෙයි බං දවසට දෙපාරක්වත් මගෙ කට උලා ගන්ට...හෙහ්, හෙහ් )

    *****************************

    වසන්තය ගෙවීයනු ඇත......
    ගිම්හානය ද පැමිණ එය ද ගෙවී යනු ඇත.
    යලි වසන්තය එළඹෙන දා.....
    එන්නෙමි ඔබ දකිනු පිණිස.......

    ReplyDelete
  9. කියන ගානටම ගන්නවාද? පොඩ්ඩක් අඩු කරන්න කියලා ඉල්ලන්නේ නැත්ද?

    සුනවවේසොසි!

    ReplyDelete
  10. did u see this?

    http://manasindiviyata.blogspot.com/2013/03/blog-post_4795.html

    ReplyDelete
  11. හිත ගියා ඔන්න

    ReplyDelete
  12. Ow. Mathara wagema Mahanuwarath ehemayi. Fashion Bug nam giye na mama. Eth yanna one na eliyata penawa senaga. Mata nam redi ganna winadi 10y giye :-)
    Eka newey, mokadda ara maha paarata peeli panapu kathaawa?

    ReplyDelete
  13. වසන්තය ගෙවිලා ගිහින් සීත කාලේ ආවත් ඒ සීත කාලේ ගෙවිලා ආයෙත් වසන්තයක් එනවා නේද? ඔයා ලස්සණට ලියනවා, අක්කේ. මම නිතර කියෙව්වත් අද තමයි ඔයාට ‍කමෙන්ටුවක් දාන්නේ, එහෙම නං කලින් ම . . . ඔයාට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  14. අළුත් අවුරුද්දක් ආවාට පරණ මතක තුවාල යළි ඇවිස්සෙන්නේ අපි මැරී ඉපදී නැති නිසාවෙනි...සොඳුරු සිත සොඳුරු මතක ඇවිස්සෙන සුභ නවවසරකට ආසිරි කලින්ම..

    ReplyDelete
  15. හිත රිදවන , හිත සනසන පරන මතකයන් හැමෝටම තියෙනවා. ඒත් අලුත් අවුරුද්දේ පරණ දේවල් ගැන නොහිතා අලුත් බලාපොරොත්තුවලින් හිත පුරෝගන්න. ටිකක් අමාරු කාර්යක් තමා , ඒත් ඒක තමා අමාරුවෙන් හරි කළයුතුදේ.

    සතුටින් පිරි අවුරුද්දක්වේවා !!!!!

    ReplyDelete
  16. වත් අක්කේ,
    මේ අලුත් අවුරුද්දේ මම කුළුදුලේ ම පටන් ගත්ත බ්ලොග් එකටත් ඇවිල්ලා යනව ද?
    http://sondurumanpetha.blogspot.com/

    ReplyDelete
  17. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...