..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, March 14, 2013

උම්මා

උම්මා


ඇය තරුණ විය අවසාන ගැට්ටේ සිටින ප්‍රීතිමත් වැන්දඹුවකි. වටකුරු පිරුණු සිරුර වසා ගත් බාච්චු ඇඳුමෙන් වුව ද ඇගේ කාන්තා රේඛාවන් මනාව විඳිය හැකි වේ. ඇය නමින් උම්මා ය. මා කලින් වැඩ කළ කාර්යාලයට ඇය එන විට පිරිමින් කැළඹේ , “ අන්න උම්මා එනවා “ කටින් කට පැතිරේ. “උම්මා එනවා , උම්මා එනව නෙමෙයි බොල උම්ම දෙනවා “ ඇය ගැන නොදත් වංගියේ මං කීවා මට මතකය.

උම්මාගේ බාල දියණිය සහ මාගේ නැගණියගේ පුතනුවන් එක වයසේ වන්නට ඇත. “ මම්මා උම්මා “ යැයි කියමින් ් පොඩි එකා ළඟට එන්නේ නම් මොකක් හෝ බරපතල දඩයක් ගැසීමට බව මම දනිමි.


පොඩි එකාගෙන් “ උම්මා “ ගැනීම අතිශය දුශ්කර දෙයක් වුවද ,ඔහුට යමක් ඕනෑ වුන විට නම් පැන පැන “ උම්මා “ දෙයි. ඒ බොහෝමයක් “කෙළ උම්මාය “ “ උම්මා “ දුන් පසුව හොරාට මූණ පිස ගන්නේ ,දැක්කොත් පොඩි එකාට දුක හිතෙනා බව දන්නා බැවිනි.


මා පොඩි එකා සංදියේ නම් මට “උම්මා “ ඕනි තරම් ලැබුනත් , අතපය කර දික්වී ලොකු කෙල්ලක වූ පසු ලැබෙන “ උම්මා “ හිඟ විය. අම්මා ද උම්මා දෙන්නේ නෝක්කාඩු කියමිනි. “ ලොකු ළමයි නේ ,තාමත් මගෙත් උම්මා ඉල්ලන්නේ “ ඇය නොකියා කියන්නේ වෙනකෙකුගෙන් “උම්මා “ ඉල්ලා ගන්නට කියා වන්නට ඇත.


“ හාච්චි “ “ හාදු “ “උම්මා “ “කිස් “ මේ සියල්ලම එකම කැටගරියේ වුව ද විවිධ වෙනස් කම් ඇති බව මට සිතේ. 


තොල් වලට ලැබෙන “කිස් “ වලට වඩා කම්මුලට ලැබෙන “උම්මා “ පිවිතුරුය. සොඳුරුය,ආදරණිය  සහ උණුසුම් වේ.


එනමුදු ,බෙල්ල බදා ,දෑසට එඹී , කෝල සිනා පා මා ඔහු වෙත පුදන “උම්මාමාමාමාහ් ....“ මේ සියල්ලට වඩා වෙනස් බව මම දනිමි.


“උම්මා “ ප්‍රසිද්ධියේ දීම මා සිටිනා රටේ නම් වටේ සිටින මිනිසුන්ගේ මූණු ඇඹුල් කරන සිද්ධියක් වුවත් වෙනත් බොහෝ රටවල මා දැක ඇති පරිදි ප්‍රසිද්ධියේ “උම්මා “ දීම අවට සිටින අයවලුන්ගේ ද මුහුණට සතුටු සිනා ගෙනෙනා රස බර අවස්ථාවකි. මෙය මා සිටිනා රටේ ද පොඩි පහේ දරුවන් සඳහා අදාළ නොවේ.

කම්මුලට කම්මුලක් නොපා ,තොලට තොලක් නොදී චැට් සහ ජංගමය මඟින් උදේ ,දිවා,රාත්‍රී හුවමාරු වන “උම්මා “ ගණන අති මහත් සංඛ්‍යාවක් විය හැක.

ළඳරු අවධියේ සෑම දිනකම සෑම වේලාවකම පාහේ ලැබෙන “උම්මා “ ක්‍රමයෙන් යොවුන් වියටත් ඉන් පසු තරුණ සහ මහළු වියටත් යන විට සීශ්‍රලෙස ක්ෂය වී යාමට පටන් ගනී.

නමුත්.........................

ගැහෙන දෑත් වලින් බදා , ගැහෙන හදවත ගැන නොසිතා , ගැහෙන තොල් මත පොපියූ නුඹේ “උම්මෙක“ ඊයේ මෙන්ම අදටත් හෙටටත් ම.සිතට ගෙනෙනා සැනසුම මෙතෙකැයි කිව නොහැක.


ඉතින් එහෙනම් 



“උම්මමමාමාමාමාහ්...........................“



උම්මෙකක් අරන් ඔයා එනකම් අන්තිම උම්මෙකේ හයන්නේ එල්ලිලා ඉන්න 
මම
සොඳුරු

26 ප්‍රතිචාර:

YASITH (dot) NET said...

එළ එළ උම්ම්මා....

දුකා said...

මම නම් කියන්නේ ඕක දෙන්නත් ගන්නත් ලැජ්ජ වෙන්න ඕන නෑ කියලයි.

දෙන එකාටත් / එකීටත් ගන්න එකාටත් / එකීටත් අවුලක් නැති නම් අනිත් උන්ට බම්බු ගහ ගන්ට කියලා දෙන්ට / ගන්ට තියෙන්නේ බන් . .

රස්ලාන් said...

උම්මමමාමාමාමාහ්..........................
ලොකු වැඩිද මන්දා...

Dulitha Sameera said...

මමත් කියන්නෙ ඒකයි! මහ පාරක උනත් උම්ම පොඩි එකක් නළලට වත් දීම වරදක් නෙමෙයි,,ඒක දකින කෙනාගෙ මානසික මට්ටමේ අවුලක් තියෙන්නෙ

නෙරංජි සුලක්ඛනා said...

ඔය උම්මා වලට බනින ගොඩක් අය උම්මා වලට ආසයි.. මම නම් ගෙදර ඔක්කොටම උම්මා දෙනවා... මගෙ ඉබ්බා.. තමා උම්මා වලට වැඩියෙන්ම ආසා... වෙන රටවල් වල නම් කිස් මහ පාරෙත් දෙනවා.. අපේ රටේ ඒම ඒවා දුන්නාම පොලීසියෙන් අල්ලනවා..(දවසක් දෙන්නෙක් අල්ලනවා මං දැක්ක.) . සූදූ කෙලින්ඩ නිදහස දුන්නාට ආදරේට නිදහස නැති රටක්ද මන්දා.. :D .... කමක් නෑ

මේන් ඔයාට.. උම්මාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමා

මාතලන් said...

බලාගෙන ඒ උනාට පාරේ උම්මා දෙන්නේ. මෙහේ 2500 සඟිස්කුරුතියක්ද, සබ්බත්වයක්ද මොකක්ද එකක් තියෙනවා නේ. ඒකේ කොහේවත් "උම්මා" නෑ සොසි...

අඟහරුවා. said...

Mama nam wadiya kathaa karanna kamathi nathi paththak. Kamak na e unata onna comment 1k damma!

Anonymous said...

‍ෙ

nishi said...

මං අදමයි ආවෙ නම් පෝස්ටුව නම් සෑහෙන් හිත ගත්තා.
ඇත්තටම සොදුරු හිතක් ...

සමහර වෙලාවට උම්මා එකක සෑහෙන්න පවර් එකක් තියනවා. මූඩ් ගහලා ඉන්න වෙලාවක තමන් ආසම කෙනෙක් එහෙම දුන්නම... ආ.. නැද්ද..උම්මාවෙත් වටිනා කම තියෙන්නෙ දෙනකෙනාගෙයි ගන්න කෙනාගෙයි හැටියට තමා...

kumaraya said...

මේ රටේ ඕවාට තියෙන ඔන්න ඔය පුරස්න හින්දා තමයි .. මම හැම වෙලේම .. ඔව්වා .. අඩ අඳුරේ .. තද අඳුරේ .. සහ හොරෙන්ම දෙන්ට උත්සාහ කරන්නේ ...

kumaraya said...

මේ රටේ ඕවාට තියෙන ඔන්න ඔය පුරස්න හින්දා තමයි .. මම හැම වෙලේම .. ඔව්වා .. අඩ අඳුරේ .. තද අඳුරේ .. සහ හොරෙන්ම දෙන්ට උත්සාහ කරන්නේ ...

Ravi said...

උම්මා උම්මා කියල උඹල උඩ පැන්නට අඩේ ඔහොම සීන් එකක් මුලිම්ම ආවෙ කොහොමෙයි කියල දන්නවය?

අනාදිමත් කාලෙක, බෝම දුර අතීතයෙ මම මේ කියන්නෙ, අර්ධ වානර මිනිස්සුංගෙ කාලෙ, පිරිමි තමයි තමයි යන්නෙ කෑම හොයන්ට. ගෑණු උදවිය සහ පැටව් ඉන්නව ගුහාවෙ එවුං දඩයමක් එහෙමත් නැත්තං අලයක් මුලක් හාරල අරං එනකල් බලාගෙන.

ඉතිං ඔන්න එනව දුස්කර කාලවල්. කෑම නෑ හොයාගන්ට. දඩයං කරල සතෙක් මරාගන්ට හම්බු වෙන්නෙත් ඉඳහිට. එහෙම මරාගත්තත් පිරිමි ටික වටවෙලා අමුවෙම්ම කාල දානවා. ආය ගෑණුන්ට පොඩි එවුන්ට ගෙදර ගේන්ට ඉතුරු වෙන්නෙ නෑ බොහෝවිට.

ඒත් මුලිම්ම තමන්ගෙ ගෑණු සතා කෙරෙහි ආදරයක් සෙනෙහසක් වගෙ හැඟීමක් යාන්තමට වගෙ හිතේ ඇතිවෙන්ට ගත්තට පස්සෙ පිරිමි සතා කරන්නෙ කටට දාගත්තු ඔක්කොම මස් නොකා ඉතුරු කරගෙන එනව ආපහු. ඒ කරල ගෑණු සතාගෙ කටට කට තියල එයයිට ඒ ටික දෙනව.ආන්න තේරුණය උම්මා දීමේ පටන් ගත්තෙ ඔන්න ඔහොමයි . ඒකයි තොලට තොල තියල දෙන හාද්ද අඹු සැමියන් අතරෙ සෙනෙහස, ආදරය, කැපවීම බැඳීම වගකීම ප්‍රකාස කරන යාන්ත්‍රනයක් බවට පත් වෙල තියෙන්නෙ. ( A mechcnism of expressing commitment )

ඉතිං හරිම ක්‍රමේ නම් මොනව හරි. අපි කියමු කිඹුලෙක්ගෙන් බාගයක්, මාළු පාං කෑල්ලක්, එහෙමත් නැත්තං වෙල්ල වැහුං කෑල්ලක්, අග්ගල ගෙඩියක් වගෙ මොනවහරි ඔය උම්මා දෙනකොට පුරුසයගෙං ඉස්තිරියට හුවමාරු වෙන්නම ඕන.ඒත් දැං කෑම හොයන වැඩේ ( වර්තමානයෙ හැටියට නම් රැකියාවක යෙදීම ) ඉස්තිරි පක්සෙත් සමෝසමේ කොරන නිසා කෑම හුවමාරුව ගැහැණු සත්වයාගෙං පිරිමි සත්වයාට උනත් වැඩි වැරැද්දක් නෑ. ඇහුණයි වත් ලමයා..උම්මා දෙනකොට ඔය මම කියාපු කාරනෙත් සලකල බැලුවට වැරැද්දක් එහෙම නෑ හොඳෙයි?

ප. ලි. - දන්නවනෙ මේ කරුණු හොයාගත්තෙ කවුද කියල?.....අන්න හරි එයා තමයි..වෙන කවුද ඉතිං?.....මගෙ අතිජාත මිත්තරය...හෙහ්, හෙහ්,

Anonymous said...

තව අවුරුදු 10 කින් පස්සේ බලන්න මේවා ගොංපාට් අමු ගොංපාට්.

තිසර said...

හයන්නට පස්සෙ ඕනෙනම් දිග තිත් පේළියකුත් තියෙන්නෙ එල්ලිලා ඉන්න.

Dude said...

ලංකාව වැනි ස්ත්‍රී දූෂණ, කාම අපරාධ අසන්නවත් නැති පින් බිමක ප්‍රසිද්ධියේ උම්මා දීමෙන් ඔය තුප්පහි පර සුද්දන්ගේ රටවල් වල මෙන් සංස්කෘතිය, සභ්‍යත්වය, ලැජ්ජා බය හැදියාව වලපල්ලට ගොස් සංස්කෘතික කාන්තාරයක් වනවා නෝනුමානය.
දැනටත් වලලුකර පෙනෙන ලෙස හඳින කාන්තාවන්ගෙන් වී ඇති හානිය බලන්න.
උම්මා භංගවේවා!
උම්මා භංගවේවා!
උම්මා භංගවේවා!
උම්මා භංගවේවා!

කතන්දර කාරයා said...

මම නොවරදවාම දිනකට දෙවරක් උම්මා දෙමි. ලබමි.

කතන්දර කාරයා said...

මං නං අඩු ගානේ දවසකට උම්මා දෙකක් දෙනවා, උදේට වැඩට යනකොට, හවසට ආවට පස්සේ.

සමහර දවසට ඊටත් වැඩියි.

උම්මා නැතුව ඉඳලා වැඩක් නෑ.

මට හිතයි උම්මා දීම ගැන කතන්දර පෙලක්ම ලියන්න.

සපතේරු උන්නැහේ said...

මම ඉතාම කැමති නිළියක් වෙන Drew Barrymore වරක් මෙහෙම කිව්ව...

"හාදු.., ලස්සනයි සුළඟට දුන්නත් "

// Kisses, even to the air, are beautiful.. //

Kenji @ Japan said...

පොඩි කාලෙ කම්මුලට ලැබෙන උම්ම එකෙයි,ලොකු උනාම චොකලට් කටේ තියන් තොල්වලට දෙන "කිස්"එකෙයි සෑහෙන වෙනසක් තියෙනව.

Gayani Wedage said...

හ්ම්...............................

Podi Kumarihami said...

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආආආආ :)

Gimhani said...

කොච්චර ගත්තත් එපා වෙන්නෙ නැති .. කොච්චර දුන්නත් එපා වෙන්නෙ නැති උම්මා ....

කේ. ජයසූරිය said...

ummmmmmmmmmmmm ma marai

amila chathuranga said...

ආසියානු රටවල මුල් කාලයේ සංචාරය කල යුරෝපිය ජාතිකයින් ලංකාව වැන ිරටවල ඇත්තන් ප්‍රසිද්ධියේ සිප වැලදගැනීම් සිදු නොකරන බව දක්වා ඇත..

Rajitha said...

මේක නම් ජාති....

Sula (සුලා) said...

"එනමුදු ,බෙල්ල බදා ,දෑසට එඹී , කෝල සිනා පා මා ඔහු වෙත පුදන “උම්මාමාමාමාහ් ....“ මේ සියල්ලට වඩා වෙනස් බව මම දනිමි."
අනේ අපිනං ඕව දන්නේ නෑ හරිය.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...