රතු හැට්ටකාරිගේ හදවත
රතු හැට්ටකාරිට හරි ඉක්මනට අතීතය අමතක වෙනවා. ගෙදර මොනා හරි කෑමක් හැදුවොත් , ඇයට පරණ කතා ඔක්කෝම අමතකයි.ඉතින් එයා කෑම නිවෙන්න කලින් ම බෑග් එකේ දාගෙන , අර රතු පාට ලස්සන හැට්ටෙත් ඇඳ ගෙන ( දැන් ඒ හැට්ටය ඇයට හරි හිරයි ) අර ඝන කෑලැවක් මැද්දෙ ඉන්න පිස්සු ආච්චිව හොයන යනවා.මඟ දිගට සින්දු කෑලි බිම හැලෙනවා. හැට්ටෙත් හිරයි. රතු හැට්ටකාරිට මේ හිර ගතිය නිසා ඇය හිතුවා හදවත ගලවල අතට අරන් යන්න. කීවත් වගේ හදවත අතට ගත්තම හැට්ටෙ හිර ගතියත් අඩු වුනා.ඇය ආයෙත් සින්දු කිය කිය. හදවත ටිකක් හයියෙන් අල්ලගෙන,අනිත් අතින් කෑම මල්ලත් හොලව හොලව කැලේ මැදින් යනවා.
ඒ අස්සේ “නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී“........ කැලෙන් ඇහෙනවා අලුත්ම තාලේ හෙන ජනප්‍රිය සින්දුවක්.....අම්මප කවුද මේ..... ඔව් පරණ කතාවෙ හිටි නරිහාමි තාමත් බලා ඉන්නවා රතු හැට්ටකාරි එනකම්......
මෙදා සැරේ නම් නරි නයිදේ ආච්චිගෙ ගෙදෙට්ට රිංගන්න ගියේ නෑ. කෙළින්ම පැන්නේ කෙල්ල එන පාර ඉස්සරහට.“නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී“.. නරි නයිදේ ගෙ ලෝම හැළුනු නට්ට වන වනා නරි නයිදෙ බෙරිහන් දීගෙන ඇය එන මඟ ඉස්සරහට පැන්නා.
“දෙයියනේ.....................“ ඊට පස්සේ මොකද වුනේ. එක අතක හදවත, අනිත් අතේ උණු කෑම බාස්ට් එක.ඉස්සරහින් නාකි නරිනයිදේ.පිටි පස්සෙ පාරත් වැහිලා.වටේටම හෙන කැලේ......
“ඉතින්..........ඊට පස්සේ “ අයාගත්ත කටින් මා දිහා බලා ඉන්න පොඩි එකා ඇහුවේ මගේ දණහිසක් තදින් අල්ලන ගමන්......


10 ප්‍රතිචාර:
අඩේ..මේකනම් ලෙසටම එල! අලුත්ම කතාවක්!! ඉතිං ඊට පස්සේ මොකෝ උනේ???????
මටත් එහෙම අහන්න හිතෙනවා!
..... ඉතින් ....ඊට පස්සේ ....
අනේ.... ඉතින් ඊට පස්සේ....
මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට
උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?
http://goo.gl/5iKWy
නිරවුල් දහම් දැනුමක් ලබාගැනීම සඳහා පිවිසෙන්න..
http://srisadaham.wordpress.com/
ඊට පස්සෙ රතු හැට්ටකාරි තමන්ගෙ හදවත නරි නයිදෙට දීලාඅ ආච්චි බලන්න ගියාලු...
ඉතින් මේ කතාවේ අවසානයක් නෑ වගේ අතර මැදදි ඇනහිටලා..
අකුරු පොඩි වැඩියි... ඉස්සර වගේ පේන්නෙ නෑ.. කන්ණාඩිය දැම්මත් පේන්නෙ නෑවගේ.. මිට පස්සේ ලියනකොට ෆොන්ට් සයිස් 14 වත් දාන්න..
ඉතිං ඊට පස්සේ මොකෝ වුනේ???
අවසානයක් නොමැති රසවත් කතාවක්.....
දැන් සොසී කම්මැලියෙක් වෙලාද..ඉස්සර සොදුරු සිත කියවන දවස්වල ඉරණම්කාරි,පිළිකුළ,පළිගැනීම....දිගට දිගට ලියවිලා තිබුණා අපූරුවට.කෝ එයා..කොහෙ ගිහින් ද?
පරණ කතාවෙ හිටියේ වෘකයෙක්ද මන්දා...
නියමයි ඔයා ලිව්වොත් මොනවද
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.