වැලන්ටයින් හමුවිය.............
ඉරිච්ච කමිසයක් ඇඳන්
කැඩුනු රබර් දෙකක් දාන්
ගාට ගාට ආපු කෙනෙක්
මඟදි හම්බුනා
අනේ නෝනෙ මගෙන් මලක්
ගන්න එකක් ශත පනහයි
පරණ ගෝනි මල්ලක කට
ඇරල පෙන්නවුවා
සුවඳ හමන නමුත් පරණ
වියළී ගිය රෝස කුසුම්
ගෝණි මල්ල පුරවාලා
තිබුනා පරවෙලා
පර මල් මොකටද අන්කල්
පර වෙන්නෑ දැන් ඇති මල්
කඩෙන් ගන්න එකක් දෙසීයයි
පර වෙන්නෑ ආදරෙ වගෙමයි
ගෝණි මල්ල කරේ තියන්
කඳුළු පිරුණු නෙතු හරවන්
ආපසු යන්නට වාගේ උන්දැ සැරසුනා
“ උන්නැහේ නම මොකක් ද “
මමත් විමසුවා
ආ මග ඉදිරියට පයක් තබා හැරුනු
ලොකු උන්නැහැ
“ වැලැන්ටයින් “
“ වැලැන්ටයින් “
“ වැලැන්ටයින් “
මගේ නමයි “ වැලැන්ටයින් “
කිය කිය පිස්සුවෙන් වගේ
යන්නට ඇදුනා
“අනේ කොහෙ ද යන පිස්සෙක්“
කෙල්ලකගේ අත දවටන්
එතනින් ගිය තරුණ පොරක්
හයියෙන් කීවා
කෙල්ලත් එක්කම හෝටල්
කාමර නැහැ ඔක්කම බුක්
කාමරයක් නැද්ද ගන්න
රහසින් ඇසුවා
සමරන්නට වැලන්ටයින්
කාමර අද හරිම ගනන්
බොක්ස් ඇති තැන් නැද්ද
මෙහේ කෙල්ලත් ඇසුවා
අනේ මෙහෙම රටක් කොහේ
ආදර සුව විදිනු නොහේ
මගේ ස්වීට් හාට් මගේ මතකෙට ආවා
පර මල් රුපියල් හතරක
අරන් දෙන්න හිතන් මමත්
පිස්සු වැලන්ටයින් ගිය මග
ඔස්සේ වැටුනා
“ ඉන්න ඉන්න වැලන්ටයින් “
අත් පොඩි ගසමින් පස්සෙන්
පන්නා ගිය නමුදු අනේ
“ මට මඟ ඇරුනා “
තාමත් වැලන්ටයින් පස්සෙන් පන්වන
මම
-සොඳුරු-


9 ප්රතිචාර:
අනේ ආදරයකටත් ගිය කාලයක්...අනේ අනිච්චං!
ආදරය විකිනෙන්නේ සිල්ලර වෙළදාමේ ඒක කනගාටු.. ඒකෙන් වෙන්නේ අහිංසකයන්ටෙග් පොකට් එකට විදින එකයි.
වසරේ තරුණයින් රවටන විශාලතම මංකොල්ලය (පෙබරවාරී 14) - වැලන්ටයින්
වලන්ටයින් දැන් විකිණෙනවා..
වෙනස්, ලස්සන කවියක්.... අකුරු පේලි ඕවර්ලැප් වෙලා වගේ පේන්නෙ මොකද දන්නෙ නෑ.
ඒ ඕකා කොහෙද හිටියේ අක්කේ? මේ මාත් හොයනවා :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හප්පේ මේකෙත් දාලා... ලියන්න ඕන මේවා නේ නෝනේ...
මේං පරණ කවිකාරි ඇවිත්!!!!
සුපිරියි ඈ!
Nice....
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.