ගෙම්බියෙක්ට තටු ඇවිදින්
ගෙම්බි ළිං කටෙන් ගොඩ එද්දිම වගේ මේ කුරුල්ලත් එතනටම පාත් වෙලා හිටියා. දවස් ගානක් උඩ පැනල, තණ කොළ ගස් අගිසි වල එල්ලිලා යන්තම් ළිං කටෙන් ගොඩ එද්දිම කුරුල්ලෙක් ගෙ හොටේ පහස විඳින්න වෙයි කියල ළිං ගැට්ටටම ඇවිත් ආපහු වැටුනු අවස්ථා කොච්චර නම් තිබ්බ ද.
මෙදා සැරෙත් . . . . . . . . . . . . .
ඒත් . . සිද්ධ වුනේ නොසිතූ දෙයක්.
“ හා හා . . . යන්නෙපා “ කුරුල්ලා කීවේ ආයාචනාත්මක හඬින්. ළිං ගැට්ටෙන් යන්තම් උඩට ඇස් උස්සල බලපු ගෙම්බි ඒ ලස්සන කුරුල්ලව දැක්කා.
ලෝකෙ තියෙන්න පුළුවන් හැම පාටම ඒ කුරුල්ලා ගාව තිබුනා කියල ගෙම්බිට හිතුනත් , ළිං පතුලෙ මඩ පාටවත් කළුවර නිසා ගෙම්බි හරියට දැකල තිබ්බෙ නැහැ.
ගෙම්බිට මේ ඒකාකාරි ළිං ජීවිතේ එපා වෙලා තිබ්බා. ඒ ළිඳට කවදාවත් බාල්දියක් වැටුනෙ නැත්තෙ ගෙම්බිගෙම වෙලාවට.නැතිනම් ගෙම්බි මීට කලින්ම ළිඳට මෙපිට ලෝකය දැකලා.
ඉතින් ඊට පස්සෙ කතාව පටන් ගත්තා. කුරුල්ලට ඕනි උනේ හොඳ ඇහුම්කන් දෙන්නෙක්ව. ගෙම්බිට ඕනි වුනේ තමා මෙච්චර කල් නොදැකපු ලෝකය ගැන විස්තර දැන ගන්න.
කුරුල්ලා දිගටම කියවන්න ගත්තා. ළඟට ආපු නැවුම්ම නැවුම් මැස්සො දෙතුන් දෙනෙක් දිවෙන් අල්ල ගමන්ම ගෙම්බි කුරුල්ලට ඇහුම් කණ් දුන්නා.
“ ලෝකෙ හරිම ලස්සනයි නෙ . . . “ගෙම්බි විටින් විට කීවා.
ඒ වෙලාවට විතරක් අමුතුම ජාතියේ හිනාවක් එක්ක ගෙම්බි දිහා හිස හරවල බලපු කුරුල්ලා ආයෙත් දිගටම කතාව පටන් ගත්තා.
“ ඔයා අහගෙන ද ඉන්නේ “
සමහර වෙලාවට කුරුල්ලා අහනව එහෙම.
ඊට පස්සෙ ඉදන් මැස්සොන්ට ගියපු අවධානය අඩු කරපු ගෙම්බි දිගටම හූ මිටි තියන්න ගත්තා.
“ එහෙ හරි ලස්සන කිරිල්ලියො හිටියා. මම ආදරෙන් බැඳුනා “
“ හ්ම් . . . . . “
“ මට කූඩුවකුත් ලස්සන පවුලකුත් හිටියා “
“ හ්ම් . . . . . . “
“ ඒත් මට ලෝකෙ වටේ නොයා ඉන්න බැරි වුනා “
“ ඒ කීවේ.......“
ලස්සන ලොකු ඇස් දෙක ගෙම්බගෙ පැත්තට හරවපු කුරුල්ලා....ටිකක් වෙලා ගෙම්බි දිහා බලා හිටියා.
“ ඔයාට තේරෙන්නෑ . . . . .“
“ හ්ම් . . . . . . “
එදා ඉදල හැමදාම ගෙම්බිට කතා ගොඩාක් අහන්න ලැබුනා.ලෝකෙ ගැන.....
ඒත් දවසක්.....
ගෙම්බිට මේ කතාන්දර ඇසීම එපා වෙලයි තිබ්බෙ. ඇයට ඕනි වුනා කුරුල්ලා ගැන දැන ගන්න.
උගෙ ලස්සන තටු ගැන.
ඒ තටු වල දිස්නෙ ගැන.
පරිස්සමට තියාගෙන ඉන්න හැටි ගැන.
කුරුල්ලා ආස්රය කරන අය ගැන.උගෙ පුද්ගලික හැමදෙයක් ගැනම දැන ගන්න ගෙම්බිට ඕනි වුනා.
ගෙම්බි මුණ ගැසුන දවසෙ ඉදල සතුටින් බබලපු කුරුල්ලගෙ පුංචි ඇස්, ගෙම්බිගෙ උවමනාව දැන ගෙන අඳුරු වුනා.... කවදාවත් වැහි වතුර පොදක් ඇරෙන්න වෙන කිසිම තෙතමනයක් නොවැටැනු ළිං පතුලට කුරුල්ලාගෙ කඳුළු බින්ඳුවක් වැටුනා.
ඊට පස්සේ ටික දවසක් යනකම්ම ගෙම්බිවත් කුරුල්ලවත් ළිං ගැට්ට ළඟ දකින්න හිටියෙ නැහැ.
“ කපටි කුරුල්ලා . . . ගෙම්බිව එක කටට කන්න ඇති “ සමහරු කීවා.
ඒත් ......
ගෙම්බියෙක් ලස්සන තටු දෙකකින් අහස පුරාම පියාඹනවා....... දවසක් මම හීනෙන් වගේ දැක්කා.

12 ප්රතිචාර:
ගෙම්බියෙක් ලස්සන තටු දෙකකින් අහස පුරාම පියාඹනවා....... දවසක් මම හීනෙන් වගේ දැක්කා.
හ්ම්...!
හ්ම්ම්...අමුතු ලස්සන කතාවක්...
කුරුල්ලෙක් ලිං පතුලට වෙලා බක බක ගානව මමත් හීනෙන් දැක්කා...
හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com
දෙන්නාගෙම හීන හැබෑ වෙලා.
කතාවේ ඇතුළාන්තය සංකිර්ණයි ගැඹුරුයි. සරලව මතු පිටව් බැලුවොත් පුංචි කතාවක් වුණත් ඒ තුළ සැගවුණ කතාව තරමක් වෙනස් . ඒකතාව මේ අපි වෙසෙන සමාජයට ආරෝපණය කර බැලුවොත්.
ගෙම්බිත් පව් ඉගිල්ලිලා ගිහින් ලෝකෙ දකින්න ආසාවෙන් ඉන්න ඇති. කුරුල්ලට කදුළු එන්න ඇත්තෙ එයාට හිටිය එකම සවන් දෙන්නා නැති වෙන එකට... ලස්සනයි කතාව..
එතකොට කුරුල්ලට මොකෑ උනේ....
කවුද එතකොට ගෙම්බි? :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හරිම ලස්සනයි!! මම මේ කතාව අස්සෙ වෙන කතාවක් දැක්කෙ.. ඇත්තටම මම දෙසැරයක් කියෙව්වා.. ඒ තරම් මට මේ කතාවට ආසා හිතුනා අක්කෙ. :)
මේක තමා එහෙනම් නේ අර ස්ටේටස් එකෙකුත් දැම්මේ.. එහෙනම් ගෙම්බි ඉගිල්ලුනා.. කෝ එතකොට කුරුල්ලා...
හරිම ලස්සනයි අක්කියෝ...
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.