ඔහේ ලියැවුනු කවි
තනි මට රැහැයි හඬ තනිකම ................. රකින්නයි
තනි මට දිලෙන තරු තනි තරු ...........නොවෙන්නයි
තනි මට මගේ හිත වදයක් ................නොවෙන්නයි
තනි කම මගේ ළඟ තනියට.................... සිටින්නයි
තනි නැහැ සඳ වටේ දිලිසෙන තරු ..................රෑන
තනි නැහැ කුමුදු මල සුවඳයි මුළු......................රෑම
තනි නැහැ නුඹත් නුඹ ළඟ ඇත සඳ ................පාන
තනි මට මොකට සඳ රැය, සඳ දුර................... ඈත
තනියෙන් කවි ලියන
තනි
මම
සොඳුරු
තනි
මම
සොඳුරු


9 ප්රතිචාර:
තනියෙන් ලියනවා නම් නම් ලියන්න තිබුණේ තනි පඳයේ කවි නේ! අනික හරි ලේසියි ඒවා ලියන එක.
ජන කවියෙන් උකහා ගෙන සොඳුරු ලියපු සොඳුරු කවි....
තනියෙන් ඉදන් තනි අකුරෙන් තනි වීම
තනියම කවි ලියා තනියම සැනසීම
නොකල නිසා ඔබ තනියෙන් කියවීම
සිතා කියමි හෙන සැපකිය තනිකම
එහි අග දැනෙන්නේ
තනිකම නැති දාට...
තනි ඇහට ඇඬෙනවා කියන්නේ මේ වගේ කවි වලට වෙන්ටැ...
තනිකම සැප වෙන්නේ තනිකම් නැති+++++දාට
තනිකම තුලම ඉන්නත් බැහැ හැම+++++++දාම
තනිකම තුලින් ගෙතෙනා මේ කවි++++++ රෑන
තනිකම රැදුන හදවතකට නැත කිවේ+++++තාම
නියම කවි ටික........අදයි ආවේ......වැඩේ ගින්දර.......
රස්තේ පාරක් ගහමුද
මේ තනිකම ඔයා මකා ගන්නේ කවදාදෝ කියල තමයි මාත් හිතන්නෙ.
ලස්සන කවිය........
තනි...මට කණාමැදිරියෝ තනි...පුරන සඳ
තනි...වට සුළඟ ආවට තනි...මැකෙනවද
තනි...කොට ඉගිල්ලෙමි මා තනි...පවුරු බිඳ
තනි...යට හඬන මට නුඹ තනි...රකිනවද
තනිකම සැපකි තනිකම නොවිදින අයට
තනිකම දුකකි තනිකම හදුනන අයට
තනිකම කවකි කවිකම හරු කවියෙකුට
තනිකම දුර ය විදගත යුතු දිවියකට
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.