අද මහ මූසල දවසක්..... ( දින පොතේ අන්තිම සටහන ආරම්භ වෙලා තිබ්බෙ එහෙම )
ඔළුව රිදෙන්න
ගත්තා.ඉවසන්න බැරි තරමට. පුංචි කුරුමිණීයෝ ගොඩාක් ......ඔළුට රිංගලා. ඔළුව
අවුස්ස අවුස්ස මොනා දෝ හොයනවා.
මොළේ ස්නායු තන්තු ගොනුවක් උස්සපු එකෙක්
“ එතැනත් නෑ “
කියල කියනව මට ඇහුනා.තදින් වේදනාව දැනුනත් මම ඉවසුවා. ඔයාව හංඟපු තැන උන් හොයා ගන්නවට මං කැමැති නැහැ.
“නැහැ නැහැ මෙහේ නැහැ....“
අන්තිමේ දී ලොකු වේදනාවක් දීගෙනම උන් ටික පල්ලම් බහිනව දැනුනා. දරා ගන්න බැරි හිස වේදනාව නිසා ඔළුව අල්ලන් බිම පෙරලි පෙරලි හිටිය මට දැනුනා පපුවේ වම් පැත්තට වෙදනාව විහිදෙනවා.....
“ඔවු ..උන් එතැනටත් ගිහින් “
දැන් නම් මට ඔයාව බේරන්න බැහැ රත්තරනේ...උන් ඔයාව කොහොම හරි හොයා ගනීවි.හදවතේ හැම අංශුවකම රිංගලා ,මම ඔයාව හංඟපු තැනින් එළියට ගනීවි.....
“ ඔයා , මගේ මතක ක ක ක , තව ටිකයි , හැංඟෙන්න හැංඟෙන්න. . . ඉක්මනින් ..... මගෙන් ඈතට ගිහින් හැංඟෙන්න. උන් එනවා. ළඟට එනවා..... ඔන්න.........“
“දෙයියනේ................. මගේ පපුව....ආහ් ......“

---------------------------
“ කාමරේ පැත්තෙන් සද්දයක් ආපු නිසා , මම දුවල ආවා බලන්න “ ඒ ගෙදර හිටපු එකම ගෑණු පරාණේ. නාකි ඇසිලින්..... කඳුළු පුරවන් කාටදෝ කියනවා.
“ මොක ද කීවේ “ ඒ , ඉස්පිරිතාලෙට ගිහින් ගෙට ගොඩ වෙන්නත් කලින් රන්බණ්ඩාව වට කර ගතපු කාණ්ඩෙ අහපු විදිහ.
“ හාට් ඇට්ටෑක් එකක් කීවේ “
පෙරළුනු පුටුව කාමරයේ ඒ විදිහටම තිබ්බා. පෙරළුනු හැටි අඟුරු කෑල්ලකින් ඇදල තිබ්බා. හරියට අමතක වෙයි කියල වගේ.
දහසක් රහස් හංඟ ගත්ත දින පොත විතරක් , ජනේලයෙන් ආපු හීනි සුළඟටත් පිටු පෙරල පෙරල ,මේසේ උඩට වෙලා ඔහේ බලාන හිටියා.

3 ප්රතිචාර:
වයසට යනකල්ම විදවලා.මටත් ඕක වෙයිද මන්දා.
අනේ පවු... රත්තරං කොලෙස්ටරෝල්...
බය වෙන්න එපා. එහෙම වෙන එකක් නෑ...
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.